දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩ සටහන 13 දා
2015 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩසටහන මෙම මස 13 වන
ඉරිදා රට පුරා පිහිටා ඇති ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි
හිමිවරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංවිධානයෙන් පැවැත්වේ.
විසි එක් ලක්ෂයකට අධික ශිෂ්‍ය පිරිසක් මෙරට දහම් පාසල් 9857 ක
අධ්‍යාපනය ලබන අතර පසුගිය වසරට වඩා මෙම වසර තුළ ලක්ෂයකට අධික සිසු
පිරිසක් අලුතෙන් දහම්පාසල් වලට ඇතුළත්වී ඇතැයි සමස්ත ලංකා ශාසනා රක්ෂක
මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ගෝනදූවේ ගුණානන්ද හිමියෝ “බුදුසරණ”ට
පැවැසූහ.
2015 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රාදේශීය වැඩසටහනෙන් පළමු
ස්ථානය ජයගන්නා දහම් පාසල් සිසු දරුවන් ඔක්තෝබර් 25 වනදා දහම් පාසල්
සිසු නිපුණතා ඇගයීමේ දිස්ත්‍රික් වැඩසටහනට සුදුසුකම් ලබන බවද උන්වහන්සේ
පැවසූහ.
දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් ප්‍රායෝගික දැනුම 1-2 ශ්‍රේණි සඳහාද 3
ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා දහම් දැනුම, 1-6
ශ්‍රේණිය දක්වා පද්‍ය ගායනා, 7 සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය දක්වා
ගද්‍ය රචනා, කථික පාලි ගාථා, ගායනා, චිත්‍ර ප්‍රාථමික, කනිෂ්ඨ
,ජ්‍යෙෂ්ඨ සහ මව්පිය ගුණ ගී ගායනා 8 ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන
ශ්‍රේණිය දක්වා වශයෙන් තරග ඉසව් 36 කින් එම සිසු නිපුණතා ඇගයීම්
පැවැත්වෙන බවද ගෝනදුවේ ගුණානන්ද හිමියෝ පැවැසූහ. |