ආගමික පරිසරය සකසා ගන්න
අම්බලන්ගොඩ
කහව ගල්දුව
ශී‍්‍ර ගුණවර්ධන යෝගාශ්‍රමයේ
කහගොල්ලේ සෝමවංස හිමි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කුඩා, වැඩිහිටි කොයිකාට වුණත්
යහපත් ජීවනෝපායක් ගොඩනඟා ගැනීමට බුදු දහමෙන් ලැබෙන පිටිවහල වැදගත්.
යහපත් ගුණ දහමින් දිවි මඟ ඉදිරියට ගෙන යාමට, රැකියාවක් කිරීමට, දු
දරුවන්ගේ අධ්‍යාපනය ඵලදායි කරගැනීමට බුදු දහම උපයෝගි වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශාසනය තරම් වටිනා දහමක් ලොවේ කොහේවත් නෑ. ශීල,
සමාධී, ප්‍රඥා ගුණ දියුණූ කරපු වටිනා දහමක්. කුඩා දරුවාගේ පටන් මහල්ලා
දක්වාම හැමෝටම නීති පහක් තිබෙනවා. 1.සතුන් මැරීමෙන් වැළකීම 2.සොරකමෙන්
වැළකීම 3.කාම මිථ්‍යාචාරයෙන් වැළකීම 4.බොරු කීමෙන් වැළකීම 5. මත්පැනින්
වැළකීම මේ නීති පහ සෑම දෙනාම ආරක්ෂා කළ යුතුයි. එසේ නොකරන්නා ‘පාපතර
පුද්ගලයෙක්’ ලෙස හඳුන්වනවා. යම් කිසි පුද්ගලයෙක් මේ ශීලය රකිනවා නම්
කුසලවන්තයෙක්. නැණවන්තයෙක්, ගුණවන්තයෙක් නමින් ගුණ වර්ණනාවක් කෙරෙනවා.
පවට ගිජු වූ තැනැත්තා මිය ගියොත් “අපෝ! ඒ මනුස්සයා මැරුණ එක බොහොම
හොඳයි. කියනවා. ගුණ වන්තයා මිය ගියොත් ‘අපරාදේ! ඒ මනුස්සයා මැරුණෙ
කියලා ගුණ කථනයක් දැක්වෙනවා.
එහෙමනම් පින්වතුනි, අප මේ කථා ප්‍රවෘත්ති දෙකම එකට අරගෙන පවින් වැළකිය
යුතුයි. යහපත් ගුණ දහම් දියුණු කිරීමට අවශ්‍යයයි. තුනුරුවන් වැඳීමට
පිදීමට පුරුදු පුහුණු වෙන්න. මවට, පියාට, ගුරුවරයාට උපස්ථාන කිරීම
උතුම් ගුණාංගයක්. ඒ තැනැත්තා ‘ගුණවන්තයා’ නමින් හඳුන්වනවා. ගුණ දහමින්
වළකින පාපකාරි පුද්ගලයාට ‘දේවදත්ත හාමුදුුරුවො වගේ ‘ කියලා උපමාවකුත්
දැක්වෙනවා. එහෙනම් , බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය ලබා ගත්ත අපි “ශීල,
සමාධි, ප්‍රඥා ධර්මතා දියුණු කළ යුතුයි. වැඩිහිටියන් නැමදීම, දහම්
පාසල් අධ්‍යාපනය ලැබීම, ගමේ ආගමික ජාතික වැඩසටහන්වලට සහභාගි වීම
අවශ්‍යයි. එහෙම වුණොත් ඒ ළමයාගේ විනය බොහොම පි‍්‍රයජනක වේවි. ඇතැම්
දරුවො මව්පිය උපස්ථානයෙන් වළකිනවා. මව්පියන් මහලු මඩම්වලට යවනවා. සමහර
දරුවන් කෑකෝ ගසමින් මවට පියාට කරදර කරනවා.
නිග්‍රහ කරනවා. ඒ දරුවන්ට ගෙවන්න වෙන පව නියතයි. සිල්වත්, ගුණවත්
උතුමන්ට, මවට පියාට, ගුරුවරුන්ට අපහාස කරන අයට ලැබෙන විපාක අපමණයි.
ඔවුන් සංසාරයේ දද, වන, කුෂ්ඨ, පිළිකාවන්ගෙන් පීඩා විඳිනවා. සමාජයේ මුළු
ගැන්වෙනවා. සංසාරයෙන් එතෙර වීම් ලේසි නෑ. ‘අමාරුයි’ එහෙමනම් තවත් පව්
රැස්කරගන්න හොඳ නැහැ. අනුරුද්ධ තෙරුණුවන්ට නැගණියක් හිටියා. ඇය කුෂ්ඨ
රෝගියෙක්. ඒ තැනැත්තියට මේ තත්ත්වය ලැබුණේ සිල්වත්, ගුණවත් උතුමන්ට
අපහාස කළ නිසයි. ‘සුප්‍රබුද්ධ නමින් කුෂ්ඨ රෝගියෙක් හිටියා. ඔහු නිසා
පළාතම දුගඳ හමනවා. හරිම පිළිකුල් සහගතයි. ඒක තමයි සිල්වතුන්ට,
ගුණවතුන්ට නිග්‍රහ කරන අයට සිදුවන විපාකය. පසුගියදා එක්තරා පුද්ගලයෙක්
භික්ෂූන් වහන්සේට නිබඳවම බනිනවා. ඔහු මිය යන්න කලින් සම්පූර්ණයෙන්ම
සිරුර වණ වුණා. තුනුරුවන්ට නිගරු කරන අයට ලැබෙන විපාකය අපට ඇස් පනාපිටම
දැකගන්න පුළුවන්. මව්පියන්ට අපහාස කරන අයටත් ලැබෙන විපාකය දරුණුයි.
