බුදු දහමයි
ගිහි දිවියයි 05
මෙලොව පරලොව දිනන කරුණු සතරක්
මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනෙහි
ආචාර්ය රාජකිය පණ්ඩිත ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි
මෙලොව දිනන කරුණු සතරත් පරලොව දිනන කරුණු සතරත් හොඳ හැටි වටහා ගැනීම
යුග ජීවිතයට දැහැමි වටිනාකමක් ලබා ගැනීමේ දී ඉතා වැදගත්ය. ජීවිතය ලෞකික
අංගෝපාංග සහිත වුවද එය දැහැමි වන්නේ සද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන
ගුණවලින් බව
දත යුතු ය
යුග ජීවිතය හා සම්බන්ධ කරුණු දක්වා ඇති තවත් සූත්‍රයක් වශයෙන් “පථමලෝක
විජය සූත්‍රය” සඳහන් කළ හැක. බෞද්ධ උපාසිකාවක් වන බිරිඳක මෙලොව පරලොව
ජයගන්නා කාරණාවන් මෙහි දී විස්තර වේ. එනම්,
මෙලොව ජයගන්නා කාරණා
1. සුසංවිහිත කම්මන්තා - කර්මාන්ත කටයුතු මැනවින් සංවිධානය.
2. සුසංගහිත පරිජනා - පරිවාර ජනයාට සංග්‍රහ කිරීම
3. භත්තු මනාපං චරති - ස්වාමියාට මනාපව හැසිරීම
4. සම්භතං අනුරක්ඛති - සම්පත් ආරක්ෂා කර ගැනීම
පරලොව ජයගන්නා කාරණා
1. ශ්‍රද්ධා - තථාගතයන් වහන්සේ අවබෝධය පිළිබඳ අප තුළ ඇතිවන ප්‍රසාදය
2. ශීල - බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පඤ්චශීලය ආරක්ෂා කර ගැනීම.
3. ත්‍යාග - පරිත්‍යාග කිරීම
4. ප්‍රඥා - ස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම් නැතිවීම් ස්වභාවය දැකීමයි.
භරියෝ ච පරමෝ සඛා ලෝක විෂ සූත්‍රයේ එන මෙලොව දිනන කරුණු සතරත් පරලොව
දිනන කරුණු සතරත් හොඳ හැටි වටහා ගැනීම යුග ජීවිතයට දැහැමි වටිනාකමක්
ලබා ගැනීමේ දී ඉතා වැදගත්ය. ජීවිතය ලෞකික අංගෝපාංග සහිත වුවද එය දැහැමි
වන්නේ සද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණවලින් බව දත යුතු ය. ඒ ගුණ
සැකසෙන විට පුද්ගලයා තවදුරටත් පෘථග්ජන භාවයෙහි නොපවතින බව දත යුතු ය.
විධිමත් යුග ජීවිතයක දී වැදගත් ම යහළුවා කවුද? යන ප්‍රශ්නයට පිළිතුරු
වශයෙන් බුදුරදුන් “භරියෝ ච පරමෝ සඛා” යනුවෙන් භාර්යාව ම උතුම් යහළුවා
බව දක්වා තිබේ. මේ කරුණු කොතරම් සමාජ විද්‍යාත්මක ද යන්න හොඳින් වටහා
ගත යුතු ය.
අංගුත්තර නිකායේ පඨම සංවාස සූත්‍රයෙහි දිව්‍යමය වූ යුග දිවියක පදනම දශ
කුසලය බව දැක්වේ. දෙදෙනාම දශ අකුසලයෙන් යුතු නම් එය ගුණ නැති බැවින්
ළාමකයකු ලාමක ස්ත්‍රියක හා විසීමකි. (ජවො ඡවාය සද්ධිං සංවසති) ස්ත්‍රිය
පමණක් කුසලයෙන් යුතු නම්, එය ලාමකයකු දෙව්දුවක හා විසීමකි. (ඡවෝ දේවියා
සද්ධිං සංවසති) ස්ත්‍රිය ගුණ නැත්තියක වී සැමියා කුසලයෙන් යුතු වීම
දෙව් පුතකු ලාමක ස්ත්‍රියක හා විසිමකි. (දේවෝ ඡවාය සද්ධිං සංචසති)
දෙදෙනාම දස කුශලයෙන් යුතු වීම දෙවි පුතකු, දෙව් දුවක හා විසීමකි. (දේවෝ
දේවියා සද්ධිං සංවසති) යුග ජීවිතය දිව්‍යමය වන්නේ දෙදෙනාටම ගුණ සම්පත
තිබේ නම් පමණි.
