කොළඹ නවම් මහා පෙරහර අසිරිය
ආචාර්ය
කිරින්දේ අස්සජි හිමි
අපේ රටේ භාෂා සාහිත්‍යයට අනූපමේය මහා මෙහෙවරක් ඉටු කරමින් යුග පුරුෂයකු
ලෙස පහළ වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ බෝධිසත්ව
ගුණෝපේත පණ්ඩිත ශිරෝමණී හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාව පවතින විහාරස්ථානයකි කොළඹ
හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්
හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් ගංගාරාම
පින්බිමෙහි රෝපණය කරන ලදී. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය දෙවුන්දර
ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවෝ කුඩා ආවාසයක් ලෙස ගංගාරම විහාරස්ථානය
බේරේ වැවට මායිම්ව අරඹා එහිදී ශාසනික කටයුතු සිදු කර තිබේ. මේ වන විට
කොළඹ නගරය වෙනස්කම් රැසකට භාජනය වී තිබෙන අතර ඒ සුවිශාල වැව හාත්පස ගොඩ
වී මංමාවත් ඉදි වී තිබේ.
කොළඹ නගරයට අලංකාරයක් ගෙනදීම සඳහා ගංගාරාම විහාරස්ථානය යුගයේ
අවශ්‍යතාවය අනුව නවීකරණය වී ශ්‍රී ලාංකේය ජනතාවගේ ආගමික කටයුතු හා
ශාසනික කටයුතු ජාතික මෙහෙවර හා සංස්කෘතික කාර්යයන් ඉටු කරනු ලබන මහා
ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩනැඟී තිබේ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානු
ශිෂ්‍ය පරම්පරාවේ තවත් සුවිශේෂිත වූ යතීන්ද්‍රයන් වහන්සේ නමකි ගල්බොඩ
ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මෙරට කවුරුත් උන්වහන්සේ
හඳුන්වනු ලබන්නේ “පොඩි හාමුදුරුවෝ” නමින්. “පොඩි හාමුදුරුවෝ” නමින් එසේ
උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු දහසයේ දී
උන්වහන්සේගේ නායක හාමුදුරුවන් වහන්සේගේ දෑස් නොපෙනීම මත විහාරස්ථානයේ
පරිපාලනය උන්වහන්සේගේ දෙවුරට පැමිණීම නිසයි. ඒ පැවරෙන මහා භාරදූර
කාර්යය උන්වහන්සේ ඉතාමත් දක්ෂ අයුරෙන් ඉටු කර තිබේ. වර්තමානයේ ගංගාරාම
විහාරස්ථානයේ යම්කිසි දියුණුවක්, සංවර්ධනයක්, අභිවෘද්ධියක් තිබේ නම් ඒ
උන්වහන්සේගේ ශක්තියේ, කැපවීමේ වික්‍රමය හෙවත් ප්‍රතිඵලයයි.
ගංගාරාම විහාරස්ථානය මූලික කරගෙන කොළඹ නගරයේ පවත්වන ලද පෙරහරක් අතීතයේ
දී ද පැවැති අතර එය ඇසළ පෙරහර නමින් හඳුන්වා තිබේ. ඒ පෙරහරත් අලි ඇතුන්
සම්බන්ධ කර තිබුණේ පණ නැති කෘත්‍රීමව සකස් කරන ලද අලි ඇතුන් ලෙසයි. ලී
වලින් නිර්මාණය කර ඇඳුම් පළඳවා රෝද උඩ සවි කරන ලද අලි ඇතුන් එදා ඒ අතීත
පෙරහරේ ගමන් කරවා තිබූ අතර එසේ ඇරැඹුණු පෙරහර කාලයාගේ ඇවෑමෙන් රටේ ඇති
වූ ආර්ථික දේශපාලන හා සාමාජික ගැටලු හමුවේ අතර මඟ නතර වී ගියේ ය.
අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර ආරම්භ වන්නේ 1978 දී ශ්‍රීමත්
ආර්. ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වය ඇතිවය. කොළඹ නගරයේ
පෙරහරක් නොතිබූ යුගයක, රටේ වෙනත් පෙරහරක් නොපැවැති මාසයක මෙම පෙරහර
පැවැත්වේ. නවම් මාසය යනු අපේ රටට සංචාරකයන් බහුලව ඇදී එන කාලයක් නොවේ.
එසේ වුවත් කොළඹ නවම් පෙරහර නැරඹීම සඳහා මේ වන විට සංචාරකයන් අපේ රටට
පැමිණෙනු ලැබේ.
සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණු
ඓතිහාසික ආගමික දිනයයි නවම්පුර පසළොස්වක දිනය. ප්‍රථම සංඝ සන්නිපාතය
සිදුවූ දිනය ද වන මෙම නවම් පුර පසළොස්වක පොහොය ඒ ඓතිහාසික ශාසනික
වැදගත්කම ලොවට කියාපාමින් තුනුරුවන් වෙත පිදෙන පූජෝපහාරයක් ලෙස නවම්
මහා පෙරහර වීදි සංචාරය කිරීම සුවිශේෂී වෙයි. පෙරහරක් තුළ දක්නට ලැබෙන
සියලු අංගෝපාංග මෙම නවම් මහා පෙරහර තුළ අන්තර්ගතය. මේ රටේ පැවැත්වෙන
කිසිදු පෙරහරකට නොදෙවැනි ආකාරයට පෙරහර සංවිධානය කර වීදි සංචාරය කිරීමට
කටයුතු සලසා තිබේ. අපේ රටට පැමිණෙන විදේශිකයකු වෙත පැය තුනක තරම් කෙටි
කාලයක් තුළ අපේ රටේ සංස්කෘතිය පිළිබඳ එක් ස්ථානයක සිට නැරඹීමට නවම් මහා
පෙරහර අවස්ථාව සලසා දී ඇත.
නවම් මහා පෙරහර ඉතා උසස් අයුරෙන් ඉෂ්ඨ සිද්ධ කරනු ලබන්නකි. එක් වසරක
ඇත්තු 27 ක් ඇතුළත්ව අලි ඇතුන් 169 ක් කොළඹ නවම් පෙරහරම සම්බන්ධ වූ
ආකාරය අපගේ මතකයට නැඟෙයි. මා කල්පනා කරනුයේ එය නවම් පෙරහර තබන ලද එක්
වාර්තාගත අවස්ථාවකි. එය අනාගතයේ දී වෙනස් කළ නොහැකි අවස්ථාවක් විය හැකි
ය. ඊට හේතුව නම් හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව අඩු වී ගෙන යන බැවිනි.
එවගේම නවම් මහා පෙරහරේ දී බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සධාතුක කරඬුව හා
පිළිම වහන්සේ ලඳ ධර්ම රත්නය වෙනුවෙන් ධර්ම පුස්තක, ධර්ම සජ්ඣායනා
කරමින් වැඩම කරවන ස්වාමීන් වහන්සේලා සහ ඊට අමතරව මහා සංඝරත්නය යන
තුනුරුවන්ම වැඩමවන නියෝජනය වන පෙරහරකි.
