Print this Article


බුදු දහමයි ගිහි දිවියයි 12 බුදු දහම හා ගිහි ජීවිතය

බුදු දහමයි ගිහි දිවියයි 12

බුදු දහම හා ගිහි ජීවිතය

යම්සේ බඹරු සුවඳ ඇත්තා වූ පුෂ්පයන් වෙතම පැමිණෙන්නා හු ද එමෙන්ම දිව්‍යලෝකවල ආයුෂ පිරිහී ගියා වූ දිව්‍ය පුත්‍රයෝ එය දැන “අප මනුෂ්‍ය ලෝකයේ කවර නම් ස්ත්‍රියකගේ කුසෙහි උපදින්නෙමුද, කවරෙකු පියාණන් කොට ලබන්නෙමු ද? වශයෙන් මනුෂ්‍ය ලෝකය දෙස බලන කල්හී යම් ස්ත්‍රියක් සුචරිතයෙහි යෙදී වාසය කරන්නී ද, දානාදී කුශල කර්මයන් හී යෙදෙන්නී ද, ස්ත්‍රියගේ කුස පිළිසිඳ ගන්නෝ ඒකාන්තයෙන් සුචරිතවත් වූවෝ වෙති” යනු බුද්ධ දේශනාවයි. එබැවින් යහපත්, ගුණවත්, නැණවත් දරුවන් ලබා ගැනීමට නම් පළමුකොට දෙමව්පියෝ ශීලාදි ගුණධර්මයන්ගෙන් සමන්විත වූවෝ විය යුතුය . තමා අදහන ආගම දහම කෙරෙහි පේ‍්‍රමයෙන් කල්යැවීම විශේෂයෙන් අඹු සැමි දෙදෙනා විසින් නොපිරිහෙළා කළ යුත්තකි.

භාර්යාවෝ සත් දෙනා

යහපත් පවුල් දිවියක් ගත කිරීමේ හැකියාව බිරිඳකගේ ඇවතුම් පැවතුම් අනුව සිදුවන්නකි. විවිධ ලක්ෂයන්ගෙන් යුත් භාර්යාවන් ද මේ අතර දක්නට ලැබේ. ඒ බව සත්ත භරියා සුත්‍රයෙන් බුදුරදුන් මැනවින් පෙන්වා වදාළහ. දිනක් බුදුරදුන් අනාථපිණ්ඩික සිටාණන්ගේ සිටු මාලිගයට වැඩම කරන ලදී. වෙනදාට නැති මහා ඝෝෂාවක් නිවස තුළින් ඇසෙයි. එසේ කොවුලන් සේ ඝෝෂා කරන්නේ කවුරුන්දැයි සිටුවරයාගෙන් බුදුරදුන් විමසන ලදී. එයට පිළිතුරු දෙන සිටුවරයා “ස්වාමීනි, අප සමඟ වාසය කරන ලේලිය වන සුජාතාව මෙසේ කෑකෝ ගසයි. ඈ පොහොසත් පවුලකින් මෙහි කැඳවාගෙන ආවෙමි. ඈ ඇගේ නැන්දනියට හෝ මයිළණුවන් වන මට හෝ තම ස්වාමි පුරුෂයාට හෝ අවනත නොවෙයි. දඩබ්බරය. යටහත් පහත් බවක් මට හෝ තම ස්වාමි පුරුෂයාට හෝ අවනත නොවෙයි. දඩබ්බරය, යටහත් පහත් බවක් නොදක්වයි.අකීකරුය. එහෙත් ඇය ඔබ වහන්සේට මහත් ගෞරව කරන්නීය. ඔබවහන්සේ කියන දේකට පමණක් ඇහුන්කන් දෙන්නීය. පිළිගන්නීය, යනුවෙන් ඇය පිළිබඳ දක්වා සිටිය හ.

ඇය තමා හමුවට කැඳවන ලෙස බුදුරදුන් දන්වා සිටියහ. ඇය ඉතා කීකරුව උන්වහන්සේ හමුවට පැමිණ වැඳ නමස්කාර කොට සංසුන්ව එකත්පසෙක වැඩ හුන්හ. ඇය අමතන උන්වහන්සේ විවාහ ජීවිත ගත කරන බිරින්දෑවරුන් හත් දෙනෙක් පිළිබඳව කරුණු ගෙනහැර දක්වයි. ඒ අනුව ඇතැම් බිරින්දෑවරු ස්වාමියාට අනුකම්පා විරහිතය. මනසින් නිතරම දූෂිතය. හැම විටම තම ස්වාමියාට අවමන් කරයි. අන් පුරුෂයින්ගේ ඇසුර පි‍්‍රය කරයි. ඇය මුදලට ලොල්ය. මුදලට ගත හැකිය. ස්වාමියා නසා හෝ තම සිතැඟි ඉටු කර ගනියි. මෙවැනි ලක්ෂණයන්ගෙන් යුත් බිිරින්දෑවරු වාසය කරයිද? එවැනි අය.

