කෝට්ටේ දේවානන්ද නා හිමි
පහනක් කෙතෙක් සඟවා දැල්වූව ද එහි ආලෝකය සඟවා ලිය නොහැකිය. මලක්
අප්‍රසිද්ධියේ පිපුණේ නමුදු මල් සුවඳ අඳුනන බිඟුනට එය සඟවා ලිය
නොහැකිය. සැඟවී දැල්වුනේ නමුදු, මේ පහනේ ආලෝකය සයුරු වලල්ලෙන් එහා
දේශාන්තරයන් දක්වා පැතිරගිය අතර මලේ සුවඳට බිඟුවන් ඇදෙන්නාසේ ලක්දිව
ගම් නියන්ගම්වලින් පමණක් නොව එතෙර දේශාන්තරවලිනුත් ගුණසුවඳ ඔස්සේ සෑම
තරාතිරකම ජන පිඟුහු ඇදී ආහ. ඔවුන් දහම් නුවණින් ආලෝකයට පත්කළ පහනක්
ධර්මානුකූල ජීවිතයෙන් හා සුසිල්වත් ගුණ සුගන්ධයෙන් සුවඳවත් කළ කුසුමක්
වූ මේ අපූර්ව වස්තුව කෝට්ටේ දේවානන්ද මා හිමි නමින් මූර්තිමත් ව තිබී
සදහටම නිවී ගිලිහී 2015 අගෝස්තු 14 වැනි දිනට වසර විසිපහක් සැපිරෙයි.
උපතින් ම ලත් සෞම්‍ය බුද්ධපුත්‍රයකු වීමෙන් වඩාත් සුපුෂ්පිතව තහවුරු කළ
උන්වහන්සේ තම භික්ෂු ජීවිතයේ උතුම් ශාසනික පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට
කටයුතු කිරීමත් ‘තමාගේ ජීවත්වීම අනෙකාගේ සැපය සඳහා විය යුතුය’ යන ස්ව
චින්තනය මත පරාර්ථ චරියාවෙහි යෙදෙමින් පොදුජන සේවය සඳහා ජීවිතය
කැපකිරීමත් යන මෙහි උභයාර්ථයෙන් ම නොහිස් වූ අපිස් ජීවිතයක් ගතකළ
සදාතනිකවම අගය කළ යුතු පැවිදි උතුමෙකි.
සිරිජයවර්ධනපුර කෝට්ටේ දී 1918 ජනවාරි පළමුවැනි දින මෙලොව දැක කෝට්ටේ
ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලබන කාලයේ සිට කුඩා දරුවකු ලෙස
පිනට දහමට ලැදිව කටයුතු කළ මෙතුමා කල්යත් ම තරුණ පිරිස් සම්බන්ධ කරගෙන
‘ශ්‍රී සුසිලෝදය වීර පෙරමුණ’ යන නමින් සමිතියක් ඇතිකර ගෙන සමාජ සුභසාධන
කටයුතුවල නිරතවූහ. බටහිර ඖෂධවේදි විභාගයෙන් සමත්ව සිටි තරුණයා
ඖෂදවේදියකු වශයෙන් තම වෘත්තියෙන් ලැබූ වේතනය පවා වැඩියක්ම කැප කැළේ
පොදු යහපතටය. පුරා වසර 42 ක් මුළුල්ලේ දීප්තිමත් ගිහි ජීවිතයක් ගෙවූ
නමුත් අනගාරික ජීවිතයක ලක්ෂණ තම ජීවිතයෙන් කියාපෑ මෙතුමා ජීවිතයේ ඇති
නිස්සාර භාවය හා අරගලකාරි බව විනිවිද දුටු හෙයින් විමුක්ති ගවේෂී මාවතට
එළඹීමට තීරණය කර ගත්තේ ය.
1960 ජනවාරි පළමුවැනි දින ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක
අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් අතුරුගිරියේ බෝධිරුක්ඛාරාමයේ දී උතුම් පැවිද්ද ලැබූහ.
උගතමනා බණදහම් සිය ඇදුරුපාණන් වෙතින් ම ඉගෙන ගනිමින් ශාසන ජීවිතයේ
උතුම් දායාදය ලබනු පිණිස කටයුතු කළ උන්වහන්සේ 1961 ජූලි 18 වැනි දින
නිමලව ආරණ්‍ය සේනාසනයේ දී ඇටුල්ල ජලසීමා මාලකයේ දී උපසම්පදාවට පත්වූහ.
