හෙළය එළිය කළ දිනය පොසොන් පුර පසළොස්වකයි
අනුරාධපුර ශී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ,
උතුරුහා උතුරු මධ්‍යම ,දෙපළාතේ ප්‍රධාන සංඝනායක
නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි
මේ පිළිබඳව සිතීමට පළමු විමසිය යුතු කරුණු කිහිපයකි. එහිලා ලක්දිව
පිහිටීම, ජනාවාස වීම, ප්‍රධාන තැනක් ගනී. ලංකාද්වීපය මෙහිලා හෙළය නමින්
හඳුන්වමි. එය පිහිටා ඇත්තේ උත්තර අක්ෂාංශ 5.55’ සහ අංශක 9 .51’ අතරය.
ඉන්දීය අර්ධද්වීපයේ දකුණින්ය. කෙළවරින් වෙන්ව ඇත්තේ මන්නාරම් බොක්කෙන්
සහ පෝක් සමුද්‍ර සන්ධියෙන්ය. මේ අතර මූදේ ඉතා පටු තැන රාමසේතුව (ආදම්ගේ
පාලම) ය. එය සැතපුම් විස්සක් පමණ පුළුල්ය. අඹ ගෙඩියක් වැනි ස්වරූපය ගත්
මෙහි උතුරේ සිට දකුණට දිග සැතපුම් 270 කි. නැගෙනහිර සිට බටහිරට පළල
සැතපුම් 140 කි.
ක්‍රිස්තු පූර්ව වර්ෂ දහස් ගාණක් පැරණි මෙහි ඉතිහාසය මෙහිලා අවශ්‍ය
නොවේ. ලිපියේ මූලික පරමාර්ථය පොසොන් පෝය ගැන කතා කිරීමය. අද අපි මෙම
දිනයට සමරන්නේ ලක්දිව බුදුසමය ස්ථාවර වූ දිනයට හැටියටය.
නමුත් ඊට පෙර ප්‍රාග් බෞද්ධ යුගයක් හඳුන්වා දිය හැකිය. ඉතිහාසයට අනුව
සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කර
තිබෙන බව අපි දනිමු. එහි පළමුවැන්න යක්ෂ දමනය සඳහා මහියංගණයට පැමිණීමය.
මෙය සිදුවූයේ බුද්ධත්වයෙන් නවවෙනි මස දුරුතු පුර පසළොස්වක දිනයයි.
මෙදින බිම්තැන්නේ යක්ෂයන් දමනයකොට මහා සුමන දිව්‍ය රාජයාට කේශ ධාතු
අටමිටත් දීමය. ඒවා තැන්පත් කොට මහියංගණ සෑය සෑදිය. එසේම බුද්ධත්වයෙන්
පස්වෙනි වර්ෂයේ බක් මස අමාවක් පෝදින ලක්බිමට වැඩ වදාළේ නාග ගෝත්‍රික
චුලෝදර හා මහෝදර දෙදෙනා මාණික්‍යමය පීඨයක් සඳහා ඇති වූ කලහයක්
සන්සිඳවීමටය. ඒ කැලණිපුරයයි. එම වාරයේම නාගදීපයට වැඩිය.බුදුරජාණන්
මණිඅක්ඛිත නා රජුට ඔහුගේ පූජා වස්තුවක් ඉල්ලා ගැනීමේ අදහසට අනුව තමන්
වහන්සේට පූජා වශයෙන් ලැබුණූ මැණික්පුටුව හා සමිද්ධි සුමන දෙවියන්
විසින් තමාට සෙවණ පිණිස රැගෙන ආ කිරිපලු නුගරුකක් ලබාදී ඇත. එසේම
බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදී වෙසක්පුර පසළොස්වක දිනයේදි මණිඅක්ඛිත නා
රජුගේ ආරාධනවෙන් කැලණියට වැඩම කොට සුමන දෙවිඳුගේ ඇරයුමෙන් සමනළ පර්වතය
මත සිය වම් සිරිපතුල් පිහිටවූවා. අනුරාධපුරයට පැමිණ, ස්ථාන කිහිපයකම
පූජනීයත්වයයට වැඩිකොට කටයුතු කළ සේක.
