ප්‍රත්‍යුපකාර අපේක්ෂාවෙන් තොර උපකාරය පින්කමක්
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරන සමයෙහි දඹදිව මජ්ක්‍ධිකාසන්ඩ
නුවර ජීවත් වූ ‘චිත්ත’ සිටුවරයා නිසා එම නුවර ප්‍රසිද්ධියට පත් වුණා.
බෞද්ධ ආගමට අනුව බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුගතව ජීවත්වුණු
‘චිත්ත’ ගෘහපතියා ප්‍රදේශය තුළම ප්‍රසිද්ධියට පත්වුණා. ‘චිත්ත’ ගෘහපති
එම නුවර ප්‍රසිද්ධියට පත්වුණේ කරුණු කාරණා කිහිපයක් හේතු කොටගෙනයි. ඔහු
ප්‍රදේශයේ ජීවත් වූ ඉහළම පෙළේ ධනවතකු වුණා. ඔහුට විශාල ධනයක් තිබුණ
නිසාම ‘චිත්ත’ ගෘහපති ‘චිත්ත’ සිටුවරයා බවට පත් විය. සාමාන්‍යයෙන්
ඇතැම් පුද්ගලයන් තමා තුළ ධනය පිරිවර පිරිස සම්පත්තිය වැඩි වන විට
සාමාන්‍ය අදහස් වෙනස් වේ. ඔහුගේ ක්‍රියා කලාපයන් කරන කියන වැඩ කටයුතු
වෙනස් වේ.
‘චිත්ත’ ගෘහපතියාගේ ප්‍රසිද්ධියට ඔහුගේ නොවෙනස්වීමද හේතු කාරණා විය.
ඔහු සැම අවස්ථාවකම සත්‍යය ගරුකව, ධර්ම ගරුකව ජීවත් විය. තමන්ට හැකි හැම
අවස්ථාවකදීම අනෙකුත් පිරිසට උදව් උපකාර කිරීමට පෙලඹුණි. කෙනෙකුගේ
දුකේදී ඔහු ඉදිරිපත්ව ඔහුට කළහැකි සෑම උපකාරයක්ම සිදු කළේ ය. බොහෝ
සිටුවරු තෘෂ්ණාධික ය. එම තෘෂ්ණාධික බව නිසාම ඒතරම් ධනය හම්බකරගෙන
සිටුවරු බවට පත්වන්නේ චිත්ත ගෘහපතියා එවැනි අයෙකු නොවෙන නිසාම අනෙකුත්
බොහෝ නැති බැරි වූ පිරිසට ධනය ලබාදෙමින් උදව් උපකාර කරන විට තමන්ගේ
ආදායම යම් ප්‍රමාණයක වැඩිවන ආකාරයක් ඔහුට දක්නට ලැබුණා. දුන්නාට පසුව
තමන්ට ලැබෙනවාය කියන අදහසක් මේ සිටුවරයා තුළ තිබුණි. දිනක් පාරේ වැඩම
කරමින් සිටි මහානාම හාමුදුරුවන් දුටු ‘විත්ත’ ගෘහපතියා තුළ ප්‍රසාදයක්
ඇති වුණා. මහානාම හාමුදුරුවන් පස්වග මහණුන් අතර සිටි ස්වාමීන් වහන්සේ
නමක්. බුද්ධ ශාසනය තුළ පැවිදි බවට පත් වූ මූලිකම පිරිස අතර සිටි
ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේගේ ගමන් විලාසය ඉන්ද්‍රියන්ගේ තැන්පත්
බව සන්සුන් බව දුටු චිත්ත සිටුතුමා මහානාම හාමුදුරුවන් කෙරෙහි
පැහැදීමක් ඇතිකර ගත්තේ ය.
