පිළිසිඳගත් දරුවකු සෙනෙහසින් රැකගත යුතුය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති,
බෙල්ලන්විල රාජමහා
විහාරාධිකාරී මහාචාර්ය
බෙල්ලන්විල
විමලරතන
අනු නා හිමි
පුරාණ ඉන්දියාවේ වෙනත් බොහෝ සමාජවල මෙන්ම ආගමික පූජකවරුන්,
ඡ්‍යොතිෂඥයින් හා වෛද්‍යවරුන්ගේ භූමිකාවන් අනුගමනය කළ හෙයින් ඔවුන්ගේ
සේවාදායකයන් එකී පුද්ගලයන් වෙත ගොස් නොයෙකුත් කරුණු සඳහා උපදෙස් පැතූහ
මව්කුªස පිළිසිඳ ගත් දරුවා වර්තමාන සමාජයේ නොයෙක් ගැටලුවලට හේතු වී ඇති
ප්‍රශ්නයකි. මේ පිළිබඳව ආගම්වල මෙන්ම විවිධ විද්වතුන් නොයෙක් මත
ඉදිරිපත් කර ඇත. සමහර ආගම්වල මෙය සපුරා තහනම්කර ඇති අතර බොහෝ රටවල
නීතියෙන් අනුමත කර ඇත. මේ පිළිබඳ බෞද්ධ මතය කුමක්ද ? යන්න ගැන උගතුන්ගේ
සංවාදයට ලක්ව තිබුණ ද පොදුවේ හැම දෙනාම පිළිගත් සම්මතයක් ඇතිවී නැති බව
සඳහන් කළ යුතු ය.
මෙහිදී ගබ්සාව යනුවෙන් අප අදහස් කරන්නේ ඉබේ සිදුවන බව පෙනෙන හෝ යම්කිසි
හේතුමත ඇතිවන දරුගැබක් නැතිව යෑම නොව ඕනෑකමින් හෝ විද්‍යානුකූල
ප්‍රතිකර්ම හා වෙනත් ක්‍රමවලින් සිදුකරනු ලබන ගබ්සාවන් ය. බුද්ධ කාලයේ
ගබ්සාකිරීම කවර ප්‍රමාණයකින් පැතිරී තිබුණේ ද යන්න පැහැදිලිව දැනගැනීමට
එම කාලයට අයත් මූලාශ්‍ර ප්‍රමාණවත් නැත. කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේ
පහළවීමට පෙරසිට භාරතීය සමාජයේ ගබ්සාව සදාචාරවත් නොවන ගර්හාකටයුතු දෙයක්
ලෙස සැලකූ බව හින්දු ආගමික ග්‍රන්ථවල සඳහන් වෙයි.
පුරාණ ඉන්දියාවේ වෙනත් බොහෝ සමාජවල මෙන්ම ආගමික පූජකවරුන්,
ඡ්‍යොතිෂඥයින් හා වෛද්‍යවරුන්ගේ භූමිකාවන් අනුගමනය කළ හෙයින් ඔවුන්ගේ
සේවාදායකයන් එකී පුද්ගලයන් වෙත ගොස් නොයෙකුත් කරුණු සඳහා උපදෙස් පැතූහ.
ඉතා ඈත කාලයක සිට එන ගැටලුවක් වූ අනවශ්‍ය ගැබ්ගැනීම මේ කරුණු වලින්
එකකි. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ලවා මෙවැනි කටයුතුවල යෙදීමෙන්
වැළකී සිටින ලෙස උපදෙස් දී ඇත. එසේ වුවත් භික්ෂු විනය පිළිබඳ ඓතිහාසික
කරුණු වලින් පැහැදිලි වන්නේ භික්ෂූන් වහන්සේලාගේ උපදේශයන් එවැනි කරුණු
වලදී ලබාගෙන ඇති අතර සමහර භික්ෂූන් නීති විරෝධි ලෙස ඒවාට සම්බන්ධ වී
ඇති බවය.
බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ප්‍රාණඝාතය අකුසල කර්මයකි. ඒ අතර මිනිස්
ජීවිතයක් විනාශ කිරීම බරපතල අකුසලයකි. භික්ෂූන් වහන්සේලාට පනවා ඇති
පාරාජිකා ශික්ෂාපදය අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම මහාසාවද්‍ය
අකුසලයක් මෙන්ම භික්ෂූත්වය සම්පූර්ණයෙන්ම අහිමිවීමට හේතුවන වරදකි.
