මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපතිව වැඩවිසූ අකුරටියේ අමරවංශ නා
හිමි
කොළඹ දිසාවේ සංඝනායක
කොලොන්නාව
ශාසනාරක්ෂක බලමණ්ඩලයේ
බටහිර කලාපයේ සභාපති
ශාස්ත්‍රපති , පණ්ඩිත
අරම ධම්මතිලක නා හිමි
ප්‍රඥාවෙන් ප්‍රසාර්ථිත තලයට පත් සඟරුවන නිසා බුදුසමයත්, සඟ සසුනත්
උත්පේ‍්‍රරණිය තලයට පත්වන්නේ නිතැතිනි. මෙවන් සංඝ පීතෘවරු සංඝ සමාජයේ
විරලය. ශාසනික ව්‍යුහය වඩාත් උත්තලයකට ප්‍රවේශ කරන්නට සංඝ සමාජයේ සිටින
යතිවරු අතර අකුරටියේ අමරවංශ නාහිමියන්ද එක් මහතෙරනමකි.
අකුරු කරන්නට අකුරට ගොස් අමරණීය වංශයක් උත්පාදනය කොට පැමිණි ගමන් මඟ
සුසිනීතය. කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය හෙවත් විදුදය මහා ශාස්ත්‍ර
ශාලාවේ අධිපති ධුරයට පත්වීම ද අතිශය භාග්‍යයකි.
මේ රටේ යුග පුරුෂයකු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් රෝපණය
කළ විද්‍යෝදය මහා පිරිවෙණ ශාස්ත්‍රොන්නතියේ කේන්ද්‍රීය තැනකි. ගිහි
පැවිදි වියතුන් උගතුන් නිර්මාණය කළ එම පිරිවෙණේ අධිපති ධුරයට පත් වීමත්
අතිශය වාසනාවකි.
විද්‍යෝදය පිරිවෙණ තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මුල් වූ මහගොඩ ශ්‍රී
ඥානේශ්වර නාහිමි, කහවේ ශ්‍රී රතන සාර නාහිමි, බද්දේගම ශ්‍රී පියරතන
නාහිමි, වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි , කළුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර
මහා නාහිමි, පනම්ගල ශ්‍රී ජිනරතන නා හිමි,පලංනොරුවේ විමලධම්ම නාහිමි යන
පින්බර මහ පඬිවරුන්ගෙන් පිරි එම මහා ශාස්ත්‍රශාලාවේ අධිපති ධුරයට පත්
වූයේ අකුරටියේ අමරවංශ නාහිමියන්ය.
සිංහල, පාලි, සකු ආදි භාෂාත්‍රයේ ගැඹුරට ගිය නාහිමියන් ඒ ආශ්‍රයෙන්
සමාජ ප්‍රගමනයට බලපාන භූමිකාවක් සකස් කළේය.
මානවවාදී ලක්ෂණ
ආචාරශීලි ගුණගරුක මානවවාදී ලක්ෂණයන්ගෙන් පෝෂිත පිරිස නිසා සමාජය නොමඟට
යන්නේ නැත. මේ නියතියේ පිහිටි නාහිමියන් තමන්ගේ තක්සිලාව මගින් සඟ
පරපුරක් බිහි කළේය. අදටත් ඒ අය නාහිමියන්ගේ ගුණ සමරන්නේ
කෘතවේදිත්වයෙනි.
දිවියේ කඩඉම වන්නේ ප්‍රඥාවට සමගාමි ඉවසීමේ හා නිහතමානී ගුණයයි. මේ අන්ත
දෙක දිවියෙන් මතු වන්නට ස්වකීය ගෝල පිරිසට නිතරම අනුශාසනා කළේය.
පුද්ගලයා යා යුතු නිම්නය කවරේද? යන්න සම්බන්ධයෙන් පූර්ණ විනිශ්චයන්
නිතරම ගිහි – පැවිදි දෙපක්ෂයට ගෙන හැර පෑවේය.
සකස්කඩ, සුභාෂිතය ලෝවැඩ සඟරාව ආදි ග්‍රන්ථ පරිශීලනයෙන් ලත් පරිචය ,
ප්‍රාගුණ්‍ය හේතුකොට ගෙන සමාජයේ සෙස්සන්ද නිසි මගකට ගෙන එන්නට
නාහිමියන් දිවා රෑ නොතකා අව්ව – වැස්ස නොබලා වේලාව අවේලාව ගැන නොසිතා
තමන්ගේ ජීවිතයම වැය කළේ. කැප කළේ සමාජය යහ මග ගෙන යන්නටය.
සංඝ පීතෘවරයකු ලෙස තමන්ගෙන් සමාජයට සිදුවිය යුතු මෙහෙවර කුමක්ද? යන්න
යථාවබෝධ ඥානයෙන් වටහාගෙන ගිය ගමන නිසයි ඒ මෙහෙවර අදත් සමාජයේ රැව්
දෙන්නේ. ජීවත්ව සිටි සමයට වඩා ජීවිතයෙන් සමු ගත් සමය වඩාත්
උද්දීප්තිමත්ය. ඒ අර අවංක හා පරමාදර්ශි මෙහෙවර නිසාය.
