Print this Article


අස්ගිරි මහ පිරිවෙනට ප්‍රථම ස්ථාන රැසක්

 අස්ගිරි මහ පිරිවෙනට ප්‍රථම ස්ථාන රැසක්

සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේ සහ ප්‍රාචීන මධ්‍යම විභාගයේ ඉංගී‍්‍රසි මාධ්‍ය අංශයන් ප්‍රථම ස්ථානයන් දිනාගැනීමට මහනුවර අස්ගිරි මහා පිරිවෙන සමත් වී ඇත.

මෙම ජයග්‍රහණ අත්කරගෙන ඇත්තේ පසුගිය 2014 සහ 2015 යන වර්ෂයන්ට අදාළවය. තරග හා විභාග පවත්වා ඇත්තේ මූලික පිරිවෙන් අවසාන හා ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම සහ ප්‍රාචීන අවසාන පණ්ඩිත උපාධි විභාගයන් සමඟ අ.පො.ස. උසස් පෙළ යන විභාගයද ඇසුරෙනි.

මේ අනුව මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා පෙනීසිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 26 දෙනාම සමත් වී ඇති අතර, එහි ප්‍රතිශතය 100% කි. ප්‍රාචීන ප්‍රාරම්භ 37 පෙනී සිට 37 දෙනාම සමත් වී ඇති අතර, එහි ප්‍රතිශතය 100% කි. ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා 36 දෙනකු පෙනී සිට ඉන් 28 දෙනකුද, ප්‍රාචීන අවසාන පණ්ඩිත උපාධිය සඳහා 53 ක් පෙනීසිට 43 ක්ද සමත් වී ඇති අතර, පිළිවෙළින් එම සමත්වීමේ ප්‍රතිශතය 77% සහ 81 % කි.

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනීසිටි 48 න් 47 ක් සමත් වී ඇත. එහි සාමාන්‍ය 98% ක් බව අස්ගිරි මහා විහාර පරිවේණාධිපති, අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති. (නිහාල් ජයවර්ධන)