ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක් ද? යන්න ලොව
හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.
පිළිතුර – බුදුරජාණන් වහන්සේ පා සටහනෙහි මංගල ලක්ෂණ දුටු ‘ද්‍රෝණ’ නම්
එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේ ගෙන් මෙසේ ප්‍රශ්න කළේය.
ඔබ දෙවි කෙනෙක් ද?
නැත බ්‍රාහ්මණය! මම දෙවි කෙනෙකුත් නොවෙමි.
එසේ නම් ඔබ ගාන්ධර්වයෙක් ද? නැත බ්‍රාහ්මණය! මම ගාන්ධර්වයෙක් ද නොවෙමි.
එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද? නැත බ්‍රාහ්මණය! මම මනුෂයෙක් ද
නොවෙමි. දෙවියෙකු ද – ගාන්ධර්වයෙකු – යක්ෂයෙකු හෝ මනුෂ්‍යයෙකු වශයෙන්
සසරේ උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා සිඳ දැමූ බව පැහැදිලි කළ
බුදුරජාණන් වහන්සේ
නෙත් අදන මනහර
පියුමක් දියෙහි පිපුණත්
නොගැටී දියෙහි දියමත
පියකරුව බබළන මෙන්
දිනූ මුත් ලෝ තුළ
වසනෙමි ඉන් නොකෙලෙසි
බුදු කෙනෙකි එහෙයින
බමුණ මා මේ මනුලොව
යනුවෙන් වදාළහ.
ප්‍රශ්නය – යමකු විසින් යම් කිසි කුසල හෝ අකුසල ක්‍රියාවක් කිරීමට
මත්තෙන් ඒ පිළිබඳ යෝනිසොමනසිකාරය පෙරදැරිව විග්‍රහ කිරීමෙන්
(යථාර්ථයෙන්) තමා විසින් කරනු ලබන එම ක්‍රියාව කුසලයක් ද, අකුසලයක් ද
කියා තමාට ම දැනුමක් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ
යොදා ගත් (මිනුමක්) ප්‍රමාණයක් වනුයේ ප්‍රත්‍යවේක්ෂණයයි
(ප්‍රති+වී+ඊක්ෂණ) මෙම කර්ම විග්‍රහය පිළිබඳව සූත්‍රාගත තොරතුරු
ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර - (ම:නි: අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර) මෙම න්‍යාය (ක්‍රමය)
රාහුල හිමියන්ට බුදරජාණන් වහන්සේ විසින් දේශනා කළ එකකි.
“රාහුලය! කැඩපත කවර ප්‍රයෝජනයක් සඳහා වෙයි ද? ප්‍රත්‍යවේක්ෂණය සඳහා ය.
ස්වාමීනී! එසේ නම් රාහුල ඔබ කයින් වචනයෙන් සිතින් කරනු ලබන ක්‍රියාවන්
තමන් කෙරෙහි හා අනුන් කෙරෙහි බලපාන්නේ කවර ආකාරයෙන් දැයි විමසා
බැලීමෙන් එම ක්‍රියාවෙහි කුසලාකුසල භාවය ප්‍රමාණ කර ගත හැකි වෙයි.
රාහුල ඔබ කයින් යම් කර්මයක් කරන විට ඒ කර්මය මෙසේ මෙනෙහි කළ යුතුය. ‘මා
විසින් කරනු ලබන මේ කාය කර්මය මගේ විනාශය සඳහා හේතු වන්නේ ද?
අන්‍යයන්ගේ විපත සඳහා පවතින්නේ ද, දෙපිරිසේ ම විනාශය සඳහා හේතු වන්නේ ද
මේ කාය කර්මය දුක් විපාකය සඳහා යොමුවන කාය කර්මයකි. අකුසලයකි.
වෙලුද්වාර සූත්‍රයෙහිදී (සං:නි) දැක්වූ “අත්තුප්පනායික” ධර්ම පරියාය ද
කුසලාකුසල විග්‍රහයෙහි දී බුදුරජුන් යොදාගත් ප්‍රමාණයක් ලෙස ද සැලකිය
හැක. තමා “උපමානය” වශයෙන් තබාගෙන ක්‍රියාවක් තමා කෙරෙහි බලපාන අයුරු
මෙනෙහි කර එය කුසලයක් ද අවබෝධ කරගෙන අකුසලයෙන් කුසලයට යොමු වන ආකාරයක්
මෙහි දක්වා ඇත.
“මම ජීවත්වනු කැමැත්තෙමි. මරණයට අකමැත්තෙමි. දුක පිළිකුල් කරමි. යමෙක්
එසේ වූ මා ජීවිතයෙන් තොර කරන්නේ නම් ඒ මට ප්‍රියමනාප නොවේ. මම ද
ජීවත්වනු කැමැති, මරණයට අකමැති, වෙනත් අයකු ගේ ජීවිත විනාශ කරන්නේ නම්
එය ඔහුට ද අප්‍රිය අමනාපය සඳහා ම වේ.”
ප්‍රශ්නය – ත්‍රිපිටකයෙහි ඇතුළත් බෙහෙත් වර්ග කිහිපයක් නම් කරන්න.