එහෙත් මෙහිදී ගැබක් තුළ ඇති කලලයක් මනුෂ්‍යයෙකු හැටියට ගත හැකිදැයි
ප්‍රශ්නයක් පැනනගී.තුන්වැනි පාරාජිකා ශික්ෂාපදයට ඇතුළත් වගන්ති වලින්
මෙයට පිළිතුරු ලැබෙන අතර එයින් පැහැදිලි කරන්නේ කලලයක් සතුව ජීවයක් ඇති
බැවින් මේ සිල්පදය අනුව එයට ආරක්ෂාව ලැබිය යුතු බවත් ය.
එනම් “උපසම්පදා වූ භික්ෂුවක විසින් ඕනෑකමින් කුහුඹුවකු වුවද සජීවී
සත්වයෙකුගේ ජීවිතය විනාශ නොකළ යුතු ය. සජීවී මනුෂයකුගේ ජීවිතයක්
ඕනෑකමින්ම නැතිකරමින් අඩුම තරමින් ගබ්සාවක් සිදුකිරීම දක්වාම එවැන්නක්
සිදුකරන භික්ෂුවක් බුදුන් වහන්සේගේ අනුගාමිකයෙක් නොවන්නේ ය. දෙකට
වෙන්වූ කැඩීගිය ගල්පතුරක් නැවත එකට එක්කළ නොහැකිවාක් මෙන්ම ඕනෑකමින්ම
මනුෂ්‍යයකුගේ ජීවිතය නැතිකරන භික්ෂුවක් තවදුරටත් බුදුන්ගේ ශ්‍රාවකයකු
නොවේ. මෙය ඔබ දිවි ඇතිතාක් නොකළ යුතුය” යන්නයි.
විනය පිටකයෙහි එන තවත් සමහර පාඨවලින් මනුෂ්‍ය ජීවිතයක ආරම්භය පිළිබඳ
තවදුරටත් මෙසේ අර්ථ නිරූපණය කර ඇත. “මනුෂ්‍යභාවය ඇත්තේ මවගේ ගර්භය තුළ
සිත පහළවන මොහොතේ සිට එනම් ප්‍රතිසන්ධි විඤ්ඤාණය පහළවන ප්‍රථම මොහොතේ
සිට මරණය කරා තෙක්ය.”
මෙයින් පැහැදිලි වන්නේ මනුෂ්‍යභාවය පිළිසිඳ ගැනීමේ දී ම පැවැත්මට එන
බවය. මේ පාඨය තුළින් තවදුරටත් ගම්‍යමාන වන්නේ පිළිසිඳ ගැනීම සහ මරණය යන
දෙක අතර ඕනෑම අවස්ථාවක මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම අපරාධයක් බවය.
බුදුරජාණන් වහන්සේ ගබ්සා කිරීම මනුෂ්‍ය ඝාතනයක් ලෙස දක්වා තහනම් කර
තිබුණ ද විනය පිටකයෙහි සහ වෙනත් ග්‍රන්ථවල ගබ්සාව සම්බන්ධ අවස්ථා හයක්
දක්නට ලැබේ. ඉන් පළමුවැන්න නම් එක් කාන්තාවක් තම ස්වාමිපුරුෂයා නිවසින්
බැහැරව සිටි කාලය තුළ වෙනත් පුරුෂයෙක් සමඟ සම්බන්ධවීම නිසා ගැබ්ගැනීමය.
ඇය තම පවුල හා කිට්ටු සම්බන්ධයක් පැවැති භික්ෂුවක් හමුවී ගබ්සා කර්මයක්
සිදුකර ගැනීමට ආයාචනය කළාය. එම භික්ෂුව එය සිදුකළ අතර දරුවා මිය ගියේ
ය. දෙවන සිද්ධිය ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන පරිදි භාර්යාවන් දෙදෙනෙකු
අතර ඇති වූ ගෘහාශි‍්‍රත ගැටුම් නිසා ඇතිවූවකි. එක් පුරුෂයෙක් විවාහවී
සිටි භාර්යාවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් වඳභාවයෙන් යුක්තය. ඇය
භික්ෂුවක කරා ගොස් සරුභාවයෙන් යුත් භාර්යාවගේ ගැබ නැති කිරීමට ඖෂධයක්
ලබාගැනීමෙන් පසු ඒ අනුව කටයුතු කිරීමෙන් එම ගබ්සාව සිදුකළ අතර දරුවා
මිය ගියේ ය. තුන්වන, හතරවන හා පස්වන සිදුවීම් එක හා සමාන වන අතර
ප්‍රතිඵල අතින් වෙනස්කම් තිබිණ. එනම් තුන්වන සිද්ධියේ දී මව මියගිය අතර
හතරවන සිද්ධියේ දී මව හා දරුවා යන දෙදෙනාම මිය ගියහ.