එසේම බුදුරදුන් මෙහි වැඩමවීමට පෙර වෙළෙඳ දෙබෑයන් වන තපස්සු භල්ලුක
දෙදෙනා තමනට ලැබුණු කේශ ධාතු කොටසක් තැන්පත්කොට තිරියායේ ගිරිහඬු සෑය
ඉදිකළ සැටි ඉතිහාසගතව ඇත.
මේ සිද්ධීන් අනුව මිහිඳු හිමි පැමිණීමට පෙර ලක්දිව එක්තරා දියුණු
මට්ටමකින් බුද්ධාගම පැවතුණු බව සිතිය හැකියි.
නමුත් බුද්ධාගම රාජ්‍යාගම බවට පත්ව මෙරට ස්ථාවර වූයේ මහින්දාගමනයෙන්
පසුවය. එය සිදුවූ අයුරු ලක්වැසි වත්මන් බෞද්ධයන්ට නැවත නැවත මතක් කළ
යුතු නොවෙතත් ආධුනිකාවබෝධය සඳහා දැනුවත් කළ යුතුව ඇත. ඉන්දියාවේ
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවති ධර්ම සංගායනාවන් අතර අතිශයින්ම
වැදගත් වූයේ ධර්මාශෝක අධරාජයා විසින් පවත්වන ලද්දයි. එහිදී රටවල් 9 කට
බුදුදහම යවනු ලැබීය.
මේ අයුරින් ලක්දිවට පැමිණියේ අනුබුදු මිහිදු හිමියන් ප්‍රධාන ඉට්ඨිය,
උත්තිය. සම්බල, භද්දසාල යන උපසපන් හතරදෙනාත් සමඟ සුමන සාමණේරයාණන්
වහන්සේත් භණ්ඩුක උපාසකයාත් යන පිරිසයයි.
මිහිඳු හිමියන්ට දෙවන පෑතිස් රජු මුණගැසුණේ රජුගේ දහ අටවැනි රාජ වර්ෂයේ
හෙවත් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස්හයවැන්නේ පොසොන් මස පුර
පසළොස්වක මිහින්තලයේදීය .එදින මේ රටේ සැණකෙළියක් විය. නිරිත දිග මෝසම්
සුළං වර්ෂාව ලබාගැනීමට පජීණ්‍ය දෙවියන්ට කෙරෙන උත්සවයකි. මහ පිරිස් සමග
මුව දඩකෙළියේ ගිය රජු මුවා ලුහුබැඳ යද්දි හදිසියේම තමාගේ නම කියා කතා
කෙරෙන හඩක් ඇසුනි. මේ හඩ අසා වට පිට බැලු විට ගල මත සිටි භික්ෂු
ස්වරූපය දැක රජු බියට පත්විය. එහෙත් මෙසේ කියනු ඇසිනි” මහරජ අපි
ධර්මරාජයාණන් වහන්සේගේ දූතයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට
මෙහි පැමිණියෝ වෙමු” යනුයි.
සමණා මයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා යනු එසේ දුන් පිළිතුරු විය.
රජුගේ බුද්ධිය දැන ගනු පිණිස මිහිඳු හිමි රජුගෙන් තවත් ප්‍රශ්න
කිහිපයක්ද ඇසීය. ඥානාන්විත පිළිතුරු ලැබූයෙන් මෙහිදී විශේෂ අනුශාසනාවක්
කරන ලදී. මෙහිදි රජුට අශෝක රජතුමාගේ ලිපිය මතක් විය. ධර්මාශෝකාධි රාජයා
ලක් රජුගේ අදෘශ්‍යමාන මිත්‍රයෙක් විය.
