වත්තල ශී‍්‍ර සීලරතන නා හිමි
වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය පට්ටිවල ශෛලතලාරාමය යන උභය
විහාරාධිපති, කැලණි රාජ මහා විහාරයේ කෘත්‍යාධිකාරි ගිරුවාපත්තුව ඇතුළු
ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක “විශ්ව කීර්ති ශී‍්‍ර
විචිත්‍ර මධුරභානී කර්මචාර්ය සරභඤ්ඤ විශාරද විචිත්‍රභාණක වත්තල ශී‍්‍ර
සීලරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී 2015.08.25 වන දිනට වසර
20 සපිරීම නිමිත්තෙනි.
1923. සැප් 11 වන දින වත්තලදී උපත ලද අතර ගිහි නම වූයේ චන්ද්‍රදාස
ජයසූරිය යන නාමයයි. මුල් අත්පොත තබන ලද්දේ හැඳල පුරාණ විහාරාධිපති
රඹුක්කන වජිරඤාණ හිමිපාණන් විසිනි. එවකට පෑලියගොඩ විද්‍යාලංකාර
පිරිවෙනේ උප ප්‍රධානාචාර්යව සිටි වැලිගම අග්‍රබෝධි රාජ මහා
විහාරාධිපති, අග්‍රබෝධි පරිවේණාධිපති කීර්ති ශී‍්‍ර බද්දේගම
ධම්මරතනාභිධාන නාහිමියන් ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1937 ජනවාරි 08 වන දින
“වත්තල සීලරතන” නාමයෙන් පැවිදි කරවුහ.
1938 දී ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා විද්‍යාලංකාර පිරිවෙනට ඇතුලත්
කරනු ලැබූහ. 1943 මල්වතු මහා විහාරිය උපෝෂථාගාරයේදී උපසම්පදා පදවි
ප්‍රාප්ත වූහ. 1944 දී මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන්ගේ පෙළඹවීම
මත කොටහේනේ කුමාර විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනයද ලැබූහ.
අධ්‍යාපනය ලබන කාලය තුළ තමන් වහන්සේ සමග මිත්‍ර හිමිනමක් කැලණි රාජමහා
විහාරයේ අධිපතිත්වයට පත්වීම නිසා ඒ හිමියන් ගේ ඉල්ලීම පරිදි 1947 ජූලි
17 දින කැලණි රජ මහා විහාරාවාසී බවට පත්වූහ.
1948 එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පදවියටද, පත්වූ අතර 1953
කැලණි විද්‍යාලය ආරම්භ කිරීමටද පුරෝගාමී වූහ. 1954 ශ්‍රී කල්‍යාණි දහම්
පාසල ආරම්භ කර ප්‍රථම ප්‍රධානාචාර්ය ධූරයද දැරූහ. 1957 දී සියනෑ
අධිකාරි පත්තුවේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයටද පත්වූහ.
“කැලණි දුරුතු මහා පෙරහැර”
1966 වර්ෂයේ සිට අංග සම්පූර්ණව පැවැත්වීමේදී දායක සභාවේද අනුග්‍රහයෙන්
සංවිධානය කොට පැවැත්වූහ. 1987 සියලුම කටයුතු වලින් ඉවත් වූ නාහිමියෝ
අපවත් වන දින දක්වාම කැලණි රජ මහා විහාරයේම වැඩ සිටියහ.
පිරිත් දේශනා අනුශාසනා අස්න ආදියට නව ජීවයක්දී සම්ප්‍රදායක්ද ගොඩ
නැංවූහ.
එකල සමහර භික්ෂූන් වහන්සේලා “පිරිත් රජ්ජුරුවෝ” යන නාමයෙන් හඳුන්වන ලද
අතර විදේශීය බෞද්ධයන් ට්ධතඤඥද ඍධඪජඥ යන නාමයෙන් හැදින්වූහ.
1978 බරණැස සාරානාත්හි මුල ගන්ධි කුටි විහාරයේ සිට ධම්ම චක්ක දේශනාව“
පැවැත්වූ අතර ඉන්දීය ගුවන්විදුලිය මගින් ලොව පුරා ප්‍රචාරය කරන ලදී.
