ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර
ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය
ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමි
මහාචාර්ය
කොටපිටියේ රාහුල අනු නා හිමි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව
ආරම්භයේ පටන් මේ දක්වා මහානායක ධුරය හෙබවූ මහානායක මාහිමිපාණන්
වහන්සේලා එකළොස් නමක් වේ. යථෝක්ත මහානායක මාහිමි ධූරාවලියෙහි අවසන්ව
වැඩ සිටි අග්ගමහා පණ්ඩිත සාහිත්‍යශූරි අතිගරු බෙල්ලන ශ්‍රී
ඤාණවිමලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු
මහපදවිය සඳහා අපේ උතුම් සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් 2014 ඔක්තෝබර් මස 18
දින පත්වූයේ රුක්මලේ ධර්මවිජයාලෝක විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති
ආචාර්ය අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේය.කළුතර
දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ ඉත්තෑපාන ගම් පියසේ විසූ ගලතරගේ දොන්
ජේමිස් අප්පුහාමි සහ මීගහපලගේ දොන් පොඩිහාමි යන දම්පතීහු උන්වහන්සේට
මාපියෝ වූහ. 1935 ඔක්තෝබර් 14 දින නව දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයාව
උපන් ජී.ඩී. පේරස් කුමරුවා ඉත්තෑපාන මහා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පන්තිය
දක්වා ඉගෙනීමෙහි යෙදුණේය. උන්වහන්සේ 1950 පෙබරවාරි 25 දින කොට්ටාව
පුරාණ මහා විහාරය තලවතුගොඩ සිරි නන්දාරාමය යන උභය විහාරාධිපති කලල්ගොඩ
ධම්මසිරි නාහිමියන්ගේ සහ පැලැන්වත්ත දිගන සිරි ධම්මකිත්ති
මංගලාරාමාධිපති තලවතුගොඩ ධම්මාලෝක නාහිමියන්ගේද ආචාර්යත්වයෙන් එවකට
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පදවිය
හෙබවූ අතිපූජ්‍ය කිරුළපනේ ශ්‍රී විමල මහානාහිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් ගලගෙදර සුගතපාල මාහිමියන්ගේ කර්ම වාගාචාර්යත්වයෙන්
ප්‍රවෘජ්‍යාභූමියට ඇතුළත් වූහ. 1960 ජූලි 17 දින කෝට්ටේ රාජමහා
විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදි කලල්ගොඩ ධම්මසිරි නාහිමි, තලවතුගොඩ
ධම්මාලෝක නාහිමි, තලවතුගොඩ රේවත මාහිමි, කිරිගම්පමුණුවේ සරණතිස්ස
මාහිමි යන සතර නමගේ ආචාර්යත්වයෙන් අතිපුජ්‍ය මොල්ලිගොඩ අරියවංශ
මහානාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා අතිගරු දේවහන්දියේ
සද්ධාතිස්ස නාහිමියන්ගේ සහ අතිගරු මාදිවෙල චන්දවිමල නාහිමියන්ගේ
කර්මවාගාචාර්යත්වයෙන් උතුම් උපසම්පදා භූමියට පත්වූහ. ස්වකීය ආචාර්යයන්
වහන්සේගෙන් මූලික බණදහම් උගත් ධම්මාලංකාර පොඩි හාමුදුරුවෝ පෑලියගොඩ
විද්‍යාලංකාර පිරිවෙණට 1950 දී ඇතුළත්ව කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර
නාහිමි, බඹරැන්දේ සිරි සීවලි මාහිමි වැනි යතීන්ද්‍රයන් වහන්සේලාගේ
සෙවණෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හැදෑරූහ. පසුව මරදානේ ශ්‍රී ලංකා
විද්‍යාලයට ඇතුළත්ව ප්‍රාචීන අවසාන ශ්‍රේණිය දක්වා උසස් අධ්‍යාපනය
ලැබූහ. මූලික අධ්‍යාපන කටයුතු අවසන් කළ උන්වහන්සේ විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1963 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් අනතුරුව
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් දර්ශනපති
හා දර්ශන විශාරද (ආචාර්ය) උපාධිත් ලබාගත්හ. ඉන්පසු හොරණ විද්‍යාරත්න
විශ්වවිද්‍යා පීඨයේ වසරක කාලයක්ද පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි
ආරම්භයේ සිට වසර 24 ක් ආචාර්යවරයෙකු ලෙසද වසර 06 ක් පරිවේණාධිපතින්
වහන්සේ ලෙසද අධ්‍යාපන සේවයෙහි නිරත වූහ.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ කාරක සභිකයෙකු ලෙස
ගල්ගොඩ විහාර පාර්ශ්වයෙන් 1978 දි පත් වු ඉත්තෑපාන ධම්මාලංකාර හිමිපාණෝ
දෙවන වරටද එම පාර්ශ්වයෙන්ම කල්‍යාණි කාරක සභික ධූරයට හා විනිශ්චය කාරක
සභික ධූරයටද පත්වූහ. 1984.06.26 දින රත්මලාන විහාර පාර්ශ්වයෙන්
කර්මවාගාචාර්ය ධුරයට පත් උන්වහන්සේ අනතුරුව 1987.03.17 දින සංඝ සභාවේ
උපලේඛකාධිකාරි ධුරයටත් 1997.09.06 දින වැඩ බලන ප්‍රධාන ලේඛකාධිකාරි
ධූරයටත් පත්වූහ. පසුව 1998.07.26 දින සීනාදි සිවු කෝරළයේ ප්‍රධාන
සංඝනායක ධුරයටද පත්වූහ. 2000 අපේ‍්‍රල් 22 දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උතුම් අනුනායක පදවියට සමානච්ඡන්දයෙන්
පත්වු අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේ 2003 මාර්තු 28
දින දක්ෂිණ විහාර පාර්ශ්වයේ උපාධ්‍යාය ධුරයටද පත්වූහ.
ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන් අප්‍රතිහත ධෛර්යයෙන් සංඝසභාවෙහි
කටයුතුවල යෙදෙමින් ලෝක ශාසනික සේවයෙහිද අනලස්ව හා විනය ගරුකව කටයුතු
කිරීම අරභයා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාව 2009
මාර්තු 21 දින ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයටත් 2013 අගෝස්තු මස 12 දින
වැඩබලන මහා නායක දුරයට පත් කරන ලදී.පසුව අතිගරු බෙල්ලන ශ්‍රී ඥනවිමල
මහා නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධුරයට
2014 ඔක්තෝබර් මස 18 දින සංඝසභාවේ සමානච්ඡන්දයෙන් පත්වූහ.
ධර්ම විනයධර බහුශ්‍රැත මහා ස්ථවිරයන්ගෙන් ශෝභමාන වු අප සංඝසභාවේ නූතන
කාර්යභාරය මැනවින් ඉටු කරන ශ්‍රී මහාවිහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී
ධම්මාලෝක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානා හිමිපාණන් වහන්සේ
වෘද්ධෝපශාන්ත ගුණයෙන් පිරිපුන් නිරහංකාර මහතෙරනමකි. උන්වහන්සේ ආදර්ශවත්
මහ තෙරනමක් වෙති.
පරිහානි යුගයේ භාෂා ශාස්ත්‍ර හා ශාසනය නංවා ලු අසරණ සරණ වැලිවිට සිරි
සරණංකර සංඝරාජයන් වහන්සේ අනුගමනය කළ උඩඟු නොවීමේ ආදර්ශය අප වෙත පතළ
කෙරෙන චරිතයකින් උන්වහන්සේ ශෝභමාන වෙති.
පි‍්‍රයවාදීත්වය අප මහානාහිමියන් තුළ වෙසෙසින්ම පිහිටා ඇති ගුණාංගයකි.
මහනාහිමියන් ගිහිපැවිදි කාටත් පි‍්‍රයවචනයෙන් අමතන්නේ පි‍්‍රයවාදි
ගුණයෙන් පිරිපුන් බැවිනි. එපමණක් නොව උන්වහන්සේගේ පි‍්‍රයවාදිත්වය
මිතභාෂණ ගුණයෙන් තීව්‍ර වූවකි. මිතභාෂණශීලි වුවත් උන්වහන්සේ
යුක්තමුක්තවාදීහු වෙති. එනම් යුක්තිසම්පන්න දෙය කියන්නාහු වෙති.
යුක්තිය වෙනුවෙන් භික්ෂුවකගෙන් මතු විය යුතු හඬ උන්වහන්සේ දීර්ඝ කාලයක්
මුළුල්ලේ සිංහල ජාතියත් බෞද්ධත්වයත් වෙනුවෙන් මතු කළහ. උන්වහන්සේගේ
ජාතික ව්‍යාපාරවල මුලික අර්ථය වූයේ එම අදහසය.
