චතුරාර්ය සත්‍ය
ධර්මාවබෝධය - 02
කර්ම නිමිත්ත සහ කෙලෙස් නිමිත්ත
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
මාන්කඩවල සුදස්සන හිමි
බිත්තියයි, චිත්‍රයයි දෙකම නිසා මනසෙ ගොඩනැඟුණු තමන්ගේ යාළුවා කියන
හැඟීම් ගොඩට , නිමිත්තට කියන්නේ තණ්හාව කියලයි. එහෙමනම් තණ්හාව කියන්නේ
මේ නිමිත්තටයි. එහෙම කිව්වේ , ඔබේ ඕනෑ එපාකම් ඇතිකරන්නේ මේ නිමිත්තෙන්.
මේ නිමිත්ත කරුණාකරලා අයින්කළොත් තමන්ගේ යාළුවාට තිබෙන කැමැත්ත නැති
වෙයි. යාළුවා හම්බවෙන්න යනවා කිව්වේ, ඔබගේ කැමැත්ත, ආශාව, ආදරය කියන මේ
නිමිත්ත පවතින ක්ලේෂය නිසයි. එහෙමනම්, ඇහැට දැකපු සටහන බඳුමයි මේ
නිමිත්ත.
නමුත් හොඳට තේරුම් ගන්න ඕන. මේක ඉතාමත්ම තියුණුයි. මේ දේ අප සිහිකරද්දී
දැකපු දේ සිහිකරනවා නෙමෙයි. බිත්තිය මත පවතින චිත්‍රය හෝ සටහන ගත්තද
සිතට? නැහැ. ඒ බිත්තියට , ඒ චිත්‍රයට නැමිලා කෙනෙක් කියලා බලපු උපාදාන
වූ ටිකේ දූවිලි අයින් කරද්දී ඒ වගේම කියලා නිමිත්තක් සිටියේ පුද්ගල
මුවාවෙන්. මේ නිමිත්ත තමයි සමුදය සත්‍ය. ඔබට දුක් වූ ආයතන ටික නැවත
නැවත උපද්දවන්න මුල් වූ දේ නිමිත්තයි. මේ තමන්ගේ යාළුවා කියලා තිතකට
බිත්තියේ ඇති වූ නිමිත්ත සිහි කරන්න පුළුවන්. නමුත් සිහිකරද්දී නිමිත්ත
ආපු දිහා බලන්න. අනාත්මයි නේද? ඒ උපමාව මොහොතකට දැන් පැත්තකින් තබන්න.
අපි දැන් ඇත්තටම කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ යාළුවා කියන සටහනට යමු. ඒ
රූපය අර බිත්තියේ නෙළුවා වගේ ගඩොල් බැඳි සිමෙන්ති වගේ, බිත්තිය නොවන
කොටස්වලින් වගේ, තමන්ගේ යාළුවාව ඇත්තටම දකිනවා කියන තැනක, ඒ රූපෙ
සැබෑවටම මනසෙ අරගෙන යන්න. “යථා කායං , යථා පිතං තං ධාතසු පච විස්සති”
මේ කය යම් සේ පවතී ද ,යම් සේ පිහිටා පවතී ද එසේම මේ කය යම්සේ මෙනෙහි
කරන්න. “ අත්ථි ඉමස්මිං කායේ පඨවි ධාතු” ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ
ධාතු, මෙන්න මේ කය – පඨවි, ආපෝ , තේජෝ, වායෝ, ධර්මතා සතරෙන් නිර්මිතයි.
තව ටිකක් නිර්වචනය කළොත් කෙස්, ලොම්, නිය, දත්, සම්,මස් කියන පඨවි
කොටස් විස්සක් තිබෙනවා. හොඳට විවර කරලා බලන්න. පඨවි ධාතුව– කෙස්, නිය,
ටික පුද්ගලයෙක්ද? සත්ත්වයෙක්ද?, පඨවි ධාතුවට අයිති නිය,දත්, සම් , මස්,
ලොම් කියන්නේ පුද්ගලයෙක්ද? සත්ත්වයෙක්ද? නහර, ඇට, ඇට මිඳුළු එකින් එක
බැලුවහම පඨවි කොටස් තිස්දෙකක් හමු වුණා. තවත් මේක විමර්ශනය කළොත්
වැගිරෙන, බැඳෙන ස්වභාවයෙන් යුක්ත ආපෝ, කොටස් දොළහකුත් මතුවුණා. මේකත්
නුවණින් විමර්ශනය කරද්දී දවන, තවන, දිරවන, පැසවන, උෂ්ණ ස්වභාවයන්
සතරකුත් මේ රූප ස්වභාවයේ පවතිනවා. තවත් බැලුවහම හමන, පිම්ඹෙන, හැකිළෙන.