ඔවුන් හදවතින් නිරතුරුවම දැවෙනවා. තැවෙනවා , පිළිස්සෙනවා. පසුගියදා මව
ඝාතනය කරපු ළමයා,අනේ! මගේ පපුව පිච්චෙනවා කියමින් දුක් අඳෙීනා නගනවා.
අන්න බලන්න. කොහොමද විපාකයෙ තරම? මරණය ලඟ වෙන්න ළඟ වෙන්න ඒ ළමයා ආහාර
ගැනීමෙන් වළකිනවා. ඒ නිසා පපුව දැවෙනවා වගේ දැනෙනවා. ගිනිදැල් මැවි
මැවී පේනවා. මිය ගියොත් අවීචියේ දුක් කරදර විඳවනවා. මේ පාපයෙන්
වැළකින්න කාටවත් බෑ. පාපයෙන් වැළකීමට තරම් කුසලයක් ලොවේ කොහේවත් නෑ.
අජාසත්ත රජතුමාට සෝවාන් වීමට පින තිබුණත් කරපු අපරාධය බලවත් වුණා. ඔහු
පියා මැරීමේ විපාකයෙන් අවීචියේ දැවෙමින්, තැවෙමින් දුක් විඳිනවා.
මෙවැනි කරුණු සිතෙහි දරාගෙන කුඩා දරුවන් මව්පියන්ට උපස්ථාන කරන්න,
වැඩිහිටියන්ට නමඳින්න. මව්පියන්ට කිසිවිටකත් අපහාස කරන්නට එපා. එහෙම
කීකරු ගුණවත් දූ දරුවන්ට ලැබෙන දියුණුවත් රැකවරණයත් අපමණයි.
එහෙම වුණොත් අපේ ජීවිත ගොඩක් අගෙයි. දරුණු ආබාධයන්ගෙන් පෙළෙන ඇත්තන්
තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කළ යුතුයි. බොජ්ඣංග සූත්‍රය, ධජග්ග සූත්‍රය,
රතන සූත්‍රය, සජ්ඣායනා කළ යුතුයි. පිරිතේ බලය දරුණු ආබාධයන්ට සුවයක්.
එහෙමනම් , පිරිතට අපේ ගරු බුහුමන් පුද කළ යුතුයි. අසාධ්‍ය රෝගීන් පවා
සුවපත් කරන්න තරම් මේ ධර්මය බලවත්. ඒ වගේම තුනුරුවන්ගේ බලයෙන් අපට
නැගෙන අපල, මාරක, බාධක සුවපත් කරන්න පුළුවන්. කුඩා, තරුණ, වැඩිහිටි
සැවොම තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන වරක් පාසා සිදුවන පින අපමණයි. අපි
හිතමු, කේන්දර කොපියේ සටහනක් තිබුණා ‘අත, පය කැඩෙනවාම කියලා. තුනුරුවන්
ගෙ ගුණ මෙනෙහි කළොත් මේ අපලය දුරුකර ගන්න පුළුවන්. .තුනුරුවන්ගේ බලය
අත්හදා බලන්න. අනන්ත බුද්ධ ආදි උතුමන්ගේ ගුණ බලයෙන් අපේ ජීවිත සවිමත්
කර ගන්න. පෝයට සිල් සමාදන් වීම කොයි කාට වුණත් වැදගත්. දිනපතා පන්සිල්
සුරකින්න. මවයි, පියයි වාසය කළ යුත්තේ වාද භේද නැතිවයි.
ඒ මඟ යන දරුවොනුත් මවට, පියාට යටහත්ව කීකරුව සිටියොත් ඒ පවුල බොහොම
ලස්සනයි. බැබළිීමක් තිබෙනවා. හැම ගෙදරක්ම මෙහෙම වුණොත් මේ ලෝකය කොපමණ
අගේ ඇතිද? එහෙමනම් සෑමදෙනාම සම්බුදු සසුන වැළඳගෙන සිල්වත්, ගුණවත්
ගුණාංගයන් දියුණුූ කරගනිමින් මෙලොව ජීවිත සරු සාර කරගන්න. තෙරුවන්
නමඳිමින් පින වැඩි කරගෙන ආගමික පරිසරය සකසා ගන්න. ඔහොම වුණොත් දරුවොත්
බොහොම හොඳයි. තරුණ වයසෙ ළමයිනුත් බොහොම හොඳයි. වියපත් වුණු අයත් හොඳයි.
කරුණාව, මෛත්‍රිය. දයාව අනුකම්පාව දියුණු කරගත යුතුයි. ඇයි හොඳයිකම්
හොඳට පවත්වා ගනිමින් සමඟියෙන් සමාදානයෙන් කටයුතු කළ යුතුයි. ඉවසීම
පුරුදු පුහුණු කර ගැනීම ජීවිතයකට අනිවාර්යයි. සෑම යහපතකටම දක්ෂයෙක් වී
කටයුතු කළොත් අපේ ජීවිත සවියෙන් බලවත් වේවි. මෙවැනි ගුණාංගයන් සිතෙහි
දරාගනිමින් යහපත උදාකරගෙන නිවන් මඟ පසක් කර ගනිමු.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |