සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 56
- නාරංවත්තේ ධම්මසිරි හිමි
බිනර පුර පසළොස්වක පෝදා පත්‍රයෙහි අපි අශෝක රජතුමා හා සාංචිය පිළිබඳ
විස්තර කළෙමු. අදත් සාංචිය ගැන
කල්පනා කර බලමු.
සාංචි තොරණෙහි ජාතක කතාවන් සිත් ගන්නා රූප මාලාවක් මෙන් ලොව මවිත කරවන
ඉතා අලංකාර ශෛලමය කැටයමින් නෙළා ඇති අයුරු මනහරය. අපූරු අන්දමින් ශෛලමය
කැටයම් නෙළා ඇති තොරණ හතරක් සාංචි ස්තූපය වටා ඇත. මේවා උතුරු තොරණ,
දකුණු තොරණ, නැගෙනහිර තොරණ, බටහිර තොරණ වශයෙන් හැඳින්වේ.
සාංචි ශෛලමය තොරණ
සාංචි තොරණෙහි ජාතක කතාවන් සිත් ගන්නා රූප මාලාවක් මෙන් ලොව මවිත කරවන
ඉතා අලංකාර ශෛලමය කැටයමින් නෙළා ඇති අයුරු මනහරය. අපූරු අන්දමින් ශෛලමය
කැටයම් නෙළා ඇති තොරණ හතරක් සාංචි ස්තූපය වටා ඇත. මේවා උතුරු තොරණ,
දකුණු තොරණ, නැගෙනහිර තොරණ, බටහිර තොරණ වශයෙන් හැඳින්වේ.
එම සියලු තොරණ ක්‍රි.පූ. 1 සියවසේ සිට වරින් වර ඉදිවී ඇත. ප්‍රථමයෙන්ම
දකුණු තොරණ නිර්මාණය කැර ඇත. එය ප්‍රධාන දොරටුව ලෙසද හැඳින්වෙයි. එම
තොරණ අසල අශෝක ස්තම්භයද ඉහළට නගින පඩි පෙළ අසල පිහිටා ඇති අතර අශෝක
ස්ථම්භයෙහි කොටසක් අද වන විට ඉතිරිවී පවතී. එහි සෙල්ලිපියක්ද ලියා ඇත.
ස්ථූපය වටා ඉදිකර ඇති ගල් වැට වටාද බුදු ගුණ ලියා ඇත. එමගින් විදහා
දැක්වෙන්නේ එම නිර්මාණය කරන ලද බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති
කලාකරුවන්ගේ හදවත තුළ වූ ගෞරවාන්විත හැඟීමය.
ඉහළට නගින පඩි පෙල අසල ඇති තොරණ තුළ ඇති කැටයම් පහත සඳහන් අයුරින් වර්ග
කැර දැක්විය හැකිය.
* ජාතක කථා
* බුද්ධ චරිතයේ විවිධ අවස්ථා
*බෞද්ධ ඉතිහාසයේ තොරතුරු,
* සත් බුදුවරුන්ගේ රූප හා බෝධි වෘක්ෂ
* දාර්ශනික අර්ථ දෙන කැටයම්
අලංකාරය සඳහා නිර්මාණය වූ කලා නිර්මාණ
ජාතක කතාවලින් මෙහි කැටයම් වන්නේ ජාතක කතා පහක් පමණි. වෙස්සන්තර ජාතකය,
අලම්බුසා ජාතකය, සාම ජාතකය මහා කපි ජාතකය හා ඡද්දන්ත ජාතකයයි.
ඉතා සියුම් කැටයම්වලින් යුක්ත මේ සියලු තොරණ නිර්මාණය ක්‍රි.පූ. පළමු
සියවසේ සාතවාන රාජ්‍ය කාලයේ නිර්මාණය විය. තොරණ නිර්මාණය කර ඇත්තේ
වේදිස නුවර ඇත් දත් කැටයම්කරුවන් විසිනි. ඒ බව දකුණු තොරණෙහි සඳහන් කර
ඇත. පැරැණි නිර්මාණවල නැති සාංචියට විශේෂ දෙයක් වන්නේ තොරණ නිර්මාණය කළ
කැටයම්කරුවන්ගේ නම තිබීමයි. ඔහු ශානකර්ණ රජතුමාගේ කළා මණ්ඩලයේ ආනන්ද
නමැත්තායි. සෑම තොරණම එකම හැඩය වුවද එම තොරණවල යොදා ඇති කැටයම් වෙනස්ය.
උතුරු තොරණ පිටුපස තොරණ නිසා එහි වැඩි කොටසක් ආරක්ෂා වී ඇත. එයින්
තොරණේ සැලැස්ම සිතා ගත හැකිය. සෑම තොරණකම බුද්ධ චරිතයට සම්බන්ධ අවස්ථා
සිදුවීම් කැටයම් කර ඇත.
දෙපැත්තේ ඇති ත්‍රිශූල සංකේත දෙක ත්‍රිවිධ රත්නය සංකේත කරයි. තොරණ ළඟට
යන කෙනෙකුට එක වරම එම තොරණවල කැටයම්වලින් දක්වා තිබෙන කථා වස්තු අවබෝධ
කර ගැනීම අපහසු වේ. තොරණවල ආකෘතිය හා එහි ඇති කථා වස්තු පිළිබඳ
ඉදිරියෙහි දක්වා තිබේ. ඒ තුළින් තොරණ පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට
පහසු වේ.
එහි කැටයම් අතර බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ සිට සංකස්ස
පුරයට වැඩම කළ අවස්ථාවයි. කැටයමේ මුදුනත බෝධි වෘක්ෂයක් හා ආසනයක්ද
නිර්මාණය කර ඇත. දෙපස වැඳ සිටින්නේ රජවරුන් හා දෙවියන්ය. බුද්ධ රූපය
වෙනුවට කැටයම්කරුවන් යොදා ඇත්තේ බෝධි වෘක්ෂය ආසනය සිරිපතුල් යන
සංකේතයන් නව අරහාදී බුදු ගුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුළත්ය.
අශෝක ස්ථම්භය
මහා ස්ථූපයේ දකුණු දොරටුව ආසන්නයේ අශෝක රජු විසින් ඉදිකරන ලද අශෝක
ස්ථම්භය වේ. අඩි 42 ක් උසැති ස්ථම්භය මුදුනත සතර දෙසට මුහුණලා ඇති සිංහ
රූප සතරක් තනි කළු ගලෙන් ඒකාබද්ධව යොදා ඇත. සිංහ රූපවලට පහළින් හංස රූප
යුවළ බැගින් කැටයම් කර ඇත.
සාංචි අශෝක ස්ථම්භයේ කුලුනු හිස් සාරානාථ කුලුන හිසට බොහෝ සෙයින්
සමානය. සාරනාථ කුලුනෙහි සිංහ රූපවලට පහළින් ධර්ම චක්‍ර සතරක් සතර
පැත්තෙන් කැටයම් කර ඇතත් සාංචි ස්ථම්භයේ ධර්ම චක්‍රය යොදා නැත
තවත් කොටසක් බිනර අමාවක
ඔක්තෝබර් 12 වනදා පත්‍රයේ පළ වේ.
|