වායෝ ස්වභාවයෙනුත් යුක්තයි. අර බිත්තියේ ගඩොල්, වැලි, සිමෙන්ති කියන
ටිකෙන් නිර්මාණය කළා වගේ මේ කය පිරුණු රූප මිටිය කෙස්, ලොම්, නිය , දත්
,සම් ආදී කුණුප කොටස් තිස්දෙකයි, නොපෙනෙන කුණුප කොටස් වලින් ඇති ආපෝ,
තේජෝ, කියන කොටස් දහයයි, කොටස් හතළිස් දෙකකින් නිර්මිතයි. ඒ ටිකට
කිව්වා බිත්තිය වගේ මහා භූතයි කියලා. ඒ ටික ඇසුරුකරගෙන, බදාගෙන ඒ ටික
පිහිටුවාගෙන පවතින හැඩ සටහනට කිව්වා උපාදාන රූප කියලා.
බිත්තියේ ඇඳපු චිත්‍රය වගේ කුණුප කොටස් ටික අහුලාගෙන, කුණුප කොටස් ටික
බදාගෙන, කුණුප කොටස් ටික හා බැඳි මහා භූතයන් අත් නොහරින අවිද්‍යාව ,
තණ්හා කියන ක්ලේෂය සිත්තරා ඇඳපු හැඩතලය හා සමානයි. දැන් මේ හැඩතලය
පවතින කොටස් ටික දිහා හොඳට බැලුවා නේද? දැක්ක නේද? මේ හැඩතලයෙන් පතිත
වූ කොටස් ටික , ගත්තොත් පුද්ගල හෝ සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත
කොටස් ද තියෙන්නේ ? නැහැ. අර බිත්තියෙ ගඩොල්, වැලි, සිමෙන්ති වගේ
උපන්නා වූ අනාත්ම වූ අවිඤ්ඤාණික වූ කොටස් ටික තමයි මේ කුණුප කොටස් ටිකේ
තියෙන්නේ. ඒ ටික ඇසුරු කරගෙන දැන් මේ හැඩසටහන චිත්‍රයෙ තිබෙනවා. බලන්න
වෙනසක් තියෙනවා ද බිත්තියයි ,බිත්තියෙ ඇඳපු චිත්‍රයටයි, කනබොන ආහාරයෙන්
බැඳුණු, කුණුප කොටස් ටික නමැති බිත්තියයි, ඒ මත ඇඳි චිත්‍රයයි අතර
වෙනස්කම් තියෙනවද කියලා විමසන්න. බිත්තියට සතර මහා ධාතු කිව්වා. ඇඳි
චිත්‍රයට උපාදාන කිව්වා. අපි ඇත්තටම පුද්ගලයා කියලා මෙපමණ කලක් සිතපු
තැන තිබුණු රූපයට කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකට බිත්තිය වගේ
මහා භූතයි කිව්වා. ඒ බිත්තිය ඇසුරුකරගෙන පවතින චිත්‍රයට, අප කුණුප
කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ හැඩ සටහනට(චිත්‍රයට ) උපාදාය භූත
කිව්වා. මේ දෙකම සමානයි. ඒ රූපය ගැටෙන කොටම අර බිත්තියේ දකින කොටම
තමන්ගේ යාළුවා කියන ගතියක් මනසෙන් නැඟිට්ටහම මේ කුණුප කොටස් ටිකයි
උපාදාන රූපයයි. ඇසට ගැටෙන විටම මම ය කියන අර පුද්ගල සංඥාව නැත්නම්
ඊර්ෂ්‍යාව අවධි වෙනවා. දුක්ඛ සත්‍ය කියන මේ රූපය, පුද්ගලයා, සත්ත්ව,
ආත්ම භාවයෙන් තොරයි. මේ උපාදාන රූපය සත්ත්ව, පුද්ගල, ආත්ම භාවයෙන්
තොරයි. ඒ ටික අයිති දුක්ඛ සත්‍යයට. ඒ නිසා යාළුවා කියලා මනසේ ඇති
කරගත්ත මෙන්න මේ හැඟීමට කියන්නේ සමුදය සත්‍ය කියලයි.
