Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 52

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 52

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පද්මය මිහිතලයේ ස්පර්ශය ලැබීමෙන් අනතුරුව සැරියුත් මහරහතන් වහන්සේ එකත්පස්ව සිට

“නමේ දිට්ඨො ඉතෝ පුබ්බේ
නස්සුතෝ උදකස්ස වී
ඒවං වග්ගුව දො සත්ථා
තුසිතාගණී මාගතා “

යනුවෙන් මෙවන් බුද්ධ ශි‍්‍රය සහිත බුද්ධානුභාවයෙන් යුත් ආශ්චර්යවත් පෙළහරක් මින් පෙර කිසිදාක නුදුටිමි යි උදම් ඇනීම නිසා එය වස්තු කොට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසීමෙන් විශාල පිරිසකට ධර්මාවබෝධ ඤාණය පහළ විය.

සංකස්සපුර දී දුටු බුදු අසිරිය

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පද්මය මිහිතලයේ ස්පර්ශය ලැබීමෙන් අනතුරුව සැරියුත් මහරහතන් වහන්සේ එකත්පස්ව සිට

“නමේ දිට්ඨො ඉතෝ පුබ්බේ
නස්සුතෝ උදකස්ස වී
ඒවං වග්ගුව දො සත්ථා
තුසිතාගණී මාගතා “

යනුවෙන් මෙවන් බුද්ධ ශි‍්‍රය සහිත බුද්ධානුභාවයෙන් යුත් ආශ්චර්යවත් පෙළහරක් මින් පෙර කිසිදාක නුදුටිමි යි උදම් ඇනීම නිසා එය වස්තු කොට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසීමෙන් විශාල පිරිසකට ධර්මාවබෝධ ඤාණය පහළ විය. අනතුරුව තථාගතයන් වහන්සේ විසින් මහා ජනසන්නිපාතය මැද සැරියුත් මහරහතන් වහන්සේගෙන් අභිධර්මය පිළිබඳව ප්‍රශ්න විචාරීමක් කරනු ලදුව,අග්‍රශ්‍රාවක තෙමේ ධර්මය පිළිබඳව අග්‍රගන්‍ය පඬිරුවනක් බව ප්‍රත්‍යක්ෂ කොට දෙව් බඹුන් සහිත මහ පිරිස් මධ්‍යයේ සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අගතැන්පත් භික්ෂුව ලෙස නම් කරන ලදී. එම අභිධර්මය මුඛ පරම්පරාවෙන් පවත්වා ගැනීම ලෝ වැසියන්ට වැඩදායක වන බව අවබෝධ කරගත් උන්වහන්සේ තම සිසුනට ඉගැන්වූහ. සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන එම භික්ෂූ සංඝයා සංකස්ස පුරයේ යන්න එමගින් ප්‍රකාශ වන අතර අද පවා සංකස්ස පුරවරයට ආසන්නයේ ‘අගහත සරාය” යන ප්‍රදේශය පිහිටා ඇත.


ඇත්රුව සහිත අශෝක කුලුන

බුදුරජාණන් වහන්සේ තාවතිංසයේ සිට වඩින අවස්ථාවේදී තවත් වැදගත් සිදුවීම් දෙකක් බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උප්පලවණ්ණා තෙරණිය ස්ත්‍රියක වීම නිසා තථාගතයන් වහන්සේ මනුලොවට වඩින අවස්ථාවේ ප්‍රථම දේශනය ලබා ගැනීමට නොහැකිවීම පිළිබදව ඇය දැඩි කණස්සල්ලට පත්වීමත් එය තථාගතයන් වහන්සේ විසින් බුදු ඇසින් දැකීමත්, ඊට පිළියමක් වශයෙන් උප්පලවණ්ණා තෙරණිය චක්‍රවර්තී රජ කෙනෙකුගේ තත්ත්වයට පත් වනසේ අධිමානසික ශක්තියක් ඇය තුළ ජනිත කරවීමත්, තථාගතයන් වහන්සේගේ ප්‍රථම දර්ශනය ප්‍රාප්ත කළ දෙවැන්නා වීමත් ඉතා වැදගත්ය. අනෙක් සිදුවීම නම් සංසාරයේ ඇති නිස්සාරභාවය ගැන මෙනෙහි කරමින් ආයුෂ්මත් සුභූත තෙර බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික රූපය සියල්ලන්ටම ප්‍රථමයෙන් දර්ශනය කළ නිසා උප්පලවණ්ණා තෙරණියට ප්‍රථමයෙන් දර්ශනය කළ පළමුවැන්නා විය.