පෙරහර වෙනුවෙන් ඔබ යම් ආධාරයක් කරනවාද? ඒ මුදල මේ නවම් මහා පෙරහරේ
සංස්කෘතිකාංග ඉදිරිපත් කරන නර්තන ශිල්පීන්ගේ සංවර්ධනය වෙනුවෙන් වැය
කෙරේ. පෙරහරේ ගමන් කරන කසකරුවෙක් හෝ අලි ගොව්වන් ආදී ශිල්පීන් එමඟින්
සංවර්ධනය කරනු ලැබේ. මේ පෙරහරට වැය වන මුදල පෙරහර නරඹන අය අතර බෙදී
ගියහොත් ඔබෙන් වැය වනුයේ රුපියල් පහක් වැනි සුළු මුදලක්. විශාල මුදලක්
ඒකාරාශී කර අහිංසක කලාකරුවන් නඟා සිටුවීමට කරනු ලබන කාර්ය භාරය ඉතා
සුවිශාලයි. වෙස් නැටුම, හේවිසි වාදනය ආදී සාමාන්‍ය පින්කමකදී වුවද
නැරඹිය හැකියි. එහෙත් බොරු කකුල්කරුවන් ආදී බොහෝ සංස්කෘතිකාංග නැරඹිය
හැකිවන්නේ මෙවන් පෙරහරකින් පමණයි. එසේ නොවුවහොත් එවැනි නර්තන
සම්ප්‍රදායන් අපේ සමාජයෙන් ගිලිහීයාමට ඉඩ තිබේ. ඒ නිසා අපේ ම
අනන්‍යතාවය ඉස්මතුවන උඩරට, පහතරට, සබරගමු ආදී විවිධ නර්තන
සම්ප්‍රදායයන් රට තුළ දක්නට ලැබීම අපේ රටේ කලාව, අපේ රටේ සංස්කෘතිය
ආරක්ෂා කර ගැනීමට ලබාදෙන ශක්තියක් වනු ඇත.
ගමේ පන්සලේ සංවිධාන ශක්තිය ඉස්මතු කර දක්වන ස්ථානයකි පෙරහර. ගංගාරාම
විහාරස්ථානයේ නවම් පෙරහර යනු විහාරස්ථ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ
තරුණ දරුවන්ගේ ද ශක්තිය විදහා දක්වන අවස්ථාවකි. ජිනරතන කාර්මික
විද්‍යාලයේ දරුවන් මෙම පෙරහරේ සියලු කාර්යයන් සිදු කරනු ලැබේ. ජාති,
ආගම් භේදයෙන් තොරව සියලු ජාතීන්වලට අයත් විවිධ ආගමි අදහන දරුවන් කොඩි
සේසත් රැගෙන නවම් පෙරහරේ දෙදින පුරා ගමන් කරනු ලැබේ. කොළඹ ජීවත්වන බොහෝ
දෙනා ජාති ආගම් භේදයෙන් තොරව මෙම පෙරහරේ කොටස් කරුවන් වී තිබේ. මේ
ප්‍රදේශයේ ඉස්ලාම් භක්තිකයන් තම පල්ලියට ඒකරාශී වී මෙම පෙරහර වෙනුවෙන්
දැක්විය හැකි සහයෝගය සාකච්ඡා කර නර්තන ශිල්පීන් වෙනුවෙන් ආහාරපානාදිය
ලබාදීම් සිදු කරනු ලැබේ. කොළඹ නවම් මහා පෙරහර මඟින් ජාතික සමගියත්,
ආගමික සහජීවනයත් වර්ධනය වේ. එය ඉතා සුවිශේෂී ක්‍රියාවක් ලෙස අගය කළ
යුතුව ඇත. දශක ගණනාවක යුද්ධයක් පැවැති රටක ඒ යුද්ධය නිමාවී ජාතීන් අතර
පැවැතිය යුතු අන්‍යෝන්‍ය සුහදතාවය, සහජීවනය, බැඳීම මෙම පෙරහරක් තුළින්
එය ලොවට කියාපාන්නේ නම් එය අතිශයින් අගය කළ යුතු ය. එවැනි සංස්කෘතික
අංග අප ආරක්ෂා කළයුතු අතර අද දවසේ අප වෙත පැවරී ඇති කාර්ය භාරයද එය වේ.
මෙවන් පෙරහරක් සිදු කරන විට අපේ ඉතිහාසය සමඟ බද්ධ වී ආපු පෙරහර
සංස්කෘතිය ඇතැම් විට සමහර වෙලාවට අභියෝගයන්ට මුහුණ දෙන අවස්ථා තිබේ.