මේ මහින්දාගමනෙන් පසු ලංකාවේ ලංකා සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට යොමු
විය. ඊට පෙර අරිට්ඨ ඇමතියා ප්‍රධාන පිරිස කුළු බඩු රැගෙන දම්සෝ රජු
හමුවීමට පිටත්කර තිබුණි. රජු මේවා දැක සතුටට පත්ව දූත පිරිසේ
ප්‍රධානියාට සේනාපති පදවියද බ්‍රාහ්මණයාට පුරෝහිත කමද ඇමතියාට දණ්ඩ
නායක ධුරයද ගණකට සිටු තනතුරු ද සෙසු පිරිසට සුදුසු සත්කාර සම්මාන
පිරිනමා ලක් රජුගෙ දෙවෙනි අභිෂේකයට වල් විඳුනාව, නළල් පටිය, මඟුල්
කඩුවක්, සේසතක්, මිරිවැඩි සඟලක් , ඉස්වෙළුමක් (මෝලියක්) කර්ණාභරණ
ජෝඩුවක් , රන්දාමයක්, කෙණ්ඩියක්, හරිසඳුන් අළුත් වස්ත්‍රාභරණ හා අත්
පිස්නක් අරුණුවන් මැටි, අනෝතත්තවිලේ හා ගංගා නදී ජලය, දක්ෂිණාවෘත්ත
ශංකයක්, රන් රිදී තැටි ආදි භාජන, සිවිකාවක්, අරළු, නෙල්ලි, අමා ඔසු යන
මේවා සහ දහම් පඬුරු රැසක් රජු වෙත එවා තිබුණි. ඒ අතර වැදගත්ම ලිපිය
වූයේ. මම බුද්ධ ධම්ම සංඟ යන රත්නත්‍රය සරණ ගොස් සිටිමි. එහෙයින් උතුම්
රජතුමනි ,ඔබත් මේ උතුම් තෙරුවන් සරණ යනු මැනවි යන්න ඇතුළත් පණිවිඩයයි.
මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පසු මේ සියල්ල ඒ අයුරින්ම සිදුවිය. එදා
රාත්‍රියේ මිහින්තලයේ වැඩ සිටි පිරිස රජුගේ ආරාධනාවෙන් පසුදා රජවාසල දී
කරවන ලද මණ්ඩපයක වැඩ සිට සුළු ඇත්පද උවම් සුතුරින් ධර්ම දේශනාවක් කරන
ලදී. මෙහිදී සිදුවූ විශේෂ සිද්ධිය වූයේ පැමිණි පිරිසට බණ ඇසීමට ඇත්හල
යොදා ගත්තත් එයද ඉඩ මදි වී මහමෙව්නා උයනේ ශ්‍රී මහා බෝධිය පිහිටි තැන
සකස් කර ගැනීමය.
ඒතරම් විශාල පිරිසක් ධර්ම ශ්‍රවණයට පැමිණියහ. එදවස පටන් මේ වනතුරු
විවිධ දුෂ්කරතා මධ්‍යයේ බුද්ධාගම රැක ගැනීමට හැකිවූයේ ලක්වැසියන් තුළ
පවත්නා ආගමික විශ්වාසය මඟින් ගොඩනැඟුණු සමගිය නිසයි.
මුළු ලංකාද්වීපයේම සාගරය වටා වෙරළේ බෞද්ධ සිද්ධස්ථාන විය. වර්තමානයේ
සෑම ගමක, නගරයකම බෝ වෘක්ෂයක්, චෛත්‍යයක්, විහාරස්ථානයක්, ධර්ම ශාලාවක්
සහිත සිද්ධස්ථාන දක්නට ඇත. ලංකාවාසී තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ජාතික,
ආගමික, අධ්‍යාපනික සමාජ සේවාවක්ම පරාර්ථය සඳහාම නොපසුබට උත්සාහයෙන් ගෙන
යනු ලබයි.
ලංකාද්වීපය ශී‍්‍ර යන නාමයට යෝග්‍ය වූයේ ඒ නිසාවෙන්මය. ස්වාභාවික
විපත්වලින් කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධී ඊර්ෂ්‍යා පරවශ ඇතැම් පිරිස්
විසින් ඇති කළ සමාජ අර්බුදකාරි දුෂ්ට ක්‍රියාවන්ගෙන් සිදු වූ විපත්
කරදර සුළුපටු නොවන බව වත්මන් සමාජයට තේරුම් ගැනීමට තරම් බැරිකමක් නැත.
අතීතයේ මෙන්ම වර්තමානයේත් අනාගතයටත් සිංහල බෞද්ධයන්ගේ සමගිය රැක ගැනීම
මිහිඳු අනුබුදු හිමියන්ට කෙරෙන මහඟු දායාදයයි. එනමින් සිදුකර ගත හැකි
පුණ්‍ය කර්මයයි. ප්‍රදර්ශනාත්මක ක්‍රියාවකට වඩා ආධ්‍යාත්මික දියුණුවට
කටයුතු ඉටු කළ යුතුවේ. බුදුසමය රැක ගැනීම මිහිඳු හිමියන්ට කෙරෙන උතුම්
පරිත්‍යාගයක් බව සඳහන් කරමු. |