ප්‍රශ්නය – පුත් කුමරෙකු උපන් පුවත පිළිබඳ සාමාන්‍ය නිම්හිම් නැති
පී‍්‍රතියෙන් ඉල්පී යන පුවතක් වුවද, සුවිශේෂ ගණයේ පියකු වූ සිද්ධාර්ථ
නම් පියාගේ සිතට වැටහී ගියේ ඊට වඩා ගැඹුරු දැක්මක් ඒ තුළ සැඟවී ඇති
බවයි. එතුමා කල්පනා කළේ සිය පළමු හා එකම දරුවා – රාහු – (බාධාවක)
බැඳීමක් ලෙසය. (රාහුලො ජාතො – බන්ධනං ජාතො) සුද්ධෝදන රජතුමා ඒ වචනයට
අනුව තම මුණුබුරාට රාහුල යැයි නම් කළේය. සිදුහත් පියාණන්ගේ මෙම බෝසත්
කල්පනාව පිළිබඳ ව සමාලෝචනයක් කරන්න.
පිළිතුර – සිදුහත් කුමාරාට සතර පෙර නිමිති දැකීමෙන් මාළිගය තවදුරටත්
පි‍්‍රයංකර ස්ථානයක් නොවී ය. සියල්ල හැර දමා අභිනිෂ්ක්‍රමණය කිරීමට ඔහු
ගත් තීරණය රූසිරින් අගතැන්පත් තරුණ දේවිය නිසා හෝ අලුත උපන් සුරතල්
පුත් කුමරා නිසා හෝ නොසැලෙයි. සැමියකු පියෙකු හෝ සක්විති රජකු වශයෙන්
ඉටුකරන්නට ඔහුට නියතමිව තිබුණා සේය. මාළිගයේ ඇති ආකර්ෂණීය කිසිවක්
තවදුරටත් ඔහුගේ සිත ඇදබඳනා පී‍්‍රතිජනක දේ නොවේ. සියල්ල හැර යාමට කාලය
එළඹ ඇති බව ඔහුට වැටහුණා සේය.
මේ සමුගන්නා මොහොතේ සිය ආදරණීය දේවිය හා බිළිඳු කුමරා වෙත ඔහු ගේ
සිතෙහි වූ කරුණාව මෙතෙකැයි කිව නොහැක.සිදුහත් සසරින් එතෙර වනු නොහැකිව
සදාකල් දුක්විඳිනා මනුසත් වග කෙරෙහි ඒ කරුණාව අභිබවා සිටී. සිය දයාබර
දේවියගේ හා දරුවා ගේ අනාගතය ගැන දුක්වන්නට ඔහුට හේතුවක් නොවීය. ඔවුන්ට
සියලු යස ඉසුරු ආරක්ෂාව වුවමනාවටත් වඩා ඇති බව ඔහු දනී. මේ නික්මෙන්නේ
ඔවුන්ට ඇති සෙනහසේ අඩුවක් නිසා නොව සියලු ලෝ සතුනට ඔහු බෙහෙවින් ආදරය
කරන නිසාය.
අතේ කහවනුවක්වත් නැතිව, සතු සියලු සන්තකයෙන් ඈත්ව හුදකලාව සත්‍ය සොයා
රජ කුමරෙකු වූ සිදුහත් තරුණයා රාත්‍රි මධ්‍යම යාමයෙහි පිටත් විය. මේ වූ
කලී සැප විඳ නිම වූ කල, තමාට අවසඟ වූ වියපත් සිරුරකින් යුතු මහල්ලකු
තවුස්දම් රකින්නට ගිය ගමනක් නොවේ. එමෙන්ම අත්හරින්නට කියා කිසිවක්
නොතිබුණු දුගී දුප්පත් තැනැත්තෙකු දිවි රැක ගැනීම සඳහා පැවිදිවීමක්
නොවේ. සෞභාග්‍යයෙන් උතුරා ගිය ප්‍රභාශ්වර යෞවන වයසේ පසුවූ රාජ කුමාරයකු
කළ අභිනිෂ්ක්‍රමණයයි. මෙබඳු අභිනිෂ්ක්‍රමණයක් මානව ඉතිහාසයේ තවත්
නොවීය. සිද්ධාර්ථ කුමාරයා මේ ඓතිහාසික ගමන ගියේ වයසින් විසිනම වැනි
වියෙහිදීය.
