UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු දහම අනුව ශික්ෂණය වූ ජීවිතයක්

සම්බුදු දහම අනුව ශික්ෂණය වූ ජීවිතයක්

ගුණධර්ම තිබෙන පුද්ගලයා තමන් ළඟ ගුණධර්ම තිබෙන පුද්ගලයා තමන් ළඟ ගුණධර්ම තිබෙනවා කියලා සමාජයට කියන්න යන්නේ නැහැ. සමාජයට අඟවන්න යන්නේ නැහැ. අනෙකුත් පිරිසට පෙන්වන්න යන්නේ නැහැ. වෙන අයලවා ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නේ නැහැ. අවම වශයෙන් බුදු දහමට අනුව ශික්ෂණය වුණ සමාජයක තමන් පංචශීලය ආරක්ෂා කරනවාය කියන කාරණාව වත් සමාජයේ අනෙකුත් පිරිසට ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. තවත් ඒවා ආරක්ෂා කිරීම පමණයි කරන්නේ. දහම දැරීම, එකක් දහම දරනවාය කියලා අනෙකුත් අයට ප්‍රකාශ කරන්නේ වෙනත් කරුණකි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයෙහි සිදුවුණු සිදුවීමක් සිහිකරමු. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක්තරා රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. එම බෙල්ලට්ඨිසීස නම් රහතන් වහන්සේ අරබයා බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කරනු ලැබුවා.

බෙල්ලට්ඨිසීස හාමුදුරුවන් එක දවසක් එක වීදියක පිණ්ඩපාතයේ වැඩම කර තවත් දවසක් වෙනත් වීදියක පිණ්ඩපාතයේ වැඩම කරල දානය ලබාගෙන එම දානය වළඳණු ලබනවා. ඉතිරිවන දානය පසුව වැළඳීම සඳහා වෙනම තබාගනු ලබනවා. නැවත දවසක් පිණ්ඩපාතයට වැඩම කිරීම කරදරයක් බව සිතමින් පසුව දවසකට වැළඳීමට තබාගෙන තිබෙන දානය වළඳනවා. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේ නමක් එදින දානය ලබාගැනීම සඳහා එදිනට පිණ්ඩපාතය වැඩම කිරීම සාමාන්‍ය සිරිතක් වුවද බෙල්ලට්ඨි සීසර හාමුදුරුවන් එම පිළිවෙත අනුගමනය කරන්නේ නැහැ. එක පාරකට ලබාගත්ත පිණ්ඩපාතය දවස් ගණනකට තබාගෙන වළඳනවා. බෙල්ලට්ඨිසීස හාමුදුරුවන්ගේ මෙම ක්‍රියා කලාපය අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් ආරංචි වුණා. උන්වහන්සේලා අතර කතාබහක් ඇති වුණා. මෙම හාමුදුරුවන් හැමදාම පිණ්ඩපාතයේ වඩින්නේ නැතිව එක දවසක් පිණ්ඩපාතයේ වැඩල ඉතිරිවන දානය පසුදින වළඳනවාය කියන කාරණාව භික්ෂූන් වහන්සේලා අතර ප්‍රචලිත වෙලා ගියා. මෙයට විරුද්ධව කළයුතු දෙයක් තිබුණෙත් නැහැ. එවැනි කාරණාවකට බුදුපියාණන් වහන්සේ විනය නීතියක් පනවා නොතිබුණ නිසා බෙල්ලට්ඨිසීස හාමුදුරුවන්ගේ දැඩි අලසකම නිසාත් උන්වහන්සේ තුළ පැවතුණ දැඩි තෘෂ්ණාධික බව නිසාත් එකතු කරන ලද දානය වළඳනවාය කියන කාරණාව සමාජගත වෙලා ගියා. සමාජය තුළ පැතිරිලා ගිය කතාව විමසා බැලූ විට එම කතා පුවත සත්‍යයක්. එක දවසකට දෙතුන් වතාවක් පිණ්ඩපාතයට වැඩම කරල ලබා ගන්නා දානය පසු දිනටම වැළඳීමට තබාගෙන එදිනට එම ඉතිරිකර දානය වළඳමින් එදිනට පිණ්ඩපාතයේ වැඩම කිරීම වැළකෙමින් සමාධි සුවයෙන් කාලය ගත කළා. උන්වහන්සේ සමාධි සුවයෙන් ගතකරන එක තමයි කරන්නේ. රහතන් වහන්සේ ලබන උතුම් සුවය එයයි. ආශාව, තණ්හාව රැස් කිරීම යන සියලුම කරුණු කාරණා මනසින් ඉවත්කර දමමින් සමාධිගත වෙලා සමාධි සුවයෙන් දින කිහිපයක් ගත කළා. එසේ සමාධි සුවයෙන් ගතකර නැගිටීමෙන් පසුව ඉතිරි කරගෙන තිබෙන දාන මාන වළඳනු ලැබුවා. මේ සිද්ධිය අරමුණු කරගෙන බුදුදහමෙහි බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට විනය නීතියක් පනවනු ලැබුවා.

