|
අසිරිමත් සුද්දැල්ලාව පින් බිම
283 ක් නැග කඳු මුදුනට පිවිසි කළ
සධාතුක චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ගල්තලාවේ වැඩසිටින බෝධි
රාජයාණන් වහන්සේ ද එම ගල්තලාව මත වැඩසිටින සමාධි බුද්ධ
ප්‍රතිමා වහන්සේද ලුම්බිණිය , බුද්ධගයාව, ඉසිපතනය,
කුසිනාරාව යන දඹදිව පිහිටි ප්‍රධාන සිද්ධස්ථාන වල අනුරුව
සකස් කර තිබීමෙන්ද මෙම වනගත සෙනසුන දෙවි මිනිසුන්ගේ
වන්දනාවට පාත්‍ර වී තිබෙන අයුරු දැක ගත හැකිය. සුවිසල්
ධර්ම ශාලා පිණ්ඩපාත ශාලා, ගබඩා සංකීර්ණයන් , කුටි ගෙවල්
තුදුසක් , මහජන වැසිකිලි , කාර්යාල , පැන් පොකුණු
කිහිපයක්, ළිං දෙකක් සෑදවීමේ සෙනසුන පෝෂණය වී ඇත. සෙනසුනට
එන මාවත කොන්ක්‍රීට් දමා සකසා ඇත. වන රොදින් ඇසෙන කුරුළු
ගීතයෙන්ද වැලි කුකුළුලන්ගේ හා දඬුලේනුන්ගෙන්ද සෝබමාන වූ මේ
පින් බිම වටා ගමන් කරන දොළ පහරේ දිය දහර ජනතාවගේ සරතැස
නිවාලන බව දැකිය හැකිය.
ඉතිරිය»
|
|
අධි ඇසළ පුර අටවක පෝය
අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට
ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි
මස 24 වැනිදා බදාදා ය.
මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
|
|
|
|
|
|
|