ධර්මාශෝක අධිරාජයා විසින් රන් ඉනිමඟක් මත ගොඩ නංවන ලද ස්මාරකය ෆාහියන් හිමියන් විසින් දැක ඇත. එම ස්මාරකය අඩි 60 ක් පමණ උසකින් නිර්මාණය කරන ලද අතර එහි ශිර්ෂයෙහි කුඩා ඇත් රූපයක් සකස් කරන ලදී. දැනට සජීවිව දැක ගත හැකි අශෝක කුළුණු අතර ඇත් රූපය සහිත කුලුන මෙය වේ. මෙහි අරමුණ වී ඇත්තේ මව්දෙවියන්ට දහම් දෙසා නැවත මිහිකතට වැඩම කරන ලද පින්බිම තුළ මහාමායා දේවියගේ සිහිනය නිර්මාණය කිරීම සඳහාය. ඇය බෝධි සත්වයන් වහන්සේ කුසට පැමිණ දින දුටු සිහිනයයි.

චීන දේශාටක භික්ෂුන් දෙනමගේ සංකස්ස පිළිබඳ චාරිකා වාර්තා නිසාත් ධර්මාශෝක අධිරාජයා විසින් සංකස්ස පුරවරයේ කරන ලද බෞද්ධ විහාරආරාම ස්ථූප සහ අටලොස් රියන් උස අශෝක ස්ථම්භය නිසාත් ක්‍රි.පූර්ව තුන්වන සියවසේ බදු දහමේ විශාල පුනරුදයක් ඇති විය. අශෝක අධිරාජයා භාරතයේ අනෙකුත් බෞද්ධ පූජනීය ස්ථානවලට මෙන්ම සංකස්ස පුරවරය දැක බලා වැඳපුදා ගැනීමට අමතක නොකළේය.

හත්වන සියවසේ සංකස්ස පුර පූජා භුමියට පැමිණි හ්‍යුන්ග් සාං හිමියන්ගෙන් පසු ඉදිරියටත් සියවස් දෙකක් හෝ තුනක් පමණ යන තෙක් අඩුම වශයෙන් ශිව ආගමත් සමඟ තරඟයක යෙදෙමින් බුද්ධාගම එහි ආරක්ෂා වෙමින් තිබෙන්නට ඇත.

මෙසේ කාලයාගේ ඇවෑමෙන් පරම පුජනීය වූ සංකස්ස පුදබිමේ අභාග්‍යසම්පන්න යුගය උදා වූ අතර දිවි රැකගත් භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත ප්‍රදේශවලට පලාගිය බව සඳහන් වේ.

සංකස්ස පුරය නැවත සොයා ගැනිම

අවුරදු දහසක පමණ කාලයක් වනගතව සහ ජනශූන්‍යව තිබූ සංකස්සපුරය හඳුනාගෙන බෞද්ධ ලෝකයා වෙත නැවැත දායාද කර දුන්නේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කණිංහැම් තුමාය. ඒ ක්‍රි.ව. 1842 දී මෙම පුදබිම සොයාගත් එතුමා 1876 වර්ෂයේ දී කැණීම් කටයුතු ආරම්භ කළේය. ප්‍රධාන ස්ථූපය ආශි‍්‍රතව කරන ලද කැණීම තුළින් එහි පාදම මතු කරගනු ලැබීය. බොහෝ විට එය පාදමට පමණක් සීමා විය. ඉන් පසු ක්‍රි.ව. 1929 වර්ෂයේදි ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමන් එම ස්ථානයට පැමිණ ඇත. දැනට කර ඇති කැණීම් තුළින් පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක් සොයාගෙන ඇත.

