බුද්ධිසම්පන්න ශ්‍රද්ධාවන්තයන් වෙමු
දර්ශනපති කපුරුබණ්ඩාර
ජයතිලක
පිළිවෙත් පුරමින් නිවන් පතා ගමන් කරන හැම කෙනෙකු තුළම ශ්‍රද්ධාව තිබිය
හැකිය. බෞද්ධ අප විවිධ පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ මේ නිසාය. එහෙත් මේ
කටයුතුවලදී තරගය, ආකර්ෂණය ජනපි‍්‍රය බව විචිත්‍රත්වය පෙරට එයි. ඒ හැම
විටම තෘෂ්ණාව, ලෝභය, ද්වේෂය අත්තුක්කංශනය හා පරවම්-භනය පෙරට එයි.
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසෙන් සමන්විත බෞද්ධ
ජනතාව ශ්‍රද්ධාවත් හුදී ජන පිරිසක් ලෙස සැලකේ. ශ්‍රී ලාංකික බහු ජනතාව
පාරම්පරික බෞද්ධයෝය. අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ආශීර්වාදයෙන්
බෞද්ධයන් වූ අපි ශ්‍රද්ධා චිත්තයෙන් තෙරුවන් සරණ යන්න මෝ වෙමු.
සරණාගමනයෙන් වේරමණී ශික්ෂා පද සමාදන්වීමෙන් අපි අපේ ශ්‍රද්ධාවන්ත බව
ප්‍රකාශ කරමු. නිරන්තරව මල් පහන් පූජා කරමු. බණ අසමු, දන් සිල් භාවනාවල
නිරත වෙමු. ආගමික උත්සව විචිත්‍රාකාරයෙන් පවත්වමු. ඒ හැම දෙයක්ම කරන්නේ
ශ්‍රද්ධා සිතිවිලි පෙරදැරි කරගෙන බව අපි සිතමු. භික්ෂූන් වහන්සේලාගේ
ධර්ම දේශනාවලදී ශ්‍රද්ධා බුද්ධිසම්පන්න පින්වතුන් යන ප්‍රශංසාවද ලබමු.
එහෙත් අප අනුගමනය කරන වත් පිළිවෙත්වලින් ගම්‍ය වන්නේ බුදුරජාණන් වහන්සේ
අනුදැන වදාළ ශ්‍රද්ධාවම දැයි විටෙක අප තුළම ප්‍රශ්නාර්ථයක් මතු කරයි.
ප්‍රතිපත්ති පූජාව මත වැඩිය යුතු ශ්‍රද්ධාව ආමිස පූජාවට නැඹුරු වී ඇති
බවක් ද පෙනේ. වර්තමාන සමාජ ප්‍රවණතා විසින් අප මේ තත්ත්වයට යොමුකර ඇති
බවද පෙනේ. මේ අනුව ශ්‍රද්ධාව පිළිබඳ සම්බුද්ධ දේශනාව වෙත නැඹුරුවීම
කාලීන අවශ්‍යතාවකි.
ශ්‍රද්ධාව යැයි සිතමින් අප විසින් අනුගමනය කරන විචිත්‍රවූත්
සංකීර්ණවූත් ආගමික ක්‍රියාකාරකම් බුදුදහම ජනපි‍්‍රය ආගමක් බවට පත්
කිරීමට දරන උත්සාහයකැයි ඇතැමෙකුට කිව හැකිය. ප්‍රඥාව වෙනුවට භක්තිය හා
විශ්වාසය පෙරට ඒම නිසා අපේ ශ්‍රද්ධා සිතිවිලි ද ඇතැමෙකුට විකෘතිවෙමින්
ඇත. බුදුහිමියන් වෙත භක්තිමත් වන ලෙසත් තෙරුවන විශ්වාස කරන ලෙසත් ධර්ම
දේශනාවලදී මෙන්ම පොතපතින්ද අසන්නට දකින්නට ලැබේ. ප්‍රඥාවන්ත ශ්‍රද්ධාව
මෙයින් අදහස් කරනවා විය හැකිය. එහෙත් මෙය අසන කියවන ඇතැම් ශ්‍රාවකයන්
හා ඇතැම් පාඨකයන් එය වරදවා අවබෝධ කර ගන්නා සෙයක් පෙනේ. ප්‍රතිපත්ති හා
බැඳෙන ශ්‍රද්ධාව ඉන් පරිබාහිර වූ ආමිස පූජාවෙන් පිරී ඇත්තේ මේ නිසාය.