ක්වාලාලම්පූර් මහා විහාරාධිපති හිමියන්ගේ ආරාධනයෙන් මැලේසියාවට වැඩම
කොට පිරිත් පොත් වහන්සේ මුල සිට අග දක්වාත් ධම්මපදයේ ගාථා 423 ක් මධූර
හඬින් පටිගත කොට (කැසට් පටි 8 ක් ( ලොව පුරා බෙදා හැර ඇත.
1991 දී ආරාධනා ලැබ තවත් දොළොස් නමක් සමඟ වැඩම කොට ලංකාවේ ක්‍රමයට
මදුරාසියේ කල්කටාවේ හා බුද්ධගයාවේදී පිරිත් දේශනා පැවැත්වූහ. එහිදී
අන්‍යාගමිකයන් පවා ශ්‍රද්ධාවෙන් ඉපිලගොස් බුදු දහම වැළඳගත්හ.අපවත් වන
විට උන්වහන්සේ පිරිත් දේශනා සඳහා 18 වාරයක් මැලේසියාවට වැඩම කළ අතර
ආසියාතික හා යුරෝපයේ රටවල් 23 කට වැඩම කොට ඇත.
මහනුවර මල්වතු මහා විහාරීය අතිගරු මහානායක ස්වාමින්ද්‍රවර ප්‍රමුඛ
විංශද්වර්ගික මහා සංඝ සභාව විසින් 1973 වර්ෂයේදී “කීර්ති ශී‍්‍ර
ධම්මරතන සද්ධාවාස විචිත්‍රභාණී කර්මාචාර්ය” ගෞරව නාමයෙන්ද, නැවතත්
මල්වතු මහා සංඝසභාව විසින් 1992 අපේ‍්‍රල් 18 වන දින “විශ්ව කීර්ති
ශ්‍රී විචිත්‍ර මධුරභාණී කර්මාචාර්ය “ උපාධිය සහිත ගිරුවාපත්තුව ඇතුළු
ගාලු මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයෙන්ද 1992 දී කෝට්ටේ
ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව“ විසින් “සරභඤ්ඤ විශාරද යන
ගෞරව නාම සම්මුතියෙන්ද පුදනු ලැබූහ. 1994 දී ශ්‍රී රෝහණ මහා සංඝසභාව
විසින් “විචිත්‍ර භාණක” යන ගරු නාමයෙන්ද පුදනු ලැබූහ. එවකට දකුණූ පළාතේ
අග්‍රබෝධි රාජ මහා විහාරයේ අධිපතිත්වයට 1973 දී නාහිමියන් පත්වුවද
සියලුම කාර්ය භාරය ශාස්ත්‍රවේදී පාතේගම ඤාණාරාම හිමියන්ට බාර කළහ.
රටටත් සම්බුද්ධ ශාසනයටත් අති මහත් සේවාවක් ඉටුකොට වසර 72 ආයු වළදා
අපවත්වුවද පිරිත් දේශණයෙන් තවත් බොහෝ කාලයක් බෞද්ධ මහා ජනතාවගේ පහන්
සිත් සතන් උදේ සවස සනසාලනු ඇත.
අපවත් වී වදාළ සරභඤ්ඤ විශාරද වත්තල ශ්‍රී සීලරතනාභිධාන මහා
ස්වාමින්ද්‍රයන් වහන්සේට අමාමහ නිවන් සුව අත්වේවා.
තඹලගමුව
ශ්‍රී විජයවර්ධනාරාමය
අනුරාධපුර අරියඤාණ හිමි
කරගොඩ උයන්ගොඩ ජිනරතන නා හිමි
මාතර වැලිවේරිය ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරාධිපති හා කොළඹ
පොල්ගස්ඕවිට ශ්‍රී සුධර්මාරාම උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත
කරගොඩ උයන්ගොඩ ජිනරතන නාහිමිපාණන් වහන්සේ “සද්ධර්මකීර්ති ශ්‍රී
පුඤ්ඤරතන “ ගෞරව නාමය සහිත ගාලු හිනිදුම හා මාතර පළාතේ උප ප්‍රධාන
සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක
ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව මගින් ඉකුත්දා
උන්වහන්සේ වෙත මෙම පදවිය පිරිනැමූහ.
