බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015
බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර
ශාස්ත්‍රපති උප්පලවත්තේ විමලානන්ද හිමි
1 අභ්‍යාසය
1. පරිභෝජනය, ආයෝජනය හා ඉතිරි කිරීම සඳහා ධනය කොටස් කළ යුතු ආකාරය
දැක්වෙන පාලි ගාථාව ලියන්න.
2. සිඟාලෝවාද සූත්‍රයට අනුව නැඟෙනහිර දිශාවෙන් නියෝජනය වන්නේ කවුරුන්ද?
3. ත්‍රිවිධ මාන නම් කරන්න.
4. “යුද වැදීම සඳහා ත්‍රිවිධ මානය පදනම් වෙයි” යුධයට තුඩු දෙන අනෙක්
මානසික සාධක දෙක නම් කරන්න.
5. ක්ෂත්‍රිය කුමාරවරුන් පැවිදි කිරීමේ කරණවෑමියාට ජ්‍යෙෂ්ඨත්වය
ලබාදීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ කුමක්ද?
6. වර්ණ භේදයට එරෙහිව බුදුරජාණන් වහන්සේ තම ශාසනයෙහි ක්‍රියාත්මක කළ
ප්‍රතිපත්ති දෙකක් නම් කරන්න.
7. සක්විති රජුගේ සප්තරත්නයන් අතුරින් දෙකක් නම් කරන්න.
8. මේ රත්න අතුරෙන් ජනතාව නියෝජනය වන්නේ කවර රත්නයකින්ද?
9. සක්විති රජකු විසින් අන් රජුන්ට කරන අනුශාසනාවේ ඇතුළත් මූලික කරුණු
හතරක් නම් කරන්න.
10. එම කරුණු අතුරෙන් රජු දරුවන්ගේ ස්වාධිපත්‍යය ආරක්ෂා වන්නේ කවර
කරුණකින්ද?
11. බෝසතාණන් වහන්සේ අඛණ්ඩව ආරක්ෂා කළ සීලය කුමක්ද?
12. එම සීලය රැකීමෙන් සුරැකෙන මානව අයිතිය නම් කරන්න.
13. ගුරුවරයා විසින් ශිෂ්‍යයෙකු වෙත දැක්විය යුතු සත්කාර පහක්
සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. එයින් දෙකක් නම් කරන්න.
14. ගුරුවරයෙකු වෙත නමස්කාර කරන ශිෂ්‍යයෙකු විසින් ඉටු කරන කාර්යය පහක්
සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. ඉන් එකක් ලියන්න.
15. පංච නියාම ධර්මයන්ගෙන් හතරක් නම් කරන්න.
16. ගංඟා නිරන්තරයෙන්ම පහළට ගලා බසී. මෙයින් පැහැදිලි වන්නේ කවර නියාම
ධර්මයක්ද?
17. සාර්ථක රාජාණ්ඩුවක් පවත්වා ගැනීම සඳහා යෝග්‍ය රජකුගේ පෞරුෂ
සංවර්ධනයට උපකාරී වන කරුණු දහයක් බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. එයින්
කරුණු හතරක් නම් කරන්න.
18. සප්ත අපරිහාණි ධර්ම අතුරෙන් ආගමික සුරක්ෂිතතාව ඇති කිරීමට හේතුවන
කරුණු දෙක දක්වන්න.
19. “ධාර්මිකව තම අඹු දරුවන් පෝෂණය කරන්නාහට ශක්‍ර දේවේන්ද්‍රයා පවා
නමසක්කාර කරන බව“ පැවසෙන ගාථාව ලියා දක්වන්න.
20. පරිසරය පිළිබඳ චින්තනයේ දාර්ශනික පදනම් වන්නේ කුමක්දැයි ලියන්න.
පිළිතුරු
අභ්‍යාසය – 1
1. එකෙන භෝගෙ භුඤ්ජෙය්‍ය
ද්විහී කම්මං පයෝජයෙ
චතුත්ථංච නිදාපෙය්‍ය
ආපඳාසුභවිස්සති
2. මවුපියෝ
3. සෙය්‍ය මානය, සදීස මානය, හීන මානය
4. තණ්හාව, වෛරය හා පලිගැනීම.
5. කුලමානය බිඳීම.
6. සියලුම කුලවල අයට බුදු සසුනෙහි පැවිදිවීමට අවසර දීම. සියලුම කුලවල
දායකයන්ගෙන් ප්‍රත්‍ය පිළිගැනීම.
7. චක්‍ර, හස්ත.
8. ගෘහපති රත්නයෙනි.
9. ප්‍රාණඝාතය නොකරන්න. සොකරම් නොකරන්න. කාම මිථ්‍යාචාරයෙහි නොයෙදෙන්න.
මුසාවාදයෙන් වළකින්න.
10. රට සුපුරුදු පරිදි පාලනය කරන්න යන කරුණෙනි.
11. මුසාවාදයෙන් වැළකීමයි.
12. අර්ථාන්විත සන්නිවේදනයට ඇති අයිතිය, නොරවටනු ලැබීමට ඇති අයිතිය.
13. මානව හික්මවීම, හොඳින් ඉගැන්වීම.
14. උපස්ථාන කිරීම.