පෙරහරට වැඩමවන සධාතුක කරඬුව වැඩම වීමට සුවිශේෂී හස්තියෙකු ගෙන්වා ඇඳුම්
වලින් සරසා ඒ ඇතා පිට කරඬුව තැන්පත් කර පෙරහරේ ගමන් කරවපු ආකාරය
විදේශීය ආක්‍රමණවලට යටත්ව තිබූ කාලයේ දී පවා ඒ අය මෙය ඉස්මතු කර පෙන්වන
ලදී.
වර්තමානයේ අලි ඇතුන් පෙරහරට සම්බන්ධ කර ගැනීම ඇතැම් රාජ්‍ය නොවන
සංවිධාන විශේෂයෙන් පරහිතකාමී සහ සත්ව හිංසනයට එරෙහිව ගොඩනැඟී තිබෙන
සංවිධාන ඇතැම් විට පන්සලක අලියෙක් තබා ගැනීම පවා දෝෂ දර්ශනයට ලක්කර
තිබේ. සබ්බේ සත්ථා භවන්තු සුඛිතත් බුදු දහමේ උගන්වනු ලබන සියලු
සත්ත්වයෝ සුවපත් වේවා මනුෂ්‍යයා පමණක් නොව සතා සිව්පාවා පමණක් නොව ගහ
කොළට පවා සුවය පතන දහමකි බුදු දහම. උපසම්පදා භික්ෂුවට ගහක අතු කැඩීම
පවා තහනම් කරන ලද විනය නීති පනවා තිබේ. ඒ නිසා පන්සලක ඇති කරන සතෙකු
හුදෙක් ආගමික කටයුත්තකට සම්බන්ධ කර ගන්නවා හැර වෙනත් බාහිර වැඩ කටයුතු
සඳහා යොදවා ගනු නොලැබේ. බුදුදහමත්, හින්දු දහමත් අවිහිංසාව පදනම් කරගත්
දහමකි. ඒ නිසා සතා සිව්පාවාට පවා කාරුණිකයි. හින්දු හෝ බෞද්ධ උත්සවවලදී
අලියා හෝ ගවයා විය හැකියි. ප්‍රයෝජනයට ගන්නා විට ඊට හඬක් නැඟෙන්නේ ඊට
ප්‍රතිවිරුද්ධ අදහස් ඇති ඇත්තන් තුළය . අපේ හාස්‍යයට කරුණක්. ඒ අය එය
කියන්නේ සතෙකු මෙසේ තබන්නට එපා. ගෙන ගොස් කැලයට මුදාහළ යුතු බව සඳහන්
කරයි. අලියා පමණක්ද? එසේ සතෙකු ලෙස සලකනු ලබන්නේ එසේ නම් සුනඛයා, පූසා
ආදී සතකුවත් නිවසක හැදිය නොහැකියි. ටැංකියක ඇති කරන සුරතල් මසුන් ටික
පවා ගඟට හෝ මුහුදට හළ යුතු ය. අපේ රටේ සංස්කෘතිය පිළිබඳ මේ
ප්‍රතිවිරෝධතාවයක් පැමිණෙන්නෙ .එහිදී අප දැනගත යුතුයි. ඒ ප්‍රතිවිරෝධය
එන්නේ කෙසේද? අවසානයට පෙරහර සංස්කෘතියට යම් බලපෑමක් කරන බව පෙනේ. එවැනි
තත්ත්වයක් අප වැනි රටක ඇතිවිය යුතු ද? බුදුදහම හඳුන්වා දෙන විට වෙනත්
ආගම් මෙහි ස්ථාපිත වී නොතිබිණි. එවැනි ආගමක් පවතින රටක එය අභාග්‍ය
සම්පන්න දෙයක් ලෙස දකිනු ලැබේ. සංස්කෘතිය ඉදිරියට යා යුතු ය. අන්‍ය
ආගම්, සංස්කෘතින් සුහදව හා මිත්‍රශීලීව ගමන් කළ යුතු ය.
