පුරාණ ලක්දිව
බෞද්ධ කලා ශිල්ප 03
මුරගල හා එහි විකාශය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්යක්ෂ
සිරිසමන් විජේතුංග
“මුර කිරීම” යන්නෙහි අර්ථය ආරක්ෂා කිරීම යන්නය. කුමක් මුර කිරීමද?
කුමක් ආරක්ෂා කිරීමද? අපේ පුරාණ බෞද්ධ පුදබිම් ආරක්ෂා කිරීමය. මේ
පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර
මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ.
සිංහලයින් තමන්ගේ පැරණි වෙහෙර විහාර දේවාල හෝ මාලිගා හෝ විශේෂ
ගොඩනැගිල්ලකට ඇතුළු දොරටු අලංකාර කිරීමට විශේෂ නිර්මාණයක් ඉදි කළ බව
දක්නට ලැබේ. පුරාණ ගොඩනැගිල්ලක ඇතුළුවන ඔළුවකට හෝ එම ඔළුවෙන්
ගොඩනැගිල්ලට ඇතුළුවන ස්ථානය පඩිපෙළ දෙපස මෙම මුරගල යන නිර්මාණය සාදා
එහි තැන්පත් කර ඇත.
සාමාන්‍යයෙන් පුරාණ ගොඩනැගිල්ලකට ඇතුළුවන දොරටුවක පහත සඳහන් නිර්මාණ
දැකිය හැකිය. 1.පියගැට පෙළ 2. පියගැට පෙළ පාමුල නිර්මාණය කළ සඳකඩපහණ
3.පියගැට පෙළ ආරක්ෂා කිරීම සඳහා දෙපැත්තෙන් ඇති කොරවක් ගල් දෙක 4.එම
කොරවක්ගල් දෙක සහ සඳකඩපහණ අසල සාදා ඇති දෙපැත්තේ මුරගල් දෙක.
මීට පෙර සඳහන් කළ සඳකඩ පහණ මෙන්ම මුරගල සහ කොරවක්ගල් දෙකද නිර්මාණය
කරන්නට ඇත්තේ දැව (ලීවලින්) වලින්ය. පසුව ඒවා ගල් (ශිලා) වලින්
නිර්මාණය කර ඇත. මෙය සඳකඩපහණ , මුරගල මෙන්ම පියගැටපෙළ සහ කොරවක්ගල යන
අංගයන්ද එසේ මුල්ම කාලයේදි දැවයෙන් සාදන්නට ඇත. පසුව ඒවා සියල්ලම ශිලා
(ගල්) වලින් නිර්මාණය කළ බව දක්නට ලැබේ.
මේ අනුව මුරගල ද පළමුවෙන්ම අපට හමුවන්නේ කිසිම කැටයමක් නැති තනි ගල්
පතුරක් ලෙසිනි. මෙසේ ගල් පුවරු දෙකක් සඳකඩපහණ දෙපස පියගැට පෙළ ඉදිරිපිට
පිහිටුවා ඇති සැටි දැකිය හැකිය. ඒවා මුල් කාලයේද කුඤ්ඤයක් ලෙසින් දෙපස
සිටුවා ඇත. ඉතාම පැරණි මුරගල්වල ඒ අනුව කිසිම කැටයමක් හෝ රූකමක් දක්නට
නැත. එයද පුරාණම ස්ථානයක් ලෙස හඳුනා ගැනීමටද ඇති ලක්ෂණයකි. මුරගල පමණක්
නොව සඳකඩපහණද මුල් කාලයේම කිසිම කැටයමක් නැතිව නිර්මාණය කර ඇති බව අපි
සඳකඩපහණ ගැන විමසනවිට ඉදිරිපත් කළෙමු. මේවා දොරටු දෙපස අලංකාර කිරීමට
පසු කාලයේදී පුන් කලස (පූර්ණ ඝටය) හෝ මිනිස් රූපයක් හෝ බහිරව රූපයක්
මිනිස් වෙස් ගත් නාග රූපයක් මෙම මුරගල්වල රූකම් (කැටයම්) කර ඇත. මුල්ම
කාලයේදී මුරගලෙහි පුන්කලස රේඛාවකින් සටහන් කර ඇත. පසුව සැරසිලි සහිත
පුන්කලස ද ඉන් පසු මිනිස් රූප ඒ මිනිස් රූප හිස වට නයිපෙණ (ඒවා නාග රූප
ලෙසින්ද බහිරව රූප, ලෙසින්ද නිර්මාණය කර ඇත. මේවා මුරගල් නමින්ද
දොරටුපාල ගල් නමින්ද ප්‍රකටය.
දොරටුපාල රූප යන නාමය මුරගල් සඳහා ව්‍යවහාර කරන්නේ විශේෂයෙන් අලංකාර කළ
මිනිස් වෙස් ගත් නාගයින් ගේ පෙන හිස් වටා නිර්මාණය කළ තවත් රූකම් ඇති
මුගල්වලටය. නයිපෙන කීපයකින් යුක්ත නාග මුරගල්ද හමු වී ඇත. පැරණිම
මුරගලක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරියාය (ගිරිහඬුවෙහෙර) වටදාගෙයි
ඇති දොරටුවලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේම වෙල්ගම් වෙහෙර පුදබිමෙන්ද
හමු වී ඇත. විවිධ පුදබිම්වලින් හමුවු මෙවැනි මුල් කාලයේ මුරගල් රාශියක්
අනුරාධපුරයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ දී දැක ගත හැකිය.
මුල්ම මුරගල් ඉතා සරල වූද කැටයම් රහිත වුද මුරගල් බව මේ අනුව
පැහැදිලිය. මුරගලෙහි මුල් කාලයේ වුවද මුදුන රවුම් කර තිබේ. මෙවැනි ඉතා
චාම් මුරගල් අනුරාධපුරයේ මිරිසවැටිය දාගැබ අසළින් හමු වී ඇත.
මුරගලේ පළමුවෙන්ම සටහන් කරන්නට ඇත්තේ (රේඛාවන්ගෙන්) පුන්කලසය.මේ පිළිබද
අදහස් දක්වන උගතුන් සඳහන් කරන කරුණක්ද මෙහිදී මතක් කළ යුතුය. ඒ සරළ වූ
මුරගල ඉදිරිපිට පුන්කලසක් (පුන්කලස් දෙකක් දෙපස) තබන්නට ඇත. පසු
කාලයේදී එම පුන්කලසේ රූපය මුරගලේ රේඛාවක් ලෙසින් සටහන් කරන්නට ඇත.
පුන්කලස දොරටුවක් දෙපස තැබීම මෙකල වුවද දක්නට ලැබෙන සැරසිල්ලකි. පුන්කල
සඞශි‍්‍රකත්වය හා සෞභාග්‍යය පිළිබඳ සංකේතයකි. එසේම පුන්කලස පමණක්
නිර්මාණයක් කරන ලද අවස්ථාවක් අනුරාධපුරයේ කුට්ටම්පොකුණ අසල ඇති
පුන්කලස් මූර්ති වලින්ද පැහැදිලි වෙයි.
මේ අනුව මුරගලෙහි මුල්ම අවස්ථාව එම මුරගල් පුවරුවේ පුන්කලස රූපය
රේඛාවකින් නිර්මාණ කිරීම ලෙසින් සඳහන් කළ හැකිය.
ලබන සතියේ මුරගලෙහි තවත් අවස්ථා ගැන විමසා බලමු.
|