ගෘහ ජීවිතයේ ආදර්ශවත් චරිත දෙකක්
මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ, ආචාර්ය
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
කඹරව සුමනානන්ද හිමි
බුදුරදුන් මෙහිදී ස්වාමියා මෙන්ම බිරිඳකගේ මූලික වගකීමක් වශයෙන්
දක්වන්නේ වචන භාවිතයයි. බුදුරදුන් නකුල මාතා, නකුල පිතා නමැති ගෘහ
ජීවිතයේ ආදර්ශවත් චරිත දෙක සම්බන්ධ කරමින් මෙය වඩාත් විස්තර වශයෙන්
දක්වයි මේ යුගපතීන් ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ ශ්‍රද්ධා ගුණයෙන්
ඔවුන්ගේ ධර්මානුකූල පදනම කියවේ. ඒ පදනම නොමැතිව
මිල මුදල් ම
පමණක් තිබූ පමණින්
ජීවිතය සාර්ථක
වන්නේ නැත
පවුල් ජීවිතය අවුල් කරන මෙන්ම දියුණු කරන ඉතා විශේෂ කරුණක් වශයෙන්
බිරිඳකගේ දක්ෂ බව හා නොමැළිව ක්‍රියා කිරීම ද මෙහි දී සිහිපත් කරනු
කැමැත්තෙමි. ගෙදර දොරේ පමණක් නොව සියලු කාර්යයන්හි දී කම්මැලි කමෙන්
තොරව ඉතා දක්ෂව ක්‍රියා කිරීම බිරිඳකගේ වගකීමයි. එසේ දක්ෂව හා නොමැළිව
කටයුතු කරන නිවෙස්වල නැන්දම්මා සහ ලේලිය අතර වියවුල්, ගැටුම් ඇති නොවේ.
එවන් සාමයක් නොමැති නම් නැන්දම්මා සහ බිරිඳ අතර ආරවුලට මැදි වන
ස්වාමිපුරුෂයා මහත් අසීරුතාවනට පත්වන අවස්ථා දැකිය හැකිය. මෙවන්
තත්ත්වයන් මඟ හරවා ගැනීමට සුදුසු පරිසරයක් ඇති කරමින් කටයුතු සංවිධානය
කිරීම බිරිඳකගේ වගකීම වේ.
බුදුරදුන් මෙහිදී ස්වාමියා මෙන්ම බිරිඳකගේ මූලික වගකීමක් වශයෙන්
දක්වන්නේ වචන භාවිතයයි. බුදුරදුන් නකුල මාතා නකුල, පිතා නමැති ගෘහ
ජීවිතයේ ආදර්ශවත් චරිත දෙක සම්බන්ධ කරමින් මෙය වඩාත් විස්තර වශයෙන්
දක්වයි. ඒ අනුව,
“උභෝ සද්ධා වදඤ්ඤු ච
සඤ්ඤත්තා ධම්ම ජීවිනෝ
තෙ හොන්ති ජානිපතයෝ
අඤ්ඤමඤ්ඤං පියංවදා”
සමජීවි සූත්‍රයේ සඳහන්වන ගාථා තුනින් එකක් මෙහි දක්වා ඇත. මේ යුගපතීන්
ශ්‍රද්ධා සම්පත්තියෙන් යුක්තය. ඒ ශ්‍රද්ධා ගුණයෙන් ඔවුන්ගේ ධර්මානුකූල
පදනම කියවේ. ඒ පදනම නොමැතිව මිල මුදල් ම පමණක් තිබූ පමණින් ජීවිතය
සාර්ථක වන්නේ නැත.
ඊට කාරණා ලෙස පහත කරුණු ගෙනහැර දක්වයි.
වදඤ්ඤු - මෙයින් අදහස් කරන්නේ වචනය හඳුනා ගැනීමයි.
සඤ්ඤත්තා - මෙයින් අදහස් වන්නේ ආත්ම සංයමයයි. යුග දිවියේ සදාචාරය
සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් ය.
ධම්මජීවිනො - දිවි පැවැත්ම ධර්මානුකූල විය යුතු ය. එවන් අය එකිනෙකාට
පි‍්‍රයශීලි චරිත වශයෙන් කටයුතු කරයි.
සමජීවි සූත්‍රයේ සෙසු ගාථාවල තවදුරටත් මෙසේ දැක්වේ.
අත්ථාසම්පවුරා හොන්ති - ලෞකික පැවැත්මට අවශ්‍ය කරන සමෘද්ධිය බහුලව
වර්ධනය කරයි.
ඵාසත්තං උපජායති - මේ දෙදෙනා එකිනෙකාට පහසුව සලසමින් එකිනෙකාට
අනුකූලතාව දක්වමින් දිවි පවත්වති.
අමිත්තා දුම්මනා හොන්ති - මේ අන්‍යෝන්‍ය සම්බන්ධයේ ප්‍රසන්න බව දකින
අමිත්‍රයන්ගේ සිත්වල නොසතුට ඇති වේ.
උභින්නං සමසීලිනං - මේ දෙදෙනා සීලයෙන් සමාන වෙයි. මෙයින් අදහස් වන්නේ
දස කුසලයෙන් යුතු වීමයි.
