දියුණුවේ දොරටු හඳුනා ගනිමු
මීරිගම මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන්
විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ
නායක ධුරන්දර
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
සකල සත්ව සමූහයා අතුරෙහි මිනිසා ම ශ්‍රේෂ්ඨ වේ. මිනිසාම දේවත්වය,
බ්‍රහ්මත්වය, පමණක් නොව,අර්හත්වය , ප්‍රත්‍යෙක බුද්ධත්වය සම්‍යක්
සම්බුද්ධත්වය වැනි උත්තරීතර තත්ත්වයන්ට ද පත්වෙයි. මිනිස් බව ලබන්නේ
සසර කළ මහත් කුසල් බලයෙනි. කුසල් නො කොට රාගාදි කෙලෙසුනට වසඟ වැ
ප්‍රාණඝාතාදී අකුසල කළ අය නරක තිරිසන් පේ‍්‍රත අසුර යන සතර අපායවල
උපදිති. ඔවුහු යම් කුසල් බලයකින් මිනිස් ලොව උපත ලැබුවත් ප්‍රාණඝාතාදී
අකුසලයන්ගේ ශේෂ කර්ම ශක්තියෙන් අල්පායුෂ්ක වෙති. රෝග බහුල වෙති.
දුර්වර්ණ වෙති. උපතින්ම අඳ ගොළු බිහිරි ආදිහු වෙති.
ඇස්, කන්, නාසා දී සියලු අවයවයන්ගෙන් පූර්ණව මිනිස් ජීවිතයක් ලබා ගත්තෝ
පිනැත්තෝය.ඉනුදු ආයුෂ,ආරෝග්‍ය, ධන,නැණ, පරිවාරාදී සම්පතින් ආඪ්‍ය ව
ඇත්තෝ මහත් පිනැත්තෝය. මිනිසත් බවටද වඩා බුදු සසුනක් ලැබීම අතිශයින්ම
දුර්ලභය. සෑම යස ඉසුරෙන් හා අංග ප්‍රත්‍යංගයන්ගෙන් සම්පූර්ණ ව මිනිසත්
බව ලැබුවද හැම විටම බුදු සසුන නො ලැබේ. සසුන ලැබිය හැක්කේ මහ
පිනැතියන්ට පමණක් බැව් ප්‍රකාශ වේ.
මිනිසත් බව ලැබීම, බුද්ධෝත්පාදය යන කරුණු ලොව අතිශයින් දුර්ලභ බැව්
ප්‍රකාශ වේ. මෙබඳු දුර්ලභ වු කරුණු සම්පූර්ණ කරගත් තැනැත්තා එයින්
තමන්ගේ දෙලොව යහපත සිදුකර ගැනීමට උත්සාහවත් විය යුතුය.
සත්වයාට ස්වභාවයෙන් පිහිටි ඇස් දෙකක් ඇත. මේ සෑම හොඳින් පෙනේ නම් ඔහු
මහත් වාසනාවන්තයෙකි. එයින් එක් ඇසක පමණක් ඇත්නම් ඔහු තරමක්
වාසනාවන්තයෙකි. යමෙකකුට මේ දෑසම නැත්නම් ඔහු මහත් අවාසනාවන්තයෙකි. මෙය
උපමා කොටගත් බුදුරජාණන් වහන්සේ දෙලොව යහපත සිදුකර ගන්නා තැනැත්තා දෙ ඇස
ම ඇත්තකු ලෙසත්, මෙලොව යහපත පමනක් සිදුකොට ගෙන පරලොව යහපත ගැන නො තකා
ක්‍රියා කරන්නා එක් ඇසක් ඇත්තකු ලෙසත්, මෙලොව යහපතත් පරලොව යහපතත්
දෙකින්ම පිරිහුණූ තැනැත්තා දෑසම අන්ධයකු ලෙසත් දක්වා ඇත.
අන්ධයාත් එක ඇසක් ඇත්තාත් ආශ්‍රයට නො ගත යුතු බවත් දෙ ඇසම ඇති තැනැත්තා
ම ආශ්‍රයට ගත යුතු බවත් බුදුහු වදාළහ. එබැවින් සද්පුරුෂ නුවණැති සැම
දෙනාම මෙලොව ඇසත් පරලොව ඇසත් යන ඇස් දෙකම ඇති තැනැත්තකු වීමටත් එබඳු
දෑසම ඇති අයම ඇසුරු කිරීමටත් උත්සාහවත් විය යුතුය.
ඇතමෙක් බුදු දහම පරලොව ජීවිතය සඳහාම පමණක් බවත් මෙලොව යහපත ගැන එයින්
ප්‍රයෝජනයක් නැති බවත් දක්වති. එහෙත් මංගල, පරාභව, ව්‍යග්ඝපජ්ජ,
සිඟාලෝවාද ආදි සුත්‍ර ධර්ම පරික්ෂා කිරීමේදි මෙහි සාවද්‍යතාව මැනවින්
පැහැදිලි වේ. මෙම සූත්‍ර ධර්ම මෙන්ම වෙනත් ධර්ම කරුණු ගැනද සැලකීමේදී
දෙලොවම දියුණුවට අවශ්‍ය කරුණු බුදු දහමෙහි අඩංගු වන බැව් මනාව පැහැදිලි
වේ.
