Print this Article


සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

සාහිත පොත් පියසින් දහම් පොත් පෙළක්

මෙවර සාහිත්‍ය මාසය නිමිත්තෙන් විජේරාම, නාවින්න සාහිත පොත් පියස මඟින් නවතම දහම් පොත් දහයක් සහ සංශෝධිත නැවත මුද්‍රිත දහම් පොත් විස්සක් එළිදැක්වීමට කටයුතු යොදා ඇතැයි එහි අධිපති ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා පවසති.

අජාන් මහ බූවා ඤාණසම්පන්නෝ තෙරුන්ගේ අමරණීය ධර්මය, හෑගොඩ විපස්ස හිමියන්ගේ සැනසිල්ල, දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන්ගේ මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ , ජීවනාලියට දහම් අත්වැලක්, කොළබිස්සේ ධම්මානන්ද හිමියන්ගේ අපටම දැකිය හැකි ඊළඟ භවය – 3, මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ මරණය, කර්මය සහ පුනර්භවය – 3, සරල සංක්ෂිප්ත ත්‍රිපිටකය, සතිය සහ භාවනාව, දහම් රසය මෙන්ම යුගකාරක යතිවරු යන අභිනව ග්‍රන්ථ දහය මෙලෙස එළිදැක්වේ. ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ අවසන් සාකච්ඡා, රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ සසරින් එතෙර වූ යතිවරු, බෙල්ලන ඤාණවිමල මහා නා හිමියන්ගේ අජරාමර ලෝකය, හිමාල හා තායි රහතන් වහන්සේලා විස්මිත භාවනා අත්දැකීම්, පාතේගම ඤාණිස්සර හිමියන්ගේ ගිහි ගෙදරට බුදු බණ, පොල්ගහවෙල මිතභාණි හිමියන්ගේ භව කතරින්, අර්ය සැපය, නිවනට මග - 4, බුදු ඇස - විදු ඇස හෙට ලොව, බුදුන් සරණ ගිය පේ‍්‍රතයෝ, සසර කෙළවර තරන ආරණ්‍ය යන ධර්ම ග්‍රන්ථ නැවත මුද්‍රිත එම කෘති විස්ස අතර වේ.