තව දුරටත් අපි විමර්ශනය කළොත් කුණුප කොටස් ටික බිත්තියෙ විතරක් නෙවෙයි
පත්තර කඩදාසියක තීන්ත ටිකකින් මේ චිත්‍රය වගේ චිත්‍රයක් ඇන්දොත් මේ මගේ
යාළුවා කියන හැඟීම මනසෙ එයි, මේ හැඩසටහන තිබුණොත් තමන්ගේ යාළුවා කියලා
හැඟීම එයි. හොඳට බලන්න. හැම තැනකින්ම නැගිට්ට කෙනෙක් නේද මනසට එන්නේ
කියලා. හමුවූ පුද්ගල භාවය ඒක නෙවෙයි ද කියලා බලන්න. ජීවී අජීවී
පුද්ගලයෙක් එක තැනකවත් හිටිය ද කියලා බලන්න.
කුණුප කොටස් තිස්දෙකක් තියෙන තැනක වර්ණ සටහනක් හම්බ වුණා. ගඩොල්, වැලි,
සිමෙන්ති. කියන තැනක පිහිටලා තිබුණ වර්ණ සටහනක් හමු වුණා. ඒ වගේම පත්තර
කඩදාසියක වර්ණ සටහනක් හම්බ වුණා. ඒ වගේම වීඩියෝ පටයක තිබෙන වර්ණ සටහනක්
හම්බ වුණා. හැම තැනකදිම සිහිවුණ, හැගුණු, දැනුණු, මානසික ස්වභාවය ඒකයි.
ඒ ඕනෑම තැනකදි මේ මනුස්සය හොඳයි. නරකයි. මරන්න, කපන්න, කොටන්න ඕන කියලා
සිතුවොත් සත්වයෙක් නැතිවන ප්‍රාණඝාත අකුසලයක් ඇතිවෙන්න පුළුවනි.
මේ මගේ යාළුවා හරිම හොඳ සද්පුරුෂයෙක්. හරියට ශාසනයට උපකාර කරන්නෙක්.
සාධු පුද්ගලයෙක් කියලා සිතුවොත් කුසලයක් ලැබෙයි. එහෙමනම් පත්තර කඩදාසිය
දිහා බැලුවට ප්‍රශ්නයක් නෑ. අවිද්‍යාව හා බැදුණු සංස්කාර කියන්නේ මෙන්න
මේ සිතේ පැවැතුණ නිමිත්තටයි. කර්ම නිමිත්ත, කෙලෙස් නිමිත්තට කිව්වේ
දුක්ඛ සමුදය සත්‍යය කියලයි.
මේ සමුදය ඇති කරපු අනාත්ම වූ ස්කන්ධ ටික හොඳට දැක්කා. “ඉදං දුක්ඛං” මේ
දුක් වූ ස්කන්ධ ටිකයි කියල සත්ත්ව , පුද්ගල, ආත්ම භාවයෙන් තොර දුක්ඛයි
කියලා හොඳට දැක්කා. ඒනිසා මනස තුළ ඇති වූ ප්‍රපංච ටික කෙලෙස් ටික
දැක්කා. “ ඉදං දුක්ඛ සමුදයං අරිය සච්චං” කියලා . මෙන්න මේකයි දුක ඇති
කරවන හේතුව. දැන් තමන්ගේ යාළුවා කියන ඔය රූපය, ඔය නිමිත්තමයි ඔබට දුක
ගෙනත් දෙන්නේ. ඇස් ඉදිරිපට වර්ණ සටහනක් දීලා තමන්ගේ යාළුවා මිය ගිහින්
නේද කියලා සිතන්නෙත් ඕකෙන්. ඔහු මිය ගියේ නෑ කියල හිතන්නෙත් ඕකෙන්. ඔහු
කරදරයක වැටිලා නේද කියලත් සිතන්නෙත් ඕකෙන්, ඔහු ලාභයක් ලබලා කියලා
සිතන්නෙත් ඕකෙන්. ලාභ, අලාභ, යස , අයස, නින්දා, ප්‍රසංසා, සැප , දුක
කියන අෂ්ඨ ලෝක ධර්මතා නිර්මාණය කරලා තියෙන්නෙත් මෙන්න මේ නිමිත්තෙන්
නෙමෙයිද කියලා බලන්න. මේක සුමුදය සත්‍යයයි. නිරෝධය කියලා කියන්නේ
මොකක්ද? සමුදය දුරු කිරීම නිරෝධයයි.
