අප්පමාදේන සම්පාදේථ
කෝට්ටේ ශී‍්‍ර නාග විහාරාධිපති
මාදුළුවාවේ සෝභිත හිමි
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබූදා සිට පිරිනිවන් පා වදාරන අවසාන
මොහොත දක්වා දේශනා කොට වදාළ එක වචනයක හෝ වටිනාකම අපට නියම කරන්නට බැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අදත් ලොව පුරා භික්ෂූන් වහන්සේ
විසින් දේශනා කර වදාරනු ලබනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එදා
දැක්වුණු ධර්ම පාඨ අද අපේ ආදර්ශ පාඨ වී තිබෙනවා.
බොහෝ බෞද්ධ පාසල්වල ආදර්ශ පාඨය වී තිබෙන්නේ ඒ බුද්ධ වචනයයි.
‘අප්පමාදේන සම්පාදේථ
‘අප්පමාදෝ අමතපදං
’අපදාන සෝභිනි පඤ්ඤා’
‘පඤ්ඤා නරානං රතනං’
මේ සියල්ල අද අපේ බෞද්ධ පාසල්වල ආදර්ශ පාඨවෙලා ‘අප්පමාදේන සම්පාදේථ ‘
යන පාඨය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පරිනිර්වාණය මංචකයේදීයි.
උන්වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේදී රහත්භාවයට පත් නොවු ආනන්ද හිමියන්
දැඩි ශෝකීව බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා. ශෝකය දරාගත නොහැකිව
ආනන්ද හිමියන් හඬා වැටුණා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් එම ස්ථානයට
කැඳවා ‘ඇයි ආනන්ද අඬන්නේ වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ’ ලෝකයේ
යමක් ඇති වූවා නම් ඒ සියල්ල නැතිවෙනවා. ඒ නිසා සියල්ල අනිත්‍ය වූ ලෝකයක
නිත්‍ය වූ දේ සොයන්න එපා. සියල්ල කාමසුඛල්ලිකානු ලෝකයක නිත්‍ය දේ
සොයන්න එපා. සියල්ල අනිත්‍ය නිසා ජීවිතයත් අනිත්‍යයි. මේ තත්වය තේරුම්
අරගෙන ඒ අවස්ථාව උදා නොවන්නට කටයුතු කළ යුතු වනවා. ඉපදීම දුකක් නම් ඒ
දුක නැති කළ හැක්කේ උප්පත්තිය නැති කිරීමෙන් පමණයි. උත්පත්තිය නැති
කරන්න නම් අප චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත යුතුයි.
"දුක" යන්න අප නිවැරදිව තේරුම් ගත යුතුයි. දුකට හේතුව අප වටහා ගත
යුතුයි. එසේනම් ඒ දුක නැති කළ යුතුයි. නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගෙන
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි නිවැරදි ලෙස අප ගමන් කළ යුතුයි.
එයින් තොරව කවදාවත් මේ දුක නැති කළ නොහැකියි. ඒ නිසා ආනන්ද මේ වේලාවේ
අඬා දොඩා වැලපීම නොවෙයි කළ යුත්තේ.
අප්පමාදේන සම්පාදේථ
වයධම්මා සංඛාරා
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එම නිසා අප්‍රමාදව කටයුතු කරන්න’
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන, ආරංචිය සැලවීමත් සමඟ බොහෝ පෘථග්ජන
භික්ෂූන් වහන්සේ අඬා දොඩා වැලපීම සිදුකළා. එක් භික්ෂුවක් පමණක් එම
ආරංචිය ලද සැණින් ඉක්මනින් වඩාත් උනන්දුව සත්‍යය අවබෝධ කර ගැනීමට
කටයුතු කළා. භාවනානුයෝගීව කටයුතු කළා. සෙසු භික්ෂූන් හඬා වැළපෙද්දි
“ධර්මාරාම” නම් මේ භික්ෂූන් වහන්සේ භාවනානුයෝගීව කටුතු කිරීම ගැන එම
භික්ෂූන් වහන්සේ දැඩි කලකිරීමට පත්වුණා. ඔවුන් මේ භික්ෂූන් වහන්සේද
කැඳවාගෙන බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ලෙස රැගෙන ගියා.බුදුරජාණන්
වහන්සේ “ධර්මාරාම” භික්ෂුවට ප්‍රශංසා කළා. ධර්මාරාම භික්ෂුව මගේ
පරිනිර්වාණය අප්‍රමාදයට හේතුවක් කර ගත්තා. එය මට කරනු ලබන ලොකු
ගෞරවයක්. ධර්මාරාම භික්ෂූන් නිවන් මාර්ගය ඉක්මනින් පසක් කරගත්තා.
