නාථකරණ ධර්ම
දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝ නායක
මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත
පල්ලත්තර
සුමනජෝති නා හිමි
නව වන නාථ කරණ ධර්මය නම් භික්ෂුවක් සිහියෙන් යුතුව උතුම්ම සිහියෙන් හා
විමසන නුවණින් යුතුව පෙර කරන ලද හෝ පෙර කියනලද දෑ සිහිකරන්න සමත් වේ
නම් මෙය ද භික්ෂුව නාථ කරණ ධර්මයකි. දශ වන නාථ කරණ ධර්මය නම් භික්ෂුව
ප්‍රඥාවෙන් යුතුව, ආර්ය වූ කෙලෙස් නිවීමට කෙලෙස් දුරලීමට උපකාර වූ මනාව
දුක් දුරලීමට හේතු වූ මනාව දුක් දුරලන ප්‍රඥාවෙන් යුක්තවීමයි.
මෙයත් දශවන නාථ කරණ ධර්මයයි. මෙසේ භික්ෂු ජීවිතය මෙලොව පරලොව දෙකින් ම
නාථ කරණ (ආරක්ෂා කරණ) ධර්ම හෙවත් ප්‍රතිපත්ති දහයක් වදාළ බුදුරජාණන්
වහන්සේ අවසානයෙහි භික්ෂුවට අවවාද කරමින් “සනාථා භික්ඛවෙ විහරථ” යනුවෙන්
මහණෙනි, නුඹලා තම තමන්ට පිහිට ඇත්තෝ වාසය කරවු. කිසිවෙක් අනාථ නොවන්න.
මහණෙනි, අනාථ වීම දුකකි. මහණෙනි, මේ දහය තමයි නාථ කරණ ධර්ම කියා දේශනාව
සමාප්ත කළසේක.
මේ සමඟම දෙවන නාථකරණ සූත්‍රයක් ද තිබේ. එම සූත්‍රයෙහි ද ඇතුළත්ව
තිබෙන්නේ පළමු නාථ කරණ සූත්‍රයෙහි දැක්වෙන භික්ෂුව නාථකරණ කරුණු
දහයමයි.
මේ සසුනෙහි කිසියම් භික්ෂුවක් සිල්වත් ව ඒවා ආරක්ෂා කරනව නම් එම
භික්ෂුව හිතනව මා මෙසේ සිල් ආරක්ෂා කරමින් සිටිනවා.
මාගේ ඒ ගුණ ධර්ම තව තවත් දියුණු කර ගැනීමට තමාට වඩා වැඩිහිටි ස්ථවිර,
මධ්‍යම හා (ඔහුට බාල) නවක යන කොටස් තුනට අයත් සෙසු භික්ෂූන් තමන්ට ඒ බව
කියනව නම් හොඳයි.
එසේම මාගේ ඒ ගුණය පැසසුමට ලක් කරනව නම් හොඳයි. කියල හිතනව. මෙසේ ස්ථවිර
මධ්‍යම නවක භික්ෂූන්ගේ සානුකම්පිත පැසසුම ලැබීම නිසා එම භික්ෂුවගේ කුසල
ධර්ම පිළිබඳ දියුණුවක් ඇති වෙනව. ඒ පැසසුම කුසල ධර්ම දියුණු කර ගැනීමට
උපකාර වෙනව. ඔහුගේ කුසල ධර්ම වැඩිවෙනව මිස පිරිහෙන්නෙ නැහැ යි බුදුන්
වහන්සේ පළමු නාථකරණ ධර්මය වදාළ. දෙවන නාථ කරණ ධර්මයම වන බහුශ්‍රැත
ධර්මය භික්ෂුවක් තුළ තිබේ නම් ඒ බව දන්නා සෙසු ස්ථවිර මධ්‍යම නවක යන
කොටස් තුනට අයත් භික්ෂූන් විසින් ඒ බව එම භික්ෂුවට කියනව නම් ඒ භික්ෂුව
ප්‍රශංසාවට ලක් කරනව නම් එසේ තමා කෙරෙහි සානුකම්පිත වීම එම භික්ෂුවගේ
එම ගුණය වැඩිදියුණු කරගැනීමට හේතුවෙනව. පිරිහීමට ලක් නොවේ. මෙය දෙවන
නාථ කරණ ධර්මයයි.
