නිවනේ මඟ හෙළි කළ වම්මික සූත්‍රය
ඉබ්බාගමුව, කිරිබමුණ, (පහළ) ශෛලතලාරාමවාසී
ශාස්ත්‍රවේදී
තල්වැහැර
නිරෝධමාලා සිල්මාතාව
සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් වැනි අතිදීර්ඝ කාලයක් පාරමිතා ධර්ම සම්පූර්ණ
කර ලොව්තුරා සම්බුද්ධ රාජ්‍යය සාක්ෂාත් කරගත් තුන් ලෝකාග්‍ර භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ, සසර සාගරයේ නිමග්නව අනේක විධ දුක් විඳින සත්ව
සමූහයා කෙරෙහි පතලා වූ මහා කරුණාවෙන් සුදේශි සද්ධර්මය ප්‍රමාණ කළ
නොහැකිය. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි විවිධ ශ්‍රාවකයින් විවිධ
හේතුමත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, බුදු සසුන කෙරෙහිත් පැහැදීමෙන්
යුතුව ශ්‍රාවක බවට පත්වූහ.
ඒ අතර බුදුරජාණන් වහන්සේගේ අසම සම රූප සමපත්තිය,බොහෝ ශ්‍රාවක පිරිසක්
සිටීම, උන්වහන්සේලාගේ විනීත පැවැත්ම,අන්‍ය ආගමික සහනශීලි ප්‍රතිපත්තිය,
දේශන විලාශය ආදිය ප්‍රධාන වේ. තමන් වහන්සේ වෙත පැමිණෙන ශ්‍රාවකයන්ට
ධර්මය දේශනා කිරීමේදී ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සතුව පැවැති දේශනා
කෞශල්‍යය අද්විතීය වේ. විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන් විෂයෙහි සුදේශිත
ධර්මය ඔවුන්ට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි අයුරින් දේශනා කිරීමටත් ඔවුන්
සදාකාලිකවම දමනය වූ නිවුන පුද්ගලයන් බවට පත් කරලීමේ හැකියාව
භාග්‍යවතුන් වහන්සේ හැර මේ තුන් ලෝකයේ කිසිදු ශාස්තෘවරයෙකු සතුව නැත.
භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙන විවිධාකාර පුද්ගලයන්ට ධර්මය අවබෝධ
කරවීමට හා මානසික පීඩාවලින් මුදවා ගැනීමට සත්‍යමාර්ගය පෙන්වීමට විවිධ
ක්‍රම රාශියක් උපයෝගී කරගෙන ඇති බව ත්‍රිපිටකය අධ්‍යයනයේදි සොයා ගත
හැකිය. අවබෝධය නමැති උසස් ස්ථානයට ළඟාවීම සඳහා අනුගමනය කරන විවිධ මාර්ග
ඉගැන්වීමේ ශිල්ප ක්‍රම ලෙස හැඳින්වේ. ඉගැන්වීම පහසු ක්‍රියාවලියක්
නොවේ. විවිධ ශිල්ප ක්‍රම භාවිතා කිරීමට භාග්‍යවතුන් වහන්සේටද
සිදුවීමෙන් එහි ඇති සංකීර්ණ බව පැහැදිලිවේ. දේශනා ක්‍රමය, සාකච්ඡා
ක්‍රමය, පියවර ක්‍රමය, ප්‍රායෝගික ක්‍රමය යන ශිල්පිය ක්‍රම අතර උපමා
රූපක භාවිතයද ප්‍රසිද්ධ මෙන්ම අසන්නාට පහසුවෙන් ග්‍රහණය කරගත හැකි
ක්‍රමවේදයකි. ඉදිරිපත් කරන යම් ගැඹුරු දහම් කරුණු පැහැදිලි කිරීම සඳහා
සිත්ගන්නා සුළු උපමා රූපක භාවිතා කිරීමට භාග්‍යවතුන් වහන්සේ පසුබට නොවු
අතර අවබෝධය සඳහා මෙම ශිල්පීය ක්‍රමය යොදාගත් වෙනත් ආචාර්යවරයෙකු
ඉතිහාසයේ නොමැති තරම්ය. හුදෙක් ශ්‍රාවකයනට ධර්මය අවබෝධ කරගැනීම පහසු
කිරිම උදසො උපමා භාවිතා කරමින් භික්ෂූවක් උතුම් වූ අරහත්වය සාක්ෂාත්
කරගැනීම උදෙසා යාමේ’ පියවර ඉතාම රසවත්ව දේශිත සූත්‍රයකි. සූත්‍ර පිටකයේ
මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයට අයත් වම්මික සූත්‍රය.
