Print this Article


සැපත සොයා යායුතු සිත

සැපත සොයා යායුතු සිත

මාතික මාතාව බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ පසල් දනව්වක විසූ දුප්පත් කාන්තාවක් වූවාය. දිනක් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇය විසු ගමට වැඩම කළ විට ඇය ඇතුළු පිරිස උන්වහන්සේලාට එහි වස් වාසය සඳහා ආරාධනා කළාහුය.

වස් විසීමට හොඳ පරිසරයක් සකස් කර දුන් ඔවුන් උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ද අඩුවක් නැතිව ලබා දුන්නේය. භික්ෂූන් වහන්සේලා ද මහත් වීර්යය උපදවාගෙන මාර්ගඵල ලබාගැනීම සඳහා අදිටනින් යුතුව භාවනානුයෝගීව කටයුතු කළහ. සෑම දිනම පන්සල වෙත පැමිණ අඩුපාඩු සොයා බලන මාතිකාවට භික්ෂූන් වහන්සේලා පෙනෙන්නට නොවීමෙන් මහත් බියක් ඇති විය. උන්වහන්සේලා තමන්ව අතැර ගිය බව ඇය සිතුවාය. නමුත් එහි සිටි උපස්ථායකයෙකුගෙන් විමසූ කල ඇයට අසන්නට ලැබුණේ උන්වහන්සේලා භාවානානුයෝගීව වැඩ වසන බවයි.

සැපය පිළිබඳ ඉතා වටිනා පාඩමක් ඉහත ගාථාවෙන් ලබාදෙන්නේය. ඉපදුණූ දා පටන් මියයන තෙක්ම මිනිසත් බව ලැබූ අපත් වෙනත් ජීවීනුත් සැප විඳින්නට මහත් ආසාවකින් යුක්තය. බෞද්ධ දර්ශනයට අනුව සැප විඳින්නට නම් ක්‍රියා කළ යුතු පිළිවෙත පෙන්වා දෙනු වස් මේ පාඨය අතිශයින් වැදගත් වනු නො අනුමානය. එහි සරල අර්ථය ගෙන විචාරන විට සැප විඳින්නට නම් මූලිකවම සිත පිළිබඳ හොඳ වැටහීමකින් පසුවීම වැදගත් බව පෙන්වා දේ. බෞද්ධ දේශනාවන් තුළ සිතට හිමිකර දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. මෙයට ප්‍රධාන වන්නේ අප සෑම ක්‍රියාවක් සඳහාම සිතින් අවසර ගැනීමක් මෙන්ම ඕනෑම ක්‍රියාවකදී බොහෝ විට සිත මුල් වන බැවිනි.

ඉහත ගාථා පාඨයෙන් ගම්‍ය කෙරෙන්නේ ‘හික්මවා ගැනීමට අපහසු වන්නා වූ මේ සිත යමෙක් මනාව දමනය කරගන්නේ නම් සිත හික්මවා ගන්නේ නම් ඔහු සැපයට එළඹෙන බවයි. එසේ නම් මෙහි බෞද්ධ විචාරය පිළිබඳ මුලින් ම අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත. බුදුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ මේ සිත දුර ගමන් යන බවත් තනිව හැසිරෙන බවත් ගුහාවක වෙසෙන බවත්ය. (දූරංගමං ඒකචරං) අසරීරං ගුහාසයං) දුර ගමන් යන්නේය යනුවෙන් පෙන්වා දෙන්නේ අපගේ අරමුණු චේතනාවන් ක්ෂණයක් ක්ෂණයක් පාසාම වෙනස් වන බව හා විවිධ අරමුණු සොයන බවත් පෙන්වා දීමයි. යම් ක්‍රියාවක් සිදුකරන මොහොතක අපගේ සිත මනාව හසුරුවා නොගෙන එම ක්‍රියාව කරන්නේ නම් එයින් ලැබෙන ප්‍රතිඵලය අනිෂ්ට එකක් විය හැකිය.

