Print this Article


සුසුමක විමසුමෙන් ලොව ජය ගන්නට

සුසුමක විමසුමෙන් ලොව ජය ගන්නට

දක්ෂ වූ වඩුවෙකු හෝ වඩුවෙකුගේ අතවැසියෙකු ලී කැබැල්ලක් ඉරන්නේ නිකම් නොවේ. ඔවුන්ට තිබෙනවා ඒ සඳහා අවශ්‍යතාවයක්. සමහර වෙලාවට ඇඳක්, පුටුවක්, මේසයක් වගේ යම් උපකරණයක් නිර්මාණය කර ගැනීමයි ඔවුන්ගේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය වැඩිදියුණු කර ගැනීමට ඒ ඒ තැනට ගැලපෙන පරිදි ලී කෑලි ඉරා ගැනීම සිදුකළ යුතු වෙනවා.

දැන් ලෑල්ලක් වඩුවෙකු කියතින් ඉරනවිට හිතුමතේ ඒක ඉරන්නේ නැහැ. අවශ්‍ය පළල දිග සලකාගෙන මට්ටම් ලීයෙන් එය සැලසුම් කර මැනගෙන ඊළඟට එය කපා ගන්න ඕන ප්‍රමාණයට දිගට පැන්සලින් ඉරක් අඳිනවා. ඒ වඩුවාට නිසිලෙස ඇද නැතුව ලෑල්ල ඉරාගන්න නම් පැන්සල් ඉරක් අවශ්‍යයි. පැන්සල් ඉරක් ගහන්නේ මේ කැපුම ඇද වෙන්නේ නැතුව හොඳින් කපාගන්න ඕන නිසා. දැන් හිතන්න ඒ පැන්සල් ඉර නැතුව ඒ ලෑල්ල කපන්න ගියොත් කුමක් වේවිද? සමහර විට ඒ ලෑල්ලම අහක දාන්නත් වෙන අවස්ථා ඇතිවෙන්න පුළුවනි. එනිසා වඩුවෙකු හෝ වඩු අතවැසියෙකු ආවටගියාට ඒ ලෑල්ල කපන්නේ නැහැ. නිවැරැදිව සෘජුව අවශ්‍ය ප්‍රමාණයට කපා ගැනීමට පැන්සල් ඉරක් අදින්නේ. පැන්සල් ඉර දිගේ කැපුවොත් එහි නිවැරැදිව ඇද නැතුව අවශ්‍ය කාර්යයට ලෑල්ල කපන්න පුළුවන්. ඔබ දන්නවා වඩුවා පැන්සල් ඉර ළඟට කියත තියලා නූලටම ඒ ඉර දිගේ කියත උඩට පහළට අදිනවා. ඉර දිහා බලාගෙන මේ නූල දෙස බලාගෙන නූල දිගේ ඇද නැති කියත ගෙනියන්න නම් අර කියත ඉහළට, පහළට යනවා විතරක් බලලා හරියන්නේ නැහැ. කොහොම කැපුවත් කියතේ ගැට්ට වඳින තැනකුත් තිබෙනවා. දැන් කියතේ ගැට්ට වදින තැන බලල හරියන්නේ නැහැ. එහෙම කැපුවොත් කියතේ ගැට්ට වදින තැනකුත් තිබෙනවා. එහෙම ගැට්ට වදිනවාද කියා බලන්න ඕන පැන්සල් ඉරෙන්. පැන්සල් ඉරට සමන්තරව කියතේ ගැට්ට වඳිනවාද කියා බැලුවොත් තමා හරි. ඒ කියත උඩට පහළට යනවා. දිගට ඇදෙන්න පුළුවන්. කෙටියට ඇදෙන්න පුළුවන්. ඒ දිගට හෝ කෙටියට ඇදෙන කියන කාරණාව වැදගත් වන්නේ පැන්සල් ඉරට සමාන්තරව කියත ගෙනියනවානම් පමණයි. යම් අවශ්‍යතාවයක් සඳහා ලෑලි කෑල්ලක් ඉරාගන්න වඩුවෙකු හෝ වඩු අතවැසියෙකු ඒ කාර්ය කරන්නට නම් ඔහු කළයුතු කාර්යයන් රාශියක් කියවුණා.

බුදුරජාණන් වහන්සේ අපට මේ උපමාවෙන් ආනාපනාසතිය වඩන්න ඕන කොහොමද කියා උපමාවෙන් දෙවනුව පැහැදිලි කර දෙනවා. දැන් ඔබ හිතන්න ලෑල්ල කපන්නේ නිකම් නොවේ. වඩුවා මේ මේ භාණ්ඩය නිපදවා ගන්නට මේ අවශ්‍යතාවයට ලෑල්ල කපාගන්න ඕන කියලයි කියත අතට ගන්නේ. දැන් ඔහු අර පැන්සල් ඉර දිගේ කියත ගෙනියන්න ඕන. ඒක දිගට ඇද්දත්, කෙටියට ඇද්දත් පැන්සල් ඉර දිගේ අදින්න ඕන.

එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් කියන්නේ මොකක්ද? අර ලෑල්ල ඉරන්න කලින් අවශ්‍ය විදිහට ඉරාගන්න නම් ඉරක් ගහගන්න ඕන. ඉරක් නැතුවත් කපන්න පුළුවන්. නමුත් ඒ ලෑල්ල අර හදන උපකරණයට ගැලපෙන්නේ නැතිව යනවා. ලෑල්ල කපන්න ඕන ගැලපෙන ආකාරයට යි. හැපෙන තැන වඳින තැනම බලාගෙන කපන්න පුළුවන්. කියත කෙලින් ගියත්, ඇදට ගියත් හැපෙන තැන පේනවා. හැබැයි ඒක අවදානම්. අපේ අවශ්‍යතාවයට ලෑල්ල කපාගන්නයි කියත අතට ගන්නේ. දැන් ඔහු අර පැන්සල් ඉර දිගේ කියත ගෙනියන්න ඕන. ඒක දිගට ඇද්දත් කෙටියට ඇද්දත් පැන්සල් ඉර දිගේ අදින්න ඕන.

එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ උපමාවෙන් කියන්නේ මොකක් ද? අර ලෑල්ලේ ඉරන්න කලින් අවශ්‍ය විදිහට ඉරාගන්න නම් ඉරක් ගහගන්න ඕන. ලෑල්ල කපන්න ඕන ගැලපෙන ආකාරයට වගේ අපටත් ආනාපානසතිය වඩන්න පුළුවන්. ඒ කියන හැපෙන තැන, වදින තැන බලාගෙනම කපන්න පුළුවන්. කෙලින් ගියත් ඇදට ගියත් හැපෙන තැන පේනවා. හැබැයි ඒක අවදානම්. අපේ අවශ්‍යතාවය ඒතුළ ඉටු නො වන්න පුළුවන්. එහෙනම් තේරුම් ගන්න හුස්ම රැල්ල ආශ්වාස, ප්‍රාශ්වාසයේදී හැපෙන තැන බලන්න කියලයි කවුරුත් අපට කියා දෙන්නේ. හැබැයි දැන් අපට මහ ගැඹුරට නො ගියාට මේ උපමාව දෙස බැලුවානම් පේනවා අප කවුරුත් වැරැදියි කියලා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළානම් එය දේශනා කළේ යම් අරමුණක් උදෙසා යි. උන්වහන්සේ වදාළ විදිහටම මහ කරුණාවෙන්, මහ ප්‍රඥාවෙන් දැන දැක කරුණාවෙන් වදාළ දේශනාව වෙනස් කරන්න බැහැ. වෙනස් කළොත් අපට ප්‍රතිඵලය ලබන්න බැහැ. ඒ නිසා ආනාපානසතිය භාවනාව නිවැරැදි ඉලක්කයකට අප එය භාවිතා කළාද කියන අදහස සොයන්න ඕන. කවුරු කිවුවත් වැරැදි දේ අතහරින්න ඕන.

