බුදු දහමයි ගිහි දිවියයි 10
සතුට පිරුණු දිවියක්
මහනුවර ශ්‍රී සංඝරාජ මහ පිරිවෙනේ පරිවෙණාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි
අත්තකුසල යනුවෙන් හැඳින්වෙන දෙදෙනාම අර්ථවත් දේ සොයා යාමේ දක්ෂයෝ විය
යුතුය. අද්‍යතන සමාජය බොහෝ විට අවුල් වී ඇත්තේ අවශ්‍ය දේට වඩා අනවශ්‍ය
දේ කරා හඹා යාමයි.
එමෙන්ම පුරුෂයෙකු හා බිරිඳ නිතර ම සතුටින් වාසය කරන්නෝ විය යුතුය.
‘සන්තුස්සකෝ’ යන්නෙන් අදහස් කරන්නේ එයයි. ලැබෙන පමණට මූලික අවශ්‍යතා
හඳුනාගෙන ඒවාට මුල් තැනක් දීම ද තමා ලෝකයට ණය කාරයෙක් නොවී ජීවත්වීම
තුළින්ද භෝග විනාශ මුඛයන්ට ගොදුරු නොවී ජීවත්වීම තුළින්ද ප්‍රශ්නකාරි
අවස්ථාවන්හි දෙදෙනාම සාකච්ඡා කොට විසඳා ගැනීම තුළින් සතුට සොම්නස
පිරුණු පවුල් දිවියක් ගත කළ හැකිය.
අතිචාරී සූත්‍රයට අනුව
1.ශ්‍රද්ධාවෙන් තොර වීම
2. ලජ්ජාවෙන් තොර වීම
3. පවට ඇති බියෙන් තොරවීම
4. ද්වේශයෙන් යුක්ත වීම
5. නුවණින් තොර වීම
6. මසුරු බවින් යුක්ත වීම
7. සැමියා ඉක්මවා හැසිරෙන්නියක් වීම යනු කරුණුය.
මේ ආදි වශයෙන් ත්‍රිපිටකයේ විවිධ සූත්‍රයන් හි ස්ත්‍රියක් පරිහානියට
පත්වන ආකාරය පෙන්වා දී ඇත.
පෙර පින් ඇති මෙලොව දීද, පින් කරන ස්ත්‍රියකට ඊළඟ භවයේදීද උපත ලැබීම
සඳහා ප්‍රාර්ථනා පහක් කළ හැකිය. ඒවානම්
1. උචිත පවුලක උපත ලැබීමට
2. සුදුසු ස්වාමි පුරුෂයෙකු සමඟ විවාහ වීමට
3. විරුද්ධවාදියෙකුගෙන් තොරව නිවසේ වාසය කිරීම
4. ගුණ නැණ දෙකෙන් යුතු පුතුන් ලැබීමට
5. ස්වාමි පුරුෂයා පාලනය කරගෙන ඔහු සමඟ ආදරයෙන් වාසය කිරීම යන කරුණු ය.
ස්වාමි භාර්යා දෙදෙනා තුළම පැවතිය යුතු මූලික කරුණු කිහිපයක්
පවුල් දිවිය වාසනාවන්ත කර ගැනීම් විෂයෙහි දෙදෙනාගේම මනා සුසංයෝගිතාවය
අත්‍යාවශ්‍ය ය. ඒ සඳහා.
අත්තකුසල යනුවෙන් හැඳින්වෙන දෙදෙනාම අර්ථවත් දේ සොයා යාමේ දක්ෂයෝ විය
යුතුය. අද්‍යතන සමාජය බොහෝ විට අවුල් වී ඇත්තේ අවශ්‍ය දේට වඩා අනවශ්‍ය
දේ කරා හඹා යාමයි. එමෙන්ම පුරුෂයෙකු හා බිරිඳ නිතර ම සතුටින් වාසය
කරන්නෝ විය යුතුය. ‘සන්තුස්සකෝ’ යන්නෙන් අදහස් කරන්නේ එයයි. ලැබෙන පමණට
මූලික අවශ්‍යතා හඳුනාගෙන ඒවාට මුල් තැනක් දීම ද තමා ලෝකයට ණය කාරයෙක්
නොවී ජීවත්වීම තුළින්ද භෝග විනාශ මුඛයන්ට ගොදුරු නොවී ජීවත්වීම තුළින්ද
ප්‍රශ්නකාරි අවස්ථාවන්හි දෙදෙනාම සාකච්ඡා කොට විසඳා ගැනීම තුළින් සතුට
සොම්නස පිරිණු පවුල් දිවියක් ගත කළ හැකිය.