නො එසේ නම් අඩු ප්‍රතිඵල දායක විය හැකිය.දෙවැනිව පෙන්වා දෙන්නේ තනිවම හැසිරෙන යනුවෙනි. සිතට තවත් සිතක් හා එක් විය නොහැකිය. සිත හා මොළය එක් වීමෙන් දෙදෙනෙකු අතර සබඳතා ඇති වන්නේ යමෙකුගේ සිතෙහි ඇති චේතනාවන්, අදහස් වෙනත් පෘථග්ජන අයෙකුට ප්‍රකාශ කිරීම ඉතා අපහසුය. මාර්ගඵලයන්ට සැපත් උතුමන් වහන්සේලාට ඒ හැකියාව පවතී. ශරීරයක් නැත යනුවෙනි තෙවැනිව සඳහන් කෙරෙන්නේ. මේ කාරණාව ඉතා හොඳින් අපට වැටහේ. එහෙයින් අප පළමුවෙන්ම කළ යුත්තේ සිත ආරක්ෂා කර ගැනීම බව බුදුදහමේ උගන්වනු ලැබේ.

මනුෂ්‍යත්වය ලැබූ අප , බෞද්ධ දර්ශනය අනුගමනය කරන අපගේ මූලිකම අභිලාෂය වන්නේ නිවන් මාර්ගයට පිවිසීමයි. එනමුත් ලෞකික ජීවිතයද සාර්ථක කරගැනීම කළ යුතුම ක්‍රියාවක් බව බුද්ධ දේශනාව තුළ විද්‍යමාන වේ. ලෞකික සම්පත් පිළිබඳවම පමණක් සිතීම ද මනුෂ්‍යත්වයට තරම් නොවේ. ලෞකික සම්පත් විඳීමටත් ලෝකෝත්තර විමුක්තියට මාර්ගය විවර කර ගැනීමටත් හොඳම අවස්ථාව මනුෂ්‍යත්වයක් ලබා තිබීමයි. අප ලබාගත් මේ ජීවිතයේ උත්තරීතර බව අප මුලින්ම වටහාගත යුතුය.

සම්බුදු හිමියන් දේශනා කර ඇත්තේ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම අතිශයින්ම අපහසු, දුර්ලභ, වූ දෙයක් බවයි (දුල්ලභං ච මනුස්සත්තං) අප ඒ තත්ත්වයට පත්වඇති නිසා මේ දුර්ලභ ජීවිතය පරිහානියට පත් කර ගැනීම තරම් නොවේ. යම් සේ පාපී ක්‍රියාවන් සිදුකර අප ඊළඟ භවයේදී දුගතිගාමී වුවහොත් යළි නැගිටීමක් නැති බව ඉතා හොඳින් බුදු දහමේ පෙන්වා දී ඇත.

මුලු මහත් පොළොවේම අධිපතිත්වය ලැබුවද සක්විති රජකම ලැබුවද දිව්‍ය ලෝක සැප සම්පත් වින්දනය කිරීමට ඉඩ ලැබුණ ද මේ සෑම දෙයකටම වඩා උත්තරීතර වන්නේ සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත්වීම බව බුදුදහමේ පෙන්වා දී ඇත.

මුලින් සඳහන් කළ දෑ ලෞකික විෂයයෙහි වැදගත් වුවද ඒවායේ ස්ථිර පැවැත්මක් නොමැති නිසාවෙන් විඳින්නේ ක්ෂණික සැපතකි. මෙ නිසා ලෞකික හැම සැප සම්පතක්ම ඉවත් කර දැමීමට ඒකාන්තයෙන්ම අපට සිදුවේ. ලෝකෝත්තර විමුක්තියෙහි සැපය සර්ව සම්පූර්ණ වුවද ලෞකික සැප සම්පත්වලින් ලැබෙන වින්දනය පරිපූර්ණ සතුටක් නොවේ. ලෞකික සැප සම්පත් විඳින්නට පෙලඹීම තුළින් නිරන්තර අපට ඇති වන හැඟීම වන්නේ “විඳින සැප මදිය” යන හැඟීමයි.

ඒ නිසා තවතවත් ලෞකික සැප සම්පත් සෙවීමේ කාර්යයේ අප සිත යොදවන්නේය. නමුදු ඒ මත්තෙම ක්‍රියාකිරීම තුළින් අප සිදුකරගන්නේ අයහපතට මාර්ගය විවර කිරීමක් බව තීක්ෂණ බුද්ධියෙන් අප අපෙන්ම විමසා ගත යුතුව ඇත.

