අ.පො.ස (උ.පෙළ) විභාගය – 2015
බෞද්ධ ශිෂ්ටාචාරය ආදර්ශ ප්‍රශ්නෝත්තර
කුලියාපිටියේ සාරානාත් විද්‍යාලයේ
ආචාර්ය ශාස්ත්‍රපති උප්පලවත්තේ
විමලානන්ද හිමි
1 අභ්‍යාසය
1. වෛදික ආගමේ දෙවිවරු සංඛ්‍යාවක් සිටි අතර එම යුගය බහුදේවවාදී යුගය
වශයෙන් හඳුන්වනු ලැබීය. එම දෙවිවරු අතර වර්ෂාව, සුළඟ, හා වැසි කුණාටු
ආදියට අධිපති දෙවියන් ලෙස පිළිවෙළින් දැක්වෙන ප්‍රකාශය වන්නේ,
1. පර්ජන්‍ය, මරුත්, ඉන්ද්‍ර
2. ඉන්ද්‍ර, පර්ජන්‍ය, සෝම
3. සෝම, මරුත්, ඉන්ද්‍ර
4. පර්ජන්‍ය, ඉන්ද්‍ර, මරුත්
5. පර්ජන්‍ය, මරුත්, සෝම
2. බමුණන් මහා බ්‍රහ්ම මුඛ සංකල්පය පදනම්කොටගෙන චතුර් වර්ණයෙහි හෙවත්
කුල සතරෙහි ප්‍රභවය දක්වා ඇත්තේ,
1. කෘෂ්ණ වේදයෙහිය
2. සෘග් වේදයෙහිය
3. සාමන් වේදයෙහිය
4. යජුර් වේදයෙහිය
5. අථර්වන් වේදයෙහිය
3. බමුණන් මහා බ්‍රහ්ම සංකල්පය පදනම් කරගෙන හඳුන්වා දුන් නවමු ආගමික
සංස්කාරයක් වශයෙන් “උපනයන” කර්ම හැඳින්විය හැකිය. එහිදී පූන නූලක් කර
පළඳින අතර බමුණු කුලයේ අයෙකුට එය සකස් කරනු ලබන්නේ,
1. සත්ත්ව ලෝම වලිනි 2. නියද වලිනි 3. කපු පුළුන් වලිනි
4. ශාක කෙඳි වලිනි 5. සත්ත්ව කෙඳි වලිනි
4. බමුණු ආගමික සංකල්ප වලට අනුව ‘උදක පාරිශුද්ධියට’ හිමිවන්නේ සුවිශේෂී
ස්ථානයකි මෙහි මුඛ්‍ය අරමුණ වනුයේ,
1. රිසි සේ ජලයේ බැස දිය නෑමයි
2. සාමූහිකත්වය වර්ධනය කිරීමයි
3. අපිරිසුදු බවින් වැළකී සිටීමයි
4. පව් සෝදා හැරීමයි
5. දිනපතා නෑම වර්ධනය කිරීමයි
5. බමුණන් විසින් සියලු වරප්‍රසාදයන් අහිමි කර තිබූ භාරත කාන්තාවන්ට
බුදුරදුන් විසින් නැති වී ගිය සියලු අයිතීන් ලබා දෙමින් අගය කිරීමද
සිදු කළහ. මෙසේ බුදුරදුන්ගෙන් සෘද්ධිමත් භික්ෂුණිය ලෙස අභිෂේක ලැබුවේ,
1. නන්දා භික්ෂුණියයි
2. උප්පලවණ්ණා භික්ෂුණියයි
3. ඛේමා භික්ෂුණියයි
4. සකුලා භික්ෂුණියයි
5. පටාචාරා භික්ෂුණියයි