ගංගාරාම විහාරස්ථානය විශේෂයෙන් තරුණ පරම්පරාව වෙනුවෙන් සුවිශේෂි වූ
කාර්යභාරයක් ඉටු කළ විහාරස්ථානයකි. මේ රටේ සරසවියට දරුවකු ඇතුළු වන විට
ඒ දරුවා ඇතුළු මුළු පවුලම යම් උසස් තත්ත්වයකට පත්වීමේ පරිසරයක්
නිර්මාණය වන හැඟීමයි, මව්පියන් තුළ පවතින්නෙ. සරසවියට ගොස් අධ්‍යාපනයත්
ලබල, එතැනින් නික්ම තවත් වසරක් දෙකක් පාරේ ගත වී අවසානයේ දේශපාලකයන්
පසුපස ගොස් රැකියාවක් සොයා ගනු ලබන්නේ. ඒත් බොහෝ විට ගුරු පත්වීමකි.
එහෙත් අධ්‍යාපනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිසි ලෙස සමත්
නොවූ දරුවකු තුළ පවතිනුයේ මහා අනියත බියකි. එවැනි පිරිස් විවිධ
කණ්ඩායම්වලට නතු කර ගැනීමේ අවස්ථාව පවතී. දරුවකුට තම අනාගතය දෙස
සුබවාදීව බැලීමට දරුවා වෙත වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම කුසලතාවයන්ගෙන්
පිරි දක්ෂතාවයන් හෙබි දරුවන් මෙරටට නිර්මාණශීලී යමක් දායාද කිරීමට මේ
වන විට පාඨමාලා 52 කින් යුක්ත සිසුන් තුන් දහසකට අධික පිරිසක්
අධ්‍යාපනය, පුහුණුව ලබාදෙන ආයතනයකි ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයයි.
එම කාර්මික විද්‍යාලයෙන් පුහුණුව අවසන් කළ සිසු පිරිස ලක්ෂ ගණනකි.
ජපානය, කොරියාව, තායිවානය, හොංකොං ආදී විවිධ රටවල ඒ දරුවන් සේවයේ
යෙදෙමින් මෙරටට මුදල් එවනු ලැබේ. ලංකවේ බොහෝ පළාත්වල සංචාරය කළ විට ඒ
සිසුන් තමන්ගේම ව්‍යාපාරික ස්ථාන අරඹා කටයුතු කරන අයුරු සිහියට නැඟේ.
ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන විවිධ ප්‍රදේශවල මෙහි ශාඛා,
ප්‍රශාඛා බිහි කර තිබේ. කතරගම විශ්‍රාම ශාලාව තුන් දහසකට නොමිලයේ
නවාතැන් පහසුකම් සැපයිය හැකි ස්ථානයකි. ඉතින් එවන් ස්ථානයක් නොමිලයේ
පවත්වාගෙන යාම සුළුපටු කාර්යයක් නොවේ. වැඩිහිටි නිවාස, වීදි දරුවන්
වෙනුවෙන් නිවාස,ආබාධික දරුවන් වෙනුවෙන් නිවාස ආදිය වෙනුවෙන් සහ ඒ
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් ද එමෙන්ම ශාසනික වශයෙන්
කුඩා දරුවන් පැවිදි කර එම සාමණේරයන් වහන්සේලා වෙත ශිෂ්‍යත්ව ලබාදී
අධ්‍යාපනය ලබාදීම, ප්‍රාචීන භාෂා ශිෂ්‍යත්ව ලබා දෙමින් එම ස්වාමීන්
වහන්සේලාට පෙරදිග භාෂා ඉගැන්වීම පුහුණු කිරීම ලංකාවේ පිරිවෙන්වල
වැසිකිළි, කැසිකිළි ආදිය ඉදිකර ඒවා සංවර්ධනය කිරීම, භික්ෂූන් වහන්සේලාට
පිණ්ඩපාතයේ වැඩම කරවීමට පාත්‍ර නොතිබූ යුගයක මළ නොබැඳෙන පාත්‍ර
තායිලන්තයෙන් ගෙන්වා ගෙන පූජා කර කුළ දරුවෙක් පැවිදි කරලා අපේ රට ,ඒ
භික්ෂූන් වහන්සේ හරහා ආධ්‍යාත්මික සුවයක් ලබා දෙන්නත්, මානසික
සංවර්ධනයක් සඳහා විශාල පරිශ්‍රමයක් දරා තිබේ.
