Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පහළ බදලව මාස්පත පදිංචි (5) ඒ.එම්. එන්.එන්. විදුමිණි දියණිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අතර ඇය කුරුණෑගල ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනු ලබන බව දන්වා ඇත. දැනට මාසිකව රුධිර පාලවිලයනය සිදුකරන අතර ඇය නිට්ටාවට සුවකර ගැනීමට ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම සිදුකළ යුතු අතර එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 40 ක මුදලක් වැයවන බවට දැනුම් දී ඇත. එම මුදල සොයාගැනීම ඉතා අසීරු කරුණක් වී ඇති බැවින් ඔබගේ උපකාරය අවශ්‍ය බව දන්වා සිටී. වැඩි විස්තර 072-2678386 හෝ 077-1943461දුරකථනයෙන් විමසිය හැක. ගිණුම් අංකය – 1-0017-06-3765-3 (ජාතික ඉතිරිකිරීමේ බැංකුව කුරුණෑගල ශාඛාව) මුදල් බැර කළ හැක.


අම්බල්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ සහ බම්බලපිටියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ (19) ප්‍රබෝද්‍යා මාදවී මෙනෙවිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරිම සඳහා හදිසි ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍යව ඇත. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අය හා මුදලින් ආධාර උපාකර කිරීමට කැමති අය සිටී නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර දුරකථන අංක 0777452044, 0777473131 දැනගත හැක. ගිණුම් අංක 061020362765 හැටන් නැෂනල් බැංකුව – ගල්කිස්ස ශාඛාවට ඔබගේ මුදල් බැර කළහැක..


බී.ඩී.කේ. මංජුල මෙන්ඩිස් (35) දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ .ඔහුට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා වකුගඩුවක් ලබා දිය හැකි අයෙක් වෙතොත් දුරකතන අංක 0112242155 ,0779217180 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


බත්තරමුල්ල, ගනහේන , කඩුවෙල පාර අංක 171 හි පදිංචි අයෙකුට අවුරුදු 32 ට අඩු ඕනෑම රුධිර වර්ගයකට අයත් කෙනෙකුගේ වකුගඩුවක් අවශ්‍යව ඇත. වකුගඩුවක් බද්ධ කිරීමට විදේශගත වීමට කැමැති අයෙකු විය යුතුය. පරිත්‍යාගශීලියෙකු වේනම් ඊමේල් අංක ඥටඡඥඥ31@රචඩධධ.ජධථ ප්‍රතිචාර දැක්විය හැක.


රත්මලාන, වාරිමාර්ග නිවාස, අංක 114/ඒ හි පදිංචි ඒ.ඩී. කේ. ජසින්තා ප්‍රනාන්දු (39) දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙලේ ඇයට “ඹ්” හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය යි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන 0770609977 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඖෂධ සඳහා ආධාර මුදල් ලංකා බැංකුව – මැදගම ශාඛාව ගිණුම් අංකය 6975955 බැර කළ හැකිය.


කොට්ටාව, දුම්රියපොළ පාර අංක 60 ලිපිනයේ පදිංචි එල්.වීරකෝන් (42) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඕ” පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 0112821427 හෝ 0779321391 අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


කඳාන, නාගොඩ, වින්සන්ට් මාවතේ අංක 219/45 හි පදිංචි ඊ. එස්. මනෝජි සිල්වා මහත්මිය දරුණු වකුගඩු අකර්මන්‍යතාවයක අවසන් අදියරේ පසුවන අතර කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛ්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා ඇයට ඕ වර්ගයේ රුධිරය සහිත වකුගඩුවක් බද්ධ කළයුතු බව දන්වා ඇතැයි කියති. පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0772142914 හෝ 0777825898 දුරකනයෙන් වැඩි විස්තර දැනගත හැක.