පස්වන සිද්ධියේ දී කිසිවෙකු මිය යාමට පත්නොවූ අතර හයවන සිද්ධියේ දී
භික්ෂුව විසින් උපදෙස් දුන්නේ ගර්භය මිරිකීමෙන් ගබ්සාව සිදුකළ හැකි
බවය. හත්වන සිද්ධියේ දී අදාළ භික්ෂුව උපදෙස් දුන්නේ ගැබ උණුසුම්
කිරීමෙන් එය සිදුකිරීමටය. මේ දෙකේදීම දරුගැබ විනාශ විය.
මේ හැම අවස්ථාවකදීම දරුගැබ් නැති කිරීමට සහාය දුන් භික්ෂූන්ට මෙන්ම
ආදාළ කාන්තාවන්ට ද කර්ම විපාක පළදුන් බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්
වෙයි. අකුසල කර්ම විපාක ලැබීම සම්බන්ධව කතා ප්‍රවෘත්ති අන්තර්ගත
ප්‍රේතවත්ථු පාලියෙහි ගැබ් හෙළීම නිසා බරපතල කටුක විපාකයන් විඳීමට
සිදුවූ ප්‍රේතියන් දෙදෙනෙකු පිළිබඳ විස්තර සඳහන් වෙයි.
වස් අවසන්කොට බුදුන් දක්නා පිණිස සැවතට වැඩමකරවන භික්ෂූන් අටනමකට,
නිර්වස්ත්‍රව, දුඟඳ හමන සිරුරින් යුතු ප්‍රේතියක් මුණගැසුණි. සංඝ
ස්ථවරයන් වහන්සේ විමසන ලදුව ඇය මේ තත්ත්වයට පත්වන්නට හේතු දැක්වූවාය.
පෙර ගෘහපතියකුගේ බිරිඳව සිටියදී මා හට දරුඵල නොලදින්, ඔහු වෙනත්
බිරිඳක් කැටුව ආවේ ය. ඇයට ගැබ් ගැනීමෙන් පසු ඒ කෙරෙහි ඊර්ෂ්‍යා උපදවා
ඇගේ ගැබ හෙළන්නට කටයුතු කළේ ය. මේ අකුසල කර්මය හේතුවෙන් දැන්
ප්‍රේතියක්ව ඉපදී උදේවරුවේ දරුවන් පස්දෙනෙකුත්, හවස්වරුවේ දරුවන්
පස්දෙනෙකුත් බිහිකර ඒ දෙවරුවටම එකී දරුවන් කා යැපෙයි. එහෙත් ඇගේ කුස
නොපිරෙනා බව තෙරුන් ඉදිරියේ කීවා ය. මෙය පඤ්චපුත්තඛාදන පේතවත්ථු නමින්
දැක්වේ.
මේ හා සමානම කථා ප්‍රවෘර්තියක් ඊටයාවම පේතවත්ථුවේ සත්තපුත්තාඛාදන
පේතවත්ථු නමින් දැක්වේ. පෙර සේම දරුගැබ හෙළීම නිසා වරුවකට දරුවන් හතක්
බැගින් බිහිකර ඒ දරුවන් කන ප්‍රේතියක් පිළිබඳව මෙයින් කියැවේ.
ගැබ්හෙළීම හෙවත් ගබ්සා කිරීම බෞද්ධ විනයෙන් ප්‍රතික්ෂේප වනවා මෙන්ම මේ
නිසාම බරපතල විපාක ගෙනදිය හැකි තරමේ අපරාධයක් ලෙසින් පිළිගෙන තිබෙන බවද
මෙම කථා වස්තු තුළින් පෙන්වා දී ඇත. |