උන්වහන්සේට වැඩ වාසය කිරීමට පන්සලක් ඉදිකරවා පූජා කළේ ය. පන්සලක් පූජා
කරමින් තමාගේ ආගම දහමට අනුව ධර්මානුකූලව ජීවත් වන එම සිටුවරයා කාලයක්
ගතවීමත් සමඟ සකෘද ගාමී තත්ත්වයට පත්වුණි. ඊට පසුව තමා තුළ වර්ධනය කරගත්
ආධ්‍යාත්මික ශක්තීන්ද දියුණු කරමින්ම ගෘහ ජීවිතය ගත කළ චිත්ත සිටුවරයා
අනාගාමී බවට පත්වුණි. මේ නිසාම චිත්ත ගෘහපතියාගේ ප්‍රසිද්ධිය ප්‍රදේශය
පුරාම තවදුරටත් වර්ධනය වුණි. ආර්ථික වශයෙන් බොහෝ ඉහළ තලයක ජීවත් වන
සමාජයේ මනුෂ්‍යයන්ට අතිශයින්ම උදව් උපකාර කරන චිත්ත ගෘහපතියා
ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආර්යය මාර්ගයේ ගමන් කරන මාර්ගයත් දවසින් දවස
දියුණු කරගන්නා ආකාරය දැකීම නිසාම මිනිසුන් අතර බොහෝ කතාබහ ඇතිවන්නට
පටන්ගත්තේ ය. ඒ අනුව ප්‍රසිද්ධිය තවත් වැඩි විය. එක දවසක් ආනන්ද
හාමුදුරුවන් ‘චිත්ත’ ගෘහපතියා, පිළිබඳ මේ සිද්ධිය බුදුරජාණන්
වහන්සේගෙන් විමසනු ලැබීය. බුදුහාමුදුරුවන්නේ, ‘චිත්ත’ සිටාණන් පන්සලට
එන විට ඒ ‘විත්ත’ සිටාණන් වටේ මහ පිරිවරක් සිටිනවා. එම පිරිවර ඔහු
කැටිව රැගෙන එන පිරිවරක් නොවෙයි. ඔහුගෙන් වැටුප් ලබන සේවක කාරකාදීන්
නොවෙයි. එම වටපිටාව තුළ ‘චිත්ත’ සිටුවරයා දකින දකින හැම පුද්ගලයාම ඔහු
සමඟ කතා කරනවා.
ඔහු සමඟ ආගමික කටයුතුවල යෙදෙනවා. අවශ්‍ය වන වුවමනා දේ විමසනවා. මහත්
පිරිවරක් ඔහුත් සමඟ සිටිනවා. ඒ ඔහු යන ස්ථානවලදී අහම්බෙන් හමුවන අය.
බුදුහාමුදුරුවනේ මෙය තරමක් වෙනස් වූ තත්ත්වයක්. බොහෝ සිටුවරු, රජවරු
වටේ මහා පිරිවර සිටියත්, එම පිරිවර සිටුවරයාගෙන් හා රජතුමාගෙන් වැටුප්
ලබන පිරිස නැත්නම් ඔවුන්ගේ අනුගාමිකයන් පිරිසකි. නැත්නම් කිසියම් හෝ
උපක්‍රමශීලී ක්‍රමයකින් එකතු කරගන්නා පිරිසක් ‘චිත්ත’ සිටුවරයාගේ එවැනි
පසුබිමක් නැහැ. ඔහු ගමන් බිමන් යන්නේ සාමාන්‍ය අයෙකු පරිදි වුවද ඔහු
යම් ස්ථානයකට ගිය විට ඔහු සමඟ මහ පිරිවරක් ඔහු සමඟ ඔහු වෙනුවෙන් ගමන්
කරනවා. මෙම තත්ත්වයට හේතුව කුමක්ද? බුදුහාමුදුරුවනේ, යනුවෙන් ආනන්ද
හාමුදුරුවන් බුදුහාමුදුරුවන්ගෙන් විමසනු ලැබුවා. එම අවස්ථාවේ ආනන්ද
හාමුදුරුවන්ට ඇතිවුණ එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා බුදුපියාණන්
වහන්සේ එයට අදාළ වන කරුණු කාරණා දේශනා කර වදාළා. ආනන්ද හාමුදුරුවනේ,
‘චිත්ත’ සිටුවරයා බොහොම ශ්‍රද්ධා සම්පන්න වූ අයෙකි. තෙරුවන් පිළිබඳව
විශ්වාසයක් තියෙන තෙරුවන් පිළිබඳව ගෞරවයක් තියෙන අයෙකි. බොහෝ පිරිස්
තුණුරුවන් කෙරෙහි ගෞරවයක් විශ්වාසයක් තිබෙන බව පෙන්වනවා. ඇතැම් පිරිස්
හදවතින්ම එම සරණ යනවා ‘චිත්ත’ ගෘහපති කියන්නේ තුණුරුවන් සරණ ගිය අයෙකි.