මේ මනස ඉදිරිපිට රූපය ගැටෙන විට මගේ මනසේ උපදින්නේ නැතිනම් පුද්ගල
භාවයක්, මගේ මනසේ උපදින්නේ නැත්නම් සත්ත්ව සංඥාවක්. මගෙ මනසෙ උපදින්නෙ
නැත්නම් ද්‍රව්‍ය සංඥාවක්. රාග, ද්වේෂ, මෝහ, ඇතිවන නිමිති මගේ මනසෙ
උපදින්නේ නැත්නම් මෙන්න මේ සමුදය දුරු වූ බව නිරෝධයයි. ජරා, මරණ දුක්
විඳින්න පුද්ගලයෙක් උපන්නේ නැත්නම්, කෙනෙක් හැදුනේ නැත්නම්, මම කොහොමද
දුක් විඳින්නේ? කොහෙන්ද දුක එන්නේ? “ රාගත්‍රයෝ, ද්වේෂත්‍රයෝ ,
මෝහත්‍රයෝ නිබ්බාණා” තමන්ගේ යාළුවා හොඳයි කියලා හෝ නරකයි කියලා සිතේ
ඉපදෙන්නේ නැත්නම් ඔහු නරකයි , මහ නරක කෙනෙක් කියලා ද්වේශ සහගතව සිතේ
ඇතිවෙන්න පුළුවන්. ඔහු අන්තිම හොඳ කෙනෙක්නෙ කියලා සිතෙන්න පුළුවන්.
හොඳයි , නරකයි දෙකම නෑ කියලත් සිතෙන්න පුළුවන්. නිමිත්ත එක්ක තියෙන්නෙ
රාග, ද්වේශ, මෝහ කියන එක නෙමෙයිද කියල බලන්න. රාග, ද්වේශ , මෝහ කියන එක
අහසේ වගේ තැනක නිකන් නෑ. රාගය තියෙන්නේ මේ කෙනාටයි, ද්වේශය තියෙන්නේ මේ
කෙනාටයි. මෝහය තියෙන්නේ මේ කෙනාටයි. රාග, ද්වේශ, මෝහ කියලා කිව්වේ
අනාත්ම වූ ස්කන්ධ ටික ගැටෙද්දී මනසින් උපදින්නා වූ නිමිත්තට. රාගත්‍රයෝ
, ද්වේශත්‍රයෝ, මෝහත්‍රයෝ නිබ්බාණං” කියද්දී නිකම්ම අප දන්නා වූ අම්මලා
, තාත්තලා , දුවලා, පුතාලා, ඇතිවෙනවා නෙමෙයි. ඇස් ඉදිරිපිටට ආපු
බිත්තියටයි, බිත්තියෙ ඇඳපු චිත්‍රයයි හම්බවෙද්දී සිහිවෙන්නෙ නැත්නම්
මගේ මනසේ කැමැත්තෙන් ඉන්න යාළුවෙක් , නරකට ඉන්න යාළුවෙක්, හොඳයි –
නරකයි දෙකම නැති , අහවරයි කියලා කෙනෙක් උපන්නේ නැත්නම් කෙනෙක් වෙනුවෙන්
දුක් විඳින්න පුළුවන් හේතුවක් තියෙයිද මට? එහෙමනම් සමුදය දුරු කිරීම
නිරෝධයයි. ඊළඟට මාර්ගය. එහෙමනම්, මොකක්ද කරන්න ඕන? දුක පිරිසිඳ දැකලා
සමුදය දුරු කරලා අජරාමර නිවන සාක්ෂාත් කරගත යුතුයි කියලා දැක්මක් ආවා.
ජම්මික ප්‍රබෝධනී වැලිකල
|