6. බුදුරදුන් පස් වන වස් කාලය ගත කළ රාජ්‍ය මන්ත්‍රණ සභාව 7707
දෙදෙනෙකුගෙන් යුත් ගණතන්ත්‍ර පාලනයක් ගෙන ගිය, වරෙක තුන් බියෙන්
මුසපත්ව බුදුරදුන් රතන සූත්‍රය දේශනා කළ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දුන්
කූටාගාර ශාලාව පිහිටා තිබූ ආදී බුද්ධ චරිතය හා බෙහෙවින් සම්බන්ධ
සිදුවීම් රැසක් සිදු වූ ජනපදයක් ලෙස සැළකිය හැක්කේ,
1. මල්ල රාජ්‍යයයි
2. වත්ස රාජ්‍යයයි
3. මගධ රාජ්‍යයයි
4. වජ්ජි රාජ්‍යයයි
5. කෝසළ රාජ්‍යයයි
7. සොළොස් මහා ජනපද අතර කුරු රාජ්‍ය සුවිශේෂී වන්නේ නුවණ මුහුකුරා ගිය
බුද්ධිමත් පිරිසකගෙන් සැදුම්ලත් නිසාය. බුදුරදුන් සතිපට්ඨාන සූත්‍රය,
මහා සතිපට්ඨාන සූත්‍රය, රට්ඨ පාල සූත්‍රය වැනි ගැඹුරු සූත්‍ර දේශනා මෙම
වැසියන් හට දේශනා කළේද අවබෝධ කරගැනීමට පහසුව නිසාය . මෙසේ සුවිශේෂී වූ
කුරු රාජ්‍යයේ අගනුවර වූයේ,
1. ඉදිපත් නුවරයි
2. පාවා නුවරයි
3. විරාටි පුරයයි
4. මධුර පුරයයි
5. තක්ෂිලාවයි
8. රටක පැවැත්ම පිණිස පාලකයන්, දාර්ශනිකයන්, පඬිවරුන්, ඉංජිනේරුවන්,
වෛද්‍යවරුන්, කාර්මික ශිල්පීන්, ව්‍යවසායකයින් ආදී විවිධ සේවාදායකයන්
බිහිකරනුයේ ගුරුවරුන්ය. සිඟාලෝවාද සූත්‍රයට අනුව මෙවැනි උතුම් වූ සමාජ
කාර්යභාරයක් ඉටු කරන ගුරුවරු නමස්කාර කිරීම සඳහා බුදුරදුන් අනුදැන
වදාළේ,
1. උතුරු දිශාවටයි
2. පුබ්බ දිශාවටයි,
3. බටහිර දිශාවටයි
4. දක්ඛින දිශාවටයි
5. යට දිශාවටයි
9. ස්වාමියාට කීකරුව සිටීමෙන් පමණක් ස්වර්ගයට යාමේ එකම මඟ බව බමුණු
ඉගැන්වීම විය. නමුත් බුදු සමය මෙම අයුක්ති සහගත අසාධාරණ ආකල්පය තරයේ
ප්‍රතික්ශේප කළ අතර ස්වාමි භාර්යා දෙදෙනාටම සමාන වූ අයිතියක් හිමිකර
දුන්හ. මෙසේ සිඟාලෝවාද සූත්‍ර දේශනාව මඟින් බිරිඳ පමණක් නොව ස්වාමියාද
බිරිඳ කෙරෙහි යුතුකම් පහකින් සංග්‍රහ කළයුතු බව පෙන්වා දුන් අතර එහි
සඳහන් “අනතිචරියාය” යනුවෙන් හැඳින්වූයේ.