අප්පමාදේන සම්පාදේථ යන්නට මෙය කදිම උදාහරණයක් බුදුරජාණන් වහන්සේ
බුද්ධත්වය අවබෝධ කර ගැනීමට දස පාරමිතා පිරූ බව අප කවුරුත් දන්නවා.
එයින් එක පාරමිතාවක් තමයි වීර්යය පාරමිතාව. එය නිවන් මඟට අත්‍යවශ්‍යම
පාරමිතාවක්. දුක නැති කිරීමට නම් වීර්යය ඇති කළ යුතු වනවා. එය දිනකින්
දෙකකින් කළ හැක්කක් නොවේ. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්
වීර්යය කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ “මහාවීර” නමින් හැඳින්වුණා.
බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදීම අප්‍රමාදීව කටයුතු කළ චක්ඛුපාල
තෙරුන් වහන්සේගේ කතාවත් අපට ‘අප්පමාදේන සම්පාදේථ’ යන්නට උදාහරණයක් වූ
චක්ඛුපාල තෙරුන් තවත් භික්ෂූන් වහන්සේ තිස් නමක් සමඟ භාවනා කිරීමට වැඩම
කරනවා. එක් එක් භික්ෂූන් වහන්සේ වෙන් වෙන් කුටිවල භාවනා කිරීමට ඔවුන්
කතිකා කර ගත්තා. අක්ෂි වෛද්‍යවරයෙක් පැමිණ උන් වහන්සේට පවසන්නේ අක්ෂි
ආබාධයක් ඇති වුවහොත් තමන් නොමිලයේ ප්‍රතිකාර කරනු ලබන බවයි. උපාසිකාවක්
පැමිණ ගිලන්පස ආදි දානමය පින්කම් පිරිනමනු ලබන බවට දැනුම් දෙනවා.
කිසිවෙක් වචනයක් හෝ කතා නොකර වෙන් වෙන් වශයෙන් කරනු ලබන මේ භාවනානුයෝගී
අවස්ථාවේ එක් භික්ෂුවකට යම් අසනීපයක් ඇති වුවහොත් මිණිගෙඩියක් හැඬවීමට
ඔවුන් කතිකා කර ගත්තා. චක්ඛුපාල තෙරුන් නිර්වර්ජිතව භාවනානුයෝගීව
කටයුතු කළා. චක්ඛුපාල හිමියන්ට මේ නිසා ඇස් ආබාධ හට ගත්තා. උන්
වහන්සේගේ අසනීපය ගැන දැනගත් අක්ෂි වෛද්‍යවරයා පැමිණ ඖෂධ ලබා දුන්නා.
ටික දිනකින් අක්ෂි වෛද්‍යවරයා පැමිණ පරික්ෂා කර බැලුවා. චක්ඛුපාල
හිමියන්ගේ අක්ෂිරෝගය උග්‍ර වී තිබුණ අතර එහි කිසිදු සුබ ලකුණක් තිබුණේ
නැහැ. 'ඔබ වහන්සේ මා දුන් ඖෂධ ඇස්වලට දැමුවාද? 'ඔව් මා දැමුවා' 'කෙසේද
දැමුවේ'
'භාවනා කරන අතරේම ඇසට දැමුවා'
ඔබ වහන්සේගේ කුටිය බලන්න අවශ්‍යයි.'