එබඳු වැදගත් දේශනාවකි. ජාතක පාලියෙහි ඇතුලත් වන අත්ථස්සද්වාර ජාතකය එක්
මානවකයෙකු අප බෝධිසත්වයන්ගෙන් දියුණුූවේ දොරටු විමසා ඇත. එයට පිළිතුරු
වශයෙන් බෝසතුන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළහ.
ආරොග්‍ය මිච්ඡෙ පරමංච ලාභං
සීලං ච වුද්ධානු මතං සුතං ච
ධම්මානු වත්තීච අලීනතා ච
අත්ථස්ස ද්වාරා පමුඛාජළෙතෙ
එහි මිනිසාගේ දෙලොව දියුණුවට හේතුවන කරුණූ සයක් දැක්වේ. ඒ මෙසේය. එහි
පළමුවැන්න නම්
1. ආරොග්‍ය මිච්ඡෙ පරමං ච ලාභං
නිරොගී භාවයයි. එනම ලෙඩ නැති බවයි.සත්වයාට විශේෂයෙන්ම මිනිසාට හැම
යහපතක්ම සිදුකර ගත හැක්කේ නිරෝගීභාවය ඇති තරමටයි. නිතර ලෙඩ රෝගවලින්
පෙලෙන තැනැත්තාට තමා සතු ධනය, බලය, නුවණ ආදි කිසිවකිනුත් නිසි ඵල ලැබිය
නොහැකිය. එබැවින් දියුණුව අපේක්ෂා කරන තැනැත්තා නම් සෞඛ්‍යය ආරක්ෂා කර
ගැනීමට උනන්දු විය යුතුය. ලොව ලැබිය හැකි ලාභයන් අතර ප්‍රධානතම ලාභය
නිරෝගිභාවයයි. යනුවෙන් ඒ බව බුදුහු වදාළහ.
කායික රෝග, මානසික රෝග වශයෙන් රෝග දෙපරිදි වේ. කයට, එනම් ශරීරයට ඇති වන
අසනීප කායික රෝගයි.
උණ සෙම්ප්‍රතිශ්‍යා ආදිය. මානසික රෝග නම් සිතට වැළඳෙන ආබාධයි. එනම් රාග
ද්වේෂාදි චිත්ත වේගයන් දරා ගැනීමට නො හැකිකම නිසා ඇතිවන චිත්ත
වික්ෂේපයයි. මෙයින් කායික රෝගයනට මානසික රෝග බලපායි. මේ දෙකින් වඩාත්
විපත්තිකර වන්නේ මානසික රෝගී භාවයයි.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සැදි ඇති මෙම ශරීරය වා,
පිත්, සෙම් යන තුන් දොස් විෂම වීම හේතු කොට ගෙන ප්‍රධාන වශයෙන් රෝගී
වේ. කයට වැළඳෙන රෝග විවිධාකාර බැව් බුදු දහමෙහි දැක්වේ. එයින් සමහරක්
මෙසේය.
පිත්ත සමුට්ඨානා ආබාධා
සෙම්හ සමුට්ඨානා ආබාධා
වාත සමුට්ඨානා ආබාධා
සන්නිපාතිකා ආබාධා
උතුපරිණාමජා ආබාධා
විසම පරිහාරාජා ආබාධා
ඔපක්කමිකා ආබාධා
කම්ම විපාකජා ආබාධා
පිත්ත සමුට්ඨානා ආබාධා
ශරීරගත පිත කිපීමෙන් ඇතිවන රෝගයයි. මේ නිසා ඇතැම් විට උමතු බව ආදි
මානසික රෝගද ඇති විය හැකිය.
සෙම්හ සමුට්ඨානා ආබාධා
ශරීරගත සෙම අධික වීමෙන්, කිපීමෙන් ඇතිවන රෝගයයි.
වාත සමුට්ඨානාආබාධා
වාතය කිපීමෙන් ඇතිවන රෝගයි. සියලුම වස්තු නිර්මාණය වී ඇති සතර මහා භූත
ධර්මයන්ගෙන් එකකි වාතය, එනම් සුළඟ, අපේ ජීවිතය රඳා පවතින්නේද ආශ්වාස
ප්‍රශ්වාස වාතය හේතුවෙනි. සත්ව ශරීරයක ක්‍රියාත්මක වන වාතය පිළිබඳ
විස්තරයක් ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වේ. එනම්
උද්ධංගමා වාතා – ශරීරයේ උඩට දුවන වාතය උධොගමා වාතා – ශරීරයේ යටට දුවන
වාතය කොට්ඨාසයා වාතා – හිස බෙල්ල ආදි කොටස්වල වේදනා උපදවන වාතය
කුච්ඡිසයා වාතා – කුසෙහි වේදනා උපදවන වාතය අංගමංගානුසාරිනො වාතා – අත්
පා ආදි අවයව වල වේදනා උපදවන වාතය
අස්සාසො – ආශ්වාස වාතය
පස්සාසො – ප්‍රශ්වාස වාතය
සන්නිපාතිකා ආබාධා – වා පිත් සෙම් යන මෙයින් දෙකක් හෝ තුනම හෝ කිපීමෙන්
ඇතිවන රෝගයයි.