ලෑල්ල කපන වඩුවා පළමුව කළේ කියත අතට ගන්න එක නොවේ. අඩිරූල, මට්ටම අතට අරගෙන අවශ්‍ය විදිහට පැන්සල් ඉරක් ඇඳදගැනීමයි. පැන්සල ඉර ඇදගත්තා වගේ උන්වහන්සේ අපට ආශ්වාස, ප්‍රශ්වාසයට එන්න කලින් එය දිගද කොටද කියා බලන්න කලින් අපට පෙන්නුවා ඉරක් ඇද ගන්න. සිත සිහිය පවත්වන්න ඕන තැන අපට කියා දුන්නා. අපට තිබෙන්නේ ඒ ඉර දිගේ යන්න. ඒ කියපු තැන සිහිය තබාගෙන වඩුවා හෝ වඩුවාගේ අතවැසියා පැන්සල් ඉර දෙස බලාගෙන පැන්සල් ඉරට සමාන්තරව කියත ගමන් කරනවාද කියා බල බලා සිහියෙන් ඉන්නවා. කියත පහලට යනවත් දන්නවා. කියත ඇදෙන බවත් දන්නවා. දැන් ඔහුගේ අවශ්‍යතාවය කියත දිගට හෝ කෙටියෙන් ඇදීම නොවේ. වඩුවාගේ අවශ්‍යතාව භාණ්ඩය නිපදවා ගැනීමයි. උණ්ඩය නිමවා එය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම. අපත් මේ කාර්ය කරන්නේ කිසියම් වූ අපේක්ෂාවකින්. මෙතැන නොවේ අපේ ඉලක්කය. වෙනත් අවශ්‍යතාවයක් උදෙසා මේ දේ කරන්නේ. ඇයිි අප මේ දේ කරන්නේ? අප අවබෝධයක් නැතත් ආනාපනසතිය වඩනවා. එතැන තමා නිවන, එතැන තමා නිවන් මඟ කියලා අප හිතාගෙන ඉන්නේ. දැන් අපට පැහැදිලියි අර වඩුවා ඉරක් ඇද ගත්තා වගේ අපටත් බුදුරජාණන් වහන්සේ වදාළ සිහිය තබාගන්න ඕන තැන. ඒ සිහිය තබාගත යුතු තැනට සමාන්තරවයි ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව දැනගන්න ඕන. ඇදපු ඉර දෙස බලන්නේ නැතුව කියත අදින්න පුළුවන්. එවිට කුමක් වේවිද? එහෙනම් වඩුවට සිදුවෙනවා කියන උඩට පහළට ඇදීම පිළිබඳවත් යම් දැනුමක් ලබාගන්න. හැබැයි ඒ කියත ගමන්කළ යුතු ඉර පිළිබඳවත් අවධානය තිබෙන්න ඕන. මේ දෙක එකට ගමන් කළොත් වඩුවාගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න පුළුවන්.

එනිසා දැන් සති නිමිත්ත කියනවිට ආශ්වාස, ප්‍රශ්වාසයේදී හැපෙන තැන තීරණය කරන්න එපා. කියතින් කොහොම කැපුවත් හැපෙන තැනක් තිබෙනවා. කොතැන හෝ හැපෙන තැනක් බලලා බැහැ. හැපෙන තැන බලන්න ඕන ඉරට සමාන්තරව. හැපෙන තැන වෙන එකක්. පැන්සල් ඉර තව එකක්. අප නිමිත්තයි ආශ්වාස, ප්‍රශ්වාසයයි දෙකම එකතුª කරලා ආශ්වාසය, ප්‍රශ්වාසය හැපෙන තැන කියලා ගත්තොත් මේ උපමාවට ගැලපෙන්නේ නැහැ.

බුද්ධ දේශනාවට අනුගත වෙන්නේ නැහැ. කියත පිළිබඳව ක්‍රියාව අර පැන්සල් ඉරට සමාන්තරව පවත්වන්න ඕන. දැන් අප ආශ්වාස, ප්‍රශ්වාස දෙස නිවැරැදිව බලන්න වෙනවා. එහිදී සමහර අය කියනවා හැම දෙයක්ම නොදැනී ගියා කියලා. එය ඇද වූ තැනක්. මේ ආනාපානසතිය තුළ නොදනී යන අවස්ථාව තිබෙනවා. ඒක සිදුවෙන්නේ චතුර්ථධ්‍යානයේදී. එම ධ්‍යානයට යනතුරුම දැනෙනවා. අපට ස්වභාවයෙන්ම ආශ්වාස නොදනි යන්න පුළුවන්. ඒ සිහිය හා නුවණ නො වැඩුන නිසා. ඒ බව බුදු නුවණින් දන්න නිසා තමා ඉරක් ඇද දුන්නේ. ආශ්වාස, ප්‍රශ්වාස නැති වුණත් නිමිත්ත තිබෙන්න ඕන. ඒක අතුරුදහන් වෙන්න බැහැ. අප හුස්ම හැපෙන තැන බැලුවොත් ආශ්වාස, ප්‍රශ්වාසය නැතිවුණොත් නිමිත්තක් නැහැ. එවිට අප කියන්නේ මොකුත් දැන්නේ නැහැ කියලා. ඒනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ බුදු වදන අපට වෙනස් කරන්න බැහැ. වෙනස් කළොත් ඒ සඳහන් කළ අරමුණට යන්න අමාරුයි. ඒ නිසා හොඳට තහවුරු කරගන්න සති නිමිත්ත කියන්නේ ආශ්වාස, ප්‍රශ්වාසය හැපෙන තැන නොවේ කියලා. ආශ්වාස, ප්‍රශ්වාසයට කලින්මයි නිමිත්ත ගන්නේ. පෙර කී උපමාවත් සමඟ හොඳට සංසන්දන කර ගලපා අදහස තහවුරු කර ගන්න.

- නයනා නිල්මිණි