කාලවාදී භූතවාදී අත්ථවාදි ධම්මවාදි විනයවාදි වාග් කෞශල්‍යයක් අතිගරු
මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු වෙති. එපමණක් නොව එම වාග්සම්පත්තිය
විනය අටුවාවෙහි එන සිථිල, ධනිත, දීඝ, රස්ස, ගරුක,ලහුකාදී, දශවිධ
ඛ්‍යඤ්ජනයෙන් පරිපූර්ණ වූවාහු වෙති.උන්වහන්සේ භාෂණයෙහි අල්පප්‍රාණ,
මහප්‍රාණ, හ්‍රස්ව දීර්ඝාදිය, අතිප්‍රශස්තය. වර්තමාන ශ්‍රී ලාංකේය
භික්ෂුසංඝයාට මහත් ආදර්ශයක් වන පරිද්දෙන් පදඛ්‍යඤ්ජන නොනසමින්
විකාරත්වයට පත් නොකරමින් ශ්‍රමණ සාරුප්‍ය වු වාග්ව්‍යවහාරයක් පැවැත්වීම
උන්වහන්සේගේ සිරිතයි. විනයකර්මවලදීත් ධර්මදේශනයේදිත් ඉන් පරිබාහිර
දේශනවලදීත් උන්වහන්සේ මෙම සිරිත කඩ නොකරති. එමෙන්ම භික්ෂුවක් විසින්
දේශනා කළ යුතු කිසිදු කර්මවාක්‍යයක් හෝ පාලි කාණ්ඩයක් මතකයේ තබාගෙන
දේශනා කරනු මිස කිසිදුවිටක පොත්පත් හෝ කඩදාසි බලාගෙන නොකියවති. පැවිදි
ජීවිතයෙන් ලද ශික්ෂණයත් විද්‍යාලංකාර ගුරුකුලය හරහා ආචාර්ය උපාධිය
දක්වා ලද ප්‍රාචීන හා ප්‍රතිචීන අධ්‍යාපනය හා සබැඳි අධ්‍යාපනික
ශික්ෂණයත් ඊට මග පාදා ඇති බව අපගේ විශ්වාසයයි.
අංගුත්තර නිකායෙහි චතුක්කනිපාතයේ එන ථේරකරණ ධර්මවලින් අප මහානායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ සැරසුණාහු වෙති. මහානායක මාහිමිපාණන් වහන්සේගේ
ධර්මඥානය පෘථුලය. ව්‍යක්තය. සමස්තය දැකීමේ තියුණු හැකියාව එහි
ප්‍රතිඵලයක් සේ උන්වහන්සේ වෙත ලැබි තිබේ.
සම්භාවනීය ලේඛකයෙකු සේ හැඳින්විය හැකි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ
අතින් සැපයුණු බුදුදහමේ දාර්ශවික ප්‍රස්තුත. සිංහල සම්භාව්‍ය
සාහිත්‍යයෙන් හෙළිවන බෞද්ධ සාරධර්ම වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්ම
විද්වත් ලෝකයේ පැසසුමට භාජනය වී ඇත.
ලාංකේය චරිතකතා කලාවට නවතම ආලෝකයක් එක් කළ මෑතකාලීන කීර්තිමත් ලේඛකයා
අතිගරු ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේය. සමකාලීන ව්‍යක්ත
බහුශ්‍රැත පරාර්ථවත් ආදර්ශ සම්පන්න චරිත සොයා ගොස් කරන ලද සම්මුඛ
සාකච්ඡාවන්ගෙන් අප වෙත ලබාදී ඇති ප්‍රතිඵලය අතිශය ප්‍රශංසාර්භය. පැවිදි
පඬි මිණි පහන්, බුදු බව පතන බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි, රේරුකානේ
චන්දවිමල මහනාහිමි, මල්පැලේ උපන් පන්සලේ පියතුමා වැනි චරිතකථා කෘති
ජාතියට දායාදවුයේ අප මහනාහිමියන් සතුව ඇති සහජ කුසලතාව නිසාය. අතිගරු
මහානාහිමියන් සංඝ සභාව වෙනුවෙන් ඉටුකළ යුතු උත්කෘෂ්ට සේවාව පමණක් ඉටුකර
සෑහීමට පත් නොවෙති. උන්වහන්සේ ආධිපත්‍යය හොබවන කොට්ටාව පුරාණ මහා
විහාරය, පැලැන්වත්ත දිගන සිරි ධම්මකිත්ති මංගලාරාමය , රුක්මලේ ධර්ම
විජයාලෝක විහාරය හා දොස්තර ජී.එම්. සරත්චන්ද්‍ර මැතිඳුන්ගේ බලවත් වු
කැපවීමෙන් ආරම්භ වු ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර මෛත්‍රී විහාරය යන
විහාරස්ථානවල දානය බණ පිරිත පාංසුකූලය ආදී සියලු කටයුතු කෙරෙහිද අනලස්
වෙති. බොහෝ විට තනි පුද්ගලයෙකුට නොකළ හැකි තරමේ ආරාධනාවලින් පිරුණූ
දිනපොතෙහි එකදු කාර්යයක්වත් මඟ නොහැර ඉටුකිරීම උන්වහන්සේට බලවත්
සතුටකි. විශ්වවිද්‍යාල පාලක සභා වැනි අධ්‍යාපනික ආයතනවල තනතුරු රාශියක්
ද හොබවන උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් එම ආයතනයන්හි ප්‍රගමනයට ලබාදිය
හැකි උපරිම දායකත්වයද ලබා දෙති.
ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ ප්‍රධාන ලේකම් තනතුර හොබවන උන්වහන්සේ එම
කාර්යය භාරය වෙනුවෙන් මේ දක්වාත් උත්කෘෂ්ඨ සේවයක නිරතව සිටිති. ලෝක
බෞද්ධ සංඝ සම්මේලනයේ ක්‍රියාකාරි සාමාජික නමක වන උන්වහන්සේ දේශ
දේශාන්තරවල ලැබෙන ආරාධනාවලටද නොඅඩුව සහභාගි වෙති. එමෙන්ම අන්තර් ආගමික
සහජීවනය උදෙසා මහනා හිමිපාණන් වහන්සේ දක්වන උනන්දුව බොහෝ දෙනාගේ
ප්‍රශංසාවට ලක්වූවකි. බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගමික
නායකයන්ගෙන් සැදුම්ලත් අන්තර් ආගමික සමුළුවේ ප්‍රධාන ලේකම් ධුරය හොබවන
උන්වහන්සේ සියලු ආගමික නායකයින්ගේ අතිශය ගෞරවාරදයට පාත්‍රව වැඩවෙසෙති.
එපමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයෙහි නියුතු මෙරට සියලු නායකයන්ගේ නොමද
ගෞරවයට හා බුහුමනට ද මහානායක මාහිමිපාණන් වහන්සේ නිරායාසයෙන්ම පත්ව
සිටිති.
උන්වහන්සේ සිදුකරනු ලබන සේවාවන්ගේ විශිෂ්ටත්වය සඳහා උන්වහන්සේගේ ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේලාගෙන් ලැබෙන දායකත්වයද කුලුපග දායක කාරකාදින්ගෙන්
ලැබෙන පිටිවහලද උන්වහන්සේගේ පුණ්‍යමහිමය නිසාම ලැබී ඇති බව සඳහන් කළ
යුතුය. ශාස්ත්‍රවේදි ලේල්වල ධම්මකුසල ස්ථවිර, අධ්‍යාපනපති පැලවත්තේ
පුඤ්ඤරතන ස්ථවිර (කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය) ආචාර්ය
අපරැක්කේ පුඤ්ඤසිරි ස්ථවිර, (ඇමෙරිකාවේ මෛත්‍රි විහාරයේ වැඩසිටින)
දර්ශනපති ගැමුණුපුර සෝමවංස ස්ථවිර (විද්‍යාලංකාර පිරිවෙන්හි ආචාර්ය)
ශාස්ත්‍රවේදි මොරාවත්තේ ධම්මිස්සර හිමි (විද්‍යාරත්න පිරිවෙන්හි
ආචාර්ය) හබරකඩ ධම්මානන්ද හිමි (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි
අපේක්ෂක) තිනියාවල ධම්මරතන හිමි (කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි
අපේක්ෂක) නෙළුවේ ධම්මානන්ද හිමි (පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි
අපේක්ෂක) සූරියවැව ධම්මදස්සි භික්ෂු, ලේල්වල ධම්මසිරි භික්ෂු ආදි නවක
මධ්‍යම ස්ථවිරවරු අප මහනාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෝ වෙති. මෙම
ශිෂ්‍යගණයා නිසා ස්වකීය විහාරස්ථානවල එදිනෙදා කටයුතු කිසිදු බාධාවකින්
තොරව සිදුවන බැවින් ඒ පිළිබඳ වගකීම් භාරයක් මහනාහිමිපාණන්ට නැත. තවද
තලවතුගොඩ විමලධම්ම නාහිමි,ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නාහිමි,
ශාස්ත්‍රපති රේටියගම ඤාණිස්සර හිමි යන පැවිදි සහෝදර ස්වාමින්ද්‍රයන්
වහන්සේලාගෙන්ද සුවච අන්තේවාසික ශිෂ්‍යනමක් වන පෝරේ ශ්‍රී මහා
විහාරාධිපති කෝට්ටේ සංඝ සභාවේ වත්තපටිපාදක රුක්මලේ ධම්මකිත්ති නායක
ස්ථවිරපාදයන් වහන්සේගෙන් ද අප මහානායක මාහිමිපාණන් වහන්සේගේ ශාසනික
කටයුතුවලට මනා සහයෝගයක් ලැබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
ඉකුත් 28 වනදා කෝට්ටේ රාජ මහා විහාර උපෝසථාගාරයේදි සිදු කෙරුණු
අක්තපත්‍ර පිරිනැමීමේ රාජ්‍ය උත්සවය නිමිත්තෙනි |