සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 32
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි පූජනීය ස්ථාන අතර ජේතවනාරාමය
ඉතාමත් වැදගත් පූජනීය පින්බිමකි. මෙහි වැඩ වාසය කරමින් අපමණ මිනිසුන්ගේ
සිත් සුවපත් කිරීමට බුදුරජාණන් වහන්සේ මහත් වෙහෙසක් ගනිමින් අසරණයන්ට
පිහිටවූ සේක. මේ අනුව දිනක් අලුයම ලොව දෙස බලා වදාරන බුදුහාමුදුරුවන්
සෝවාන් වීමට තරම් පිනක් ඇති ‘ආලවක’ නම් යක්ෂයාගේ මන්දිරයට වැඩම කර යක්ෂ
ස්ත්‍රීන්ට ධර්ම දේශනා කළ සේක. ආලවක යක්ෂයා හදිසියේම තම මන්දිරයට කඩා
වැද කෝපාවිෂ්ට වී බුදුරජාණන් වහන්සේට පිට වී යන ලෙස නියෝග කරන ලදී.
උන්වහන්සේ ඊට අවනත වූ සේක. ඔහු ආපසු පැමිණෙන ලෙස නියෝග කරන ලදී. බුදුන්
වහන්සේ ඊට ද අවනත වූ සේක. උන්වහන්සේ තෙවරක් ම මෙම නීතියට අවනත වූ සේක.
නමුත් ඉන් පසු ඔහුගේ නියෝගවලට අවනත නොවන බව පවසා බුදුරදුන් ආලවකගේ
සියලුම බල පුළුවන්කාරකම් අසාර්ථක කළ අතර අවසානයේදී යක්ෂයා දමනයට පත්
විය. අවසානයේ දී ඔහු සෝවාන් විය.
සැවැත්නුවර උපෝසථාගාරය |
අපේ බුදුරජාණන් වහන්සේ අසරණ ජනතාව ම අරමුණු කර ගනිමින් ඔවුන් සොයාගෙන
ඔවුන් සිටින ස්ථානයටම වැඩම කර ඇත. ඉතා දිළිඳු ගොවියකු තම නැති වූ ගවයන්
සොයා දවස පුරා කැලෑ පීරමින් ගොස් තම ගවයන් නැති ශෝකය නැති කරගන්නට බුදු
හිමියන් දහම් දෙසන දම් සභා මණ්ඩපය ළඟට ගොස් බණ අසන්නට වාඩිවිය.
“කුසගින්නේ සිටින ඔබට දහම් දේශනා කර ප්‍රතිඵලයක් නැත. “භික්ෂූන් වහන්සේ
නමක් කැඳවා මේ අසරණ ගොවියාට ආහාර සපයන්න යැ” යි බුදුපියාණෝ වදාළහ. ආහාර
ගෙන කුස පුරවා ගැනීමෙන් අනතුරුව ධර්මය අසා මේ දිළිඳු ගොවියා සෝවාන් බවට
පත් විය. මරණය තරම් ඉතා අමිහිරි වේදනාකාරී මිහිපිට පුහුදුන් පුද්ගලයන්ට
දුක උපදවන තවත් දෙයක් නැති තරම්ය. පි‍්‍රය විප්‍රයෝගය අප සැම දෙනාට ම
දැනෙනා මහා වේදනාවක් උපදවන දෙයකි. සැවැත්නුවර ජීවත් වූ “පටාචාරව” මරණ
හයක් තුළ බලවත් සිත් තැවුලට පත්ව හඬා වැළපෙමින් පිස්සියක් මෙන් මුළු
සැවැත්නුවර පුරා ඇවිද්දාය. බුදුපියාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වූ
පටාචාරාවට දහම් දෙසන ලදී. දහම් අසා අනතුරුව පටාචාරාව රහත් තෙරණියක් බවට
පත් වූවා ය.
මවුවරුන්ට දරුවන් තරම් ලොව වටිනා තවත් සම්පතක් නැති තරම්ය. තම ආදරණීය
පුතු මළ සොවින් සිහිවිකල් වූ කිසාගෝතමිය පුතුගේ මළ කඳ රැගෙන හඬා
වැළපෙමින් පුතුට නැවත පණ ලබා දීමට මුළු සැවැත්නුවර පුරාවට ම ඇවිද
අවසානයේ ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා “මරණය” යන
පොදු ධර්මතාවය ඉගෙනගනිමින් තමාගේ මුළු ආත්මයට ම ඇය විමුක්ති සුවය ලබා
ගත්තේ බුදුන්ගේ පිහිට ලද තවත් එක් තැනැත්තියක් වශයෙනි.
ආනන්ද බෝධිය
මලින් පුදා ඇති අයුරු |
බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ට පොදුවේ සලකන ලද එකම ශාස්තෘවරයා වූ
සේක. සමානාත්මතාවය තුළ උපරිම තලයේ රැඳී සිටිමින් මුළු මහත් සමාජයට ම
උතුම් වූ සේවාවක් ඉටු කළ සේක.
