පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප
අංක - 01
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
(ශාස්ත්‍රපති)
සිරිසමන් විජේතුංග
වසර එක්දහස් පන්සියයකට අධික කාලයක් තිස්සේ අනුරාධපුරය කේන්ද්‍ර ගත
කරගෙන පැවතුණු ඒ ශිෂ්ටාචාරයට පසුව රාජ වර්ෂ නව වන සියවසේ දී දකුණු
ඉන්දියානු චෝල ආක්‍රමණිකයන් නිසා රාජධානිය පොළොන්නරුවට මාරු වුව ද
උරුමය යළි නගාසිටුවීම සඳහා චෝල බලය මැඩ මහවිජයබාහු රජතුමා විසින් අභීතව
ක්‍රියා කරන ලදී.
මේ ශිෂ්ටාචාරය වාපි ශිෂ්ටාචාරයකි. මල්වතු ඔය ආශ්‍රිතව ගොඩනැගුණු
අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රස්ථානය මහාවිහාරය විය. ඉන් පසුව අභයගිරිය
හා ජේතවනාරාම ආදී මහා පුදබිම් තුන පැවැතුණි. එහෙත් බුදු සමයේ මූලයන් හි
වෙනසක් සිදු වූයේ නැත. මහා විහාරය ථෙරවාද බුදු සමයේ කේන්ද්‍රස්ථානය
ලෙසින් එකල මෙන් ම මෙකල ද ප්‍රකටය.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් සමගම එතෙක් පැවැති වාරි ශිෂ්ටාචාරයට
ඔටුනු පැළඳවූ බව ඒ සංස්කෘතික දියුණුව පිළිබඳ විමසා බලන විට පැහැදිළිය.
මහින්දාගමනයට අනුව සිදු වූ දුමින්දාගමනය බුද්ධගයාවේ ජය ශ්‍රී මහා
බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණිය වරප්‍රමුඛ දූත
පිරිස සමඟ මේ රටට පැමිණි විවිධ කලා ශිල්ප පිළිබඳ දක්ෂයින් ද මේ රටට
පැමිණි බව අපේ බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් ම වංසකතාවල ද සඳහන් වන කරුණකි.
ඒ ශිල්පීන් මේ රටට පැමිණි නමුදු ඊට ඉහත දී ද අප රටේ වාපි (වැව්)
තාක්ෂණය ප්‍රමුඛ වී ගොවිතැනට ප්‍රමුඛතාවය ලබා දී තිබුණු නිසා රාජවර්ෂ
පූර්ව 3 වැනි සියවසට පෙරද මෙහි විවිධ ශිල්ප පිළිබඳ ප්‍රවීණයින් සිටියාට
සැක නැත. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරනියගල
මහතා විසින් අසූව දශකයේ මුල් කාලයේ දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ
ආශ්‍රිතව අඩි 30 යටට කරන ලද පර්යේෂණ කැණීම් අනුව යකඩ තාක්ෂණය ද
සකපෝරුවේ කරකවා සාදන ලද මැටි බඳුන් තාක්ෂණය ද වී ගොවිතැන ද අශ්වයින්
ඇති කිරීම ද පැවැති බවට පුරාවිද්‍යා සාක්ෂි හමු වී ඇත. (දැරනියගල
අභිනන්දන - සිරිසමන් විජේතුංග පිටු අංක 6 – 20 – 01)
මේ සාක්ෂි අනුව අපේ මුතුන්මිත්තෝ එනම් මහින්දාගමනයට වසර තුන් හාරසියයකට
ඉහත කාලයේ දී මේ ශිෂ්ටාචාරය ඉතා දියුණුව පැවැති බව එයින් පැහැදිලි වූයේ
ය.
