ප්‍රශ්නය
‘මමායනය යනුවෙන් ධර්මයෙහි සඳහන් වන “මම සැප විඳිමි” යන හැඟීම සත්වයා
තුළ පවත්නා තාක් භවයෙන් මිදීම හෙවත් ඉවත් වීමේ කැමැත්ත ඔහු තුළ පහළ
නොවේ. මෙය මිථ්‍යා දුෂ්ඨිය (සක්කාය දිට්ඨි) යන නාමයන්ගෙන් ධර්මයෙහි
සඳහන් වන අතර එය සත්වයා තුළින් ඉවත් කළ හැකි මාර්ගය කුමක්ද යන්න
පැහැදිලි කරන්න.
පිළිතුර
දුඞඛ නිරෝධ ගාමිණී පටිපදා මාර්ග සත්‍යයෙහි ප්‍රථමයෙන්ම “සම්මා දිට්ඨිය
යෙදී ඇත්තේ දුඞඛ සමුදය, දුක හටගැනීම” නැසීම සඳහා අනිවාර්යයෙන්ම වැඩිය
යුතු ප්‍රගුණ කළ යුතු මාර්ගය වූ නිසාය.
ප්‍රශ්නය
‘විඥානය නිසා නාමරූප හට ගැනේ” විඤ්ඤාණ පච්චයා නාමරූපං මෙම ප්‍රස්තුතය
බුද්ධ ධර්මයෙහි මූලික ධර්ම කරුණු වලට අන්තර්ගත වෙයි. එහෙත් සාමාන්‍ය
සැදැහැවතෙකුට සරල නිදසුන් මගින් විවරණයක්ද කළ හැකිය. පැහැදිලි කරන්න.
පිළිතුර
‘නාමරූප’ යන භාවිතයෙන් ධර්මයෙහි සටහන් වන රූප වේදනා –සඤ්ඤා සංඛාර,
විඤ්ඤාණ යන ස්කන්ධ පංචකයයි.
මෙයින් නාම යන්න නොයෙක් අතට (නැමීම) අරමුණ අබිමුවෙහිදී නැමෙන ලක්ෂණ කොට
ඇති බැවින් ඒ නම යෙදී තිබේ . ඉහතින් සඳහන් කළ ස්කන්ධ (රාශි සමූහ
ගොඩවල්) සතරක සංයෝගයකි. (එක්වීමකි) සත්වයාගේ ශරීරය එය රූපය වශයෙන් ඇසට
ලක්වන රූපයයි. අපා, දෙපා, සිවුපා, බහුපා ආදී මිනිස් ලොව හැම සතෙකුටම
රූප හෙවත් භෞතික කොටසක් ඇත. රූප නොවන්නේ අරූප ධර්මයෝය. ඒ කලින් සඳහන්
කළ අරූප ධර්මයෝය.
රූප අරූප ධර්මයන්ගේ සංතතිය සත්වයා යයි කියනු ලැබේ’. රූප ධර්ම වලින්
වර්ණ රූපය පමණක් අපේ ඇසට පෙනේ . එහෙත් අරූප ධර්ම (නාම ධර්ම) ඇසැට
නොපෙනේ. අරූප ධර්ම (නාමධර්ම) යන්ගේ වෙන් වීමෙන් අභාවය හෙවත් මරණය
සිදුවේ. එවිට රූපයට ක්‍රියා කළ නොහැකිය. යාම- සිටීම , හිඳීම – නිදීම,
ආදි ඉරියව් පැවැත්විය නොහැකිය. රූපයෙන් අරූප ධර්ම වියෝවීම නිසාය.
එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම බව දේශනා පිළිවෙළයි.
