Print this Article


අශෝක රජු හා සාංචිය

අශෝක රජු හා සාංචිය

මිහිඳු මාහිමියන් බුදුදහම රැගෙන සාංචියේ සිට ලංකාවට වැඩම කරන ලදී. ඉන්පසුව ශ්‍රී මහාබෝධින් වහන්සේත් රැගෙන ලංකාවට වැඩම කරන ලද සංඝමිත්තා රහත් තෙරණියද සාංචියේ සිට ලංකාවට වැඩම කරන ලදී. දැනට සාංචි තොරන් තුළින්ද ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ නිරූපණය කරවන කථා පුවත් චිත්‍රයට නඟා ඇති අතර සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණින් වහන්සේලා වැඩ සිටි ආරාමයද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වීමට පෙර තැම්පත් කර තිබූ ශෛලමය පාත්‍රයද අද සාංචියේදී දැකගත හැකිය. එම නිසා ඔබ යන වන්දනා ගමනට සාංචිය ඇතුළත් කර ගැනීම අගනේය

සම්බුදු උපත සිදු වු බුද්ධ භූමි වන්දනාවෙන් අපි අදත් දඹදිව සාංචි පුද බිම වන්දනාවෙහි යෙදෙමු.

පැළලුප් නුවර තම වාසස්ථානය කරගත් මෞර්ය වංශිකයෙකු වූ චන්ද්‍රගුප්ත පාටලී පුත්‍රය හෙවත් පැළලුප් නුවර අගනුවර කරගත්තේය. ක්‍රි.පූ. 298 දී ඔහු මිය ගිය අතර එම රජතුමාගේ පුත්‍ර බිංදුසාර පාටලී පුත්‍රයෙහි රජ විය. බිංදුසාරගේ පුත් අශෝක යුවරාජයෙක් ලෙස අවන්තියට එවන ලදී. ඒ පැමිණි අශෝක වේදිස නුවර සිටුතුමාගේ දියණිය වූ දේවී කුමරිය විවාහ කරගෙන අවන්තියේ අගනගරය වූ උජ්ජෙයින්හි වාසය කරන කල්හි එම දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුණි. එම දෙදෙනා මහින්ද හා සංඝමිත්තා නම් විය. පසු කලක පැවිදි බිමට පැමිණි ඔවුන් දෙදෙනා තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව කරන ලද ධර්ම ප්‍රචාර කටයුතු සඳහා මිහිඳු මාහිමියන් බුදුදහම රැගෙන සාංචියේ සිට ලංකාවට වැඩම කරන ලදී. ඉන්පසුව ශ්‍රී මහාබෝධින් වහන්සේත් රැගෙන ලංකාවට වැඩම කරන ලද සංඝමිත්තා රහත් තෙරණියද සාංචියේ සිට ලංකාවට වැඩම කරන ලදී. දැනට සාංචි තොරන් තුළින්ද ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ නිරූපණය කරවන කථා පුවත් චිත්‍රයට නඟා ඇති අතර සංඝමිත්තා තෙරණිය


භික්ෂුණී ආරාමය

ඇතුළු භික්ෂුණින් වහන්සේලා වැඩ සිටි ආරාමයද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වීමට පෙර තැම්පත් කර තිබූ ශෛලමය පාත්‍රයද අද සාංචියේදී දැකගත හැකිය. එම නිසා ඔබ යන වන්දනා ගමනට සාංචිය ඇතුළත් කර ගැනීම අගනේය. මෙසේ අවන්තියේ පාලකයා වශයෙන් කටයුතු කරන සමයේ පියා වූ බිංදුසාර රජතුමා අසාධ්‍යව පසුවිය. අශෝක රජතුමාට පාටලී පුත්‍රයට යන්නට සිදුවිය. අශෝක රජු වේදිස දේවිය ඇසුරෙන් බුදුදහම පිළිබඳව මූලික අවබෝධයක්ද ලබාගත් බව කියැවේ. අශෝක රජ සමඟ මහින්ද සහ සංඝමිත්තාවන් පිටත් කර යවා ඇත. ඒසේ ගිය අශෝක පාටලි පුත්‍රයේ රජ බවට පත්විය. තම රාජ්‍ය ව්‍යාප්ත කරගැනීමට අදහස් කළ අශෝක රජු රාජ්‍යයන් එකිනෙක අල්ලා ගැනීම සඳහා සංග්‍රාමයක යෙදිණ. අවසන් වරට කාලිංඝ නම් දේශය (වර්තමානයේ ඔරිස්සා ප්‍රදේශය) යටපත් කිරීම සඳහා යුද වැදිණි. එහිදී විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ අතර එයින් සංවේගයට හා කළකිරීමට පත් වූ අශෝක රජු යුද්ධ කිරීම නවතා දැම්මේය. යුද්ධයට දක්ෂයෙක් වූ අශෝකට 'චණ්ඩාශෝක' යැයි නමක්ද පටබැඳිණි.