බෞද්ධ කලා ශිල්ප පිළිබඳ විමසා බලන විට ඉතාම දියුණු බෞද්ධ කලා ශිල්පවල
බැබළීමක් සිදු වී ඇත්තේ අනුරාධපුර යුගයේ දී රාජවර්ෂ අට වැනි සියවසේ දී
ය. සඳකඩපහණ මුරගල පමණක් නොව බුදුපිළිම සහ පුරාණ චිත්‍ර ශිල්පය ද ඉතා
ඉහළ මට්ටමක තිබුණු බව නුවර පේරාදෙණිය අසල හිඳගල මෙන්ම සීගිරියේ
බිතුසිතුවම්වලින් ද පැහැදිලි වෙයි. ඉන්දියාවේ (පුරාණ භාරතයේ) බුදු
පිළිම ප්‍රථමවරට නිර්මාණය වූයේ රාජවර්ෂ 2 වැනි සියවසේ මෙකල පකිස්ථානයට
අයත් ගන්ධාරයේ ය. එම බුදුපිළිම කලාව මධ්‍ය ආසියාව හරහා දියුණුවට පත් වී
රාජවර්ෂ පස්වන සියවස වන විට බාමියන් නිම්නයේ (ඇෆ්ගනිස්ථානයේ) මෑතක දී
විනාශ කළ මහා බුදු පිළිම දෙක හා ආශ්‍රිත බෞද්ධ පුදබිම ද නිර්මාණය වූයේ
ය. එහෙත් අපේ රටට ගන්ධාර බුදුපිළිම කලාවේ බලපෑමක් සිදුවී නොමැති බව
පුරාවිද්‍යාඥයෝ එකහෙළාම පිළිගනිති.
ඉන්දියානු බුදුපිළිම සැරසිලි සහිතය. උදාහරණයක් ලෙසින් ඉතා විශිෂ්ටතම
සමාධි බුදු පිළිමය ලෙසින් ලොව පුරා ප්‍රචලිත සාරානාතයේ බුදු පිළිමය ගැන
විමසා බලමු. එහි බුදු පිළිමයට අමතරව තවත් බොහෝ මූර්ති ශිල්පයේ විසිතුරු
එකතු කර ඇත. එහෙත් අප රටේ සමාධි පිළිමය මෙන් ම අවුකන බුදුපිළිමය එවැනි
බාහිර සැරසිලිවලින් යුක්ත නොවේ. එපමණක්ද නොව තොලුවිල, මාලිගාවිල,
සැසේරුව ආදි ස්ථානවල පිහිටි බුදුපිළිම ද වැඳුම් පිදුම් කිරීම සඳහා ම
නිර්මාණය කරන ලද බව පැහැදිලිය. රාජවර්ෂ 12 වැනි සියවසේ දී පවා
පොළොන්නරුවේ ගල් විහාරයේ නිර්මාණය කරන ලද බුදුපිළිම වැඳුම් පිදුම්
කිරීම සඳහා නිර්මාණය කරන ලද බ ව ඉතා පැහැදිලිය.
රාජවර්ෂ පූර්ව 3වන සියවසේ සිට අප රටේ භික්ෂූන් වහන්සේලා ගල්ලෙන්වල වාසය
කළ බව පමණක් නොව ඒවා ගිහියන් විසින් පූජා කරන ලද ලෙන් බවට ද එහි සඳහන්
බ්‍රාහ්මී අක්ෂරවලින් පැහැදිලි වන කරුණකි. රාජ රාජ මහාමාත්‍යාදීන් පවා
එම ලෙන් පූජා කළ බව එහි සඳහන්වේ.
මෙවන් වූ ශිෂ්ටාචාරයක පදනම වූයේ සිංහල - බෞද්ධයින්ගේ කාර්යාවලිය බව ද
මෙහි දී කැපී පෙනෙන කරුණකි. අද දේශපාලනඥයින් විසින් දන්ත ධාතූන් වහන්සේ
මෙන් ම අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ද සිය කාර්යයන් ඇරඹීමට
පෙර වැඳුම් පිදුම් කිරීමට යන්නේ මේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ පැවැති
අංගයක් හෙයිනි.
මෙවන් වූ ශිෂ්ටාචාරයක ලක්දිව පුරාණ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ අවබෝධයක්
ලබා ගැනීම සෑම කෙනෙකුට ම ඉතා වැදගත් වන්නේ ය. මේ පිළිබඳ මහාචාර්ය
සෙනරත් පරණවිතාන පඬිවරයා ප්‍රමුඛ මෙරට මෙන් ම විදේශීය පඬිවරුන් ද ලියන
ලද ග්‍රන්ථ රැසකි. මේ ග්‍රථයන් ද ආශ්‍රයෙන් ඉදිරිකාලයේ දී අපේ පුරාණ
කලා ශිල්ප පිළිබඳ සොයා යෑමේ ගමන අරඹමු. මේ සඳහා මූර්ති කලාව පමණක් නොව
චිත්‍ර හා විහාර නිර්මාණය සඳහා යොදා ගත් අන්දම ද දාගැබ් හා වැව්
තාක්ෂණය ද අපි සොයා බලමු. |