ප්‍රශ්නය
බුදු දහමට අනුව “පුද්ගල පද්මය” විකසිත විය යුත්තේ සමාජයීය කේන්ද්‍රය
තුළමය. මේ නිසා කෙනෙකු නිරතුරුවම අන් අයගේ ජීවිත වටිනාකම පිළිබඳව
සැලකිය යුතුමය. ධර්මයෙහි සඳහන් අත්තුපනායික ධම්මපරියාය” (තමා උපමානය
වශයෙන් සලකා) දේශනා ක්‍රමයට අනුව සමතුලිත තාවයක් පවතීද යන්න පැහැදිලි
කරන්න.
පිළිතුර
මම යන “රූපකාය” බිහිවන්නේ අවට පරිසරය (පතිරූපදේසවාස) සාධක කොට ගෙන බව
බුදුදහම අවධාරණය කරයි. සිඟාලෝවාද සූත්‍රගත දේශනාවලට අනුවත්, පුද්ගල
පෞරුෂය ගොඩනැගෙන්නේ අවට පරිසරයේ ප්‍රතිඵලයක් වශයෙනි.
බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයෙහි අවධාරණය කරන්නේ යුතුකම් වලින්
අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත් අයිතිවාසිකම් වලින් යුතුකම් ගම්‍යමාන වන
බවත්ය.
අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නැත්නම්
දුදනන් හා මෝඩයන් (අසේවනාච බාලානං එතං මංගල මුත්තමං) බහුල සමාජයක්
බිහිවන ලකුණු පහළවන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන්ද පිරිහී පුද්ගල අගයද
හීන වී යන බවත්ය. එයින් අදහස් වන්නේ සොබාදහම අප වෙත සාධාරණ අන්දමින්
සලකන නිසා අප විසින්ද සොබා දහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව
අවධාරණය කරයි. ස්වභාව ධර්මය සමග කතාබහක් ඇතිකර ගත හැකි එකම මග නම්
සදාචාරය බව බුදුසමය විශ්වාස කරයි.
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවරේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය
බුදුරදුන්ගේ ජන්ම භූමියද විය. මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බුදුසසුනට
එකතු වූ විශේෂිත පුද්ගල නාමයන් කිහිපයක් සටහන් කරන්න.
පිළිතුර
මහා ප්‍රජාපතී ගෝතමී, යශෝධරා ,රාහුල, නන්ද, අනුරුද්ධ, නාග කිම්බිල යන
අයයි.
ප්‍රශ්නය
“සතිපට්ඨාන” යනු අප කරන දෛනික ක්‍රියා විෂයෙහි අඛණ්ඩ අවධානය යොමු
කිරීමයි. ඒ අනුව භාවනාව ජීවිතය ක්‍රියා විරහිත කිරීමක් නොව අලස
උදාසීනකම නැතිකොට දිවියට අවදි බවක් ලබාදී තියුණු සංවේදී තත්වයකට
ඉන්ද්‍රියයන් පුහුණු කරවන ව්‍යායාමයක් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර
සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ අතට පත් වර්තමාන මොහොතේම ජීවත්වීම නො
වේ. මිනිසා හැමවිටම ඊට පෙර ජීවත්වූ අවස්ථාව ගැන සිතමින් පසුතැවිලි
වෙයි. ශෝක වෙයි. යළි ආශ්වාදයක් විඳියි. නැතහොත් ඉන්පසු එන මොහොත ගැන
සිතමින් සිහින මවයි. ප්‍රාර්ථනා කරයි. සැළසුම් හදයි. ඒ අතර වර්තමාන
මොහොතේ කෙරෙන ක්‍රියාවන්ද නිසි අවධානයකින් තොරව කෙරීගෙන යයි. එහි පූර්ණ
අවබෝධයකින් කැපවීමකින් යෙදීමට පුද්ගලයාට අවකාශයක් නොලබයි. සැබවින්ම ඔහු
වර්තමානයේ ජීවත් නොවෙයි. අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙයි. නිසි සතුටක්
දරා ගැනීමට හෝ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහොසත් වෙයි.