1. වධක භරියා – නපුරු වූ සැමියාට හිතවත් නොවු දයාව නැත්තා වූ අන්‍ය පුරුෂයන්ට ඇලුම් කරන්නා වූ සැමියාට වධ කිරීමට උත්සාහ කරන්නා වූ භාර්යාව වධක භාර්යා නමි.

2. චෝර භරියා – සැමියා විසින් වෙහෙස වී සපයන්නා වූ වස්තුවෙන් කොටසක් සඟවා ගන්නා වූ භාර්යාව චෞරි සම භාර්යාව නම් වේ.

3. අයිය භරියා – ගෙදර වැඩකිරීමට නොකැමති වූ අලස වූ බොහෝ අනුභව කරන්නා වූ කෘර වූ නපුරු වචන කියන්නා වූහිමියා යටත් කරගෙන සිටින්නා වූ භාර්යාව ආර්ය සම භාර්යා නම් වේ.

4. මාතු භාරිය– සැමියාට හිතවත් වූ අනුකම්පාව ඇත්තා වූ දරුවන් රක්නා මවක් මෙන් සිය සැමියා රකත්නා වූ හිමියා සපයන ධනය පරිස්සම් කරන්නා වූ භාර්යාව මාතෘසම භාර්යා නම්වේ.

5. භගිනි භරියා – නැගනියක සේ සැමියාට ගරු කරන ලජ්ජාව ඇති, සැමියාට කීකරු වූ භාර්යාව භගිනියම භාර්යා නම් වේ.

6. සඛී භරියා –බොහෝ කලකින් නුදුටු යහළුවකු දැක සතුටු වන්නා වූ යෙහෙළියක මෙන් හිමියා දැක සතුටු වන්නා වූ කුලවත් වූ සිල්වත් වූ පතිව්‍රතා ඇත්තා වු, භාර්යාව සඛීසම භාර්යා නම්වේ.

7. දාසි භරියා – හිමියාගේ තර්ජනවලට නොකිපෙන්නා වු හිමියාගේ වරද ඉවසන්නා වූ හිමියාට කීකරුව වාසය කරන්නා වූ භාර්යාව දාසිසම භාර්යාව නම් වේ.

“යාවීධ භරියා වධකානි වුච්චති
චෞරි ච අය්‍යාති ච යා පවුච්චති
දුස්සීල රූපා ඵරුසා අනාදරා
කායස්ස භේදා තිරයං වජන්නති තා

දුස්සීල වූ, නපුරු වූ හිමියාට අනදර කරන්නා වූ වධක භාර්යාව ය. චෞරි භාර්යාව ය. අය¸ භාර්යාව ය යයි කියනු ලබන භාර්යාවන් මරණින් මතු නරකයට යන බව මෙයින් ප්‍රකාශිතය.

“යාවීධ මාතා භගිනි සඛී ච
දාසි ච භරියාති ච යා පවුච්චති
සීලේ ඨිතත්තා චිරරත්ත සංවුතා
කායස්ස භේදා සුගතිං වජන්ති තා”

සීලයෙහි පිහිටියා වූ මාතා භාර්යාව , සඛී භාර්යාව, දාසි භාර්යාව යනු මොවුහු මරණින් මතු සුගති ගාමි වන බව මෙයින් ප්‍රකාශිතය.

මෙකී කාරණාවන් මනාව අවබෝධ කොට ගෙන ක්‍රියාත්මක වන පවුල් ජීවිත ඉතාමත් සාර්ථක මට්ටමකට පවත්වාගෙන යා හැකිය. පවුල් ජීවිත අවුල් වීමේ මූලිකම කාරණා වන්නේ නිසි අවබෝධය නොමැති වීමයි. ස්ත්‍රිය මෙන්ම පුරුෂයාට ද මෙහිදී වැදගත් කාර්යයන් ගණනාවක් ඇත. තම ස්වාමිය දියණිය පිළිබඳ ආදරයෙන් ඉහත කී කාරණාවන් මනාව ඉටු කරමින් ක්‍රියා කොට ආදර්ශමත් චරිත ලෙස මෙලොව පරලොව දියුණුව සලසා ගැනීම බෞද්ධ ක්‍රම වේදයයි.