නාහිමියන්ට 1969 දී ඉන්දියා මහා බෝධි සමාගමෙන් ලැබුණු ආරාධනයක් මත
සාරානාත් මූලගන්ධකුටි විහාරයේ අධිපති ධූරය දරමින් එහි කෙටි කලක් වැඩ
සිටියේය.
ඉන් අනතුරුව නේපාලය, ජපානය,කොරියාව ,ප්‍රංශය, ස්විට්සර්ලන්තය,ජර්මනිය,
තායිලන්තය , රුසියාව , එංගලන්තය ආදි රටවල සංචාරය කොට ධර්ම ප්‍රචාරය කොට
එයින් අනුභූති රැසක් ලබා ගත්හ.
පොත පතින් ලබන ඥානයට සමගාමීව ව්‍යවහාරයෙන් ද ඥානය ලැබිය යුතුය යන
නියතයේ නාහිමියන් සිටියේය. මේ අන්ත දෙකම අධ්‍යයනය කිරීමෙන් ප්‍රඥාව
විශද කරගත්තේය.
අන් අය කෙරෙහි පහන් සවේග දනවන ආකාරයේ ධර්ම දේශනා ශෛලියක් නාහිමියන්ට
තිබුණි. පොදුජනතාව කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කරන්නට තරම් වාග් ශෛලියක්
නාහිමියන්ට තිබුණි. සසර කෙටි කරගන්නට බුද්ධ ධර්මය පහදා දෙන්නට
අවශ්‍යතාවක් තිබුණි.අනවරාග්‍ර හෙවත් කෙළවරක් නැති භවයෙන් එතෙරවන්නට
තමන් යත්න දැරුවාක් මෙන් සෙස්සන්ද ඒ මඟට ගෙන එන්නට මහත් පරිශ්‍රමයක්
දැරුවේය.
තමන්ගේ ඥානය කොතරම් ද යත් ශාස්ත්‍රීය සඟරාවලට හා පුවත්පත්වලට ලිපි සිය
ගණනකටත් වැඩි සංඛ්‍යාවක් සපයා ඇති අතර වංසත්ථප්පකාසිනි මසහාවංසටීකා
පරිවර්තනයේ හා දිව්‍යාවදාන සිංහල පරිවර්තනයේ සමකර්තෘත්වය දරා ඇත.
තවද සූත්‍ර , විනය අභිධර්ම යන ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකත්වයද
දරා ඇත. එමෙන්ම මජ්ක්‍ධිම නිකාය, යමක ප්‍රකරණය හා පරිවාරපාලි ග්‍රන්ථ
පරිවර්තනය කරන්නට එක් විය.
සහෘද මනස සකසන නිම්නයාර්ථ භුමිකාවකට ගෙන යාම නාහිමියන්ගේ
අභිප්‍රේථාර්ථය විය. රසඥතාවෙන් හා කලාත්මක ස්වරූපයක් ජනිත කළහොත් පමණි
යහපත් සමාජයක් නිර්මාණය වන්නේ, මේ යථාර්ථය නාහිමියන් මැනවින් දැන
සිටියේය.
උන්වහන්සේ ජීවත්ව සිටි අවධියේ හොඳ යහපත් සද්පුරුෂභාවය,උත්තම පුරුෂාර්ථ
,මානවවාදීත්වය, කළ ගුණ සැලකීම, ගුරු භක්තිය, යන ශ්‍රේෂ්ඨ ගුණාංගයන්ගෙන්
පරිපෝෂිත වූහ. ඒ හේතුව නිසාම ඊළඟ භවය මීටත් වඩා සරුසාරවනවාට කිසිදු
සැකයක් නැත.
අකුරටිය යන පදය අපට අසන්නට ලැබුණොත් එයට සමගාමීවන්නේ අකුරු කරන්නට
යාමය. “අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි” යන චන්ද්‍රරත්න
මානවසිංහයන්ගේ වැකියක් අපගේ මතකයට එක්වෙයි.
අකුරට ගොස් හදපත්ලෙන්ම ධර්මශාස්ත්‍රඥානය ලබා විශ්වාන්තරයට ද එබී බලා
තමන්ගේ ඥානය සෙස්සන්ටද දී සෙස්සන්ගේ ඥානය තමන් උකහාගෙන පැවිදි මගෙහි
සශ්‍රීකත්වය හේතුකොට මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් මහෝපාධ්‍යාය හා
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන ගෞරව නාමයෙන් හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන
සංඝ නායක පදවියෙන් සම්මාන ලැබුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. නා හිමියන්
අකුරට ගිය ගමන තවමත් අපේ හදවතේ රැඳී ඇත. |