හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ගුණ සමරුව
කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ සෙන්පති හෙන්රි ස්ටීල්
ඕල්කට්තුමාගේ 108 වැනි ගුණසමරු උත්සවය බුද්ධශාසන රාජ්‍ය පරිපාලන හා
පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු
කෙරිණි.
එහිදී බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක මහතා කොටුව දුම්රියපළ
ඉදිරිපිට ඇති ඕල්කට් පිළිරුවට මල්දමක් පළඳවන අයුරු එම අවස්ථාවට මහා
සංඝරත්නය සහ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති සනත් පී. වීරසේකර මහතා
ඇතුළු එහි නිලධාරී මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.
(ඡායාරූපය ගීත් ද මැල්)
|