සන්නිධිකාරක භෝජනය අකැප බවට විනය නීතියක් පනවා තිබුණා. සන්නිධිකාරක භෝජනය අකැපයි යන ශික්ෂා පදයෙහි තේරුම තමයි කෑම බීම කල්තබාගෙන ආහාරයට ගැනීම නොකළ යුතුය කියන කාරණාව. විනය නීති පැනවූවාට පසුවත් බෙල්ලට්ඨිසීස හාමුදුරුවන් තමන් වහන්සේ කරනු ලබන මෙම ක්‍රියා පිළිවෙතෙහි දිගටම නියැළුණා. ආහාර කල්තබාගෙන වැළඳීම තහනම් බව බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූවත් බෙල්ලට්ඨිසීස හාමුදුරුවන් තුළ පැවතුන ස්වභාවය වෙනස් වුනේ නැහැ. අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ විනය නීති පැනවූවාට පසුවත් බෙල්ලට්ඨිසීස හාමුදුරුවන්ගේ ක්‍රියා කලාපය නතර නොවී ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බව. මෙම කාරණාව මුල්කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම පැහැදිලි කිරීම කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා මහාරහතන් බවට පත්වුණු කෙනකුට සියලු කෙලෙස් නසපු කෙනෙකුට නැවත රැස්කිරීමේ වුවමනාවක් එන්නේ නැහැ. රහතන් වහන්සේලා කර්ම රැස්කිරීමක් කරන්නෙත් නැහැ.

බෙල්ලට්ඨිසීස හාමුදුරුවන් රහතන් වහන්සේ නමකි නිසා උන්වහන්සේ තෘෂ්ණාව සියල්ල නතර කර ඇති නිසා රැස්කිරීමක් කරන්නේ නැහැ. තණ්හාව ක්ෂය කළ නිසා අලුතෙන් රැස්කිරීමක් නොකරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ඒ වෙලාවෙ තමයි අනෙක් ස්වාමීනි වහන්සේලා දැන ගත්තේ බෙල්ලට්ඨිසීස හාමුදුරුවන් නිකම්ම නිකන් ස්වාමීන් වහන්සේ නමක් නොවන බවත්, උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවකි. උන්වහන්සේ සමාධි සුවයෙන් කාලය ගතකරනවාය කියන කාරණාව මේ පිරිස දැනගත්තේ ඒ අනුවය. රහතන් වහන්සේ නමක් වුණත්, උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියල කියන කාරණාව සමාජයේ අනෙකුත් පිරිසට දැනුම් දෙන්න යන්නේ නැහැ.

එම කරුණු කාරණා අනෙකුත් අයට තේරුම් බේරුම් කරමින් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. එම ගුණධර්ම දරනවා කියල කියන්නේ එක කාරණාවක්. එම ගුණධර්ම සමාජයට ප්‍රකාශ කරන්න යනවා කියලා කියන්නේ තවත් කාරණාවකි. බෙල්ලට්ඨිසීස හාමුදුරුවන්ගේ මෙම ක්‍රියාදාමය වර්තමාන සමාජයේ ජීවත් වන පිරිසට ඉතාම වැදගත්. ගුණධර්ම තිබෙන පුද්ගලයා තමන් ළඟ ගුණධර්ම තිබෙන පුද්ගලයා තමන් ළඟ ගුණධර්ම තිබෙනවා කියලා සමාජයට කියන්න යන්නේ නැහැ. සමාජයට අඟවන්න යන්නේ නැහැ. අනෙකුත් පිරිසට පෙන්වන්න යන්නේ නැහැ.

වෙන අයලවා ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නේ නැහැ. අවම වශයෙන් බුදු දහමට අනුව ශික්ෂණය වුණ සමාජයක තමන් පංචශීලය ආරක්ෂා කරනවාය කියන කාරණාව වත් සමාජයේ අනෙකුත් පිරිසට ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. තවත් ඒවා ආරක්ෂා කිරීම පමණයි කරන්නේ. දහම දැරීම, එකක් දහම දරනවාය කියලා අනෙකුත් අයට ප්‍රකාශ කරන්නේ වෙනත් කරුණකි. බෙල්ලට්ඨිසීස හාමුදුරුවන්ගේ මෙම කාරණාව අද සමාජයටත් වැදගත් වන්නේ ඒ නිසයි.

සටහන
හේමමාලා රන්දුණු

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මාර්තු 13 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]