ප්‍රශ්නය -
එතෙ ඛො සංගහා ලොකෙ
රථස්සාම තීව යායතො
එතෙ ඛො සංගහා නස්සු
න මාතා පුත්ත කාරණා
ලංහථ මානං පූජං වා
පිතාවා පුත්ත කාරණා
සිංහල අදහස පැහැදිලි කොට අංකිත පද (ඉරි ඇඳි ) පදවලට පරිකථා (විවරණ)
ලියන්න.
පිළිතුර -
මේ සතර සංග්‍රහ වස්තු වනාහි ජංගම රථයකට උපකාරවන කඩඇණය මෙන් ලෝකයාගේ
පැවැත්මට මහත් සේ උපකාරී වෙති. මේ සංග්‍රහ වස්තූන් ගේ පැවැත්ම විනාශ වී
ගියේ නම් (නොසලකා සිටීමෙන්) දෙමව්පිය දූදරු සබඳතාවය නොපවතින්නේ ය.
සතර සංග්‍රහ වස්තු – දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතා
ප්‍රශ්නය - ෂට් ශාස්තෘවරුන් අතරෙන් “චතුයාම සංවර සීලය” ඉදිරිපත් කළ
ශාස්තෘවරයා කවුද?
පිළිතුර – නිගන්ඨනාථපුත්ත හෙවත් ජෛන මහාවීර.
ප්‍රශ්නය -
සතිපට්ඨාන යනු අප කරන ක්‍රියා විෂයෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමයි. ඒ
අනුව භාවනාව ජීවිතය ක්‍රියා විරහිත කිරීමක් නොව අලස උදාසීනකම් නැති කොට
අඛණ්ඩ අවදිකමක් ලබා දී තියුණු සංවේදී තත්ත්වයකට ඉන්ද්‍රියයන් පුහුණු
කරවන ව්‍යායාමක් වෙයි. බෞද්ධ භාවනාව පිළිබඳව මෙරට ධර්මධර විද්වතෙකුගේ
මතයකි මේ. ඔබ ද මෙයට යම්කිසි විවරණයකින් මේ අදහස තහවුරු කරන්න.
පිළිතුර -
සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ අතටපත් වර්තමාන මොහොතේ ම ජීවත්වීම නොවේ.
මිනිසා හැමවිටම එක්කෝ ඊට පෙර අවස්ථා ගැන සිතමින් කරදර වෙයි. ශෝක වෙයි.
යළි ආශ්වාදයක් විඳියි. පසුතැවිලි වෙයි. නැතහොත් ඉන්පසු එන මොහොත ගැන
සිතා සිහින මවයි. ප්‍රාර්ථනා කරයි. සැලසුම් හදයි. ඒ අතර වර්තමාන මොහොතේ
කෙරෙන ක්‍රියාවන් ද නිසි අවධානයකින් තොරව කෙරී ගෙන යයි. එහි පූර්ණ
අවබෝධයකින්, කැපවීමකින් යෙදීමට පුද්ගලයා ඉඩක් නොලබයි. හරි හැටි කියතොත්
ඔහු වර්තමාන මොහොතේ ජීවත් නොවෙයි. අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙයි. නිසි
සතුටක් දරා ගැනීමට හෝ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහොසත් වෙයි.
බොහෝ විට බරපතළ කරදරයකට ඇද වැටෙයි. නිදසුනක් වශයෙන් වාහනයක් පදවන
රියදුරෙකු ගැන සිතා බැලිය හැකිය. ඔහු කරන ක්‍රියාවෙහි සිහිය ක්‍රියාව
හා රැඳී නොපවතින්නේ නම් ඒ හැම භයානක තත්ත්වයකට මුහුණ දීමේ අවදානම හැම
මොහොතක ම තිබේ. ඒ නිසාම සිහිය ඇතිව ඕනෑම වැඩක නිරතවීම ප්‍රයෝජනවත් බව
කවරෙකුට වුවද එක් අවස්ථාවක දී හෝ අත්දැකීමෙන් තේරුම් ගන්නට හැකියාව
ලැබී ඇත.