උපසම්පත්ති ප්‍රතිලාභයෙන් පසු වැඩි විවේකය පතා පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ
යෝගාශ්‍රමයට වැඩමකොට කලක් එහි චිත්ත භාවනාවෙහි යෙදෙමින් විවේකීව සිට
සිය ගුරු දේවයන් වහන්සේගේ ඇනවුම පරිදි කොළඹ
බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයට වැඩම කළහ.
ධර්මානුධර්ම ප්‍රතිපත්තිවලින් පැවිදි ජීවිතය සකසාගත් මෙතුමෝ එහි තිබූ
අඳුරුගති දුරුකොට සදහම් සිසිල විහිඳුවන පුණ්‍යකාමී සැදැහැතියන්ගේ සිත්
සතන් සනසන මෙත් කුළුණු දහම් පතුරුවන පුණ්‍යායතනයක් බවට පත්කළහ. තමා
විසින් දල්වනලද දහම් පහනේ ආලෝකය එම ආයතනයට පමණක් සීමා නොකොට කල්යත්ම
කොළඹ භාවනා මධ්‍යස්ථානයටත්, කළුතර කල්‍යාණධර්ම ආශ්‍රමයටත් පතුරවන ලදී.
විවිධ සමිති පිහිටුවා ගෙන ඒ සැමටම ශීල සමාදාන, ධර්ම දේශනා, භාවනා පන්ති
පවත්වා සියලු දෙනාම දැහැමි දිවිමගකට යොමුකරමින් සැනසුම් මිහිර උදාකර
ගැනීමට මඟ හෙලිපෙහෙලි කර දුන්හ.
බොහෝවිට උන්වහන්සේ ග්‍රන්ථාගත චිරගත සම්ප්‍රදායවාදී චින්තනයෙන්,
දැනුමෙන් මෙන්ම දෙසුමෙන් ද මිදුණහ. අටුවාචාරී බුදුගොස් හිමි දවස කාලයේ
පටන් වැලිතලාවෙන් වැසී ගොස් තිබුණ ස්වාක්ඛාත ධර්මයේ දුරවබෝධස්ථාන පහදා
දෙමින් එදිනෙදා ජීවිතයට යොදාගත හැකි අයුරින් ලිහිල්ව ගලපා පැහැදිලි කළ
සේක. මේ නිසා උන්වහන්සේගේ දේශනයට සවන්දුන් කෙනෙකු නැවත පුල පුලා බලා
සිටිනුයේ නැවත ද එබඳු දේශනයකට සවන්දීමේ අටියෙනි.
බුදු දහමේ සදුක්තීන් හෙලිපෙහෙලිකර දක්වනු වස් සැකසුණු ‘බුදු දහමේ
අධ්‍යාත්මය’ නමින් පලවූ ග්‍රන්ථ, ‘තිසරණ මාසික සඟරාව, කල්‍යාණධර්ම
සංග්‍රහය මේ බව ලොවට හොඳින් පැහැදිළි කර ඇත. භික්ෂු - තරුණ – වනිතා -
ළමා - සහකාර, ග්‍රන්ථකාර - ශාන්ති යන නමින් යුතු කල්‍යාණධර්ම නමැති
සංවිධාන රැසක් ගිහි – පැවිදි දෙපිරිසෙන් ම ඇති කළහ. ඒ තුළින් බොහෝ දෙනා
තෙරුවන් ඇසුරු කරන ශික්ෂාකාමීන් ලෙසින් ලොවේ රඳවා තබන්නට ගත් වෙහෙස
අතිශයින් ප්‍රශංසනීයයි. මේ සියල්ල ම අදත් ක්‍රියාත්මකව ඇත. උන්වහන්සේ
වාර්ෂිකව සිදුකළ පින්කම් මාලාව අති විශාලය. කතරගම කිරිවෙහෙර බිම මෙන් ම
නුවර දළදා මැදුරත්, අනුරාධපුර ශ්‍රී මහා බෝමළුවත්, කැලණි රාජමහා
විහාරයත්, නවගමුවේ පුණ්‍ය භූමියත් උන්වහන්සේ පසු පසින් ගලා ආ සැදැහැවත්
ජන ගඟේ සාධුනාදයෙන් හැම වසරකම නින්නාද විය.
අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ මුල්යුගයේ භාවනා පිළිබඳ ආචාර්යවරයාණෝ
මුන්වහන්සේ වූහ. උන්වහන්සේ ප්‍රතිපත්තියත්, ප්‍රතිවේදයත් හඳුනාගත්හ. ඒ
නිසාම ලොව හා දිවිය දෙස උපේක්ෂාවෙන් බැලූහ. ඒ පින්පිරි දිවිසෙවනේ ගුණ
සමරා අවුරුදු විසිදෙකක් ගෙවෙන තැන නිමිතිකර ගෙන කෘතවේදි ශිෂ්‍ය පිරිස
හා සියලුම සංවිධානවල සාමාජික සාමාජිකාවෝ අගෝස්තු මස 08 වැනි දින සිට 16
වැනි දින දක්වා පින්කම් මාලාවක් පවත්වා 16 වැනි දින දවල් අරණ්‍යවාසී
සියක් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර දක්ෂිණාවක් ශ්‍රී
කල්‍යාණධර්ම ආශ්‍රමයේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා
වල්ගම සෝමසිරි නාහිමි
වල්ගම සිරි සෝමසිරි නායක හිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා
නිකායේ උත්තර මණ්ඩලයේ “සම්මාන නායක” ධුරයෙන් පිදුම් ලැබූහ.
උන්වහන්සේ විසින් සිදුකළ විශිෂ්ට ආගමික සහ සමාජයීය මෙහෙවරට කෘතගුණ
සැළකීමක් ලෙස මෙවන් ගෞරව නාමයක් පුද කළ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා
නිකායේ මහානායක බම්බලපිටිය වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවට ගරුතර
ස්වාමින් වහන්සේලාගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ නමස්කාර පූර්ව ස්තුතිය
හිමිවේ.
1928 ජනවාරි 01 වනදා මාතර, වල්ගමදී උපත ලද උන්වහන්සේ ගිහි කල අයෝනිස්
සිල්වා නම් විය. 1940 ජුනි මස 16 වන දින වෙලේගොඩ සිරි සුනන්දාරාම පුද
බිමේදී පැවිදි දිවියට පත්වී 1946 ජුනි මස 28 වන දින කල්‍යාණි නදී සීමා
මාලකයේදී උපසපන් වූ උන්වහන්සේ මේ වන විට පුරා වසර හැත්තෑ පහක (75) පමණ
කාලයක් පැවිදි දිවියේ සුව විඳිමින් සමාජ මෙහෙවරක නියැළුණහ.
වසර ගණනාවක් ඉමහත් පරිශ්‍රමයක් දරා වෙලේගොඩ සිරි සුනන්දාරාමය අංග
සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමේ ගෞරවය වල්ගම සෝමසිරි නාහිමියන්
සහ වෙලේගොඩ ධම්මජෝති හිමියන් සතුවේ.
තරුණ අවධියේ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත අති පූජනීය තුඩාවේ අරියවංශ
නාහිමියන් සමඟ ඉන්දියාවට වැඩම කර බුදුන් උපන් දේශයේ ධර්මදූත මෙහෙවරක
යෙදීමට තරම් භාග්‍යවන්ත වූහ.
උන්වහන්සේ තුළ ඇති ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ඥානය නිසාම හින්දු
භක්තිකයන් විශාල පිරිසක් බුදුදහමට හරවා ගැනීමේ හැකියාව ලැබී ඇත.
ශී‍්‍ර ධර්මරක්ෂිත වංශාලංකාර උපාධ්‍යාය සම්මාන නායක අති පූජනීය වල්ගම
සිරි සෝමසිරි නාහිමිපාණන් වහන්සේට තව බොහෝ කාලයක් සසුන් වැඩ වසන්නට
නිදුක් නිරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමු.
