සදහම් දැනුම
අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය – හිමාලවාසි තවුස් පිරිසක් විසින් බුදුරදුන් ලොව පහලව
සිටිතියි ඇසූ සිටුවරුන් තිදෙනෙක් බුදුන් වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ.
මේ සිටුවරු තිදෙනා කවුද?
පිළිතුර – ඝෝෂිත සිටුවරයා, කුක්කුට සිටුවරයා, පාවාරික සිටුවරයා.
ප්‍රශ්නය - එම සිටුවරු තිදෙනා ඉදිකළ ආරාම කවරේද?
පිළිතුර - ඝෝෂිත සිටුවරයා ඝෝෂිතාරමාය, කුක්කුට සිටුවරයා කුක්කුටාරාමය,
පාවාරික සිටුවරයා පාවාරිකම්භ වනය.
ප්‍රශ්නය – චීන ධම්මපද සිංහල පරිවර්තන ග්‍රන්ථයකින් උපුටාගත් පාඨයකි
මේ.
භාග්‍ය තාරක – “මම කියන්නේ නෑ ඔබේ දුව ලස්සන නෑ කියලා ඇය ඔබේ මිම්මේ
හැටියට හරිම ලස්සනයි. ඒ වගේම මම කියන්නේ මම ලස්සන නෑ කියලා මම ලස්සනයි.
මගේ මිම්මේ හැටියට” බුදුරජාණන් වහන්සේ තමා අභියස සිටි බමුණාට පවසති.
”නෑ ස්වාමීනි, ඔබ වහන්සේත් මගේ මිම්මේ හැටියට හරිම ලස්සනයි. ඒ නිසයි
මගේ දුව ඔබ වහන්සේට යෝජනා කළේ. භාග්‍ය තාරක අපේක්ෂාවෙන් ආලෝකමත් වූ
දෙනෙත් ඇතිව උන්වහන්සේ හමුවෙහි එසේ පවසන්නේ සිය රූබර දියණිය දෙසද
අභිමානයෙන් බලමිනි. බ්‍රාහ්මණය ලස්සන ඔබ මනින්නේ පිට පෙනුමෙන් ද? පිට
පෙනුමෙන් මනින ලස්සන මායාවක් හරවත් දෙයක් නොවේ. බුදුරදහු ඔහුට පැහැදිලි
කළහ.
ස්වාමීනි, මට ඔය ධර්මයෙන් පලක් නෑ. මගේ දුව ලස්සනයි. ඔබ වහන්සේත්
ලස්සනයි. ඔබ වහන්සේට මේ ලස්සන සුරූපී දියණිය ගැන ආසාවක් ඇතිවන්නේ නැද්ද
?
බුදු සිරිත හා බැදී පවත්නා මේ පුවත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර – බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස්සධම්ම නම් නියම් ගමේ දී
පිඬුසිඟා වඩින අතර මාගන්ධි බමුණා මුණ ගැසිණ. බුදුරදුන් ගැන පැහැද තම
දියණිය විවාහ කරදීමට කළ සාකච්ඡාවකි මේ.
මාගන්ධි බමුණා බැමිණිය මේ බණ අසා අනාගාමි වූ අතර දියණිය බුදුහු තම රූ
සිරියාව අවමනට ලක් කළේ යැයි යන වෛරයෙන් වෙළී බුදුරදුන්ගෙන් පළිගැනීම
සඳහා විවිධ උපක්‍රම යෙදීය.
ප්‍රශ්නය – පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි
පරමාර්ථය පරමාදර්ශි ලෝකාර්ථ චරියාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත
බහුලීකෘත කරුණා මෛත්‍රිය ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහත්මා ශක්තියක්
හේතු භූත විය. තවද තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු 04 කුත්
චෝදනා නොකළ හැකි කරුණු 03 කුත් ඇති බව උන්වහන්සේගේම අභීතසිංහ නාදයත්
පෙළපොත්වල සඳහන් වේ. බුද්ධ චරිතයෙහි එන මේ තොරතුරු පිළිබඳ පැහැදිලි
කරන්න.
පිළිතුර – සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකාය අරකේඛ්‍ය සූත්‍ර පාඨයකින්
උපුටා ගත් මේ කරුණූ පැහැදිලි කිරීම වඩාත් උචිතය. මහණෙනි තථාගතයන්
වහන්සේට සැඟවිය යුතු නොවන කරුණූ 04 නම් තථාගතයන් වහන්සේ පිරිසුදු කාය
සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනිවා කියා සැඟවිය යුතු කාය
දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාරය ඇති සේක. මාගේ
අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු වාග් දුශ්චරිතයක් නැත.
තථාගතයන් වහන්සේ පිරිසුදු මනෝ සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා
නොදනිවා කියා සැගවිය යුතු මානෝ දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ
පිරිසුදු ආජීව ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනිතීවා කියා
සැඟවිය යුතු අපිරිසුදු ආජීවයක් නැත.
චෝදනා නොකළ කරුණු තුන නම්,
තථාගතයන් වහනසේ ස්වාක්ඛාත ධර්ම ඇති සේක. තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත
ධර්ම ඇත්තෝ නොවෙතිය කියාද ? තථාගතයන් වහන්සේ නිබ්බාණගාමිණී පටිපදාව
මැනවින් පනවන ලදී. තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාණගාමිණි
පටිපදා මැනවින් නොපනවන ලදී. සිය ගණන් ශ්‍රාවකයෝ ආශ්‍රව නැසීමෙන් ආශ්‍රව
රහිත අර්හත්වය ලබා වාසය කරති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්වය
ලබා වාසය නොකරති යි කියා ද මේ තුන්කරුණෙන් කළ දෙවියෙකු මාරයෙකු
බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමි. එබැවින් මම ක්ෂේම ප්‍රාප්තව
අභය ප්‍රාප්තව විශාරදව වාසය කරමි. මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී
විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය.