බුදුදහම හා ආර්ථික ජීවිතය

මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් සුවපහසු ජීවිතයක් ගත කිරීම සඳහාත් මිනිසාට ධනය අවශ්‍ය බව බුදුදහම පිළිගනියි. ශක්තිමත් තරුණ කල ප්‍රමාණවත් ධනයක් සොයා නොගත් තැනැත්තා පසු කල පසුතැවෙන බව පෙන්වා දෙනු ලැබේ. කාමභෝගී මිනිසාට දිළිඳු බව දුකකැයි ඉණ සූත්‍රයේදී දක්වා තිබේ. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමෙන් පසුව පවුල් ජීවිතයක් ගත කිරීමේ අවශ්‍යතාව ලැබෙන බව සිඟාලෝවාද සුත්‍රයෙන් ප්‍රකාශ වේ. ධනය සාධාරණ ලෙස ප්‍රසාරණය නොවන සමාජයක ඇති නැති යන පන්ති භේදයක් නිරායාශයෙන් ගොඩනැගෙන අයුරු චක්කවත්තිසීහනාද සුත්‍රයෙන් විස්තරාත්මකව පැහැදිලි කර තිබේ. එහි සඳහන් වන පරිදි නිර්ධන පන්තිය අතර ධන නිෂ්පාදනයට අවකාශ නොමැති හෙයින් දරිද්‍රතාව ව්‍යාප්ත වේ. අවශ්‍යතා ඉටු කර ගැනීමට අපොහොසත් දිළින්දන්ගෙන් ඇතමෙක් සොරකමට බසිති. එතැන් සිට ක්‍රමයෙන් සමාජ ප්‍රශ්න හටගනී. ඒ සමාජ ප්‍රශ්න ආර්ථික සංවිධානයක් මගින් පමණක් විසඳිය හැකිය. එවැන්නක් සිදුනොවුණ හොත් සමාජය ඉක්මණින් සදාචාර පරිහානිය කරා ගමන් කෙරේ.

නිවැරදි ආර්ථික පදනමක් ගොඩනගා ගැනීම පුද්ගලයාගේ සමාජයේ ද සංවර්ධනය සඳහා පමණක් නොව පැවැත්ම සඳහා ද අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකිය හැකිය. පුද්ගලයා විසින් ලබාගත යුතු සැප අතර අත්ථී සුඛය හෙවත් ශක්තිමත් ආර්ථික තත්ත්වය පෙරදී අප සුළුවෙන් සාකච්ඡා කළෙමු. පත්තකම්ම සූත්‍රයේදී ලොව දුර්ලභ කාරණා සතරක් සම්බන්ධව පැහැදිලි කරයි. එහි පළමු වැන්න ලෙස දැක්වෙන්නේ දැහැමෙන් සෙමෙන් ලබාගත් ධනයක් පැහැදිලි කරයි. එහි පළමුවැන්න ලෙස දැක්වෙන්නේ දැහැමෙන් සෙමෙන් ලබාගත් ධනයක් (භෝගයක් ) ඇති බවයි. සදාචාරවත් සමාජයක් ගොඩනැගීම සඳහා පාලකයනට උපදෙස් දෙන කූටදන්ත සූත්‍රයද මූලිකවම දක්වන්නේ ද මනා ආර්ථික සංවර්ධනයක් ගොඩනංවා සමාජ පදනම සකස් කරන ලෙසය.

ධනය අප සතු ඕනෑම කාර්යයක් සඳහා අත්‍යාවශ්‍ය වුවද එය පුද්ගල පැවැත්ම හෝ සංවර්ධනය සහතික කරන්නක් නොවේ. ධනය නිසා මිනිසා නොමග යැවීමටද පුළුවන. ධනය නිසා උදම් වූ මිනිසා ස්වකීය ඤාතීන් ද ඉක්මවා හුදෙකලා වන බව සුත්ත නිපාතයේ වසල සුත්‍රයේදී දක්වා තිබේ. ධනය ගැන පමණක්ම සිතා නොකා නොබී එයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන සමහරු දුක් විඳිති. ඊට කදිම නිදසුනක් ලෙස ඉල්ලීස, අදින්නපුබ්බක වැනි නිදර්ශනයන්ගෙන් තහවුරු වේ. පඨම අපුත්තක සූත්‍රයද මේ කරුණු තහවුරු කෙරේ.

ඇතැම් හු ධන පරිභෝජනයෙහි නියම අරමුණු හඳුනානොගත් බැවින් මුළු ජීවිත කාලයම ධනය සෙවීමෙහි නිරත වෙමින් කාලය ගත කරයි. ඇතැමෙක් තම සියලු වැරදීම් වසා ගැනීම සඳහාද ධන බලය යොදාගන්නා ආකාරයක් දක්නට ලැබේ. ඒ සඳහා විවිධ බලවතුන් ඇසුරු කරමින් අපරාධයනට යොමු වෙති. ධනය රිසිසේ වියදම් කළ හැකි ඇතැම් හු දැඩි තෘෂ්ණාවෙන් පරිභෝජනය කෙරෙමින් විවිධ අසාධ්‍ය රෝගාබාධයනට ගොදුරුවෙමින් අකාලයේ විනාශ වෙති. මේ සැමටත් වඩා බියජනක කරුණ වන්නේ ධනයට මුළාවන මිනිසා විමුක්ති මාර්ගයෙන් සම්පූර්ණයෙන් දුරස්ථ වීමය.


බුදු දහමයි ගිහි දිවියයි 11 - ගුණ නැණ විරිය ලිය ඉඳින ගෙට වැඩවේය සව්සිරි