වෙහෙර විහාර ඉදි කරන්නේ භික්ෂූන් වහන්සේට සිව් පස පිරි නමන්නේ මහත් ධනය
වැයකොට උත්සව පෙරහර පවත්වන්නේ මේ නිසාය. දාන, සීල, භාවනා වැඩසටහන්
විචිත්‍රත්වයෙන් තරගකාරීත්වයෙන් පැවැත්වෙන්නේද මේ නිසා ය. බෞද්ධ ජනතාව
භක්තිය හා විශ්වාසය පෙරටු කොටගෙන සිටින නිසාය.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ භාරතයේ පැවැතියේද භක්තිය හා
විශ්වාසය මත බැඳුණු, ආගමික සංකල්පයන්ය. අදත් බුදු දහම හැර ලොව පවත්නා
සෙසු ආගම් විසින් අනුගාමිකයන් මෙහෙය වන්නේද මේ භක්තිවාදය දෙසටය.
බුදුරජාණන් වහන්සේ මේ භක්තිවාදය ප්‍රතික්ෂේප කළහ. ආගමික ශාස්තෘවරයන්
පවසන දේ එලෙසින්ම පිළිගත යුතුය යන න්‍යාය මත අන්‍ය ආගමික පිළිගැනීම වේ.
ඒ ආවරණය වූ දහමකි. එහෙත් බුදුදහම ආවරණය වූ දහමක් නොවේ. එය විවෘත ආගමකි.
තමන් වහන්සේ දේශනා කරන දේ එලෙසින්ම පිළිගන්නා ලෙස උන්වහන්සේ
ශ්‍රාවකයන්ට නොකියති.
වරක් කාලාම නම් තරුණයා අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍ර
දේශනාවෙහි මෙසේ සඳහන් වේ. “එව තුම්මේහ කාලාම මා අනුස්සවෙන මා පරම්පරාය.
මා ඉතිකිරාය. මා පිටක සම්පදානෙන මා තක්ක හේතු මා නය හේතු මා ආකාර
පරිචිත්තකෙන මා දිට්ටි නිජ්ඣාන ඛන්තියා, මා භබ්බ රූප කාය මා සමණෝ
නොගරුති යදා තුමෙහ කාලාම අත්තනාව ජන්‍යොථ,
මෙහි අරුත සරලව මෙසේ හඳුනාගත හැකිය. කාලාමයෙනි මෙහි එන්න ඇසූ පමණින්
නොපිළිගන්න පරම්පරාවෙන් ආ පමණින් නොපිළිගන්න මෙය මෙසේ විය යුතු යැයි
නොපිළිගන්න. මගේ පිටකයට ගැළපේ යැයි නොපිළිගන්න මගේ අදහසට ගැළපේ යැයි
නොපිළිගන්න මගේ දෘෂ්ටියට අවබෝධයට ගැළපේ යැයි නොපිළිගන්න මෙය මගේ
ශ්‍රමණයන්ගේ යැයි නොපිළිගන්න. කලාමයනි තමා විසින්ම තම නුවණින්ම මෙය
සුදුසු යයි යහපත් යැයි හැඟේ නම් පිළිගන්න.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධයාට මෙය කදිම මඟ පෙන්වීමකි. උපතින්ම
බෞද්ධ වන අපි බොහෝ ආගමික කටයුතු කරන්නේ හරිද? වැරැදි ද? යන විචක්ෂණයෙන්
නොව පාරම්පරිකව පැවැතෙන නිසාය. තවත් කෙනෙක් කරන නිසාය. කෙනෙක් හොඳ යැයි
කියන නිසාය. එසේම ලෞකික ලාභ අපේක්ෂාවෙන් හා කීර්ති ප්‍රශංසා
අපේක්ෂාවෙනි. පරලොව සැප සම්පත් අපේක්ෂාවෙනි. මේ මග තව දුරටත් ගමන්
කිරීමට පෙර බුදුරජාණන් වහන්සේ කාලාමයන්ට දුන් උපදෙස ගැන සිතන්නට පුරුදු
වීම කාලෝචිතය.
