Print this Article


බටපත්තල ගුණ සමරු පින්කම් මාලාව

බටපත්තල ගුණ සමරු පින්කම් මාලාව

බටපත්තල පුරාණ විහාරස්ථානයේ නිර්මාතෘ කරගොඩ උයන්ගොඩ ශ්‍රී උපසේන මහා ස්වාමීන්වහන්සේගේ 75 වන ගුණ සමරුව සහ බටපත්තල මනරම් විහාරස්ථානයක් බවට පත්කළ අපවත්වී වදාළ කැකුණේවෙල ශ්‍රී අරියමිත්ත නාහිමියන්ගේ 13 වන ගුණ සමරු පින්කම සහ බටපත්තල විහාරස්ථානයට සම්බන්ධව වැඩ සිට අපවත් වී වදාළ මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන, ශාස්ත්‍රවේදී ගතාරේ අරියචන්ද, ශාස්ත්‍රපති බෙංගමුවේ අරියසිරි, නාරන්දෙණියේ අරියයෝදය, ලේනබටුවේ මිත්තාලෝක, පරපාමුල්ලේ අරියසීවලී යන ස්වාමින්වහන්සේලාගේ ද ගුණ සමරු මහා පින්කම් මාලාව සහ නැසී ගිය සතර පේරුවේ දායක පින්වතුන්ට පින් අනුමෝදන් කරන පින්කම් මාලාව මේ මස 26 සිට 30 දින දක්වා පැවැත්වේ.

වත්මන් බටපත්තල පුරාණ විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කොළඹ දිසා පාලක අකුරැස්සේ අරියසාගර හිමියන්ගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රවේදී මැකිලියතැන්නෙ සුජාත හිමියන්ගේ සහ සංවිධානයෙන් පැවැත්වෙන පින්කම් මාලාවෙහිදී අගෝස්තු 27 වැනි දා ශාස්ත්‍රපති කිරම අරියදේව හිමි 28 වැනි දා ශාස්ත්‍රපති තල්දෙන අරිය විමල හිමියන්ගේ ධර්ම දේශනාව 29 වැනි ද නිකිණි පුර පෝය දින දවස පුරා ශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර රාත්‍රී 9.00 ට පසුදා පහන් වන තුරු පවත්වන මහා පරිත්‍රාණ ධර්මදේශනාව අගෝස්තු 30 වන දින අර්ධ ශතාධික මහා සඝරුවන විෂයෙහි දානය පිරිනැමීමට විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන් කටයුතු සංවිධානය කර ඇත.