ප්‍රශ්නය – වඩන ලද මෙත් සිතෙහි ආනිශංස එකොළසකි.
පිළිතුර - සුඛං සුපති - සුවනින්ද සහ පිබිදීම,
සුඛංපටිබුජ්ඣති - ආහාර ගැනීම පහසු වෙයි.
පාපකං සුපිනං නපස්සති – නපුරු සිහින නොදකියි.
මනුස්සානං පියොහොති - මිනිසුන්ට පි‍්‍රය වෙයි.
අමනුස්සානං පියො හොති – අමනුස්සයන්ටද පි‍්‍රයවෙයි.
දේවතා රක්ඛන්ති - දෙවියෝ රකිති. නාස්ස අග්ගිවා විසංවා, සත්ථං වාකමති.
මුඛවණ්ණෝ විප්පසීදති – මුහුණ පැහැපත් වෙයි – තුවටං චිත්තං සමාධියති.
අසම්මුල් හො කාලං කරොති - සිහි බුද්ධිය නොවෙනස්ව කලුරිය කරයි.
බ්‍රහ්ම ලොකුපහො හොති – රහත්වීමට නොහැකි වී නම් මරණින් මතු බඹ ලොව
උපදී.
ප්‍රශ්නය – පුද්ගල අභිවෘද්ධියට බාධක (මල) අටක් බුදුරජාණන් වහන්සේ
වදාළහ. ඒ මොනවාද?
පිළිතුර – අසජ්ඣාය මලාමන්තා ශාස්ත්‍ර හෙවත් උගත්කම නැති වීම බාධකයකි.
අනුට්ඨාන මලා ඝරාය ගෘහස්ථයෙකුට කුසීතකම බාධකයකි.
මලං වණ්ණස්ස කොසජ්ජං - කුසීතකම ශරීර වර්ණයට බාධකයකි.
පමාතො රක්ඛතො මලං - ධනය ආරක්ෂා කරන්නකුට ප්‍රමාදය බාධකයකි.
මලිත්ථියා දුච්චරිතං - කාන්තාවන්ට දුෂ්චරිතය බාධාවකි.
මච්ඡෙරං දදතෙමලං - දානපතියකුට මසුරු බව බාධකයකි. –මලා චෙ පාපකා ධම්මා
අස්මිං ලොකෙ පරම්භිච - මෙලොව පරලොව පාපධර්ම – බාධක පිණිසම වේ.
නතො මලාවතරං අවිජ්ජා පරමං මලන්ති – අවිද්‍යා නමැති මහා බාධකය ඉහතින්
සඳහන් බාධක සියල්ලන්ට වඩා විනාශකාරී බාධකයෙකි.
ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙහි දී කෙනෙකුගේ ඉහළ
මට්ටමක බුද්ධිමත් බව තිබෙන බව දැනගත් විට සතිපට්ඨාන, මූලපරියාය,
මහානිදාන, වැනි සූත්‍ර සෘජුවම දේශනා කළ සේක. තෙරුවන් පැහැද අගාරික
දිවිපෙවෙතට හුරු වූ ශ්‍රාවකයන් සඳහා ආනුපුබ්බි කථා පිළිවෙළ අනුගමනය
කළහ. මෙම දේශනා ක්‍රමය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර – බුදුන් වහන්සේ ශ්‍රාවකයන් ගේ අවබෝධ කරගැනීමේ හැකියාව පිළිබඳ
ව ගවේෂණය කොට ධර්ම දේශනා කිරීමේ පිළිවෙළ අනුපුබ්බී කථා නමින් හැඳින්
වේ.
දාන කථා, සීල කථා, සග්ග කථා කාමයන්හි ආදීනව ආදී අනුපිළිවෙළට හෙවත්
අනුපුබ්බී කථා ක්‍රමයට සන්නිවේදනය කළහ. දන්දීමේ අගය සිල් සමාදන්වීමේ
වටිනාකම, එහි ආනිශංස වශයෙන් දෙව් ලොව ඉපදීමේ හැකියාව පැහැදිලි කළ සේක
දිව්‍ය විමාන සහ දෙව්ලොව දෙවියන් සැප විඳින ආකාරය ද පැහැදිලි කර දුන්හ.
එහෙත් ඒ සමඟ ම කාමයන්ගේ විපාක ස්වභාවය ද විවරණය කළහ. මෙසේ
අනුපිළිවෙළින් නුවණ මුහුකුරා යාමට ඉඩ හරිමින් ධර්ම දේශනා කළහ. අවබෝධ
කරගැනීමේ ශක්‍යතාව අනුව ශ්‍රාවක ජනයා කොටස් හතරකට වෙන්කොට තිබේ.
1. උද්ඝටිතඤ්ඤ – (වහා අවබෝධ කරගන්නා පුද්ගලයා.)
2. විපතිතඤ්ඤ – (මදක් විස්තර කිරීමෙන් පසුව අවබෝධ කරගන්නා.)
3.ඤෙය්‍ය (අර්ථය සම්පූර්ණ විවරණය කිරීමෙන් පසු අවබෝධ කරගන්නා)
4. පදපරම (වචන පමණක් විනා අර්ථය අවබෝධ කර නොගන්නා)
චුල්ල පන්ථක වැනි තෙරවරුන් කෙරෙහි ප්‍රායෝගික ව ම මෙම තත්ත්වයන් පිළිබඳ
ව බුදුරජාණන් වහන්සේ අත්හදා බැලූ බව ප්‍රකටය.
|