සුභර යනුවෙන් හැඳින්වෙන ලෙහෙසියෙන් පෝෂණය කළ හැකි දෙදෙනෙක් විය යුතු ය.
බොහෝ පවුල් ජීවිත අවුල් වීමට මෙයද එක් ප්‍රධාන හේතුවක් වේ. ලද දෙයින්
තෘප්තිමත් නොවීම නිසා භාර්යාව ස්වාමියා කෙරෙන්ද ස්වාමියා භාර්යාව
කෙරෙන්ද තෘප්තිමත් නොවී කටයුතු කිරීමට පෙළඹෙයි. භෞතික දේ පිළිබඳ මේ
න්‍යාය ම වේ. මේවායෙහි ප්‍රතිඵලය යම් විධියකින් අනපේක්ෂිත ඉරණම්වලින්
කෙළවරවීමට ද සිදුවේ.
දෙදෙනාම අප්පකිච්ච යනුවෙන් හැඳින්වෙන කටයුතු අඩු අය විය යුතුය. කාර්ය
බහුලත්වය ඕනෑම පවුලක සාමාන්‍ය ලක්ෂණයකි. එහෙත් බොහෝ රාජකාරි තමාගේ
ඔලුවටත් උඩින් ගොඩගසා ගැනීම නිසා ඇතැම් විට ආයතනයේ රාජකාරි ද ගෙදර
රැගෙන එයි. ඒ නිසා තම බිරිඳ සමඟ ද දරුවන් සමඟ වුවද ගත කරන කාලය සීමා
සහිත වේ. මේ තත්ත්වය පවුලකට එතරම් සුදුසු නැත. මෙමගින් පවුල් ජීවිතය
යම් ආගාධයකට ඇද වැටෙයි. දරුවන්ද දෙමාපියන් අතර අන්‍යෝන්‍ය අන්තර්
සම්බන්ධතාවයක් නොපැවැත්වේ. මෙකී ඛේදවාචකය නිසා වර්තමාන පවුල් කෙතරම්
දුරට අවුල් වීද යන්න ඔබට අමුතුවෙන් මතක් කළ යුතු නැත. එබැවින් තමාට
ඉසිලිය හැකි රාජකාරි භාර ගැනීමත්, රාජකාරිය මෙන්ම පවුල් ජීවිතයද සමබරව
පවත්වාගෙන යාම සඳහා කටයුතු අඩුකර ගැනීම මෙයින් අපේක්ෂිතයි.
සල්ලවුකවුත්ති යනු විශේෂ වශයෙන්ම සාකච්ඡා කළ යුතු කාරණයකි. මන්ද යත්,
මෙවැනි ලක්ෂණයන් අඩුවීම නිසා අවුල්වන පවුල් ජීවිත පෙරට වඩා අද දක්නට
ඇති හෙයිනි. ලෝකයා අත්විඳින පුහු ආටෝපයන්වලට තමනුත් නතු වීම මේ කාරණය
නිසා විනාශ වීමට මූලික හේතුව වශයෙන් දකිමි. පවුල් ජීවිතයක් පමණක් නොව
පෞද්ගලික අප ගතකරන ජීවිතයද පුහු ආටෝපයන්ගෙන් ඉස්තරම් නොවී, තමාට ඉසිලිය
හැකි දැරිය හැකි ආකාරයේ ක්‍රමවේදයක් තමා විසින්ම ගොඩනගා ගන්නේ නම් එය
තමාටත් අන්‍යන්ටත් ඉතා ප්‍රයෝජනවත්ය.බුදුරදුන්ගේ දේශනාව තුල ඉතාමත්
විස්තරාර්ථ වශයෙන් මෙය සාකච්ඡා කොට ඇත. ලැබෙන ආදායමට සරිලන ආකාරයට
හෙවත් සමජීවිකතාවෙන් කටයුතු කිරීම තුළින් ප්‍රශ්න ඇති නොවෙයි. තමාට
තිබෙන ප්‍රමාණයටත් ලැබෙන ආකාරයටත් අනුව ජීවත්වීම තුළින් සතුට පිරුණු
දිවියක් ගත කළ හැකිය.
මෙයටත් අමතරව සංයුක්ත නිකායේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත්
ප්‍රසන්න පි‍්‍රයමනාප අයවලුන් වීම සඳහා කරුණු පහක් පෙන්වා දී ඇත.
1. කඩවසම් බව
2. ධනවත් බව
3. චරිතවත් බව
4. දක්ෂතාවයෙන් යුක්ත වීම
5. දරුසම්පත්තියෙන් යුක්ත වීම යන එම කරුණුය.
|