Print this Article


අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015 බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර

01. ආනන්ද හිමි, සුද්ධෝදන රජුගේ සොහොයුරාගේ පුත්‍රයාය. හෙතෙම බුදුරදුන් හා සම වයසේ වූ අතර උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරට පත් වූයේ වයස අවුරුදු,

1. 50 දීය
2. 52. දීය
3. 55 දීය
4. 45 දීය
5. 60 දීය

02. ශ්‍රී ලාංකික පාලකයන් හා බෞද්ධ භික්ෂුව අතර පැවති සම්බන්ධතා පිළිබඳ විස්තර විමසා බැලීමේ දී මහාවංශ තොරතුරු වලට අනුව එක් එක් රජවරු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ඇසුර පැවැත් වූ බවට සාධක සටහන්ව ඇත. ඒ අතර දෙවන පෑතිස් රජු හා මහසෙන් රජු ඇසුරු කළ භික්ෂූන් පිළිවෙළින් ඇතුළත් පිළිතුර වනුයේ.

1. මිහිඳු හිමියන් හා මහානාම හිමියන් ය
2. ගෝදත්ත හිමි හා මිහිඳු හිමි ය
3. මහානාම හිමි හා සංඝමිත්ත හිමිය
4. මිහිඳු හිමි හා මහාතිස්ස හිමිය
5. මිහිඳු හිමි හා සංඝමිත්ත හිමිය

03. බුද්ධ කාලීන ආර්ථික පසුබිම ගැන සලකා බලන විට රජවරුන් ගොවිතැන් කටයුතු සඳහා කොතරම් සබඳතාවක් දැක්වූවේද යන්න ඔවුන්ගේ නම් සකස් කර ඇති ආකාරයෙන්ම විද්‍යාමාන වේ. එනම් නමෙහි අගට ‘ඕදන’ යන වචනය එකතු කිරීමයි. සුද්ධෝදන, අමිතෝදන, දෝතෝදන නිදර්ශන වන අතර ‘ඕදන’ යන්නෙන් අර්ථවත් වන්නේ,

1. සහල්ය
2. විළඳය
3. වී කරල්ය
4. බත්ය
5. වප් මඟුලට තවත් නමකි

04. බමුණු ස්වධර්ම සංකල්පය යටතේ වාණිජ කටයුතු පැවරී තිබුණේ වෛශ්‍ය වර්ගයටයි. ආර්ථිකය මෙහෙයවීම මොවුන්ගේ කාර්යයක් වූ අතර කල්යත්ම ධනයෙන් පොහොසත් වීම හේතු කොටගෙන රජවරු මොවුන්ට සිටු තනතුරු ප්‍රදානය කළහ. මෙම සිටුවරු මහා සෙට්ඨි හා උත්තර සෙට්ඨි යනුවෙන් දෙකොටසක් විය. මෙහි උත්තර සෙට්ඨි යනුවෙන් හැඳින්වූයේ,

1. සිටුවරු අතර ප්‍රධානීන්ය
2. සිටුවරු අතර සිටි එතරම් බලවත් නොවූවන්ය
3. ජනතාවගේ කීර්තියට ලක් වූවන්ය
4. සිටුවරුන් තුළ සිටි වැරදි ක්‍රියා කරන්නවුන්ය
5. සිටුවරුන් අතර සිටි බලවත්ම පිරිසය

05. වාණිජකරණය හා නාගරීකරණය තුළින් යහපත් දේ මෙන්ම අයහපත් දේද ඇති විය. සොරකම, මං පැහැරීම, සුරා පානය, දුප්පත් පොහොසත් පන්ති භේද, නගර සෝබනීන් ගේ ක්‍රියා ආදිය අයහපත් දේය. “නගර සෝභනීන්” ලෙස හැඳින්වෙන්නේ,

