Print this Article


බුදු දහමයි ගිහි දිවියයි 03 සද්ධර්ම මාර්ගය

බුදු දහමයි ගිහි දිවියයි 03

සද්ධර්ම මාර්ගය

සම්‍යක්දෘෂ්ටිකත්වය යනුවෙන් මෙහි දක්වා ඇත්තේ පුද්ගලයකු තමාගේ පැවැත්ම පිළිබඳවත් සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත් ක්‍රියාත්මක නියාමය හොඳ හැටි හා පැහැදිලිව දැකීමෙන් ඒ තැනැත්තා තුළ ඇතිවන මානසික පරිවර්තනයයි. මෙය සිදුවනුයේ සද්ධර්මය අසා ධර්මය ප්‍රත්‍යක්ෂණය කිරීමෙනි. “ධම්මං සුත්වා සද්ධං පටිලභති” යනුවෙන් දක්වා ඇති පරිදි ධර්මය අසා ශ්‍රද්ධාවට පත්වීම සම්‍යක් දෘෂ්ටිය ලෙස හැඳින්විය හැකිය. මේ දැක්මට පැමිණි පසු පුද්ගලයා තමන්ට පැමිණෙන ජීවන හෝ ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව ප්‍රතිචාර දක්වයි. තමන් අරමුණු කරගත් ජීවිතයට මේ පරිවර්තනය ඉතා වැදගත්ය

පෙර කී ජීවන ස්වරූපය එක්වර ම බැහැර කිරීමට බුදුරදුන් ප්‍රකාශ කර නැත. එවැන්නක් අපේක්ෂා කිරීම පුද්ගල ජීවිතය හා ප්‍රායෝගික ද නොවේ. බුදුරදුන් සද්ධර්ම මාර්ගය හඳුන්වාදෙන්නේ මනුෂ්‍යයාගේ මනෝවිද්‍යාත්මක ස්වභාවයන් හැඳින එයට යෝග්‍ය ලෙසය. සද්ධර්ම මාර්ගය හඳුන්වා දීමේ දී ගෘහස්ථ ජීවිතය සම්බන්ධකොට දේශනා කර ඇති සූත්‍ර විශාල සංඛ්‍යාවක් ඇත. මුලින් සඳහන් කළ පරිදි මිගසාලා සූත්‍රයේ එන වැදගත් කරුණක් මෙහිදී සලකා බැලීම වැදගත් වේ.

බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ “පුරාණ” නමැති අයද අබ්‍රහ්මචාරීව කාමභෝගීව ස්වදාරසන්තෘෂ්ටියෙන් සිටි “ඉසිදත්ත” නමැති අයද සම්බන්ධයෙන් සකෘදාගාමි බව සමාන ධර්මයක් ලෙස බුදුරදුන් වදාළහ. මේ සඳහා උන්වහන්සේ කරුණු සතරක් දක්වති.

ස්වනේනපි කතං – සද්ධර්මය අසා තිබීම
බහුසච්චේනපි කතං – සද්ධර්මය බොහෝ කොට අසා දැන තිබීම
දිට්ඨියා ච සුප්පථිවිද්ධං – දෘෂ්ටිය පැහැදිලි කරගෙන සිටීම, එනම්, සම්‍යක්දෘෂ්ටික භාවයෙහි ස්ථිරව පිහිටා තිබීම
සාමයික විමුත්තිං ලබති – වරින්වර සද්ධර්මය ශ්‍රවණය මඟින් සද්ධර්ම මනසිකාරයෙන් පී‍්‍රති ප්‍රමෝදයට පත්වීමි.