ලෞකික ජීවිතයේ සිට ලෝකෝත්තර විමුක්තිය සෙවීම මහත් අපහසු ක්‍රියාවක් වන්නේය. ජීවන සඳහා වූ ගමනේදි භික්ෂුවගේ ගමන හා ගිහියාගේ ගමන අහසට පොළොව තරම් දුරස්ථය. ගිහි ඇවතුම් පැවතුම්වලින් මිදුණූ භික්ෂුවගේ ගමන වේගවත් බවයි. මෙයින් පෙන්වා දී ඇත්තේ, ගිහි සැප විඳින ගමන්ම ලෝකෝත්තර සුවය සෙව්වද එය සාක්ෂාත් කරගැනීමේදි අපහසුතාවට පත්වේ. සමාජීය ජීවිත හා ගැටෙමින් මනාව පවුලේ සුබ සිද්ධිය සඳහා කැපවෙමින් ක්‍රියාකරන තැනැත්තාට ලෝකෝත්තර තත්ත්වයක් ගැන සිතක් පහළ කර ගැනීමත් අපහසුය. නමුදු වීර්යය කරන්නේ නම් තම අභිලාෂය සඵල කරගැනීමටද හැකිවන බව බුද්ධ කාලීන සමයේදි සිදු වූ සමහර පුවත්වලින් අවබෝධ කරගත හැකියි. එහිදී හොඳම නිදසුන වන්නේ මාතික මාතාවගේ කතාපුවතයි.

මාතික මාතාව බුදුන් වහන්සේ ජීවමානව වැඩ විසූ සමයේ පසල් දනව්වක විසූ දුප්පත් කාන්තාවක් වූවාය. දිනක් භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇය විසු ගමට වැඩම කළ විට ඇය ඇතුළු පිරිස උන්වහන්සේලාට එහි වස් වාසය සඳහා ආරාධනා කළාහුය.

වස් විසීමට හොඳ පරිසරයක් සකස් කර දුන් ඔවුන් උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ද අඩුවක් නැතිව ලබා දුන්නේය. භික්ෂූන් වහන්සේලා ද මහත් වීර්යය උපදවාගෙන මාර්ගඵල ලබාගැනීම සඳහා අදිටනින් යුතුව භාවනානුයෝගීව කටයුතු කළහ. සෑම දිනම පන්සල වෙත පැමිණ අඩුපාඩු සොයා බලන මාතිකාවට භික්ෂූන් වහන්සේලා පෙනෙන්නට නොවීමෙන් මහත් බියක් ඇති විය. උන්වහන්සේලා තමන්ව අතැර ගිය බව ඇය සිතුවාය. නමුත් එහි සිටි උපස්ථායකයෙකුගෙන් විමසූ කල ඇයට අසන්නට ලැබුණේ උන්වහන්සේලා භාවානානුයෝගීව වැඩ වසන බවයි.

මේ ආදර්ශය සිතට ගත් මාතිකාවද නිවසට ගොස් හොඳින් භාවනා කරන්නට පටන් ගත්තාය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට ප්‍රථම ඇය අනාගාමී ඵලයට එළඹියාය. දිබ්බචක්ඛු ඤාණය ද උපදවා ගත්තාය. ඇය උන්වහන්සේලාගේ සිත් පිළිබඳව හොඳන් ඤාණයෙන් විමසා බැලුවාය.

මාර්ගඵල ලබා ගැනීම සඳහා අවහිර වන සාධකයන් සොයා ඒවා නැති කර අවශ්‍ය දෑ අඩුවක් නැතිව සපයා දුන්නාය. ඒ නිසාවෙන් ම වස් සමය අවසන් වීමට පළමුව භික්ෂූන් වහන්සේලාද අරහත් ඵලයට පත් වූහ.

මේ කතාවෙන් පැහැදිලි වන්නේ තමන්ට අරමුණක් තිබේ නම්, ඒ අරමුණ සාධනය කර ගැනීමට තරම් අධිෂ්ඨානයක් හා වුවමනාවක් තිබිය යුතු බවයි. මාතික මාතාවටද ඇති වුණේ ඒ අධිෂ්ඨානයයි. වුවමනාවයි.

ඒ නිසා ලෞකික සැපත වහා නැසෙන සුළු බව සිතා ලෝකෝත්තර සැපත සඳහා අපේ සිත් ද හොඳින් මෙහෙයවා කිසිදා නොනැසෙන උත්තරීතර සැපත ලබාගැනීමට අපි අදිටන් කරගනිමු.