15. බීජ නියාමය, උතුනියාමය, කම්මනියාමය, ධම්ම නියාමය.
16. ධම්මනියාමයයි.
17. දානය, සීලය, පරිත්‍යාගය, සෘජු බව.
18. පුරාණ සිද්ධස්ථාන රැකගැනීම, ආගන්තුක පැමිණෙන ආගමික උතුමන් වෙත
රැකවරණය හා පහසුකම් සැපයීම.
19. යෙ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තා උපාසකා
ධම්මේන දාරං පොසෙන්ති
තං නමස්සාමී මාතලී
20. පටිච්චසමුප්පාද න්‍යායයි.
බුද්ධ කාලයේ පැවැති විවිධ වෘත්තීන් හඳුන්වා දෙන්න.
බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව මිනිසාට මූලික අවශ්‍යතා සමූහයක් වේ. එනම්
ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන හා බෙහෙත් හේත් ය. මෙම මූලික
අවශ්‍යතා සම්පූර්ණවූ පසු එයින්ද ආස්වාදයක් ලැබිය හැකිය. බුදුදහමට අනුව
පුද්ගලයෙකුට වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේ දී ඒ සඳහා කළ හැකි
වෘත්තීන් වශයෙන් කෘෂිකර්මාන්තය (කසී) වාණිජ කටයුතු (වනිජ්ජ) පශුරක්ෂණය
(ගෝරක්ඛ) රජයේ සේවය (රාජපෝරිස) ශිල්ප කර්මාන්තය (සිප්පඤ්ඤතර) හමුදා
සේවය (ඉස්සත්ථ) යන මේවායින් කවරක් වුවද අභිරුචිය පරිදි තෝරා ගත හැකිය.
මෙම වෘත්තීන් අතරින් වඩාත් ජනපි‍්‍රය වන්නට ඇත්තේ කෘෂිකර්මය පශුරක්ෂණය
හා වෙළෙඳාමයි. වෙළෙඳාම පහසුවෙන් පොහොසත් විය හැකි මඟක් මෙන්ම පහසුවෙන්
වැරැදි මඟට වැටෙන්නටද ඉඩකඩවැඩි වෘත්තියක් හෙයින් එහිලා ඇතැම් වෙළෙඳාම්
හා වාණිජ්‍ය උපක්‍රම අනර්ථකාර බව පැහැදිලි කරන්නන්ටද බුදුරදුන්ට
සිදුවිය. සතුන් හා මිනිසුන් වෙළෙඳාම (සත්ව වණිජ්ජ) අවි ආයුධ වෙළෙඳාම
(සත්ථවණිජ්ජ) විෂ වෙළෙඳාම (විෂ වණිජ්ජ) මස් වෙළෙඳාම (මංස වණිජ්ජා)
මේවාගෙන් වැළකී යහපත් වෙළෙඳාමක නිරත වුනද කිරුම් මිණුම් ආදියෙන් වංචනික
කටයුතු කෙරෙහි නැඹුරු වන්නට ඇති ඉඩකඩද වැඩිය. කූට වෙළෙන්දෝ කිරුම්
මිණුම්වලදී විවිධ වංචාවන් කරති. තුලාකූට හෙවත් තරාදිය උපකාර කරගනිමින්
විවිධ ක්‍රමවලින් වංචා කිරීම, කංසකූට හෙවත් බාල කර විකිණීම එනම් බාල දේ
උසස් දේ ලෙස විකිණීම, මාන කූට මැනීමේදී කරන විවිධ වංචනික ක්‍රියා
තුළින් අයුතු ලාභ ලබයි. පශුපාලනය සම්බන්ධයෙන් පැවතිය යුතුවැදගත් කරුණක්
වේ. එනම් සතුන් ඇති කළයුත්තේ මස් පිණිස නොවන බවයි.
ගවයා මිනිසාගේ පරම මිත්‍රයා බවද ආහාර, බලය, වර්ණය හා සැප ලබාදෙන
සත්වයෙකු බවද දක්වන බුදු දහම පශු ඝාතනය හෙළා දකිනු ලැබේ. ආශාව බඩගින්න
හා වයස්ගත වීම පමණක් රෝග වශයෙන් උරුම කරගෙන සිටි මිනිසුන් පශුඝාතනය
ආරම්භ කළ බසු රෝග අනූ අටකට මුහුණ පෑ බව සඳහන් වේ. මේ කවර රැකියාවක නිරත
වුවත් සාර්ථත ආර්ථික ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා අදාළ කරගතයුතු උපදේශ
රැසක් බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවේ උඨඨාන සම්පදා,
ආරක්ඛසම්පදා, කල්‍යාණ මිත්තකා, සමජීවකතා යනුවෙන් දක්වා තිබේ. ආර්ථිකයක්
ගොඩනඟා ගන්නා පුද්ගලයා අලෂ නොවී ධෛර්යයෙන්, වීර්යයෙන් කටයුතු කළ යුතු
ය. කුසීත කම ඉතාමත් අනර්ථ කාරී කරුණක් බව දක්වා ඇත. ශ්‍රමය යොදවා
උත්සාහය තුළින් ධාර්මික වෘත්තියක නිතර විය යුතු බව ආර්ථිකය සම්බන්ධයෙන්
බුදු දහමේ මූලික ඉගැන්වීම වේ.
|