කුටිය පරික්ෂා කළත් එහි යහනක් තිබුණේ නැහැ. ‘ඔබ වහන්සේ ඇස්වලට ඖෂධ
දැමුවේ සිටගෙන හෝ අසුන්ගෙනද? ‘මා භාවනා කරන ගමන් ඖෂධ දැමුවා’ එසේ
කරන්නේ නම් ඔබ වහන්සේ ගේ දෑස් සුව කළ නොහැකියි.යහනෙහි දිගා වී
ප්‍රතිකාර ලබා නොගන්නේ නම් මා වැනි දක්ෂ වෛද්‍යවරයෙකුගෙන් ඖෂධ ලබා ගත්
බව හෝ කිසිවකුටත් පවසන්න එපා.’ එය මට මහත් අගෞරවයක්. අක්ෂි වෛද්‍යවරයා
චක්ඛුපාල හිමිට දොස් පවරා ගියා. චක්ඛුපාල හිමිට එහිදී තීරණයක් ලබා
ගැනීමට සිදුවුණා. අක්ෂි රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවාද? සත්‍යය කරා
යනවාද? තමන් වැඩු වීර්යය ඒ අයුරින්ම කරගෙන යාමට උන්වහන්සේ තීරණය කළා.
උන්වහන්සේ වීර්යය වඩා අරහත් ඵලය ලැබුවා. එහෙත් අරහත් ඵලය ලබන විටම ඇස්
අන්ධවුණා. මෙවන් චරිත බුද්ධ ශාසනයේ අපට ඕනෑ තරම් දැක ගැනීමට පුළුවන්.
ඇතැම් භික්ෂූන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙන විට කකුල් පැලී ගියා.
අවසානයේ දනගාමින් භාවනා කළා. ඒ අප්‍රමාදීව කටයුතු කිරීමටයි. සංසාරයට
ඇති භිය නිසා ඕනෑම දුකක් විඳීමට අප්‍රමාදීව කටයුතු කිරීමට එකල භික්ෂූන්
කටයුතු කළා. වීර්යය වඩා තම විමුක්ති මාර්ගය හදාගැනීමට එදා භික්ෂූන්
කටයුතු කෙළේ. සංසාරය නිමා කර ගැනීමට මාරයා පැරදවීමටයි එදා භික්ෂූන්
වහන්සේ කටයුතු කෙළේ.
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු කැප වන්නේ කුමටද කුසලට කම්මැළි වන්නේ
මාරයා එන දිනය කිසිවකුට කීමට හැකියාවක් නැහැ. එම නිසා අදම වීර්යය දැරිය
යුතුවනවා. කාලය වේගයෙන් ගමන් කරනවා. අපි බලාගෙන සිටියම කාලය නවතින්නේ
නැහැ.
ළමාවිය, තරුණ විය, මහලු වියට පත්වනවා. අවසානයේ මරු කරා යනවා. එම නිසා
අප්‍රමාදිව නිවන් මග කරා යා යුතු වනවා. ජීවන මඟට පමණක් නොවෙයි.
අප්‍රමාදය එදිනෙදා සියලු වැඩ කටයුතු සඳහ යොදා ගත යුතු වනවා. කිසිදු
කටයුත්තකට ප්‍රමාදය සුදුසු නැහැ.