තෙවන ගුණය වන කල්‍යාණමිත්‍රභාවය හොඳ යම් භික්ෂුවකට යහපත් මිතුරන් සිටී
නම් ස්ථවීර මධ්‍යම නවක සෙසු භික්ෂූන් හිතනව නම් මේ භික්ෂුවට හොඳ
මිතුරන් සිටීම, ඒ බව තමාට සෙස්සන් කියනවනම් ඒ ගැන තමාට තව තවත්
අනුශාසනා කරනව නම් හොඳයි කියල එම භික්ෂුව සිතනව. එසේ අනුශාසනා කිරීම
හෙවත් අනුකම්පා කිරීම ඒ භික්ෂුවගේ එම ගුණ ධර්මය දියුණුවීමට හේතු වේ.
පිරිහීමක් නම් නොවේ.
එය ද නාථ කරණ ධර්මයකි. තවද භික්ෂුවකගේ සුවච බව හෙවත් කීරරු බව (අන්‍යයා
කියන දෑ කරන සුළු) දන්නා ස්ථවිර, මධ්‍යම, නවක භික්ෂූන් අසවල් භික්ෂුව
සුවච යි අනුශාසනා ලැබිය යුත්තෙකි. ඔහු ව්‍යක්තයෙකි යනුවෙන් සිතා ඔහු
කෙරෙහි සානුකම්පිත වේ නම් ඔහුගේ කුසල ධර්ම වැඩීමට එය හේතු වෙනව මිස
පිරිහීමක් නම් නොවේ. මේ සිව්වන නාථ කරණ ධර්මයයි.
එසේ ම යම් භික්ෂුවක් තමා ඇසුරු කරණ භික්ෂූන්ගේ කුදුමහත් කටයුතු පිළිබඳව
ස්වාමීනි, ඔබවහන්සේට මාගෙන් යමක් කරවා ගැනීමට තිබේ නම් ඒවා කියන්න යයි
අසා දැන ඒවා ඉටුකර දෙන්නේ නම් ඒවා දක්ෂ ලෙස
ඉටුකර දෙන්නේනම් ඒවා බුද්ධිමත් ව සිතා මතා ඉටුකර දීමෙහි සමත් නම් ඒ බව
සෙසු භික්ෂූහු දනිත්වා. ඒ පිළිබඳව ස්ථවිර, මධ්‍යම, නවක භික්ෂූන් තමාට
කියනව නම් තමාට තව තවත් අනුශාසනා කරනව නම් මැනවැයි සිතයි. ස්ථවිර
තෙරුවරුන්ගේ ද මධ්‍යම තෙරවරුන්ගේ ද නවක තෙරවරුන්ගේ ද අනුකම්පාව හිමිවන
විට එය භික්ෂුවගේ කුසල ධර්ම තව තවත් දියුණුවෙනවා මිස පිරිහීමක් නම්
නොවේ. මේ පස්වන නාථ කරණ ධර්ම යයි.
එසේම කිසියම් භික්ෂුවක් ත්‍රිපිටක ධර්මයට කැමැති නම් එය පි‍්‍රය කරනව
නම් ධර්මය කෙරෙහි ඉමහත් සතුටක් ඇතිකර ගන්නව නම් එම භික්ෂුව එබන්දෙකැයි
ස්ථවිර මධ්‍යම නවක භික්ෂූහු ඔහු ව්‍යක්තයකු කොට අනුශාසනා ලැබිය
යුත්තකුකොට සිතති. එසේ සෙසු භික්ෂූන්ගේ අනුකම්පාවට ලක් වූයේ දියුණුවට
පත්වනවා මිස පිරිහීමට පත්වන්නෙක් නොවේ. මෙය සවන නාථ කරණ ධර්ම යයි.
එසේම කිසියම් භික්ෂුවක් අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුසල ධර්ම
සවාදානය පිණිසත් වීර්ය කරමින් ඒ සඳහා ගන්නා උත්සාහය අත් නොහැර ක්‍රියා
කරන්නේ නම් එම භික්ෂුව එබන්දකු ලෙස ස්ථවිර මධ්‍යම නවක භික්ෂූහු සලකා ඒ
බව කියයුත්තන් ලෙසත් හේ තමන්ගෙන් අනුශාසනා ලැබිය යුත්තකු ලෙසත් සිතති.
මෙසේ මේ තුන් පක්ෂයේ අනුකම්පාවට ලක් වූ එම භික්ෂුවගේ කුසල ධර්මයෝ
වැඩෙති. පිරිහීමක් නම් නොවේ.