මෙම ගුණ සතර තිබේනම් බඹසර නොවසන ගෘහස්ථයාට ආය¸ ශ්‍රාවකභාවය තිබේ. සම්‍යක්දෘෂ්ටිකත්වය යනුවෙන් මෙහි දක්වා ඇත්තේ පුද්ගලයකු තමාගේ පැවැත්ම පිළිබඳවත් සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳවත් ක්‍රියාත්මක නියාමය හොඳ හැටි හා පැහැදිලිව දැකීමෙන් ඒ තැනැත්තා තුළ ඇතිවන මානසික පරිවර්තනයයි. මෙය සිදුවනුයේ සද්ධර්මය අසා ධර්මය ප්‍රත්‍යක්ෂණය කිරීමෙනි. “ධම්මං සුත්වා සද්ධං පටිලභති” යනුවෙන් දක්වා ඇති පරිදි ධර්මය අසා ශ්‍රද්ධාවට පත්වීම සම්‍යක්දෘෂ්ටිය ලෙස හැඳින්විය හැකිය. මේ දැක්මට පැමිණි පසු පුද්ගලයා තමන්ට පැමිණෙන ජීවන හෝ ආධ්‍යාත්මික අභියෝගවලදී නිවැරදිව ප්‍රතිචාර දක්වයි. තමන් අරමුණු කරගත් ජීවිතයට මේ පරිවර්තනය ඉතා වැදගත්ය.

මිනිසා සමාජය විවිධ සම්බන්ධතාවන්ගෙන් බැඳී පවත්නා බව ප්‍රකට කරුණකි. සමාජයෙහි කුඩාම ඒකකය පවුලය. ප්‍රජාව තෘප්තිමත් දිවි පෙවතට යොමුවන්නේ යහපත් සමාජ සම්බන්ධතා පවත්නා කල්හිය. ප්‍රාථමික ගෝත්‍රික සමාජවල සිටි සංවර්ධිත විදග්ධ සමාජය දක්වා වනු සමාජවල විවිධ සම්බන්ධතා ගොඩනැගී ඇත්තේ එකී සම්බන්ධතාවයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වූ විටය. මේ ඉගැන්වීම යහපත් සමාජයක් ගොඩනැඟීමට අත්‍යන්තයෙන් උපකාරි වෙයි.

සිඟාලෝවාද සූත්‍රය මුළුමනින් ම සමාජ සම්බන්ධතා සමූහයක් ඉතා ව්‍යක්ත ලෙස නිර්දේශ කරයි. එය දේශ කාල භේදයකින් තොරව ආගමික සම්බන්ධයකින් තොරව වුව ප්‍රගුණ කළ යුතු ඉගැන්වීම් පද්ධතියකි. එහි අඹුසැමි සම්බන්ධතාවය විස්තර කරනුයේ මෙපරිද්දෙනි. ස්වාමි පුරුෂයා තම භාර්යාවට පහත කරුණුවලින් සංග්‍රහ කළ යුතුය. ඒවානම්,

ස්වාමි පුරුෂයා භාර්යාවට ගෞරවාන්විතව කථා කරයි

නිග්‍රහ නොකරයි
පරස්ත්‍රීන් වෙත නොයයි
ගෙහි ස්වාධීනත්වය පවරා දෙයි
ආභරණාදිය ලබාදෙයි.

සිය සැමියාගෙන් ඉහත සඳහන් පරිදි සැලකිලි ලත් කාන්තාව ඉතාමත් සන්තෝෂයෙන් කටයුතු කරයි. සිය නිවෙසේ සියලු කටයුතු සොයා බලා නිසි වේලාවට අනුව නිසි පරිදි සිදු කරන්නීය. සේවක සේවිකාවන්ට කාරුණිකව සලකන්නීය. පරපුරුෂ සේවනය නොකරන්නී ය. ධනය ආරක්ෂා කරන්නීය. නිවසේ සියලු වැඩ කටයුතු දක්ෂව හා අනලස්ව සිදු කිරීමට උත්සුක වෙයි. මෙලෙස පී‍්‍රතිමත් යුග දිවියක කොටස්කාරියක වන කාන්තාව තෘප්තිමත් වූත් ප්‍රභාවත් වූත් දිවියක හිමිකාරිය වෙයි. එවැනි පි‍්‍රයංකර භාර්යාව මතු දැක්වෙන සේ ඇයගේ දෛනික ක්‍රියාවලිය සකසා ගනියි.