1. නගරයේ සිටි රූමත් වනිතාවන්ය
2 . බොහෝ සමාජ විරෝධී ක්‍රියා කළ කාන්තාවන්ය
3. විනෝද මන්දිර විචිත්‍රවත් කළ වුන් ය
4. ගණිකා වෘත්තියෙහි යෙදුන කාන්තාවන්ය
5. වටිනා ආභරණ කසි සළු පැළඳ සිටි වනිතාවන්ය

06. සමකාලීන භාරතීය පාලකයන් බුදුරදුන් සමඟ පැවැත් වූ සමීප සම්බන්ධතා විමසීමේ දී කුසිනාරාවේ මල්ල රජ දරුවන් බුදුරදුන් කෙරෙහි පැහැදී “මකුටභන්ධන” නම් ස්ථානයේ බුදු සිරුර ආදාහනය කිරීමට අවස්ථාව ලබා දුන්හ. මෙහි සඳහන් වන “මකුටබන්ධන” යනුවෙන් අර්ථවත් වන්නේ,

1. සාකච්ඡා කරන ස්ථානයයි
2. රාජ සභාවයි
3. අලංකාරතම උයනයි
4. උත්සව ශාලාවයි
5. රාජාභිෂේක ස්ථානයයි.

07. බුදුරදුන්ගේ සූත්‍ර දේශනා යම් යම් කරුණු අරභයා දේශනා කළ ඒවාය. පුද්ගලයාගේ පරිහාණියට බලපාන හේතු සාධක මොනවාදැයි දිනක් දේවතාවෙක් නඟන පැනයක් මුල් කරගෙන බුදුරදුන් විසින් පරාභව සූත්‍රය දේශනා කරන ලදී. මෙම සූත්‍ර දේශනාවේ සඳහන් පිරිහීමේ කරුණු සංඛ්‍යාව වනුයේ,

1. 22 කි
2. 29 කි
3. 21 කි
4. 18 කි
5. 20 කි

08. සොළොස් මහා ජනපද අතර කුරු රට පිළිබඳව භගවත් ගීතාවේ හඳුන්වා ඇත්තේ “ධර්ම ක්ෂේත්‍රය” නමිනි. මෙහි දේශගුණය ද බෙහෙවින් යහපත් වූ අතර මිනිසුන් බුද්ධිමත්, විචාරශීලී, නීරෝගී පිරිසක් වූහ. මෙම කුරු රට වර්තමානයේ හඳුන්වනු ලබන්නේ,

1. දිල්ලිය නමිනි,
2. බිහාරය නමිනි
3. නේපාලය නමිනි
4. භූතානය නමිනි,
5. මුම්බායි නමිනි

09. නිර්මල බුදුදහම කෙරෙහි පැහැදී සමාජයේ විවිධ වැරදි ක්‍රියාවන්වල යෙදුන පිරිස එයින් ඉවත් වී බුදුදහම වැළඳ ගත්හ. ඒ අනුව විශාලාවේ නගර සෝභිනියක් ලෙස ප්‍රසිද්ධව සිට පසුව ඉන් ඉවත් ව බුදුදහමේ ව්‍යාප්තිය පිණිස කටයුතු කරනු ලැබුවේ,

1. පදුමාය
2. සිරිමාය
3. අම්බපාලීය
4. සුන්දරිය
5. අඩ්ඪකාසිය

10. “උප සපන් සෑම භික්ෂුවක්ම වස් විසිය යුතුය” යන්න බුද්ධ නියමය විය. ඒ අනුව යමින් බුදු රදුන් ද වස් ශික්ෂා පදය සමාදන් විය. පුරා වසර 45 ක් පමණ වස් විසූ බුදුරදුන් අන්තිම වස් කාලය එනම් 45 වන වස ගත කළේ වජ්ජි රාජ්‍යයට අයත් වූ ප්‍රදේශයකය. එය නම්,

1. ජීවක අඹ වනයයි
2. කූටාගාර ශාලාවයි
3. අම්බපාලිගේ අඹ උයනයි
4. බේලුව ගමයි
5. සන්තාගාර ශාලවයි.