පිළිතුර – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පැරණි දඹදිව පැවැති ජනහිතකාමී,
නිරෝගී සුවය සඳහා වූ විවිධ බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු පාලි
ත්‍රිපටකයෙහි ඇතුළත් ව ඇත. මේ එබඳු අවස්ථා කිහිපයකි. මෙම තොරතුරු
දැනුවත් ව ජීවිතය පවත්වාගෙනයාම ආරෝග්‍ය සඳහා බෙහෙවින් ම හේතුවනු ඇත.
මෙබඳු බෙහෙත්, අත් බෙහෙත් වශයෙන් භික්ෂූන් වහන්සේලා ගේ දෛනික පරිභෝජනය
සඳහා යොදාගන්නට ඇත.
“යාගු” කැඳ බීමෙහි ආනිසංස දසයෙකි.
1. දීර්ඝායුෂ ඇති වේ.
2. ශරීරය පැහැපත්, වර්ණවත් වේ.
3. සුවය ලැබේ.
4. ශක්තිය (බල) ලැබේ.
5. පටිභාන හෙවත් ධාරණ ශක්තිය ලැබේ.
6. සාගින්න (කුසගින්න) නිවේ.
7. පිපාසාව (තිබහව) නැති වේ.
8. වාතය – අනුලෝම වේ.
9. වස්ති ශෝධනය (මළ පහ කිරීම) වෙයි.
10. ආහාර ජීර්ණය පහසු කරයි. (මහා: භෙසජ්ජක්ඛන්ධක)
පස්ගෝ රස
කිරි, දීකිරි, තක්ක (මෝරු), නවතීත (වෙඩරු), සප්පි (ගිතෙල්)
අෂ්ට පාන
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි වුව ද, පානයක් ලෙස
ගැනීම වරදක් නොවන බව සඳහන්කොට ඇත.
1. අඹ පැන්
2. දඹ පැන් (ජම්බු)
3. ඇට කෙසෙල් පැන්
4. කෙසෙල් පැන්
5. මී පැන් (මධුපානය)
6. මිදි පැන් (මුද්දික පානය)
7. ඕලු පැන් (සාලුක පානය)
8. ඵාරුසක පානය
ප්‍රශ්නය - සක්මනෙහි අනුසස් දක්වන්න.
පිළිතුර – (අං:නි:පද්මක නිපාත 364)
1. ගමනෙහි පහසු වෙයි (අද්ධානක්ඛම)
2. වීර්ව (ශක්තිය) ජනනය කරයි
3. අල්පාබාධ (නීරෝගී බව) ඇති වෙයි.
4. ආහාර දිරවීම ඇති කරයි
5. මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.
අඩු ආයුෂ වැළඳීම හෙවත් දීර්ඝායුෂ ඇති නොවීමට හේතුවන කරුණු පහක් අ:නි:
පංචක විපා:ගිලානවග්ගයෙහිදී සඳහන් ව ඇත.
1. අසත්ප්‍රාය භෝජන (අපථ්‍ය ආහාර)
2. සත්පායභෝජන (පථ්‍ය ආහාර) හඳුනා නොගැනීම
3. අනුභව කළ ආහාර දිරවීම කලින් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම.
4. විහරණය (නිදි මැරීම) ආදී අවස්ථා නොසලකා හැරීම
5. බ්‍රහ්චාරී නොවීම (කාමාශක්ත) අයකු වීම.
ප්‍රශ්නය – ඉපැරණි ශ්‍රී ලංකාවේ මුල්වරට දළදා පෙරහරක් පැවැත් වූ බවට
වංශ කථාවල දක්නට ලැබෙයි. මේ දළදා පෙරහර මූලිකව කටයුතු කළ රජතුමා කවුද?
පෙරහර පවත්වන ලද ඓතිහාසික ස්ථානය කුමක් ද?
පිළිතුර – කිත්සිරිමෙවන් රජු දවස අනුරාධපුර (අභියුකත් විහාර) අභයගිරි
විහාරය, මහා විහාරය පිහිටුවා අවුරුදු 217 මාස 10 හා දින 10 ක් ගිය තැන
අභයගිරි විහාරය (අභියුත්තර) විහාර පිහිටුවන ලදී. වට්ටගාමිණී රජු විසින්
කරවන ලද මෙය පිරිවෙන් හෙවත් කුටි 12කින් පරිමිත ය.
ප්‍රශ්නය – කලාත්මක අතින් වැදගත් ම සඳකඩපහණ දෙක පිහිටා ඇති ස්ථානය
කොතැන්හි ද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර - ශ්‍රී ලාංකික විශිෂ්ටතම කලාකෘතියක් වන සඳකඩ පහණෙහි මූලික
අවස්ථා දෙක ම අභයගිරි පෙදෙසේ පිහිටා ඇත. එයින් විශාල සඳකඩපහණ පංචාවාස
ඒකකයේ මැද ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩි පෙළ අග වෙයි.
දෙවැන්න බිසෝ මාළිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි දොරටුවෙහි පඩි පෙළ
අග වෙයි.
ඉහත සඳහන් සඳකඩපහණවල ගිනිදැල්, සිව්පා පන්තිය, ලොකු ලියවැල, හංස
පන්තිය, කුඩා ලියවැල හා මැද පද්මය වෙයි.
රූකම්වල නිමාව දෙකේ ම එක සමාන ය. සමහර විට ඒ සඳකඩ පහණ දෙක එක ම
ශිල්පියෙකු අතින් ම නිමවූවා විය හැකි ය. |