|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජුනි 02 වනදා අඟහරුවාදා |
||||
බුද්ධ කාලයේ පැවති සොළොස් මහා ජනපද අතර වජ්ජි ජනපදය විශේෂ තැනක් හිමි කරගත්හ. එහි අගනගරය වූවේ විසාලා මහ නුවරයි. පැටිනා නගරයේ සිට විසාලා මහ නුවරට ඇත්තේ කිලෝ මීටර් 56 ක දුරකි. රජගහනුවර සිට කිලෝ මීටර් 102 කි. පැටිනා නාලන්දා යන ස්ථානයන් බිහාරයේ දකුණූ ප්‍රදේශයේ පිහිටි අතර විසාලා මහ නුවර පිහිටා ඇත්තේ උතුරු බිහාරයේය.ගංගා ගඟින් එතෙර වීම සඳහා කිලෝ මීටර් 7 1/2ක පාලමක් චීන සමූහාණ්ඩුව විසින් මහත්මා ගාන්ධිතුමාට උපහාරයක් පිණිස ගාන්ධි සේතුම් නමින් තනවා ඇත. ගාන්ධී පාලමෙන් එතෙර වී විසාලා මහ නුවරට යා යුතුය. බුදු හිමියන්ගේ කාලයේ විසාලාව මහ නුවරක් ලෙස හැඳින්වුනත් අද එය වෛශාලී නමින් හැඳින්වෙන සාමාන්‍ය ග්‍රාමයකි. එහෙත් බෞද්ධ සැදැහැතියන්ට මෙහි ඇති වැදගත්කම අති විශාලය. සොළොස් මහා ජනපදයන් අතර විශිෂ්ටත්වය හිමි කරගත් වජ්ජි ජනපදයේ අග නගරය වූයේ විසාලා මහ නුවරය. බුදුරජාණන් වහන්සේ ඉතාමත් පි‍්‍රය කරන ලද රාජධානියකි. ඊට ප්‍රධාන හේතුව ලිච්ඡවී රජවරුන්ගේ රාජ්‍ය ව්‍යවස්ථාව සප්ත අපරිහානි ධර්මය පදනම් කොට සකස් වී තිබුණාහ. මෙයින් වජ්ජි ජනපදය වැදගත් වන්නේ එය ලෝකයේ පළමු වැනි සමුහාණ්ඩුව පිහිටි ජනපදය වූ නිසාය. ලිච්ඡවී රජ දරුවන්ගේ මනා පාලනයෙන් හෙබි මේ ජනපදයට අප තථාගතයන් වහන්සේගේ ඉමහත් පැසසුමට ලක් විය. මෙහි පාලන ව්‍යවස්ථාව අද දවසේ වුවද හැදෑරීම අගනා කාර්යයක් වනු ඇත. රටවැසියන් මහත් සැනසීමෙන් හා සාමයෙන් ජීවත් වූහ. රූප ශෝභාවෙන් පමණක් නොව උසස් ගුණාංගයන්ගෙන්ද ඔවුහු දෙවියන් හා සමාන වු ශ්‍රේෂ්ඨ පාලකයෝ පිරිසක් වූහ. ලිච්ඡවීන්ගේ රාජ ව්‍යවස්ථාව සප්ත අපරිහාණිය ධර්මය පාදක කොටගෙන සැකසිණි.
විසාලා මහ නුවර එකල ඉතා රමණීය වැව්පොකුණු ආදියෙන් සුසැදි අලංකාර නගරයක් විය. එහි විචිත්‍රභාවය බුදු මුවින් ම විස්තර කර ඇත. බුද්ධත්වයෙන් පස්වන වස්කාලය අප තථාගතයන් වහන්සේ විසාලාවට වැඩම කළහ. පස්වන වස් කාලය ගත කළේ විසාලා වේ කූටාගාර ශාලාවේය. අදත් එහි නටබුන් ඔබට දැකගත හැකිය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතර මහා සිහනාද, තේවිජ්ජ , මහාලි, චුල්ල සච්චක, මහා සච්චක , වජ්ඡ ගොත්ත සුනක්කත්ත යන සූත්‍ර විසාලා මහනුවර වැඩ වාසය කරන සමයේ දේශනා කරන ලදී. බුද්ධ කාලයේ විසාලා මහනුවර තුන් බියක් පැතිරිණි. වැසි නැති වීමෙන් දුර්භික්ෂය හට ගත්තේය. වසංගත රෝග පැතිර ගියේය. අමනුෂ්‍ය උවදුරුද ඇති විය. මේ තුන් බිය නැති කිරීමට විසාලා මහනුවරට වඩින්නැයි ලිච්ඡවී රජවරු බුදුරදුරන්ට ආරාධනා කළහ.
තවත් කොටසක් පොසොන් අව අටවක පොහෝදා ජුනි 09 වනදා පත්‍රයේ පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 39
|
|||||
|
©
2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම |
|||||