එක් කලෙක භාග්‍යවතුන් වනහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු
සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් කුමාර
කාශ්‍යප තෙරණුවෝ අන්ධ වනයේ වාසය කරති. එකල එක්තරා දෙවියෙක් මධ්‍යම
රාත්‍රියේ විශිෂ්ට වර්ණ ඇත්තේ අන්ධවනය ආලෝකමත් කර කුමාර කාශ්‍යප තෙරුන්
කරා එළඹ මෙය සැල කළේය. ”භික්ෂු භික්ඛු අයං වම්මිකො රත්තිං ධූපායති.
දිවා පජ්ජලති. බ්‍රාහ්මණො එවමාහ” අභික්ඛණ සුමෙධ සතථ ආදායාති
අභික්ඛමන්තෝ සුමෙධා සතථං ආදාය අද්දස
.............................................................
අභික්ඛමනන්තෝ සුමෙධො සතථං ආදාය අද්දස නාගං ‘නාගො භදන්තෙ’ ති.
බ්‍රාහ්මණො එවමාහ “තිට්ඨතු භාගො , මා නාගං ඝට්ටේසි නමො කරොහි නාගස්සා
‘ති””
“මහණ , මහණ,මේ තුඹස රාත්‍රියේදි දුම් දමයි. දවල් දිලෙයි. බමුණෙක් මෙසේ
කියයි. “සුමේධය, ශාස්ත්‍රය, ගෙනසාරව“ සුමේධ තෙමේ ශාස්ත්‍රය ගෙන සාරන්නේ
හිදි අගුලක් දුටුවේය. වහන්ස හිදි අගුගෙලකියි හේ කීය. බමුණා මෙසේ කියයි.
“හිදි අගුලා ඔසවා ලවා ශස්ත්‍රය ගෙන සාරව, සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙන
සාරන්ගේ මැඩියෙකු දුටුවේය. ඉන්පසු අනුපිළි වෙළින්,දෙමංහන්දියක්,
කරපෙරහනක්, ඉදිමුවකු, මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේය. තවත්
සාරමින් යන විට මස් වැදැල්ලක් , නාගයකු දුටුවේය. ‘වහන්ස, නාගයෙකි,
බමුණා මෙසේ කියයි. ‘නාගයා සිටීවා, නාගයා නොගටිව, නාගයාට නමස්කාර කරව“
“මහණ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ අසව, භාග්‍යවතුන් වහන්සේ
යම් ලෙසකින් තට ප්‍රකාශ කරන සේක්ද? එය එසේ දරව කියා දෙව්තෙම නොපෙනී
ගියේය. ඉක්බිති කුමාර කාශ්‍යප තෙරුන් ඒ රාත්‍රිය ඇවැමෙන් භාග්‍යවතුන්
වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක උන්හ.
දෙව්තෙම විසින් අසන ලද ප්‍රශ්න හා එම ප්‍රශ්න විසඳා ගැනීමට භාග්‍යවතුන්
වහන්සේ වෙත එළඹෙන ලෙස කියා දෙව්තෙම අතුරුදන් වූ බව පළ කළහ.