ආර්යය මාර්ගයේ ගමන් කළ අයෙකි. ඔහුගේ ආධ්‍යාත්මික ශක්තිය බලවත්. ඒ වගේම
හැම කෙනකුටම පුද්ගල භේද පන්ති භේද, නොසලකා සැම පුද්ගලයකුගේම දුකේදීත්
සැපේදීත් එක වගේම මිනිසුන් සමඟ ජීවත්වන කෙනෙක් ලෙස ‘චිත්ත’ සිටාණන්
දැක්විය හැකියි.
අපට සමාජය තුළ බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන්නේ සැපේදී පමණක් සිටිනා
පුද්ගල පිරිස්ය. නමුත් දුකේදීත් සැපේදීත් චිත්ත ගෘහපති මිනිසුන්ට උදව්
උපකාර කරන්නේ කිසියම් ලාභ අපේක්ෂාවකින් තොරවයි. ඔහු තුළ හදවතින්ම
තුණුරුවන් කෙරෙහි තිබෙන විශ්වාසය මත කර්මය, කර්ම පල කියන විශ්වාසය
මතයි. මේ හේතුව නිසයි චිත්ත ගෘහපති සිටාණන් යන තැනදී පරිවාර සම්පත්තිය
වැඩිවන්නේ යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කළා.
මේ චිත්ත ගෘහපති පිළිබඳ සිද්ධිය දෙස බලන විට අපගේ වර්තමාන සමාජයට වුවත්
බොහෝ කරුණු කාරණා ගත හැකියි. පුද්ගලයකු තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය
ඇතිකර ගැනීම වැදගත් වනවා වගේම, ඔහු හා අවට පරිසරයේ ජීවත්වන සමාජය තුළ
සහ සම්බන්ධතා පවත්වන්නට අවශ්‍යයයි. තමන් හරිහම්බකරගත් ධනය තමාගේම
පරිභෝජනය සඳහා පමණක් තබාගෙන අසරණ තත්ත්වයට පත් වූ අනෙකුත් අයට උදව්
උපකාර කිරීමට අවශ්‍යයි. තමන් අනෙකුත් පිරිස් වෙනුවෙන් උදව් උපකාර
කිරීමෙන් ඒ උදව් කරපු අයගෙන් ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු වෙනවා නම්,
ඒ පුද්ගලයා කර ඇත්තේ උදව්වක් නොවන පින්කමක් නොවන හුවමාරුවක් පමණයි.
හුවමාරු කරගැනීම පින්කමක් නොවන අතර එය සමාජයක තියෙන මනුෂ්‍ය ධර්ම, ඒ
හුවමාරුව පින්කමක් ලෙස අර්ථකථනය කරන්න යන්නේ කපටි චින්තනය සහිත
මිනිසුන්. චිත්ත ගෘහපති එබඳු අයෙකු නොවෙයි. ඔහු මිනිසුන්ට උදව් උපකාර
කරනු ලැබුවේ මිනිසුන්ගෙන් වචනයක්වත් බලාපොරොත්තු නොවේ. ඒ නිසාම
බලාපොරොත්තුවකින් තොරව තමන් යමක් දුන් විට එහි ප්‍රතිඵල ලෙස තමන්ට එය
ආපසු ලැබෙනවා, ලැබීමත් බලාපොරොත්තුවෙන් දුන් විට ඇතැම් අවස්ථාවලදී
බලාපොරොත්තු වුණු ලැබීමත් නොලැබෙන්න පුළුවන්. එය පින්කමක් නොවන නිසා
ඔහුට කිසිවක් ලැබෙන්නේ නැහැ. චිත්ත සිටාණන්ගේ කතා ප්‍රවෘත්තිය තුළින්
මෙය වඩාත් පැහැදිලි වෙනවා. සමාජයේ ගිය ගිය තැන ඔහුගේ නම කීර්තිරාවය
පැතිරෙන්නේ සත්‍යවශයෙන්ම ඔහු සමාජය තුළින්වත් කිසිවක් බලාපොරොත්තු
නොවුණ තත්ත්වයකින් පින්කම් කළ නිසා යමක් කරන විට යමක් කියන විට, බුදු
දහමේ පින්කමක් බවට එම වචනය හෝ ක්‍රියාව පත්වන්නේ කොහොමද? කියන කාරණාව
චිත්ත සිටාණන්ගේ කතා පුවතෙන් පැහැදිලි වෙනවා.
හේමමාලා රන්දුනු |