ධම්මිකා වෙලේගොඩ
අධි සිල් ලබති
බලංගොඩ චන්දරතන හිමි
හිඟුරක්ගොඩ සමූහ
අමරසූරිය ගලප්පත්ති
නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක දිවුලංකඩවල මධ්‍යම මහා විද්‍යාලයේ
ආචාර්ය මුළු දිවයිනටම සාමවිනිසුරු මැදිරිගිරිය කුසුම්පොත්ත රජමහා
විහාරාධිපති මැදිරිගිරිය ආරියවංශ හිමිගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බලංගොඩ
චන්දරතන හිමියෝ 2015.07.18 දින කිරිබත්ගොඩ ඊරියවැටිය ශ්‍රී
සුමනාරාමයේදී උපසම්පදා ශීලයට පත්වූහ.
බුළුපිටියේ විමලධම්ම හිමි
කේ.බණ්ඩාරනායක
මිල්ලබැද්ද ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරය අරවාකුඹුර ශෛලබිම්බාරාමය
ගල්ලිදකපොල්ල ශ්‍රී ශාන්ති විහාරය, මීදුම්පිටිය ශ්‍රී විජිත බෞද්ධ
මධ්‍යස්ථානය යන විහාරයන්හි අධිපති වෙල්ලස්ස බිම්තැන්න මඩකලපුව තෙපළාතේ
උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඊතණවත්තේ විජිත නාහිමිගේ සහ දඹදිව
කුසිනාරානුවර ශ්‍රී ලංකාරාමාධිපති මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය
අඹතලාවේ සරණංකර ගල්ලිද කපොල්ල ශි‍්‍ර ශාන්ති විහාරාධිපති ශාස්ත්‍රපති
පණ්ඩිතසේනාපතියේ යසස්සි යන හිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු වන බදුල්ල කටිලගොඩ
සද්ධර්මානන්ද මහ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරණ බුළුපිටියේ විමලධම්ම
සාමණේර නම මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා
ශීලයෙහි පිහිටුවන ලදී.
සීගිරිමුල්ලේ රතනසිරි හිමි
කේ. බණ්ඩාරනායක
මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක
සභික මොලගොඩ ධම්මරතන විජයසුන්දරාරාම පුරාණ විහාරවාසී ආචාර්ය මේල්පිටියේ
විමලරතන, ශාස්ත්‍රවේදී මතුරට පඤ්ඤාරතන, ශාස්ත්‍රවේදී අන්දරවැවේ පියරතන
යන හිමිවරුන්ගේ ශිෂ්‍ය අස්ගිරිය මහා විහාරයීය මහ පිරිවෙනේ උසස්
අධ්‍යාපනය ලබන සීගිරිමුල්ලේ රතනසිරි සාමණේර නම අස්ගිරිය මහා විහාරයීය
මංගල උපෝෂථාගාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී.
අධිසිල් ලබති
බුද්ධම
නන්දකර හිමි ,
රුප්පෙබැද්දේ චූලාලංකාර හිමි |
රත්මලාන රජමාවත ශ්‍රී විද්‍යාරාමාධිපති කදුරුපේ ගුණාලංකාර නාහිමියන්ගේ
ශිෂ්‍ය හිමිවරුන් වන රුප්පෙබැද්දේ චූලාලංකාර, බුද්ධම නන්දකර යන
සාමණේරයන් වහන්සේලා දෙනම බලපිටිය වැලිතර ස්වේජින් සීමා මාලකයේ දී
උපසම්පදා සීලයෙහි (ජූලි 22 ) පිහිටුවනු ලැබීය.
හසලක සුමන හිමි |
උස්සාපිටිය කටුගහ පොකුණුගල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, සරසවිගම ශ්‍රී
සුධර්මාරාමය යන විහාරද්වයාධිපති මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක සාසනතිලක
කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර සැලව සාසනවිමල නාහිමියන්ගේ ශිෂ්‍ය පොල්
අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාමය මහ පිරුවනෙහි උසස් අධ්‍යාපනය හදාරන හසලක
සුමන සාමණේරයන් වහන්සේ මේ මස 18 වෙනි දින බලපිටිය ශ්‍රී පුෂ්පාරාම මූල
මහා විහාර බද්ධ සීමාමාලකයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධි
පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජී මාහිමිපාණන් වහන්සේ
වරප්‍රමුඛ විංශද්වර්ගික විනය කාරක මහා සංඝරත්නය වෙතින් අධිශීල උපසම්පදා
සීලයේ පිහිටු විය.
|