බොහෝවිට බරපතළ කරදරයකට ඇද වැටෙයි. නිදසුනක් වශයෙන් වාහනයක් පදවන
රියදුරෙකු ගැන සිතා බැලිය හැකියි. ඔහු කරන ක්‍රියාවෙහි සිහිය
(සම්පජානකාරී, ක්‍රියාව හා රැඳී නොපවත්නේ නම් ඒ හැම භයානක තත්වයකට
මුහුණදීමේ අවදානම හැම මොහොතකම තිබේ. ඒ නිසාම සිහිය ඇතිව ඕනෑම වැඩක
නිරතවීම ප්‍රයෝජනවත් බව කවරෙකුට වුව අත්දැකීමෙන් අවබෝධ වනු ඇත.
ප්‍රශ්නය
ජනපද චාරිකාවෙහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිව්වන වස්කාලය ගත කළේ
කොහිදී ද එහිදී සිදුවුන සුවිශේෂ සිදුවීම් මොනවාද?
පිළිතුර
රජගහනුවර වේළුවනාරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිව්වන වස් කාලය එහි
ගත කළහ. මෙකල බිම්බිසාර රජතුමා තක්සලා නුවර රාජ්‍ය කළ තම මිත්‍ර
පුක්කුසාති රජතුමාට රියන් සතරක් දිග වියතක් පළල රන්පතක ධර්මය ලියවා
යැවීය. එතුමා එය කියවා රාජ්‍ය හැර දමා රජගහනුවරට අවුත් බුදුබණ අසා
අනාගාමීව දෙසිය පනහක් පිරිස සමඟ පැවිදි විය. රජගහ නුවර වැසි උග්‍රසේන
නම් සිටු පුත්‍රයෙක් බණ අසා සිව්පිළිසිඹියාපත් මහරහත්ව එදිනම පැවිදි
විය.
ප්‍රශ්නය
ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් මස පුර පසළොස්වක හා දෙවනපෑතිස්
නිරිඳුන් ප්‍රමුඛ සතළිස් දහසක් ශ්‍රී ලාංකිකයන්ට චුල්ල හත්ථි පදෝපම
සූත්‍ර දේශනාවෙන් පසුව ලක්දිව බුදු සසුන පිහිට වූහ. මෙයින් පසු සිදුවූ
දෙවනපෑතිස් රජුගේ ශාසනික මෙහෙවර සටහන් කරන්න.
පිළිතුර
සංඝ සම්මතයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි උපෝසථාගාරයක් ඉදිවිය. මිහිඳු
මාහිමියන් රජු හා සමඟ උයන වටා ඇවිද විහාර ආරාමයන් පිහිට විය යුතු තැන්
සම්මත කළහ. අටමස්ථානය නමින් සඳහන් වන්නේ ඒ සම්මත කළ ස්ථානයි. තවද
මහමෙවුනා උයන සංඝයාට පූජා කිරීම. මිහින්තලා කණ්ඨක චේතිය වටා කරවන ලද
අටසැටලෙන් විහාර සඟ සතුකොට පූජා කිරීම.
අරිට්ඨ කුමරුන් ප්‍රධාන පිරිස පැවිදි කරවා උපසම්පදා කරවීම, දෙසැටක්
රහතන් වහන්සේලා අටසැට ලෙන්වල ආරාධනා කොට වස් වැසවීම, බුදුරදුන්ගේ දකුණු
අකු ධාතුව නිදන්කොට ථූපාරාමය කර වීම, මිහිඳු මාහිමි ආරාධනයෙන් දඹදිව
ශ්‍රී මහාබෝධි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කොට රෝපණය කිරිම, වෙස්සගිරිය
හා ඉසුරුමුණි විහාරය කරවීම, සංඝමිත්තා රහත් මෙහෙණියගේ මෙහෙයවීමෙන්
උපාසිකා මෙහෙණවර හා හත්ථාල්හක මෙහෙණවර කරවීම ආදිකොට මහත් ශාසනික
මෙහෙවරක අවු. සතළිසක් රාජ්‍ය කාලය තුළ සිදුවිය. |