මෙසේ සමශීලිව දෙදෙනා මේ ලොව ධර්මයෙහි හැසිර තමන් කැමති සම්පත්වල හැසිර
සතුටු වෙමින් දිව්‍ය සැපතට පත් වෙති. යුග ජීවිතය හා වැදගත් කරුණු
කිහිපයක් නකුල මාතා මනාපකායික සූත්‍රයෙහි තවදුරටත් විස්තර වශයෙන් දක්වා
ඇත. බිරිඳ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරිපත් කර ඇති කරුණු
රැසක් මෙහි දැක්වේ.
පුබ්බට්ඨායි – යම් බිරිඳක් සැමට පෙර අවදි වන්නේ නම් පච්ඡානිපාති, සැමට
පසුව නිදන්නේ නම්, කිංකාර පටිස්සාවිනි, විමසා බලා කටයුතු කරන්නේ නම්,
මනාපචාරී, පි‍්‍රයශීලී වචන කතා කරන්නේ නම්, පියවාදිනී, ඒ බිරිඳ යහපත්
භාර්යාවකි.
“යෙ තෙ භත්තු ගරුනෝ හොන්ති මාතාතිවා .......” ස්වාමියා යම් කිසි අයකුට
ගරු කරන්නේ නම්, බිරිඳ ද ඒ අයට ගරු කළ යුතු ය. ඒ අයුරින් ම බිරිඳ ගරු
කරන අයට ස්වාමියාගේ ගරුත්වය ද හිමිවිය යුතු ය. මෙකී ගුණය නොමැති බොහෝ
නිවෙස්වල ඉතා ප්‍රශ්නකාරී අවස්ථාවන් දක්නට ලැබේ. විශේෂයෙන් ම බිරිඳ
විසින් ස්වාමියාගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් ලෙසත්, ස්වාමියා විසින්
බිරිඳගේ දෙමාපියන් තමාගේ දෙමාපියන් වශයෙනුත් සැලකීම අපේ සිංහල
චාරිත්‍රය වේ. නීතියෙන් මව, නීතියෙන් පියා ලෙස ගැනීමට වඩා එය ගෞරවනීය
වේ.
එබඳු අය නිවසට පැමිණි කළ පය සේදීමට ජලය තැබීමෙන් අසුන් පැනවීමෙන් පුද
සත්කාර කිරීම යහපත් ලක්ෂණයකි.
“යෙ තෙ භත්තු අබ්භන්තරා කම්මන්තා.....” ස්වාමියාගේ යම් අභ්‍යන්තර
කර්මාන්ත ආදියක් වේ නම්, ඒවා පිළිබඳ දක්ෂ වූ ද නොමැළිව කටයුතු කරන්නා
වූ ද උපාය විමංසනයෙන් කටයුතු කරන්නාවූ ද සුදුසු කෘත්‍යයක් කරන්නා වූ ද
තෝරාගත් කටයුතු පිළිබඳව මැනවින් කෘත්‍ය සංවිධානය කරන සුළු වූ බිරිඳ
යහපත් වේ.
දැසි දැස් කම්කරු වශයෙන් පවුල හා සම්බන්ධ යම් පිරිසක් වේ නම් ඔවුන්
කෙරෙහි ඉතා කාරුණිකව කටයුතු කිරීම හා කිසියම් කටයුත්තක් ඔවුනට
පැවරුණොත් ඒ කටයුතු කිරීමට නිසි කාලය ලබා දිය යුතු ය. ඔවුනතුරෙන් යමෙක්
රෝගාතුර වී සිටී නම් ඔහු හෝ ඇය ගැන සොයා බලා ක්‍රියා කළ යුතු ය.
ආහාර පානාදිය එකිනෙකා අතර දීම වැදගත් ය. මේ අනුව අපට පැහැදිලි වන
කරුණක් නම් සේවකයෝ ද පවුලේ සාමාජික රාමුවටම ඇතුළත් කර දැක්වීම බුදුසමයේ
පිළිවෙළයි.
බිරිඳගේ වගකීම් අතර ඉතා වැදගත් කාරණාවක් වන්නේ ගෙදර සියලු සම්පත්
සුරක්ෂිත කිරීමයි. ස්වාමියා විසින් සම්පාදනය කරන මුදල් වලින් දුර්ත
ක්‍රියා නොකරන, සොරකම් නොකරන, පහත් ආශාවනට ලොල් වී ක්‍රියා නොකරන, ධනය
නොනසන තැනැත්තියක් විය යුතු ය. “අධුත්ති, අථෙනි, අසොණ්ඩි, අවිනාසිකා”
යනුවෙන් ඒ බව විස්තර වේ.
බිරිඳ ඉහත කී ගුණාංග සහිතව කටයුතු කරන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවක්
වූ විට ය. (සීලවතී) පඤ්චසීලය ආරක්ෂා කරන තැනැත්තියක් වූ විටය. එමෙන්ම
මසුරුමලින් තොරව ගිහි ගෙහි වාසය කරන, ත්‍යාගය සඳහා යොමු වුණු, ත්‍යාගය
සඳහා පිරිසුදු කොටගත් දෑතක් ඇති, තම සන්තකයක් අන් අයගේ අවශ්‍යතා උදෙසා
පවරා දීමෙහි සමත් බෙදා හදා පරිහරණය කරන තැනැත්තියක් වූ විට ය. |