|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ අධි ඇසළ අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජූලි 15 වනදා බදාදා |
||||
උදේනි රජුගේ ප්‍රතාපවත් බව සහ ඉසුරුමත් බව නිසා සමකාලීන අන්‍ය රජවරු ඊර්ෂ්‍යා කළහ. අවසානයෙහි රජු වූ චණ්ඩ පප්ඡෝත රජු විසින් වරක් උදේනි රජතුමා උපක්‍රමයකින් සිරභාරයට ගන්නා ලදී. නමුත් පසුව චණ්ඩ පප්ඡෝත රජුගේ දියණිය වූ වාසුල දත්තා සමග ඇති වූ පේ‍්‍රම සම්බන්ධය නිසා ඉන් මිදී කොසබෑ නුවරට පලා ගියේය. බෞද්ධ සාහිත්‍යයේ එන උදේනි රජු ඉතා ශ්‍රේෂ්ඨ පාලකයෙකි. මුල් අවදිය තුළ හින්දු භක්තිකයෙකි. ඔහු යුධකාමියෙකු වු හෙයින් තම යුද භටයන් බෞද්ධ වුවහොත් තම යුද ශක්තිය දුර්වල වේය යන බියක් ඔහු තුළ පැවතුණි. එම නිසා බුදුරජාණන් වහන්සේ හා වෛරයෙන් පසු වූ මාගන්ධියා තම බිසවක් වූ හෙයින් ඇගේ කීම් බස් අසා බුදු හිමි මුණ නොගැසීමට උත්සාහ කරන ලදී. බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් නොයෙක් අයුරින් හිරිහැර කරන ලදී. රජතුමා විසින් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේට දඬුවම් කළත් රාජ මාලිගාව තුළ ධර්මයේ පණිවුඩය ලබා දෙන්නට මූලික අඩිතාලමද උන්වහන්සේ විසින් සකස් කරන ලදී.
සාමාවති දේවියගේ සඳාදාසියවූ ඛුජ්ජුත්තරාගේ උදවු නිසා සාමාවති දේවියද ධර්මය වැළඳගත් අතර මාගන්ධිය විසින් සාමාවති දේවිය ඇතුළු දාසියන් 500 ක් සම්පූර්ණම ගිනිබත් කරන ලදී. මේ මරණයෙන් පසුව උදේනි රජතුමා බෞද්ධ උපාසකයෙක් බවට පත් විය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම සඳුන් ලීයෙන් බුදු හිමිගේ පිළිරුවක් තනා විහාරයක තැන්පත් කොට වන්දනා මාන කළ බව සඳහන් වෙයි.
මෙම පිළිරුව සහිත විහාරය 7 වැනි සියවසෙහි මෙහි පැමිණි හියුංසාං ද දුටු
බව එතුමාගේ දේශාටන වාර්තාවක සඳහන්ව ඇත. මාගන්ධියා බිසව උදේනි රජ හා
විවාහ වූයේ බුදුරජාණන් වහන්සේගෙන් පළිගැනීම සඳහාය. බුදුරජාණන් වහන්සේ
දිනක් කම්මස්ස ධම්ම නගරයට වඩින අවස්ථාවක මාගන්ධි බමුණා උන්වහන්සේගේ
රුවට පැහැදී තම දියණිය විවාහ කරගන්නා ලෙස විවාහ යෝජනාවක් ඉදිරිපත්
කළේය. මෙම අවස්ථාවේදී බුදු හිමියන් ශරීරයේ ඇති පිළිකුල් ස්වභාවය
පිළිබඳව ධර්ම දේශනා කළහ.
එම ධර්මය අසා මාගන්ධි බමුණා හා බැමිණිය (මව සහ පියා) සෝවාන් ඵලයට පත් වූහ. නමුත් දියණිය මාගන්ධි, බුදුරජාණන් වහන්සේ තම සිරුරට අපහාස කළා යැයි සිතා බුදුහිමියන් පිළිබඳව වෛරයෙන් පසු වූවාය. මැය පසුව උදේනි රජුගේ බිසවක් බවට පත්වී රාජ අනුග්‍රහය ඇතිවම බුදුහිමියන්ට හා ශ්‍රාවකයන් වහන්සේලාට නොයෙක් අයුරින් හිරිහැර කළාය. එම රජුගේම බිසවක් වු සාමාවති දේවිය බෞද්ධ උපාසිකාවක් වීම හා සෝවාන් ඵලයට පත් වීම ඇගේ ක්‍රෝධ ගින්නට පිදුරු දැමීමක් බඳු විය. ක්‍රෝධයෙන් අන්ධ මාගන්ධියා විසින් සාමාවති දේවිය හා ඇගේ දාසියන් 500 දෙනෙකු මාලිගාවක සිරකොට වටින් ගිනි දමා පුළුස්සා මරණ ලදී. එම සිදුවීම සිදුවන විට උදේනි රජතුමා මාලිගයේ නොසිටියහ. මාලිගයට පැමිණි පසු සත්‍ය සිදුවීම දැනගත් එතුමා මාගන්ධියා හා ඇගේ ඥාතීන් සියලු දෙනා උපක්‍රමයකින් මාලිගාවට ගෙන්වා සාමාවතී මැරූ අයුරින්ම මරා දමන ලදී.
තවත් කොටසක් ඇසළ පුර අටවක පොහෝදා ජූලි 24 වනදා පත්‍රයේ
සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 45 |
|||||
|
©
2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
|||||