මාතර දිස්ත්‍රික්කයේ ගඟබඩපත්තුව කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ ග්‍රාමයේ
ගුරු ගෙදරක අටවන දරුවා ලෙස 1944 වසරේදී උපත ලද මෙම කුමරුවා ගිහි කල
නමින් සමරවික්‍රම රණතුංග විය.
විදුහල්පතිවරයකු වූ ඩී.ඒ.එන්. රණතුංග පියාණන්ට සහ ගුරුවරියක වූ ලුවීනා
හේමපාලී අබේගුණවර්ධන මෑණියන්ට දූදරුවෝ දහදෙනෙක් වූහ. මේ දහදෙනාගෙන්
අටවැන්නා සතර වරිගයාට සසර දුකින් එතෙර කිරීමේ කුසල කර්මයට දායකවීමට
තරම් භාග්‍යවන්ත වූවේය.
කුඩා කල පටන්ම ආගම දහමටම ලැදිව කටයුතු කළ සමරවික්‍රම පුතණුවන් 1958
පෙබරවාරි 10 වනදා මාතර වැලිවේරිය ශ්‍රී පුෂ්පාරාම පින්බිමේදී කරගොඩ
උයන්ගොඩ ජිනරතන නමින් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ.
ශ්‍රී පුෂ්පාරාමයේ වැඩ විසූ ගොඩගම නාරද, හිත්තටියේ උදිත, දිවියාගහ
පුඤ්ඤරතන යන හිමිවරු උන්වහන්සේගේ ගුරු දේවයන් වහන්සේලා වූවෝය.
ගුරු දේවයන් වහන්සේලා යටතේ පුෂ්පාරාම පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ
ජිනරතන හිමියෝ ද්විතියික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගාල්ල විද්‍යාලෝක
පිරිවෙනට ඇතුළත් වූහ.
1964 දී මහනුවර ඓතිහාසික උපෝසථාගාරයේදි පැවිදි උපසම්පදාව ලබාගත් ජිනරතන
හිමියෝ කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුලත් වූහ.
උන්වහන්සේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබා 1970 වර්ෂයේ ශ්‍රී පුෂ්පාරාම
පිරිවෙනෙහි පරිවේණාචාර්යවරයකු ලෙස සේවයට පත්විය. අනතුරුව 1976 රජයේ
පාසල් සේවයට බැඳුණු ජිනරතන හිමියෝ කොළඹ හම්බන්තොට ආදි ප්‍රදේශවල පාසල්
කිහිපයකම සේවය කරමින් සිසු සිසුවියන්ගේ නැණැස පෑදීමට ක්‍රියා කළහ.
පාසල් ගුරු සේවයෙන් ඉවත් වූ උන්වහන්සේ බුදුදහම ලොව පුරා පැතිරවීමේ
කර්තව්‍ය උදෙසා ධර්මදූත සේවය වෙනුවෙන් ඇප කැප වූහ.
උන්වහන්සේ 1985 තායිලන්තයටත්, 1992 සිංගප්පූරුවටත් , 2002 දී
එංගලන්තයටත් වැඩම කොට ධර්ම ප්‍රචාරක සේවයේ යෙදෙමින් මහඟු මෙහෙයක්
ඉටුකළහ.
ශ්‍රී පුෂ්පාරාම පිරිවෙනේ විහාරාධිපති දිවියාගහ පුඤ්ඤරතන හිමියන්
රෝගාතුර වීමෙන් පසු ජිනරතන හිමියෝ එංගලන්තයේ සිට පුෂ්පාරාමය වෙත වැඩම
කරවා ගුරුදේවයන් වහන්සේට ඇප උපස්ථාන කරමින් විහාරස්ථානයේ දියුණුව උදෙසා
කටයුතු සිදු කළහ.
දිවියාගහ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 2002 දි ජිනරතන
හිමියෝ ශ්‍රී පුෂ්පාරාම පිරිවෙන් විහාරාධිපති ධුරයට පත්වූහ.