1.අභ්‍යන්තර හා බාහිර පිරිසුදුකම රැකගනියි
2.කෑමෙහි කෑදර නොවෙයි
3.පමණය කථාකරනු මිස දොඩමළු නොවෙයි
4.නිරතුරුව වැඩදායි කටයුතුවල යෙදෙයි
5. ගුණදහමින් පෝෂිතව වාසය කරයි.
6. දුටුවන්ට පි‍්‍රයමනාපව වාසය කරයි.
7.රෞද්‍ර පෙනුමින් මිදී මුදු මොලොක් ස්වභාවයක් දරයි
8.අනුන් හා අඬදබර නොකරයි
9.තමන් නොපිළිගත් නුසුදුසු ස්ථානයන්ට නොයයි
10. සුදුසු තැන්වලට ද නුසුදුස්සන් සමඟ නොයයි
11.ලද දෙයින් සතුටු වෙයි
12. අමුතු දේ නොපතයි

සිඟාලෝවාද සූත්‍රයෙහි යුග දිවිය හා අදාළ කරුණු රැසක් සඳහන්ව ඇත. පෙර සඳහන් කළ පරිදි ස්වාමියා බිරිඳටත් බිරිඳ ස්වාමියාටත් ඉටු කළ යුතු වගකීම් සහ යුතුකම් මැනවින් හදුනාගෙන කටයුතු කරන්නේ වී නම් පවුල් ජීවිතය අවුල් නොවනු ඇත. මෙහි දැක්වෙන අනතිචාරි බව සම්බන්ධව කරුණු කිහිපයක් සඳහන් කිරීම ඉතා වැදගත්ය.

මන්ද යත්” පවුල් ජීවිත අවුල් කරන ඉතා බරපතළ ප්‍රශ්නයක් වශයෙන් මෙය සමාජයේ පවතින නිසාවෙනි. මෙහි දී පැහැදිලි කරගත යුතු කරුණු වන්නේ ලිංගික ක්‍රියාවලිය සම්බන්ධවය.

ලිංගික චර්යාව ජීවන අවශ්‍යතාවයකි. එය බුදුසමය පිළිගනියි. අපචාරමය ලිංගික චර්යාවට බුදුසමය විරුද්ධය. පේ‍්‍රමණීය සිතිවිලිවලින් යුතු අඹු සැමි සබඳතා පවත්වා ප්‍රජාව වර්ධනය කිරීමද බුදුසමය අවධාරණය කරයි. කාමයෙහි වැරැදි ලෙස හැසිරීමට ගිය කල සමාජයෙහි යහ පැවැත්ම මුළුමනින්ම බිද වැටෙයි. පුද්ගලයාද පවුලද, සමාජය ද පිරිහෙයි. වර්තමානයේ භයානකව පැතිර යන ඒඩ්ස් රෝගය පිළිබඳව සලකන කල මෙහි ආදීනව තේරුම් ගැනීම අසීරු නොවෙයි.

සමාජ පිරිහීම පිළිබඳව බුදුරදුන් දේශනා කළ සෑම සූත්‍රයකම පොදු වචනයකි. “අඩම්මරාග“ යන වචනය. ලෝක සම්මත සදාචාර පැවැත්මෙන් පිට පැන මිනිසුන්ගේ නොහික්මුණු අභිප්‍රායන් ක්‍රියාත්මක වීම ආඩම්බරයයි. විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් වැඩි වීමෙන් මෙය උග්‍රවෙයි. අප රට වැනි දුප්පත් රටවල ආධම්මරාගය පිරිමසා ගැනීමට සංචාරයේ නාමයෙන් පැමිණෙන අයද වැඩි වී තිබේ. ඒ නිසා සිදුවන සදාචාරාත්මක හානියත්, සමාජ රෝග ව්‍යාප්තියත්, විසඳීමට අපහසු අර්බුදයක් වී තිබේ. එය මානව වර්ගයාගේ පැවැත්මට අභියෝගයකි. න්‍යෂ්ටික යුද්ධයත්,මේ මෛථූන දුරාචාරයත් එක හා සමාන ව්‍යසනයෝය. වෙනසකට ඇත්තේ මිය යන ක්‍රමයේ වෙනස පමණි.


බුදු දහමයි ගිහි දිවියයි –02 සදහම් මඟ පුද්ගල ජීවිතයට සම්බන්ධ වන්නේ කුමන අයුරකින්ද ?