බුදු දහම ශ්‍රද්ධාව විවරණය කරන්නේ භක්ති මාර්ගයක් වශයෙන් නොව ඥාන
මාර්ගයක් ලෙසිනි. එය සත්‍යය හා ප්‍රත්‍යක්ෂය මත ගොඩ නැඟෙන ඥාන
මාර්ගයකි. ඒ අනුව බලන විට ශ්‍රද්ධාව වූකලී ඥාන මාර්ගයට ප්‍රවේශ කරවන
දොරටුවකි. එසේ හෙයින් හොඳ නරක සත්‍යය අසත්‍යය හඳුනා ගැනීමේ බුද්ධි
ප්‍රභාව ඇති තැන පමණක් ශ්‍රද්ධාව රැඳී පවතී. අපාර වූ සංසාරයේ අවසාන
විමුක්තිය නිර්වානය බව බුදුදහම කියා දෙයි. නිර්වානය පසක්කරගත හැක්කේ
අරිහත් මගට ප්‍රවිෂ්ට වීමෙන් පමණි. යමෙක් නිර්වාන අවබෝධය අපේක්ෂා
කරන්නේ නම් ඔහු ඥාන මාර්ගයේ ගමන් කළ යුතුය. ඒ සඳහා සෝවාන් සකෘදාගාමී
අනාගාමී මාර්ග හා ඵල පසු කළ යුතු ය. මේ සඳහා ශ්‍රද්ධාව ඔහුට ශක්තියක්
වෙයි. මෙය රහත්ඵලය දක්වාම පවතී. අරිහත් බවට පත් ආර්යයන් තුළ ශ්‍රද්ධාව
නැත. ඒ ඔවුන් ඥාන මාර්ගයේ අවසානයටම ගොස් සිටින නිසාය.
බුදුරජාණන් වහන්සේගේ උපස්ථායකව සිටි ආනන්ද හිමියන්ට බුදුරදුන්
පිරිනිවන් පාන තුරුම රහත් බව ලැබිය නොහැකි විය. බුදුරජාණන් වහන්සේ
පිරිනිවන්පාන බව ඇසීමෙන් දුකට පත් ආනන්ද හිමියන් ඇඬුවේ උන්වහන්සේ තුළ
වූ ශ්‍රද්ධාව නිසාය. “ආනන්දයනි ඔබ මා කෙරෙහි ඇති ශ්‍රද්ධා පූර්වක ගෞරවය
නිසාම දුක්වන බව මම දනිමි”යි බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා කළ
ප්‍රකාශයෙන් මේ බව තහවුරු වේ.
තෙරුවන් සරණ යන කවරෙකු තුළ වුවද ශ්‍රද්ධාව තිබිය හැකිය. එය පසාධ
ශ්‍රද්ධාව ලෙස දැක්වේ. තුණුරුවන් කෙරෙහි ඇතිවන පැහැදීම හේතුවෙන්
ඇතිවන්නේ පසාධ ශ්‍රද්ධාවයි. ඒ අනුව තෙරුවන් සරණ යන සාමාන්‍ය බෞද්ධයා
තුළ ද මේ පසාධ ශ්‍රද්ධාව පවතී. එහෙත් එය අර්ථවත් වන්නේ බාහිර වතාවත්
කරන්නෙකු ආමිස, පූජාවන්හි නිරත වන්නෙකු වීමෙන් නොව සිල්වතෙකු වීමෙනි.
පිළිවෙතින් පෙළ ගැසෙන්නෙකු වීමෙනි.
දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කිසියම් කාර්යයක නිරතවීමට ඇල්ම අවශ්‍යය. ඒ
අනුව පිළිවෙත් පුරමින් නිවන් පතා ගමන් කරන හැම කෙනෙකු තුළම ශ්‍රද්ධාව
තිබිය හැකිය. බෞද්ධ අප විවිධ පුණ්‍ය කටයුතුවල යෙදෙන්නේ මේ නිසාය. එහෙත්
මේ කටයුතුවලදී තරගය, ආකර්ෂණය ජනපි‍්‍රය බව විචිත්‍රත්වය පෙරට එයි. ඒ
හැම විටම තෘෂ්ණාව, ලෝභය, ද්වේෂය අත්තුක්කංශනය හා පරවම්භනය පෙරට එයි.
එසේ වන්නේ අපේ ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවක් නොවන නිසාය. ධර්ම
දේශනාවේදීත් පොත පත කියවීමේදීත් ශ්‍රද්ධාව පිළිබඳ අසන කියවන දේ නුවණින්
පසක්කර නොගන්නා නිසාය. මෙයින් නිවන් මඟට යන දොරටු අපට නිරාවරණය වන්නේ
යැයි සිතිය නොහැකිය. මේ පිළිබඳව සිතන්නට අප පුරුදු වන්නේ නම් අප තුළ
පවත්නා ශ්‍රද්ධාව වඩාත් අර්ථවත් වනු ඇත. |