11. මගධය රාජ්‍ය කර ගත් බිම්බිසාර රජු බුදුරදුන් සමඟ සමීපව කි‍්‍රයාකළ රාජ්‍ය පාලකයෙකි. බුදු සමයේ උන්නතිය උදෙසා බොහෝ කටයුතු සිදුකළ මොහු ලිපි ලේඛනවල ද ධර්මය ලියූහ. එසේ ලියූ ලේඛන මඟින් බුදුදහම වැලඳගෙන තම රාජ්‍යය ද අතහැර පැවිදි වූ බුද්ධ කාලීන රාජ්‍ය පාලකයා වූයේ,

1. ගන්ධාරයේ පුක්කුසාති
2. අවන්තියේ චණ්ඩපජ්ජෝති රජුය
3. වත්ස රාජ්‍යයේ පරන්තප රජුය
4. මල්ල ජනපදයේ රජුය
5. කෝසල රාජ්‍යයේ කොසොල් රජුය

12. ගණතන්ත්‍ර රාජ්‍ය පාලනයක් පැවැති, සැරියුත් හිමි සංගීති සූත්‍රය දේශනා කළ, චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වනය පිහිටි, බුදුරදුන් නිතර වැඩිය, යන විශේෂ සිදුවීම් සිදු වූ ජනපදය වූයේ,

1. මල්ල රාජ්‍යයය
2. වජ්ජි රාජ්‍යයය
3. චේති රාජ්‍යය
4. සුරසේන රාජ්‍යය ය
5. පංචාල රාජ්‍යයය

13. බුදුරදුන් දක්ෂතා හා සුවිශේෂි ගුණ ප්‍රදර්ශනය කළ සිව්වනක් පිරිසටම අගතනතුරු ප්‍රදානය කළ බව අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙහි සඳහන් වේ. ඒ අනුව ධර්ම කථිකයන් අතර අග්‍රස්ථානය ලබන ලද උපාසකවරයා වූයේ,

1. උග්ග ගෘහපතියාය
2. මහානාම ගෘහපතියාය
3. චිත්ත ගෘහපතියාය
4. සුදත්ත ගෘහපතියාය 5. උපාලි ගෘහපතියාය

14. බුදුරදුන් සාසනයේ චිර පැවැත්ම සඳහා යම් යම් අවස්ථාවල කලානුරූපීව විනය ශික්ෂා පනවා ඇත. එසේ දේශිත “විනයෝ නාම සාසනස්ස ආයු” යන බුදුවදනේ අර්ථය වඩාත් ගැළපෙනුයේ

1. ආයුෂ තිබේනම් විනය පවතින බවයි
2. ශාසනය තිබේනම් ආයුෂ පවතින බවයි
3. ශාසනය පවතින්නේ ආයුෂ මත බවයි
4. විනය යනු ශාසනයේ ආයුෂය වන බවයි
5. විනය යනු ශාසනයේ ආයුෂය නොවන බවයි

15. පුද්ගලයෙකු විසින් කළයුතු යහපත් ක්‍රියා පුණ්‍ය ක්‍රියා ලෙසින් සලකනු ලැබේ. එයට තවත් වටිනාකමක් ලබා දෙමින් බුදුරදුන් දස පුණ්‍ය ක්‍රියා දේශනා කර ඇත. මෙහි සඳහන් වන ‘අපචායන’ යනුවෙන් දැක්වෙන්නේ,

1. ගරු කළ යුත්තන්ට ගරු කිරීමයි
2. ගුරු දෙමාපිය අසරණාදීන්ට වතාවත් දැක්වීමයි
3. පින් අනුමෝදන් වීමයි
4. තමා රැස් කළ පින් අනුමෝදන් කිරීමයි
5. දහම් ඇසීමයි

16.සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙන් විස්තර කරන “අජද්ධු මාරික” යන තැනැත්තාගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ,