එදා සිට මේ දක්වා විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා ඇප කැපවී කටයුතු කරන
උන්වහන්සේගේ සේවය අගයමින් බුද්ධශාසන හා අධිකරණ අමත්‍යාංශය විසින් 2000
වසරේදී සාමවිනිසුරු පදවියක් පිරිනැමූහ.
ශාසනික සහ ආගමික අභිවෘද්ධිය උදෙසා විශාල මෙහෙයක් ඉටුකරනු ලබන
ශාස්ත්‍රවේදී කරගොඩ උයන්ගොඩ ජිනරතන මාහිමිපාණන් වහන්සේට තවදුරටත්
ආගමික, ශාසනික සහ සමාජයීය මෙහෙවර මනාව ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය
වාසනාව සමඟ තෙරුවන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමු.
අභිනව නාහිමියන් පිළිගැනීමේ උළෙලක් මෙම සැප්තැම්බර් මස 20 වනදා සවස
3.00 ට විශාල ප්‍රභූ පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ධම්මිකා වෙලේගොඩ
හේනේගම සෝරත හිමි
මීට තෙමසකට පෙර අපවත් වී වදාළ ගාල්ල ඓතිහාසික යටගල රාජමහා විහාරය,
සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ විහාර ගණයේ භාරකාර යටගල හෙට්ඨාචල මහ
පිරිවෙණේ විශ්‍රාමික පරිවෙණාධිපති කළුතර බෝතුවාවත්ත ඛෙත්තාරාමාධිපති,
ශාස්ත්‍රාචාර්ය හේනේගම සෝරත හිමි මෙරට සම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ
උදාර ගුණයන් ජීවමානව ප්‍රකට කරමින් වැඩ සිටි ශික්ෂාකාමී මහා යතිවරයන්
වහන්සේ නමකි.
1947 ඔක්තෝම්බර් 10 වැනි දින දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස
හේනේගම ග්‍රාමයේදී උපත ලද සෝරත හිමි උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට
පත්වුයේ 1963 ජුනි 10 වැනිදාය. යටගල හෙට්ඨාචල මහ පිරිවෙනින් හා
පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය හදාළ
උන්වහන්සේ රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු
පුහුණුවද ලබාගත්හ. 1972 ජුනි 17 දින මහනුවර මල්වතු මහාවිහාරීය මංගල
උපෝෂථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ
සෝරත හිමියෝ යටගල හෙට්ඨාචල මහ පිරිවෙණේ ආචාර්යවරයෙකු ලෙස ගුරු සේවය
ආරම්භ කළහ. එයින් පසුව එහි නියෝජ්‍ය පරිවේණාධිපති ලෙසද පරිවේණාධිපති
ලෙස ද වසර 28 ක සේවා කාලයක් පාරිවේණික අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි ලබා
දුන්හ.
අරාජිකව පැවති කළුතර බෝතුවාවත්ත ඛෙත්තාරාම විහාරස්ථානයට වැඩමවා එම
ස්ථානයට නව පුනර්ජීවයක් ගෙන දීමට ක්‍රියා කළහ.
වසර 2 ක පමණ කාලයක් තිස්සේ රෝගීව සිටි හේනේගම සෝරත හිමියෝ ඉකුත් ජුනි
16 වැනි දින අපවත් වී වදාළහ. උන්වහන්සේ වෙනුවෙන් පැවැත්වු තෙමස් පූර්ණ
ගුණානුස්මරණ මහාපින්කම් මාලාව යටගල රාජමහා විහාරය, සිතුල්පව්ව රාජමහා
විහාරය ප්‍රමුඛ තදානුබද්ධ විහාරගණයේ ආධිපත්‍යය උසුලන ශාස්ත්‍රපති
පණ්ඩිත මැටරඹ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාර හේමරතනාභිධාන දක්ෂිණ ලංකාවේ
උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක
සභාවේ මෙහෙයවීමෙන් ගාල්ල යටගල රාජමහා විහාරයේදී සිදු කෙරිණි.
ඌරුගමුවේ අස්සජි හිමි |