ප්‍රශ්නය – ගයා නම් පෙදෙසෙහි ඇසතු රුක් මුල්හි හුදකලාව වැඩ හිඳ වෙසක්
පුණු පොහෝ දිනයෙක්හි අලුයම් වේලෙහි සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ
සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මේ පුවත බෞද්ධ සාහිත්‍යයෙහි හුදීජන
පහන් සංවේගය, ශ්‍රාවක ජනහද බැඳ ගන්නා බුදුසිරිතක් නිර්මාණය වී ඇත. ඒ
පිළිබඳ ව පැහැදිලි කරන්න.
පිළිතුර – සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ කිසිම බාහිර අස්වාභාවික
බලවේගයක මාර්ගෝපදේශයකින් තොරව ස්වකීය වීර්යය හා ප්‍රඥාව මත පමණක්
විශ්වාසය තබා අතිශය කම්කටොලුවලින් පිරි සය වසරක් පුරා කරන ලද බිහිසුණු
දුෂ්කර චර්යාවකින් පසු සියලු සංස්කාරයන්ගේ යථාස්වභාවය ඇති සැටියෙන්
ස්වකීය ප්‍රතිභාඤාණයෙන් ම ප්‍රත්‍යක්ෂ කරගෙන සියලු කෙලෙස් ප්‍රහාරණය කර
බුදු බව ලැබූහ.
ඉන්පසු උන්වහන්සේ ප්‍රකට වුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ වශයෙනි.
උන්වහන්සේ ජන්ම ලාභය ලැබුවේ බුදුකෙනෙකුන් ලෙස නොවේ. බුද්ධ යන පාලි වචනය
අවබෝධ කර ගැනීම හෝ පින්දීම යන අරුත් ඇති බුද්ධි යන මූලයෙන් සම්පාදනය
වන්නකි.
චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධකර ගත් හෙයින්ද,අවිද්‍යාව පිළිබඳ
නින්දෙන් පිබිදුණු නිසා ද උන්වහන්සේ බුද්ධ නම් වන සේක.
උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගත්තා පමණක් නොව ධර්මය දේශනා කර අන්‍යයන්ට ද
අවබෝධ කරවන හෙයින් පසේ බුදුවරුන්ගෙන් (පච්චේක බුද්ධ) වෙන්කර හැඳින්වීම
පිණිස සම්මා සම්බුද්ධ නාමයෙන් හඳුන්වනු ලැබේ.
ප්‍රශ්නය – අතිපූජ්‍ය ගණේගම සරණංකර හිමිපාණන් විසින් රචිත,
බුදුහාමුදුරුවෝ නම් කෘතියෙහි බුදුරජාණන් වහන්සේ ගේ එක්තරා ගුණයක් මෙසේ
සම්පිණ්ඩනය කර ඇත.
“බෞද්ධයන් වශයෙන් අපට ඇති ලොකු ම සතුට, පී‍්‍රතිය, සැනසීම හා ආඩම්බරය
නම් අදහන අපේ ශෘස්තෘවරයා ඉතිහාසයක් ඇති උත්තරීතර මනුෂ්‍යයෙකු වීමය” මේ
බුදු ගුණය පිළිබඳ ව විවරණයක් කරන්න.
පිළිතුර – මේ සඳහා උඩුහාවර ආනන්ද ස්ථවිරයන් විසින් රචිත ත්‍රිපිටකයෙන්
හෙළිවන බුද්ධ චරිත ග්‍රන්ථයේ පිටු 108-112 දක්වා කියවන්න. මගපෙන්වීමක්
වශයෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පමණක් දක්වමු.
සමාජ විෂමතාවයන් හොඳින් වටහාගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ විසිනම වැනි
වියෙහිදී අගාරික දිවියෙන් අනාගාරික දිවියට පියමං තබා සත්‍යාවබෝධය කර
බුද්ධත්වයට පත් විය.