මිනිසා සිහියෙන් යුතුව කටයුතු කරන්නේ නම් අමතක වීම් වැඩ පැහැරහැරීම්
හෙටට කල්තැබීම් නැතිව කරන වැඩෙහි පූර්ණ අවධානය යොමු කරනු ඇත.
ක්‍රමානුකූලව වැඩ සංවිධානය වේ. ප්‍රතිඵලයේ ප්‍රතිශතය වැඩි වේ.
ක්‍රියාශීලී බව ප්‍රකට වේ. මෙසේ භාවනාව හේතුවෙන් ඉතාමත් කර්මණ්‍ය
පුද්ගලයෙකු සමාජයට බිහි වේ.
ප්‍රශ්නය -
ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි අත්ත වග්ගයේ එන ගාථාවකි මේ.
අත්තානමෙව පඨමං
පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤ මනුසාසෙය්‍ය
නකිලිස්සෙය්‍ය පණ්ඩිතො
මෙම ගාථා ධර්මයෙහි අන්තර්ගත බෞද්ධ ඉගැන්වීම පැහැදිලිකොට බුදුරජාණන්
වහන්සේ මෙම ගාථාව මාධ්‍ය කොට ගෙන කෙරෙන අනුශාසනය පිළිබඳව සටහනක් කරන්න.
පිළිතුර – පළමුකොට තමා සුදුසු ගුණයෙහි පිහිටා අනතුරුව ඒ පිළිබඳ
අනුනට අනුශාසනා කළ යුතු ය. එසේ කරන නුවණැති පඬිවරයා නොකෙලෙසෙයි. අනුනට
අනුශාසනා කිරීමට පළමුව තමා අගයන අනුන්ගෙන් බලාපොරොත්තු වන එම ගුණය තමා
තුළ ස්ථිරවම තිබිය යුතු ය. එසේ නොමැති තැන අනුශාසනා ලබන්නෝ එය
නොපිළිගන්නට හැකිවාක් මෙන්ම අනුශාසක වන තමා ප්‍රසිද්ධ අපහාසයට නින්දාවට
පත්වන්නට පුළුවන.
බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්මයෙන් කෙරෙන අනුශාසනය ස්වාර්ථය හා
පරාර්ථය අතර තිබිය යුතු අනු පිළිවෙළත් ඊට හේතුවත් ඉදිරිපත් කොට ඇත. මේ
අදහස බුදුරජාණන් වහන්සේ සල්ලෙඛ සූත්‍රයෙහි දී උපමාවකින් ද පැහැදිලි කොට
ඇත. එය මෙසේ ය. තමා මඩේ ගිලී සිටිය දී මඩේ සිටින අනෙකකු මඩෙන් ගොඩ ගත
නොහැක. තමා මඩේ ගිලී නොසිටිය දී මඩේ ගිලී සිටින අනෙකකු ගොඩගත හැකි ය.
සමාජ සේවය කරන්නා තමා පළමුව අචල පෞරුෂයක් ගොඩනඟා සිටිය යුත්තේ මේ නිසා
ය.
සො වත චුන්ද – අත්තනා පලිප පලිපන්නො පරං පලිපපලිපන්නං ළධරිස්සතිති නෙතං
ඨානං විජ්ජති, සො වත චුන්ද අත්තානං අලිපන්තො පරං පිලිපන්නං උද්ධරිස්ස
තීති ඨානං එතං විජ්ජති (ම.නි. සල්ලෙඛ සූත්‍රය)
ප්‍රශ්නය – හීන ග්‍රාම්‍ය පෘථග්ජන, අනාර්ථ, අනර්ථ සංහිත කාමසුකල්ලිකානු
යෝගයත්, දුක්ඛ, අනාර්ය අනර්ථ සංහිත නිසා අත්තකිල මථානුයෝගයත් නො සෙවිය
යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලන ධම්මචක්කප්පවත්තන සූත්‍රය සෙවිය යුතු
නිවැරැදි මඟ ලෙසින් “මජ්ක්‍ධිමාපටිපදා” නමින් හඳුන්වන ආර්ය අෂ්ටාංගික
මාර්ගය ඉදිරිපත් කරයි. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේපිත මේ
අන්තද්වයෙහි ම පොදු ලක්ෂණ කිහිපයක් ඇත. ඒ මොනවා ද? ඒ පිළිබඳව විවරණයක්
කරන්න.