සාංචි තොරණ තුළ ඇති බුදුසිරිතේ සිතුවම්

සියලු දරුණු ක්‍රියා අතහැර ධර්මිෂ්ට විය. බුදු දහමෙහි ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, අවිංහිංසාව, සංවරකම කෙරෙහි එතුමා නිග්‍රෝධයන් වහන්සේ නිසා යොමු විය. සියලු දරුණු ක්‍රියාවන් අත්හැර ධර්මය තුළින් දිග්විජයක් ඇතිකිරීම සඳහා අවිහිංසාවාදය අගය කරමින් බෞද්ධ පාලකයෙකු බවට පත් විය. එතුමාගේ දරුවන් දෙදෙනාද සසුනට පූජා කරන ලදී.

තෙවන ධර්ම සංගායනාවද කරවා රටවල් නමයකට බුදු දහමේ පණිවිඩය යැවීමටද මගපෑදු එතුමා සම්බුද්ධ ශාසනයෙහි පැවැත්ම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සියලු ස්ථානවල වෙහෙර විහාර ගොඩනඟන ලදී. අසූ හාරදහසක් වෙහෙර විහාර දඹදිව පුරාවට ඉදි කළ බව සඳහන්ය. චණ්ඩාශෝක නම වෙනුවට ධර්මාශෝක නම එකතු විය. ධර්මාශෝක රජු විසින් සාංචියට විශේෂ අවධානයක් යොමුකොට ඇති බව පෙනේ. ඊට හේතුව වන්නේ මුලින්ම තමා පාලනය කළ ප්‍රදේශය නිසාත් වේදිසනුවර වේදිස දේවිය නිසාත් විය හැකිය. සාංචි පුදබිම තුළ මහා ස්ථූපය අශෝක ස්ථම්භ හා සංඝාවාස අශෝක රජු විසින් නිර්මාණය කොට තිබේ.

චේතියගිරි විහාරය


ශ්‍රී මහා බෝධින් වහන්සේ තැන්පත් කර තිබූ ශෛලමය පාත්‍රය

සාංචි පුරාණ ගල් පඩි පාරෙන් හෝ සිමෙන්ති යොදා සකස්කර ඇති මාවතෙන්ද චේතියගිරිය

විහාරයට යා හැකිය. ශ්‍රී ලංකා මහා බෝධි සමාගම විසින් සකස් කර ඇති එම චේතියගිරි විහාරය බෝපාල් රාජ්‍යයේ අනුග්‍රහය මත ඉදිවී ඇත. ජනරාල් ඇලෙක්සැන්ඩර් කනින්හැම්තුමා විසින් එංගලන්තයට රැගෙන ගිය සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා නැවත සාංචියට වැඩමකොට 1952 දී ඉන්දියාවේ ජවහර්ලාල් නේරු අගමැතිතුමන් විසින් ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම හා විහාරය විවෘත කිරීම සිදුකොට ඇත.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා දෙනමගේ ධාතුන් වහන්සේලා කොටස් තුනකට බෙදා ඇති අතර ශ්‍රී ලංකාවට හා බුරුම රටටත්, අනෙක් කොටස විහාරයේත් තැම්පත්කොට ඇත. සැම වර්ෂයකම නොවැම්බර් මස අවසාන ඉරිදා පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා චේතියගිරි විහාරයේ තැම්පත් කර ඇති ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන අතර ඉන්දියානු බොහෝ බෞද්ධයන්ද ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණේ. ඔවුන් ඒ සඳහා බොහෝ උනන්දුවක් දක්වති. මෙම විහාරය තුළ ඇති ප්‍රතිමා වහන්සේ සාරානාත් ප්‍රතිමාවට සමානව නෙලා ඇති අතර අගසව් දෙනමගේ හා මිහිඳු මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා තෙරණියගේද ප්‍රතිමා සකස් කර ඇත.

මහාබෝධි සමාගම විසින් ප්‍රමාණවත් නවාතැන් වන්දනාකරුවන්ට සලසා ඇති අතර ඔබ යන දඹදිව වන්දනා ගමන සම්පූර්ණ කර ගැනීමට සාංචි පුද බිමද වන්දනා කර ගන්න.

 

තවත් කොටසක් බිනර අව අටවක පොහෝදා ඔක්තෝබර් 04 වනදා පත්‍රයේ