ඉහත කරුණු සේම පුද්ගලයාගේ ලෞකිකත්වය පිළිබඳව ද ඉතා දූරදර්ශීව බුදුරදුන්
ධර්මය දේශනා කොට ඇත. පුද්ගලයාගෙන් එක්වරම ඈත් නොවන ලෞකිකත්වය අවුලක්
නොවන පරිදි භුක්තිවිඳිය යුත්තේ කවර ආකල්පයකින් ද? යන්න සංයුත්ත නිකායේ
රාසිය සූත්‍රයෙහි දක්වා තිබේ. ඒවානම්,
අගථතො - ලෞකිකත්වය භුක්ති විඳිනු ලැබුවද ඊට ගිජු බවක් නොදක්වයි.
අමුච්ඡිතො - සිහි මුළාවීමකින් තොරව ලෞකිකත්වය භුක්ති විඳියි.
අනජ්ඣාපන්නො - ලෞකිකත්වය සදහටම සතුකරගත නොහැකි බව දැන භුක්ති විඳියි.
ආදීනව දස්සාවි - කොතරම් සැප යැයි සලකනු ලැබුව ද යමක් ලෞකික නම් එහි
ආදීනව පැත්තක් ද තිබෙන බව දැන භුක්ති විඳියි.
නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති – නිවන් පැත්තට යොමු වූ නුවණින් පරිභෝග කරයි.
මෙබඳු ආකල්පයන්ගෙන් යුතුව යුග ජීවිතය ධර්මානුකූල පදනමක් මත පිහිටා මනා
සංවිධානයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳව බුදුදහමේ සාකච්ඡා කර තිබේ.
අද පවුල් සංවිධානය වශයෙන් පොදුවේ හඳුන්වනු ලබනුයේ පවුලේ සාමාජික
සංඛ්‍යාව සීමා කිරීම වේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි සඳහන්
වනුයේ ඊට වඩා ගැඹුරු වූ ආධ්‍යාත්මික සංවිධානයකි.
ධර්මයෙන් තොර යුග දිවිය අවුල කරා ඇදී යන බව අවධාරණය කරගත යුතුව තිබේ.
ස්වාමියා සේම භාර්යාව ද මෙකී සංවිධානය මනාව පවත්වාගෙන යාම සඳහා ඉතා
අවබෝධයෙන් කටයුතු කරන්නේ නම්, යුග දිවිය ඉතා සාර්ථකමත් වනු නොවනුමානය.
වර්තමාන පවුල් සංස්ථාව ඉතාමත් අවාසනාවන්ත අන්දමින් අභාවය කරා ඇදී යන බව
නොරහසකි. අතළොස්සක් පමණ පවුල් හැරුණු විට වැඩි ගණනක් මේ ප්‍රවාහයට නතු
වී ඇත. මීට මූලික ම හේතු වශයෙන් පෙනී යන්නේ යුගපතීන් අතර පවත්නා
අනවබෝධයයි. එසේම ස්වාමි භාර්යා විශ්වාසය. අවංකභාවය වැනි ඉතා වැදගත්
කාරණාවන්ගෙන් ඔවුන් දුරස් වීමයි. පුද්ගලානුබද්ධ සමාජ සංස්ථාව තුළ
ඔවුනොවුන් කටයුතු කිරීමේ දී ඇති වන යම් යම් විෂමකාරී ස්වභාවයන්
නිසාවෙන් මොවුන් අතර බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද ගැටලුකාරී
ස්වභාවයන් ඇති වී ඇති බව පෙනේ. මේ තත්ත්වය විසඳීමට යාමේ දී ඇතැම් විට
මිනී මැරුමකින් වුවද කෙළවර වන බව දක්නට ඇත. නොඑසේ නම් විරසක වීම,
විවාහයෙන් වෙන් වීම වැනි විසඳුම් සඳහා එළඹෙන අවස්ථා සමාජය තුළ දක්නට
තිබේ. මේ තත්ත්වය මඟහරවා ගනිමින් කටයුතු කළ යුතු අන්දම බුදුසමය පෙන්වා
දෙයි.
මතු සම්බන්ධයි.
|