ජාතක පොත් වහන්සේ මුද්‍රණය කිරීම, රසවාහිනිය, වරනැගිල්ල සහ සාහිත්‍ය
පොත්පත් සහ මහ පිරිත් පොත ගංගාරාම විහාරස්ථානය මඟින් මුද්‍රණය කරවන
ලදී. දැනටත් සරල බසින් ජාතක පොත මුද්‍රණය කරමින් පවතී. ගංගාරාම
විහාරස්ථානයේ වැඩ සිටි දෙවුන්දර ජිනරතන නා හිමියන් පුස්කොළ, පොත්
ලිවීමට ප්‍රසිද්ධියක් ඉසිලූහ. උන්වහන්සේ එම පුස්කොළ පොත් ලියන කාර්යය
දුටු එංගලන්තයේ සිට පැමිණ ජේම්ස්පොලොක් 1990 දී පමණ මුද්‍රණාලයක් පූජා
කරන ලදී. එදා පටන් පොත පත මුද්‍රණය කරමින් භාෂා සාහිත්‍යයේ ප්‍රවර්ධනයට
ඉමහත් දායකත්වයක් ගංගාරාමයෙන් ලබා දි ඇත.
පෞරාණික දේ විකිණෙන කාලවකවානුවලදී මුදල් තිබූ නිසා නොව එසේ විකිණෙන
දේවල් කෙසේ හෝ ඒකරාශී කරන ලදී. අද ගංගාරාමය නරඹන ඕනෑම කෙනෙකුට පෙනී
යන්නේ මෙය මහා කෞතුකාගාරයක්ලෙසය. දිනකට දහස් ගණන් පාසල් සිසුන්,
විදේශිකයන් ගංගාරාමයට පැමිණේ. ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජික
වශයෙන් බලන කල ගංගාරාම විහාරස්ථානය ජාති ආගම්, කුල ආදී භේද නොසලකන
විහාරස්ථානයකි. ඒ වගේම දේශපාලන පක්ෂ පාටවලට මූලිකත්වය නොවූ
විහාරස්ථානයකි විලියම් ගොපල්ලව ආණ්ඩුකාරතුමා මෙම විහාරස්ථානයේ ප්‍රධාන
දායකත්වය දැරීය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විහාරස්ථානය ළඟින්
ඇසුරු කළ දායිකා මහත්මියකි. ජේ.ආර්. ජයවර්ධන විහාරාධිපති මේ ගමේ ඉපිද
මේ විහාරස්ථාන ළඟින් ඇසුරු කරන ලදී. ආර්. ප්‍රේමදාස මැතිතුමා ඇතුළු
සියලු දෙනා එදා පටන් විහාරස්ථානයට සම්බන්ධවීමටත් පෙරහර සම්බන්ධ වී
පෙරහර කරඬුව හස්තියා මත තැන්පත් කිරීමටත් රාජ්‍ය නායකයාත් සහභාගි වූහ.
මෙවරත් මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිතුමාත්, රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යතුමාත් පෙරහර කරඬුව තැන්පත් කිරීමට නියමිතව තිබේ. නවම්
පෙරහර 2 සහ 3 දිනවල රාත්‍රී වීදි සංචාරය කෙරේ.
සටහන
සීසර් සුදුසිංහ |