මේ හත් වන නාථ කරණ ධර්මයයි. කිසියම් භික්ෂුවක් අකුසල ධර්මයන්ගේ
ප්‍රහාණය පිණිසත් කුසල ධර්මයන්ගේ සමාදානය පිණිසත් දැඩි වීර්යයෙන්
ක්‍රියා කරයි නම් එම භික්ෂුව එසේ දැඩි වීර්ය ඇත්තෙකියි ස්ථවිර, මධ්‍යම,
නවක භික්ෂුහු සිතති. එහෙයින් හේ ඒ බව කියයුත්තකු කොට අනුශාසනා ලැබිය
යුත්තකු කොට ස්ථවිර, මධ්‍යම නවක භික්ෂුහු සානුකම්පිතව සිතත් නම්
ඔවුන්ගේ අනුකම්පාවට ලක් වූ ඒ භික්ෂුවගේ කුසල ධර්ම තව තවත් වැඩෙනු මිස
පිරිහීමක් නම් නොවේ. මෙය සත් වන නාථ කරණ ධර්මයයි.
කිසියම් භික්ෂුවක් තුළ තමාට ලැබෙන චීවරාදී සිවු පසය කවර කවර තරමේ වුවත්
ලද දෙයින් සතුටුව පරිහරණය කරන්නේ නම් ඔහු තමාගේ අනුශාසනා ලැබීමට
සුදුස්සෙකු සේ සිතා ස්ථවිර මධ්‍යම නවක භික්ෂුහු ඔහු ඒ බව කියයුත්තකු
කොට අනුශාසනා කටයුත්තකු කොට සිතති. එසේ ඔහුට ලැබෙන අනුකම්පාව කුසල
ධර්මයන්ගේ දියුණුවට හේතු වනු මිස ඒවායේ පිරිහීමක් නම් නොවේ. මෙය අටවන
නාථ කරණ ධර්මයයි.
කිසියම් භික්ෂුවක් සිහියෙන් යුක්තව උසස්ම සිහියෙන් හා ප්‍රඥාවෙන්
යුක්තව පෙර කරන ලද හා පෙර කියන ලද දෑ සිහි කරන්නට සමත් නම් ඒ බව දත්
ස්ථවිර මධ්‍යම නවක භික්ෂූහු මේ භික්ෂුව මෙබන්දෙකියි කීමට මෙන්ම
අනුශාසනා කටයුත්තකු කොට සිතති. මෙසේ අනුකම්පාව ලබන එම භික්ෂුවගේ කුසල
ධර්ම දියුණු වෙනවා මිස පිරිහීමක් නම් නොවේ. මෙය නව වන නාථ කරණ ධර්ම
යයි.
කිසියම් භික්ෂුවක් උදයඅස්තම්ගමනය (ඇතිවීම නැතිවීම) යන දෙයාකාර
ප්‍රඥාවෙන් යුක්ත නම් එය ඔහුගේ නිර්වාණාවබෝධයට හේතුවන මැනවින් හේ දුක්
කෙළවර කිරීමට හේතුවන නුවණින් යුක්ත කෙනෙකැ යි ද හේ ඒ බව කීමට
සුදුස්සෙහියිද ස්ථවිර මධ්‍යම නවක භික්ෂූහු සිතති. එසේ ස්ථවිර නවක
භික්ෂූන්ගේ අනුකම්පාවට ලක් වූ ඒ භික්ෂුව ගේ කුශල ධර්ම වැඩේ. පිරිහීමක්
නම් නොවේ. මෙය දශවන නාථ කරණ ධර්ම යයි.
මේ දශනාථ කරණ ධර්ම හෙවත් තමාගේ ආරක්ෂාව මෙලොව පරලොව දෙකින් ම අත්කර දෙන
ගුණ ධර්ම වදාළ බුදුරජාණන් වහන්සේ පළමු සූත්‍රයෙන් කරුණු දහය විස්තර
වශයෙන් දේශනා කොට දෙවන සූත්‍රයෙන් ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන්ගේ
ප්‍රශංසාවට ලක්වීමට එම භික්ෂුවට ඒ ගුණ ධර්ම උපකාර වන බව පෙන්නා දෙති.
ඇත්ත වශයෙන් ගිහි පැවිදි අප කා තුළත් පිහිටිය යුතු මේ ගුණ ධර්ම යමෙක්
රකිනව නම් සෙස්සන් විසින් ද එය ඇගැයීම ඔහු උත්සුක කරන්නකි. දෙවන
සූත්‍රයෙන් කීවේ එයයි. අපේ සමාජය ගුණ දහමින් වැඩුණු සමාජයක් කර ගැනීමට
නම් සමස්ත ජනතාවගේ ම අවංක සහයෝගය හැමටම ලැබිය යුතු ය. |