ක්‍රි.ව. 1957 වර්ෂයේදි ශී‍්‍ර ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් වූ පණ්ඩිත මඩබාවිට විජේසෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ සංකස්සපුරයට වැඩම කර එහි සිටි කාලය තුළදී පැරණි බෝධි වෘක්ෂය අසල දක්නට ලැබෙන කුඩා විහාර මන්දිරය නිර්මාණය කරන ලදී.අනතුරුව ප්‍රදේශයේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා විදුහලක් ආරම්භ කළ අතර එය අද වන විටත් උන්වහන්සේගේ නමින්ම පවතින අතර ප්‍රදේශයේ දරුවන් අධ්‍යාපනය ලබන ආයතනයකි.

සංකස්ස පුරයේ නැතිවී ගිය ශී‍්‍ර විභූතියට නැවත ආලෝකයක් උදා වූයේ 1995 අගෝස්තු මස 14 වෙනි දින සිට පණ්ඩිත ආචාර්ය ජුලම් පිටියේ ඥානරතන භාරත දේශයේ ප්‍රධාන සංඝනායක පදවියෙන්ද පිදුම් ලද නා හිමියන් නිසාය.

උන්වහන්සේගේ මූලික දායකත්වය හා උත්සාහය මත බෞද්ධයන් ඉතා මද වශයෙන් යන සංකස්ස පුදබිමට නැවත ජනතා ප්‍රසාදය ලබා දීමට කටයුතු කරන ලදී. සංකස්ස පුරවරය අද ඉතා දියුණු පළාතක් බවටත් බෞද්ධ පිරිසකගේ දැඩිඇල්මක්ද ලැබී ඇත. උන්වහන්සේගේ මූලිකත්වය මතින් ලාංකික කලා නිර්මාණවලට අනුගතව දේවාව රෝහණ මෛත්‍රි බුද්ධ විහාරය නිර්මාණය කර ඇති අතර එහි සියලු විහාරාරම ඇත. කාමර දෙකකින් ආරම්භ කරන ලද එහි අදවන විට දෙමහල් හා තෙමහල් කාමර පහසුකම් සහිතව ගොඩනැගිලි ඉදිකර ඇත.

කලක් වල් බිහිවී තිබු සංකස්ස පුදබිමට අද වන විට බොහෝ බෞද්ධයන් ඇදී එන අතර දැනට ජපානය, තායිලන්තය, බුරුමය ආදි බෞද්ධරටවලද විහාරාරම ගොඩනගා ඇති අතර එම රටවල බෞද්ධයන්ද මෙම පූජාභූමි වැඳපුදා ගැනීම සඳහා එහි පැමිණෙයි.

දේවාවරෝහණ බුද්ධ විහාරයේ සිට කි.මී. 1 පමණ දුර ගිය විට බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට මනුලොවට වැඩම කරන ලද පූජා භූමිය දැක ගත හැකිය. පළමුව බෝධි වෘක්ෂය අසල කුඩා විහාරයක් ඇත. එහි බුදුරදුන් තව්තිසාවේ සිට මනුලොවට වැඩම කරන අයුරු නිර්මාණය කර ඇත. ඊට පිටුපසින් ඇත් රූපය සහිත අශෝක කුලුන පිහිටා ඇත.

එහි කොටස් කිහිපයක් නටබුන්ව ඇති අතර ස්ථම්භයේ ශීර්ෂය මෙහිදී දැක ගත හැකිය.අශෝක ස්ථම්භය පසු කර ඉදිරියට ගිය විට බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ මහා ප්‍රතිහාර්ය දක්වීමෙන් මනුලොවට වැඩම කරන ලද ස්ථානය දැක ගත හැකිය. මෙහි අද ගරා වැටී ඇති ස්ථූපයක කොටස් දක්නට ඇත.

සංකස්ස පුර මහා සෑය වන්දනා කරන ගාථාව

සබ්බඤ්ඤු ඥාත පවරං වරදේව ලෝකා
සංකස්සනාම නගරං
අවරෝහයිත්වා
දේසේසි ධම්ම මතදායි
මිදං පණිතං
නං බුද්ධ චේතිය මහං
සිරසා නමාමි

තවත් කොටසක්නිකිණි අමාවක පොහෝදා සැප්තැම්බර් 12 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 51