උතුපරිණාමජා ආබාධා
ඍතු විපර්යාස එනම් දේශගුණය වෙනස්වීමේ හේතුවෙන් උපදනා රෝගයි.
විසම පරිහාරජා ආබාධා
පුද්ගලයාගේ විෂම පැවතුම් හේතුවෙන් හටගන්නා රෝගයි. අධික කාම කෝප අදහස්
ක්‍රියාත්මක කිරීමෙන් රෝගයනට ගොදුරු වේ. විශේෂයෙන් වර්තමානයේ දුම්පානය.
මත්පැන් භාවිතය, මත්පෙති ආදිය නිසා තරුණ පරපුර විවිධ රෝගයන්ට ගොදුරු වන
බැව් ප්‍රකට කරුණකි. අතෘප්තිකර ආශාවන්ට වසඟවීම නිසා විවිධ දූෂණයන්ට
ගොදුරුව අසාධ්‍ය සමාජ රෝග පවා වර්තමාන සමාජය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත
වන බැව් නිතර අසන්නට ලැබේ’. මෙබඳු සියල්ල විෂම පරිහාරජ ආබාධ ලෙස සැලකේ.
විශේෂයෙන්ම මෙම වර්ගයේ රෝග පාප මිත්‍ර සේවනය, තරුණ මදයෙන් මත්වීම,
මිනිස් ජීවිතයක අගය තේරුම් ගත නො හැකිවීම ආදිය නිසා වර්තමාන සමාජය තුළ
වේගයෙන් ව්‍යාප්ත වීම මහත් අභාග්‍යයකි.
මේ නිසා අකාලයේ විනාශ වී යන වටිනා ජීවිත අප්‍රමාණය. ළාබාල නො මේරූ
ශිෂ්‍ය ජීවිත මෙම අවාසනාවන්ත තත්ත්වයට යොමු වීමෙන් වළකා ගැනීමට ක්‍රියා
කිරීම සමාජයේ මවු පිය වැඩිහිටි හැම දෙනාගේ ම බලවත් යුතුකමකි.
ඔපක්කමිකා ආබාධා
යම් යම් උපක්‍රම මගින් එනම් වස විස පානය කිරීමාදිය නිසා හටගන්නා රෝගයි.
මිනිසාට විශේෂයෙන් ම චිත්ත දමනය තිබිය යුතුය. සිතට ඇතිවන හැඟීම්වලට
යටත් වන පුද්ගලයාට කිසිම සැනසීමක් නො ලැබේ. සමාජයේ ජීවත් වන පුද්ගලයා
තමාට ඉදිරිපත් වන දුක සැප හොඳ නො හොඳ උසුලා විඳ දරා ගැනීමට සමත් විය
යුතුය. සෑම අයෙකුටම
ලාභ –අලාභ
යස – අයස
ප්‍රශංසා – නින්දා
සැප – දුක
යන මේ අෂ්ට ලෝක ධර්මයනට මුහුණ දීමට සිදුවේ. එහිදි ධෛර්යයෙන් ක්‍රියා කළ
යුතුය. ලාභයේදි උඩඟු වන ඇතැමෙක් අලාභයේදි දැඩි ලෙස බැගෑපත් වේ.
මේ දෙකම නුසුදුසු ය ලාභයේදී එය තමාගේ පූර්වකෘත කුසලයක විපාක වශයෙන් හෝ
මෙලොව බුද්ධි සම්පන්න උත්සාහය නිසා හෝ ලද දෙයක් සේ සලකා නුවණින්
ක්‍රියාකොට ලැබු ලාභය ආරක්ෂ කොට වැඩි දියුණු කර ගැනීමටත්, එය තමාගේ
මෙලොව පරලොව සු සිද්ධිය සඳහා යොදා ගැනීමත් කළ යුතුය.
අලාභයේදි එය තමාගේ ප්‍රමාද දෝෂාදියක් නිසා හෝ සිදු වු සේ සලකා මතු
එබන්දක් නොවන සේ හේතු සොයා බලා එයට ප්‍රතිකර්ම යොදා ගැනීම කළ යුතු ය.
ඉතිරි කොටස මැදින් අව අටවක පෝදා ((මාර්තු 13) පත්‍රයේ |