අසිරිමත් වෙසක් පුන් පොහොය
නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
සංවිධානය කළ ‘අමාදහර ශ්‍රද්ධා සක්මන 2015, අගමැති රනිල්
වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 03 වන දා ආරම්භ කැරිණි.
මෙරට පළමුවරට සක්මන් කරමින් නැරඹිය හැකි අධිතාක්ෂණික
සක්මන් තොරණ ඩිජිටල් රූපමය පෙළහර වයිෆයි දන්සල සමඟින්
ජනපි‍්‍රය ගායක ගායිකාවන් සහභාගිවූ බොදු බැති ගී සහ
ලේක්හවුස් සේවක සේවිකාවන් ඉදිරිපත් කළ වෙසක් භක්ති ගීත
ගායනය ඇතුළු විශේෂාංග රැසක් ලේක්හවුස් මන්දිරය අබියසදී
ප්‍රදර්ශනය වූ අතර එම අවස්ථාවට සහභාගි වූ අගමැතිතුමා
වයිෆයි දන්සල නිලවශයෙන් ආරම්භ කළ අවස්ථාව සහ ලේක්හවුස්
මෙහෙයුම් අධ්යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න මහතා අගමැති රනිල්
වික්‍රමසිංහ මහතා වෙත එහිදී ‘බුදුසරණ පත්‍රය’ පිරිනැමූ
අවස්ථාව. එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘමණ්ඩල
අධ්යක්ෂ සමන් වග ආරච්චි, මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය එමරික්
ප්‍රනාන්දු, නීති අධ්යක්ෂ සිරිමෙවන් ඩයස්, සමාගමේ
සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහත්වරු ඇතුළු පිරිසක් එම
අවස්ථාවට එක්ව සිටියහ. අගමැතිවරයා ඩිජිටල් තොරණ නරඹමින්.
නීති අධ්යක්ෂ සිරිමෙවන් ඩයස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
සුභාෂ් කරුණාරත්න මහත්වරු ද මෙහි වෙති. |
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති
පත්‍ර සමාගම සංවිධානය කළ ‘අමාදහර ශ්‍රද්ධා සක්මන 2015
වෙසක් කලාපය ඇරැඹීමට ලේක්හවුස් මෙහෙයුම් අධ්යක්ෂ ලක්ෂ්මන්
හේවාපන්න මහතා පොල්තෙල් පහන දල්වමින්, කර්තෘ මණ්ඩල
අධ්යක්ෂ සමන් වග ආරච්චි, නීති අධ්යක්ෂ සිරිමෙවන් ඩයස්,
මූල්‍ය අධ්යක්ෂ එමරික් ප්‍රනාන්දු සාමාන්‍යාධිකාරී අභය
අමරදාස මහත්වරු ඇතුළු පිරිස මෙහි වෙති ඡායාරූපය මාලන්
කරුණාරත්න |