“වහන්ස , තුඹස කුමක්ද ? රෑ දුම් දැමීම කුමක්ද? බමුණා කවරෙක්ද ? සුමේධ
කවරෙක්ද ? ශස්ත්‍රය කුමක්ද ? සෑරීම කුමක්ද ? එහි අගුල කුමක්ද? මැඩියා
කවරෙක්ද? දෙමංසන්ධිය කුමක්ද? කර පෙරහන කුමක්ද? ඉදිබුවා කවරෙක්ද ? මස්
කැත්ත හා මස්ලොඹුව කුමක්ද ? මස් වැදැල්ල කුමක්ද ? නාගයා කවරෙක්ද ? මහණ
තුඹස යනු දෙමව්පියන් නිසා හටගත් බතින් හා කොමුයෙන් වැඩුණු අනිත්‍ය වූ
වැනසී’ම ස්වභාව කොට ඇති පඨවි,ආපී, තේජෝ ,වායෝ යන සතර මහා භූතයන්ගෙන්
හටගත් ශරීරයට නමකි. දවාලයෙහි කළ යුතු කර්මාන්තයන් අරභයා රාත්‍රියේ
කල්පනා කිරීම විමසා බැලීම රාත්‍රියට දුම් දැමීමයි. රාත්‍රියේ නැවත
කල්පනා කර නැවත සිත හසුරුවා දාවල්හි කයින්, වචනයෙන් සිතින් කර්මාන්තයන්
කරයිද මෙය දහවල් දිලීමයි. බමුණා යනු අරිහත් වූ සම්බුද්ධ තථාගතයන්
වහන්සේට නමකි. සුමේධ යනු ශෛක්ෂ වූ මහණ හට නමකි. ශස්ත්‍රය යනු ආර්ය
ප්‍රඥාවට නමකි. සැරීම යනු විර්යාරම්භයට නමකි. හිදි අගුල යනු අවිද්‍යාවට
නමකි. එනම් අනිත්‍ය, දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ නොදැනීමයි.
හිදිඅගුල උදුරාලව යනු අවිද්‍යාව දුරු කරව යනුයි. මැඩියා යනු බලවත්
ක්‍රෝධයෝ සංකේතයයි. මැඩියා ඔසවාලව යනු බලවත් ක්‍රෝධය දුරු කරව යනුයි.
නව විධ ආඝාත වස්තු විෂයෙහි උපදින ක්‍රෝධය තරහව, ද්වේශය,වෛරය යන විවිධ
නම් වලින් හඳුන්වයි. ක්‍රෝධය දුුරු කර ගැනීමට මෛත්‍රි සිත කරුණාව
දියණු කළ යුතුය.
දෙමං සන්ධිය යනු විචිකිච්ඡාවට නමකි. එනම් සැකයයි. සැකය අවස්ථා අටකදි
සිත තුළ ඇතිවන නීවරණ ධර්මයකි. එනම්
1.බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කිරීම 2.සද්ධර්මය කෙරෙහි සැක කිරීම
3.ආර්ය මහා සංඝරත්නය කෙරේ සැක කිරීම 4. ත්‍රි ශික්ෂාව කෙරේ සැක කිරීමය
5.පෙර භවය පිළිබඳව සැක කිරීමය 6. අනාගත භවය පිළිබඳ සැක කිරීම 7. අතීත
අනාගත භව දෙක පිළිබඳව සැක කිරීමය 8. පටිච්ච සමුප්පාද ධර්මය ගැන සැක
කිරීමය දෙමංසන්ධිය ඔසවාලව යනු මෙම බුද්ධාදී අටතැන්හි සැකය දුරු කිරීමය.
ඉන් පසු හමුවන “කරපෙරහන” යනු කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ, නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය යන පංච
නීවරණයට නමකි. කර පෙරහන ඔසවාලව යනු පඤ්ච නීවරණයන් දුරු කරව“යනුයි.
සුමේධය ශස්ත්‍රය ගෙන සාරව යනු හික්මෙන මහණ ආර්ය ප්‍රඥාව ගෙන වීර්යාරම්භ
කරව යනුයි. ධ්‍යාන ආදි කුසල ධර්මයන් හා නිවන අරමුණු කරන්නට ඉඩ නොදී
මුවා කරන හෙවත් නිවන් මඟ වසාලන යන අර්ථයෙන් නීවරණ නම් වෙයි. නීවරණ
ධර්මයන් දුරු නොකර ධ්‍යාන ආදි ධර්මයන් ළඟාකරගත නොහැකිය.
මහණ,ඉදිබුවා යනු රූප උපාදාකස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා
උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන
උපාදානස්කන්ධ පහට නමකි. ඉදිබුවා ඔසවාලව යනු පංච උපාදාකස්කන්ධයන් දුරලව“
යනුයි. උපාදාන යනු දැඩිකොට අල්ලා ගැනීමය. මෙම ස්කන්ධ පංචකය අස්ථීර වූ
වෙනස්වන සුළු වූ ශක්ති විශේෂයකි. මෙහි අස්ථීර බව ප්‍රකට කරනු වස්
භාග්‍යවතුන් වහන්සේ උපමා 05 ක් දක්වා ඇත. “රූපස්කන්ධය පෙණ පිඩුවක්
වැනිය. නිරසුය. වේදනාස්කන්ධය දිය බුබුලක් වැනිය. බිඳෙන සුළුය.
සඤ්ඤාස්කන්ධය මිරිඟුවක් වැනිය. රවටන සුළු ය. සංඛාරස්කන්ධය කෙසෙල් කඳක්
වැනිය. අරටුවක් නැති නිසාය. විඤ්ඤානස්කන්ධය මායාවක් වැනිය. ඇතිදේ ඇති
සැටියෙන් දක්වන නිසාය”
පෙණ පිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලුපමා
මරිචිකූපමා සඤ්ඤා සංඛාරා ක දලූපාම – මායුපමංච විඤ්ඤාණං දීපිකා දීචච
බන්ධුනා
(සංයුත්ත නිකාය)
මහණ, මස්කැත්ත හා මස්ලොඹුව යනු ඇසින් දත යුතු වූ ඉෂ්ඨ කාන්ත, පි‍්‍රය
මනාප කාමනිශි‍්‍රත වූ ඇලීමට කරුණු වූ රූප ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ, යහපත්
කමනීය මන වඩන, පි‍්‍රය ස්වරූප වූ කාමය උපදවන සිත් අලවන ස්පර්ශය යන
පංචකාම ගුණයන්ට නමකි. “මස් කැත්ත හා මස් ලොඹුව ඔසවාලව“ යනු පංචකාම
ගුණයන් දුරු කරව යනුයි. විශාල වූ පස්කන්දකට යටවී විනාශ වීමට වඩා ආයතන
හය ඔස්සේ ලබාගන්නා බාහිර අරමුණුවලට වසඟව ජීවත්වීම සසර ගමන් කිරීම බිය
සහිතය.මෙම අභ්‍යන්තර ආයතනවලින් ගන්නා බාහිර අරමුණු ඔස්සේ තණ්හා, දිට්ඨි
මාන වශයෙන් පුද්ගලයා ඇතිකර ගන්නා ඇලීම මත සසරට බැඳ තබයි. මෙම අභ්‍යන්තර
ආයතනත් බාහිර අරමුණුත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැක ඇලීම ගැටීම
දුරු කර නිවනට යොමු විය යුතු බව මෙයින් පැහැදිලි වේ.
මස් වැදැල්ල යනු නන්දිරාගයට නමකි. මස්වැදැල්ල ඔසවාලව යනු නන්දිරාගය
දුරු කරව යනුයි. පුනර්භවය ඇතිකරන්නේ තණ්හාවයි. තණ්හාව නන්දිරාගය හා
එක්වෙයි. ඒ ඒ භවයෙහි ඇලෙයි. එහෙයින් නිවන් දකින රිසි පැවිද්ද මෙම
නන්දිගරාගය දුරුකළ යුතුය.
“මහණ නාගාය යනු ක්ෂීණාස්‍රව මහණහට නමකි. රහතන් වහන්සේට නමස්කාර කරව
යනුවෙන් සඳහන් වේ. රහතන් වහන්සේ යනු භවගාමී සියලු රාග, ද්වේශ,මෝහ
දුරුකළ නැවත සසරේ ඉපදීම ක්ෂය කළ උතුමන් වහන්සේ නමකි. පහන් සිල නිවුන
පසු දැල්ල යන දිශාවක් සොයාගත නොහැකිවාක් මෙන් රහතන් වහන්සේද ගිය
දිශාවක් සොයාගත නොහැකිය.මේ කරුණු විග්‍රහ කිරීමෙන් අනතුරුව සතුටු වූ
ආයුෂ්මත් කුමාර කාශ්‍යප තෙරණුවන් භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට සතුටු
විය. |