ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82 වන ගුණ සමරුව
|
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 82
වන ගුණ සමරු උළෙල කොළඹ මාලිගාකන්ද මහා බෝධි මූලස්ථානයේදී
ඉකුත්දා (28) පැවැත්විණි. එහිදී ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතා විසින් බෞද්ධ ග්රන්ථ කීපයක් ආචාර්ය ඉත්තෑපාන
ධම්මාලංකාර මහා නා හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව, බානගල
උපතිස්ස නා හිමියෝද මෙහි වෙති. |
රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
|
රාජ්‍ය වෙසක් උත්සව සැමරුම් උළෙල
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත්දා (04) පස්වරුවේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය
කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.රාජ්‍ය වෙසක් උත්සවයට
සමගාමීව නිකුත් කරන ලද මුද්දර සහ මුල්දින කවරය ද එහිදී
ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. අරන්තලාවේ භික්ෂු සංහාරයේ
දී තුවාල ලබා දැනට ආබාධිත තත්ත්වයේ පසුවන ආඳාඋල්පත
බුද්ධසාර ස්වාමීන් වහන්සේ වෙත මුදල් පරිත්‍යාගයක්ද
ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. රාමඤ්ඤ මහා නිකායේ මහා
නායක නාපාන පේමසිරි මහා නාහිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක
ගලගම අත්ථදස්සි අනුනාහිමි, මහියංගන රජමහා විහාර භාරකාර
උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නයද,
විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධ ශාසන අමාත්‍ය
කරු ජයසූරිය,එ.ජා.ප ජාතික සංවිධායක දයා ගමගේ මහත්වරුන්
ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ද සැදැහැවත් ජනතාව අතිවිශාල
පිරිසක් ද ඊට එක්ව සිටියහ. ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය |
ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනපති -අගමැති
ප්‍රධානත්වයෙන්
|
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ බුද්ධරශ්මි
වෙසක් කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
ඉකුත් දා (3) විවෘත කෙරිණි. ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර
නා හිමියන්ගේ සංවිධායකත්වයෙන් ඇරැඹි වෙසක් කලාපයේ අවස්ථා
කීපයක් මෙසේය. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝද මෙහි වෙති. |
කොළඹ නගර සභාවට වසර 150 ක්
පිරීම නිමිත්තෙන් පින්කම්
|
කොළඹ නගර සභාවට වසර
150 ක් පිරීම නිමිත්තෙන් කොළඹ විහාරස්ථාන 100 ක් සඳහා
මූල්‍ය ආධාර පිරිනැමීම හා සඟරුවන 250 නමක් සඳහා සංඝගත
දක්ෂිණාවක් පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වන දා කොළඹ නගරාධිපති නිලනිවසේදී
පැවැත්විණි. |