Print this Article


දෙල්දුව ගණේවත්ත රජමහා විහාරය

දෙල්දුව ගණේවත්ත රජමහා විහාරය

වාද්දුව, දෙල්දූව, ගණේවත්ත රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කිතලගම නන්දසාර හිමියන්ගේ 32 වෙනි ජන්ම දිනය හා පැවිදි දිවියේ 24 වෙනි වර්ෂ පූර්ණය සමරනු වස් 45 කගේ සාමූහික සංවිධානයෙන් යුක්තව ආරම්භවන විශේෂ පින්කම් මාලාවක් සැප්. 11, 12 හා 13 හා දිනයන්හිදී එම විහාරස්ථානයේ දී පැවැත්වේ.

සැප්. 11 හා 12 යන දින දෙදින සවස් යාමයේ සිට රාත්‍රී 8.00 දක්වා විශේෂ බෝධි පූජා හා ආරාධිත සුමධුර ධර්ම දේශනා සමඟ විශේෂ ගිලන්පස පූජාවක් පැවැත්වෙන අතර 13 වෙනි දින, මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීම, ගැබිනි මව්වරුනට පෝෂණ මලු බෙදාදීම, කුල දරුවන් සසුන් ගත කිරීම ආදී පින්කම් රැසක් පැවැත්වේ.