මිනිසකු වශයෙන් උපත ලබා සසර දුකින් මිදීමට මග සෙවූ එතුමෝ කිසි විටෙක
දේව දූතයකු හෝ දේව බලයක් පත් අයකු හෝ ගැලවුම්කරුවෙකු හෝ අදෘශ්‍යමාන
බලයකින් සමන්විත වූවකු හෝ නොවූහ.
දිනක් උන්වහන්සේ උක්කට්ඨා නුවර සිට සෙතව්‍ය නගරය බලා වඩින අතරතුර
එතුමන්ගේ පා සටහන් දුටු “ද්‍රෝණ” නම් බමුණා, ‘සැබවින්ම මේ පියසටහන්
මිනිසෙකුගේ නොවිය යුතු” යැයි විමතියට පත්ව අවට බැලූ ඔහුට ගසක් මුල වැඩ
සිටි බුදුරජාණන් වහන්සේ දක්නට ලැබුණි.
උන්වහන්සේ වෙත සමීපව ද්‍රෝණ බමුණා මෙසේ සංවාදයක යෙදුණාහ.
ද්‍රෝණ බමුණා – ඔබ දෙවියෙක්ද ? බුදුරජාණන් වහන්සේ – බමුණා, මම දෙවියෙක්
නොවෙමි.
ද්‍රෝණ – ඔබ ගාර්ධර්වයෙක්ද?
බුදුරජාණන් වහන්සේ – බමුණා මම ගාන්ධර්වයෙක් නොවෙමි.
ද්‍රෝණ – ඔබ යක්ෂයෙක්ද?
බුදුරජාණන් වහන්සේ – බමුණ , මම යක්ෂයෙක්ද නොවෙමි.
ද්‍රෝණ – එසේ නම් ඔබ කවරෙක්ද?
බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණාට තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඉතා
නිහතමානීව තමන් දෙවියකු, ගාන්ධර්වයෙකු, යක්ෂයෙකු, නොවන්නේ ඒ අය තුළ
පවතින කෙලෙස් බරිත බව තමා තුළ නොමැති බවත්, නික්ලේශී පුද්ගලයෙකු නිසා
බවත් පැහැදිලි කළහ.
මේ විස්තරවලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය මිනිසුන් හැඳින්වීමෙහි දී
යෙදෙන මනුෂ්‍ය යන්න බුදුවරයන්ට භාවිත වුවද එහි විශේෂත්වයක් ඇති
බවයි.අමනුෂ්‍යයන් අතර උත්තරීතර මිනිසෙක් වූහ. බුද්ධත්වය අවබෝධ කර
ගැනීමෙන් එම උත්තරීතර බව පැහැදිලි විය.
ප්‍රශ්නය – මහ මංගල සූත්‍ර අවසාන ගාථාවෙහි “එතාදිසානි කත්වාන සබ්බත්ථ
මපරාජිතා” යනුවෙන් බුදු දහමට අනුව සූත්‍රාගත ගුණ දහම් ප්‍රගුණ කිරීමෙන්
මෙලොව අපරාජිතයෙකු විය යුතු බව අවධාරණය කරයි. මේ හැර ධර්ම ග්‍රන්ථවල
දෙලොව ජයග්‍රහණය සඳහා (උභයත්ථ තථග්ගහ) (දෙලොව අභිවෘද්ධිය) සඳහා හේතුවන
සාධක බොහොමයක් සඳහන් ව ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර – නිරෝගි බව, ඉන්ද්‍රිය සංවර බව ( සිල්වත් බව) ගුණ නුවණින්
වැඩිහිටි අවවාද අනුශාසනා ගරු කොට පිළිවෙතින් සරු බව, උගත්කම ධාර්මික
දිවි පැවැත්ම, කුසීත නොවී දිරිමත් බව.
ආරෝග්‍ය මිච්ඡෙ පරම්ංච ලාභං
සීලංච වෘද්ධානු තං සූතංච
ධම්මානු වත්තීච අලීනතාව
අත්ථදස්ස ද්වාරා පමුණ ජලෙතෙ |