නන්ද භික්ෂුව සමඟ සෘද්ධියෙන් තව්තිසා දිව්‍ය භවනට වැඩම කළ බුදුරදුන්
අතරමඟ දැවීගිය හේනක සිටි විරූපී වැඳිරියක් නන්ද භික්ෂුවට පෙන්වා පසුව
දිව්‍ය භවනේ සිටි රූමත් දිව්‍යාංගනාවක් ද බුදුරජාණන් වහන්සේ පෙන්වූ
සේක. දිව්‍යාංගනාව ලබා ගැනීමට කැමැති නම් පැවිදි ජීවිතය සාර්ථක කර
ගැනීමට බුදු රජාණන් වහන්සේ උපදෙස් දුන්හ. පැවිදි ජීවිතය සාර්ථක කර
ගැනීමට උනන්දුවෙන් භාවනාවේ යෙදුණ නන්ද භික්ෂුව රහත් බවට පත් විය.
බලවත් සේ රෝගාතුරව සිටි මට්ටකුණ්ඩලී කුමාරයාට වෙද හෙදකම් ලබාදීමට මැලි
වූ ඔහුගේ පියා අධික මසුරු සිටුවරයෙක් විය. ඔහුගේ පියා විසින් ගෙපිලෙහි
ඇඳක් මත තබා කුමාරයා සතපවා තිබුණු අතර බුදු ඇසට යොමුව බුදුන්ගේ දර්ශනයට
සිත පහදා ගනිමින් මරණින් මතුව ඔහු දිව්‍යාත්මභවයක් ලැබුවේ ය. ශෝකයට පත්
පියාට සහ සෙසු පිරිසට දෙව් පුතු පෙන්වා ධර්මය දේශනා කොට ඔවුන්ට ද යහපත
සැලසූ බුදුපියාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව දෙවියන්ට ද ධර්මය දේශනා
කරමින් ඔවුනට ද යහපත උදා කරදීමට කටයුතු යෙදූ සේක.
කරේරු කුට්ය |
එක්තරා දේවතාවෙකු මධ්‍යම රාත්‍රියෙහි ආලෝකය විහිදුවමින් පැමිණ මංගල
කරුණු විමසූ අතර ඒවාට පිළිතුරු වශයෙන් බුදු හිමියන් මංගල සූත්‍රය දේශනා
කරන ලද්දේ ද සැවැත්නුවර ජේතවනාරාමයේ දී ය. දෙලොව ජීවිතය පරිහානියට
පත්වීම පිළිබඳ දේශනා කරමින් පිරිහීමේ දොරටු පිළිබඳ දේශනා කරන ලද පරාභව
සූත්‍රය දේශනා කරන ලද්දේ ද මේ පින්මේදී ය. කොසොල් රට පාලනය කරන කොසොල්
රජතුමා ද දිනකට තෙවතාවක් බුදුරදුන් හමුවීමට පවා පැමිණියේ මේ ජේතවනාරාම
පුද බිමටයි.
දෙවන හා තෙවන ලංකාගමනය සිදු වූයේත් මේ පින්වත් පුදබිමේ සිටයි. පුණ්ණ
තෙරුන් භාවනාව වැඩීම සඳහා සුනාපරන්තයට යෑමට සුදුස්සෙකු බවට බුදුරදුන්
නිගමනය කළේ මෙහි වැඩ සිටින විටය. ශක්‍ර දේවේන්ද්‍රයා ඇසූ ප්‍රශ්න
මාලාවකට පිළිතුරු වශයෙන් “සියලු දානයන් පරදවා ධර්ම දානය දිනයි. සියලු
රසයන් පරදවා ධර්ම රසය දිනයි. සියලු ඇලීම් පරදවා ධර්මයෙහි ඇලීම දිනයි.
තෘෂ්ණාව නැති කිරීම මඟින් සියලු දුක් නැති කෙරේ” යන අදහස ඇති ව
ධර්මාවබෝධය ලබා දී වදාළේත් මෙහිදීය. බුදුරදුන්ට අපහාස කළ තීර්ථකයන්
‘සුන්දරී’ නම් පරිබ්‍රාජිකාව මරා බුදුන්ට පිදූ මල් ගොඩ යට සඟවා තිබූ
සිද්ධියත් දම් සභා මණ්ඩපය අසලට යන විට ඔබට සිහිපත් වේ. අනේපිඬු
සිටුතුමා බොහෝ උත්සාහයක් ගෙන තම ‘කාල’ නම් පුතු බුදුන් හමුවට යවන ලද්දේ
ද මේ ජේතවනාරාම පුදබිමේදීය. දේවදත්ත හිමියන් විසින් පිටමන් කරන ලද
කුමාර කාශ්‍යප මාතාව ජේතවනාරාමයට පැමිණි විට ඇයට එල්ල වී තිබුණු
අපහාසයන්ගෙන් ඇය මුදා පසුව ඇයට රහත් වීමට මඟ සෑදීම ආදී සිද්ධීන් ද මේ
ස්ථානයේ දී සිදු විය. බුදුන් දවස දහස් සංඛ්‍යාත වන්දනා කරුවන්ගෙන් පිරී
පැවති මේ අසිරිමත් පින්බිම දිව්‍ය ලෝකයක් තරමටම ලස්සන හා සුන්දර වූ
නිසා, ‘දෙවුරම’ යන නාමය ද ලැබී තිබුණි. දහස් ගණන් සැදැහැවතුන්ගේ වන්දනා
මානයට ලක් වූ මේ පින්බිම අදටත් වන්දනාමානයට පත්වෙයි.
තවත් කොටසක්
බක් අව අටවක පොහෝදා
අප්‍රේල් 12 වනදා පත්‍රයේ
|