පිළිතුර – ප්‍රතික්ෂේපිත අන්ත දෙකෙහි අනාර්ය හා අත්ථසංහිත යන දෙකයි. ඒ
අනුව ආර්යඅෂ්ටාංගික මාර්ගයෙහි විශිෂ්ටතම ලක්ෂණ දෙකක් වන්නේ, ආර්ය හා
අර්ථ සංහිතාවයි. ගෘහස්ථයන් පමණක් නොව ප්‍රවෘජ්ජිතයන් ද අනුගමනය කළ යුතු
මාර්ගයකි. ආර්ය අෂ්ටාංගික මාර්ගය, සිව්වනක් පිරිසෙන් එක් කොටසකට සීමිත
මැදුම් පිළිවෙතක් නොව සියල්ලන්ට ම මේ මග අර්ථ සම්පන්න වේම ය.
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ බෝධිධෘම මූලයෙහි වැඩ හිඳ වාසනා ගුණය සර්ව
ප්‍රකාරයෙන් ම නෑසු සේක. එහෙයින්ම වෑත්තෑවේ හිමියන්.
කිසිවකු හටත් නැති
මුනිඳුට ස නුවණෙක් ඇති
මෙලොව සැමටම ඇති
වාසනා ගුණ කිසිවෙකුත් නැති
මේ පදයෙහි එන මුනිඳුට ස නුවණෙක් ඇති යන්න හා වාසනා ගුණ කිසිවකුත් නැති
යන පාඨ ධර්මානුකූලව පැහැදිලි කරන්න.
පිළිතුර – මුනිඳුට ස නුවණක් ඇති බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂිත වූ
ඤාණ හයකි. එනම්,
ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය, ආසයානුසය ඤාණය, යමක පාටිහාරිය ඤාණය, මහා
කරුණා සමාපත්ති ඤාණය, සර්වඥතා ඤාණය, අනාවරණ ඤාණය
වාසනා ගුණ කිසිවකුත් නැති සියලු රහතන් වහන්සේලා විසින් සියලු කෙලෙසුන්
නසන ලද නමුත් ඒ ක්ලේශ වාසනා නොනසන ලද්දේය. මෙහි ක්ලේශ වාසනා දහම් පත
පොතෙහි එන උපමා කථාවක් අනුව මෙසේ පැහැදිලි කළ හැකිය. කුණු වූ මසක් දවටා
බැඳි කුස තණපත් ආදියෙහි කුණු මස් ඉවත් කළ කල්හිත් ගඳ පවත්නාක් මෙන්
ප්‍රහීණ ක්ලේශ ඇත්තා හට ද අප්‍රහීණ ක්ලේශ ඇත්තකු ගේ කාය වාග් වූ
කෙලෙසුන් විසින් පිහිටුවන ලද උත්සාහ විශේෂයක් වන්නේය.
ආයුෂ්මත් පිළින්ද්‍රිවච්ඡ තෙරුන් වහන්සේ සතර මග ඵලයට පැමිණද නොරහත්
සමයෙහි පැවති ක්ලේශ වාසනා සංඛ්‍යාත භාවිත බලයෙන් චණ්ඩාල වාදයෙන්
මිනිසුන්ට පරිභව කළේ ඉහත සඳහන් ක්ලේශ වාසනා නොනසන ලද හෙයිනි. |