1. සම්පත් අණුවන ලෙස පරිහරණය කරන අයෙකු වීම
2. අධික සැප සම්පත් පරිහරණය කරන අයෙකු වීම
3. මනා කළමනාකරණයකින් සම්පත් පරිහරණය කරන අයකු වීම
4. නොකා නොබී මියැදෙන අණුවන අයෙකු වීම
5. සම්පත් අනූන ලෙස පරිහරණය කරන අයෙකු වීම

17. දැඩි අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ මහාවීර තුමා කර්මය පිළිගනිමින් කිරිවාදයක් ඉදිරිපත් කරන ලදී. එවක භාරත වැසියන් බොහෝ පිරිසක් මොහුගේ දර්ශනයට පැහැද සිටි අතර විනය පිටකයෙහි ඇතැම් ශික්ෂාපද පැනවීමට හේතු වූයේ ජෛනයෝය. කර්මවාදියෙකු ද වූ මහාවීරයන් කර්මයද කොටස් අටකට බෙදා දක්වන ලදී. එහි සඳහන් මෝහනීය කථමය යනු,

1. නුවණ මුළා කරන කර්මයයි
2. ආත්මය කිළිටි කරන කර්මයයි
3. ආයුෂ නිමා කරන කර්මයයි
4. අතුරු බාධා ඇති කරන කර්මයයි
5. දියුණුව හා පරිහානිය ඇති කරන කර්මයයි

18. දැහැමි රාජ්‍ය පාලකයෙකුගෙන් මූර්තිමත් විය යුතු ප්‍රතිපත්ති සමූහයක් බුදුරදුන් විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රේෂ්ඨ පාලකයෙකු තුළ තිබිය යුතු උසස් ගුණාංග 10 ක් දසරාජ ධර්ම නමින් හඳුන්වා ඇත. එම ධර්මයන් ඇතුළත්කොට දේශිත දේශනා පාඨය වනුයේ,

1. ධානං සීලංච නෙක්ඛම්ම
2. සබ්බ දානං ධම්ම දානං
3. ධම්ම චරේ සුචරිතං
4. ධානං සීලංච භාවනා
5. ධානං සීලං පරිච්ඡාගං

19. දැහැමිව ධනෝත්පාදනය කරන පුද්ගලයාට ලැබෙන සැප හතරක් අංගුත්තර නිකායේ අණන සූත්‍රයෙන් විස්තර කෙරේ. එහි සඳහන් උපයාගත් ධනය තුළින් දැහැමිව ජීවත් වීමෙන් ලබන සුවය.

1. අත්ථි සුඛය නම් වේ
2. භෝග සුඛය නම් වේ
3. අණන සුඛය නම් වේ
4. අනවජ්ජ සුඛය නම් වේ
5. අනරිය සුඛය නම් වේ.

20. ශක්‍රදේවේන්ද්‍රයා මනුලොව දෙසට නමස්කාර කරමින් පැවසූ “යෙ ගහට්ඨා පුඤ්ඤකරා” යන ගාථාවෙන් ප්‍රකට කරන පූර්වාදර්ශය නම්,

1. භාවනා කරනු ලබන පුද්ගලයා දෙවියන්ගේ පවා වන්දනාවට ලක්වන බවය
2. ධර්මය ශ්‍රවණය කරනු ලබන පුද්ගලයා දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බවය
3. ශ්‍රද්ධාවන්ත පුද්ගලයා දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බවය
4. සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන පුද්ගලයා දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බවය
5. කාම භෝගී ජීවිතයක් ගත කරන්නේ නම් දෙවියන්ගේ පවා වන්දනයට ලක්වන බවයි.


පිළිතුරු

01. 3
02. 5
03. 4
04. 2
05. 4
06. 5
07. 3
08. 1
09. 3
10. 4
11. 1
12. 1
13. 3
14. 4
15. 1
16. 4
17. 5
18. 1
19. 4
20. 4