1. ගරු සරුව කතා කිරීමයි
2. අවමන් නොකිරීමයි
3. ඉසුරු සම්පත් පවරා දීමයි
4. අනාචාරයේ නොහැසිරීමයි
5. අලංකාර වස්ත්‍රාභරණ ගෙනැවිත් දීමයි
10. “තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩු කරවයි” යන පිරුළු භාෂා සාහිත්‍යයට
ඒකරාශී වූයේ බුදුසමයෙන් ලත් කාන්තා නිදහස හේතුවෙනි. උපරිම නිදහසක්
අත්විඳි භාරත බෞද්ධ වනිතාව බුදුරදුන්ගේ ආදර ගෞරවයට ද පාත්‍ර විය. මේ
ආකාරයට බුදුරදුන් පසු ගමන් වැඩියේ නම් ඒ බුද්ධ මාතාව සඳහා පමණි. මෙහි
සඳහන් වන බුද්ධ මාතාව යන නාමයෙන් පිදුම් ලැබූ කාන්තාව වූයේ,
1. මහා මායා දේවියයි,
2. යශෝධරා දේවියයි
3. කිසා ගෝතමී දේවියයි
4. මහා ප්‍රජාපතී දේවියයි
5. කෝසල මල්ලිකා දේවියයි
11. ඉන්දියාව ජනාවාස වූයේ සංචාරකයින් ලෙස පැමිණි ආර්යන් නිසාය. ඔවුන්ගේ
මුල් වාස භූමිය වශයෙන් පිළිගැනෙන්නේ,
1. දකුණු ආසියාවයි
2. ඊසාන දිග ඉරානයයි
3. මධ්‍ය ආසියාවයි
4. සුළු ආසියාවයි
5. මෙසපොතේමියාවයි
12. මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් උපන් බව දැක්වූ ශුද්‍ර සමාජයේ පහළ
ස්තරයක් ලෙස පංචම කුලය දක්වයි. ඔවුන් වේණ නෙසාද, රථකාර පුක්කුස, චණ්ඩාල
යනුවෙන් හඳුන්වයි. මෙයින් වේණ නමැති කුලයට පැවරුණේ,
1. සම් වැඩ කිරීමයි
2. කුළු විවීමයි
3. බර වැඩ කිරීමයි
4. කුලී වැඩ කිරීමයි
5. කසළ වැඩ කිරීම
13. වෛදික ඉගැන්වීමට අනුව මහා බ්‍රහ්මයා විසින් චතුර් වර්ණය මවා
ස්වධර්මයද පැවරූ බව විශ්වාස කරයි. මේ අනුව ක්ෂත්‍රීය වර්ණයෙහි
ස්වධර්මයට අයත් වනුයේ,
1. ඉගැන්වීම
2. ඉගෙනගැනීමය
3. පශු පාලනය
4. වේදය හැදෑරීමය
5. කම් සැප
විදීමය
14. බ්‍රාහ්මණ සංස්කෘතියට අනුව ශුද්‍ර සමාජය හැර අන්කුල තුනට අදාළ වන
පරිදි ආශ්‍රම ධර්ම හඳුන්වා දෙයි. මෙයින් බ්‍රහ්මචාරී ආශ්‍රම ධර්මයට
අනිවාර්ය වූ කරුණ වන්නේ,
1. තවුස්දම් රැකීමය 2. ඉගැන්වීමය 3. විවාහ වීමය
4. වේදය හැදෑරීමය 5. කම් සැප විඳීමය
15. ප්‍රාග් වෛදික යුගයේ කාන්තාව දේවත්වයෙන් පවා පුදනු ලැබුවාය. එහෙත්
වෛදික යුගයේ මුල්කාලයේ කාන්තාවගේ නිදහසට අභියෝග කළ බව පෙනේ. නමුත්
බ්‍රාහ්මණ චින්තනයට සැබෑ ලෙස අභියෝග කරන්නේ ශ්‍රමණ සම්ප්‍රදායයි. ඒ
අනුව පහත සඳහන් ප්‍රකාශ තුළින් ශ්‍රමණ චින්තනයට පටහැනි ප්‍රකාශ වනුයේ,
1. ස්ත්‍රීය ස්වාධීනත්වය ලැබීමට නුසුදුසුය
2. බිරිඳ ස්වාමියාගේ පරම මිතුරාය
3. සමහර කාන්තාවෝ පුරුෂයාට වඩා ශ්‍රේෂ්ඨය
4. අධ්‍යාත්මික දියුණුවට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ
5. සෑම තැනකදීම පණ්ඩිත වන්නේ පුරුෂයාම නොවේ
16. වෛදික නිර්මාණවාදී මතය අනුව චතුර් වර්ණය හා ස්වධර්මය පිළිබඳව
දැක්වෙන සාහිත්‍ය මූලාශ්‍ර ලෙස සෘග්වේදය හා මනුස්මෘතිය දක්වයි. ඒ අනුව
ස්ව ධර්මය ගැන මනුස්මෘතිය කෘතියේ සඳහන් වේ. වෛශ්‍යයන්ගේ ස්වධර්ම
දැක්වෙන්නේ මනුස්මෘතියේ කී වෙනි ශ්ලෝකයෙන්ද?