පාසල් සිසුන් පවා තමන්ගේ මේසය අසලින් ‘අප්පමාදෙන සම්පාදේථ’ යන්න ලියා
හෝ තබා ගත යුතුවනවා. ඉගෙන ගන්නා දරුවාට අරමුණක් තිබෙනවා. මම ඒ අරමුණට
අප්‍රමාදිව කටයුතු කරනවා. අධිෂ්ඨානශීලිව එම කටයුත්තට යොමු විය
යුතුවනවා. ස්වභාව ධර්මය විසින් අපේ රටට බොහෝ දේ දායාද කර තිබෙනවා.ඒ
කිසිවකින් අප නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ. අප හැමදා තුන්වන ලෝකයේ රටක්
වෙලා. කවදාවත් පලමු තැනට එන්නෙත් නෑ. දෙවෙනි තැනට එන්නෙත් නෑ. හෙල රජ
දවස අපේ රජදරුවන් අප්‍රමාදීව කටයුතු කළා. අපි තුන් වේලම බත් කාපු
ජාතියක්. වැව් බැඳි රාජ්‍යයක් අපට තිබුණා. වැව් 35,000 ක් පමණ රට පුරා
ඉදිවුණා. ඇළ වේලි ඉදිවුණා. සියල්ලම අප්‍රමාදිවයි සිදු කළේ. ඒ සියල්ල
කළේ ගතේ, සිතේ වීර්යයෙන් අද වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. නියඟයට
පිළියම් යොදාගෙන තිබුණා. ‘අහසින් වැටෙන එකම දිය බිඳක්වත් ප්‍රයෝජනයට
නොගෙන මුහුදට නොයවන බව මහ පැරකුම්බා රජුගේ අධිෂ්ඨානය වුණා. දුටුගැමුණු
රජු අවුරුදු 44 ක් එළාර රජු යටතේ තිබුණු බලය අල්ලා ගත්තා. මිරිසවැටිය
ලෝවාමහා පාය වගේම දුටුවුන් මවිත කරවන රුවන්වැලි සෑය ඉදිකරා. ඒ ආදර්ශය
එදා සිටම සියලු නායකයන් අරගත්තා. ඩී.එස්. සේනානයක මහත්මයා මිය යන විට
අපේ රට කිසිදු ණයක් ලෝකයට තිබුණේ නැහැ. නමුත් අද අපේ රට ලෝකයටම ණයවෙලා.
ණය බරින් මිරිකිලා ඉන්නෙ. අපේ රට දියුණු කරන්න අමාරු නැහැ. නමුත් අපට
අප්‍රමාදී බව දැන් ගෑවිලාවත් නැහැ. වේලිච්ච දණ්ඩක් පැළ කරත් එහි ඵලදාව
ඇතිවනවා. ඒ තරමට සරුසාර පොළොවක් තියෙන්නේ . නමුත් අප ඒකෙන් ප්‍රයෝජන
ගන්නෙ නැහැ. සිංගප්පූරුව අපට වඩා බොහෝ පිටුපසින් සිටි රටක්, නමුත් එක
නායකයකු නිසා අද ඒ රට දියුණුවේ මුදුන් පෙත්තටම ගිහින්. එහි බොන්න වතුර
පොදක් නෑ. ස්වභාවික සම්පත් නෑ. නිදහස ලබල අවුරුදු 60 ක් පහුවෙලා. තවම
අපට අල්පෙනනෙත්තක්වත් හරියට නිෂ්පාදනය කරන්න බැරිවුණා. අඳින ඇඳුම
හදාගන්න බැහැ. කොරියාව ඉතාම දුගී ලෙසින් හිටපු රටක්. නමුත් අද කොරියාව
ලෝකයේ ඉහළම තත්වයේ රටක්. නැව් පවා නිපදවන ඉහළම රටක් බවට පත්වෙලා. එකම
හේතුව අප්‍රමාදි බවයි. අපට කිසිම සැලසුමක් නැහැ. තිබෙන්නේ. ‘එදා වේල
ටුවරිස් සංකලපයක්. හෙටක් ගැන දැකීමක් නැහැ. අපේ අයට කියන්න තියෙන්නේ
කුමක්ද? කම්මැළි කොල්ලනේ පොල් කටුව අරගෙන පලයව් හිඟමනේ. අප්‍රමාදය –
නැත්නම් එකම විසඳුම එයයි.
සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර
නා චින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති - නොසිතන්නා විශේෂයකට නොපැමිණෙයි
- වට්ටක ජාතක |