1. 87 ශ්ලෝකයේය
2. 88 ශ්ලෝකයේය
3. 89 ශ්ලෝකයේය
4. 90 ශ්ලෝකයේය
5. 91 ශ්ලෝකයේය
17. පව් සෝදා හැරීම බ්‍රාහ්මණ ඉගැන්වීම් වල එක් පිළිගැනීමකි. ඒ සඳහා
ශුද්ධ නදිය සේ පිළිගත් ගංගා නදිය තෝරා ගත්හ. එහි ගිලී සිටීම “උදක
පාරිශුද්ධිය” යනුවෙන් හැඳින්විණි. දිනක් ගංගා නදිය අසලට පැමිණි බමුණෙකු
සමඟ උදක පාරිශුද්ධිය ගැන සංවාදයකට එළඹුණේ,
1. බුදුරජාණන් වහන්සේය
2. තෙරුවන් සරණ ගිය පුණ්ණ නම් දාසියයි
3. සෝවාන්ව සිටි විශාඛා සිටු දියණියයි
4. ධම්ම කථික ධම්මදින්නා තෙරණියයි
5. ධම්මික නම් උපාසකතුමායි
18. බ්‍රාහ්මණ කුල ක්‍රමය ස්ථිරසාර වූවක් නොවන බව විවිධ සාධක යටතේ
ඔප්පු කර ඇත. ඒ අනුව ඓතිහාසික සාධකය අනුව තත් අදහස ඔප්පු කිරීමට යොදා
ගත් සූත්‍ර දේශනාවක් වනුයේ,
1. වසල සූත්‍රයයි
2. මධුර සූත්‍රයයි
3. අස්සලායන සූත්‍රයයි
4. කසි භාරද්වාජ සූත්‍රයයි
5. පරාභව සූත්‍රයයි
19. කුණ්ඩලකේසී භික්ෂුණිය ගිහි කළ ප්‍රබල ජීවන ගැටලුවලට මුහුණ දුන්
තැනැත්තියකි. සැමියා ගලෙන් පහළට පෙරලූ ඇය පැවිදි බවට පත් වූවා ය. වාද
දහසක් ඉගෙන වාද කරමින් දඹදිව පුරා චාරිකා කළාය. ඇය සමඟ වාද කිරීමට
බියෙන් උගතුන් පලාගිය බවද සඳහන් වේ. සැරියුත් තෙරුන් සමඟ වාද කොට
පැරැදී පසුව බුදු සසුනේ පැවිදි වූවා ය. ඇය ඊට පෙර ගරු කළ සම්ප්‍රදාය
වනුයේ,
1. ආජීවක ශ්‍රමණ සම්ප්‍රදායයි
2. තාපස ශ්‍රමණ සම්ප්‍රදායයි
3. පරිබ්‍රාජක ශ්‍රමණ සම්ප්‍රදායයි
4. නිඝණ්ඨ ශ්‍රමණ සම්ප්‍රධායයි
5. තීර්ථක ශ්‍රමණ සම්ප්‍රදායයි
20. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමේ දී මූලික
වූවා ය. එතුමිය පැවිදි වීමෙන් අනතුරුව බුදු සසුනේ හිමි වූ අගතනතුර
වනුයේ,
1. දිවැස් ඇත්තැවුන් අතර අග්‍රස්ථානයයි
2. ධර්ම කථිකයන් අතර අග්‍රස්ථානයයි
3. චිරරාත්‍රඥයින් අතර අග්‍රස්ථානයයි
4. මිහිරි හඬින් ධර්ම දේශනා කරන්නවුන් අතර අග්‍රස්ථානයයි
5. ධ්‍යාන උපදවන්නන් අතර අග්‍රස්ථානයයි
පිළිතුරු
01 – 1
02 - 2
03 - 3
04 - 4
05 - 2
06 - 4
07 - 1
08 - 4
09 - 4
10 - 4
11 - 3
12 - 2
13 - 5
14 - 4
15 - 1
16 - 4
17 - 1
18 - 3
19 - 3
20 - 3 |