නිදහස සුරකිමු
දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති
කොළඹ නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
'නිදහස' යන වචනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී බුදුරජාණන් වහන්සේ තරම්
නිදහස පිළිබඳ වූ ධර්මදේශනා පැවැත්වූ මානව සමාජයේ නිදහස වෙනුවෙන්
ක්‍රියාකළ වෙනත් ශාස්තෘවරයකු ලෝකයේ පහළ වී නොමැත. බුදුරදුන් ලොව පහළවන
අවධිය වන විට දඹදිව සමාජය ප්‍රධාන කුල සතරකට බෙදී තිබුණි
'නිදහස' යන වචනය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී බුදුරජාණන් වහන්සේ තරම්
නිදහස පිළිබඳ වූ ධර්මදේශනා පැවැත්වූ මානව සමාජයේ නිදහස වෙනුවෙන්
ක්‍රියාකළ වෙනත් ශාස්තෘවරයකු ලෝකයේ පහළ වී නොමැත. බුදුරදුන් ලොව පහළවන
අවධිය වන විට දඹදිව සමාජය ප්‍රධාන කුල සතරකට බෙදී තිබුණි. එය
චතුර්වර්ණය නමින් හැඳින්විණ. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර
නමින් වෙන්කර තිබූ එම කුල සතරම ප්‍රතික්ෂේප කළ බුදුරදුන් පුද්ගලයකු
උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බවත්, ඔහුගේ ක්‍රියාකාරකම් මතම
පමණක් එය තීරණය විය යුතු බවත් දේශනා කළේ මානව සමාජය නිදහස පිළිබඳ වු නව
මාවතකට යොමු කරමිනි. බුදුරදුන් උදාකර දුන් කාන්තා නිදහස කාන්තා පක්ෂයට
එතෙක් උදා නොවූ උත්තරීතර නිදහසට මං පෙත් විවර කරදීමක්ම විය.
බුද්ධ වර්ෂ 236 දී සිදු වූ මහින්දාගමනය ලක්වැසි ජනතාවට ධර්මයේ උතුම් වූ
පණිවුඩය ලබා දුන් අප ශ්‍රී ලංකාද්වියට වැදගත්ම වූ ඓතිහාසික සිදුවීමයි.
මිහිඳු මහරහතන් වහන්සේ මූලික සාකච්ඡාවලින් අනතුරුව දේවානම්පියතිස්ස
රජුට දේශනා කළේ මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරි සරන පක්ෂීන්ටද වන සතුන්ටද
මේ රටේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමේ අයිතියක් ඇත යන උත්තරීතර මානව නිදහස
පිළිබඳ කියවෙන දේශනාවයි. මෙම මහින්දාගමනය නිසා ලංකාවාසීන්ට බුදුදහමේ
ආභාෂයත් සමඟම ආගමික, සාමාජික, ජාතික නිදහසක් උරුම වුණි.
අනාදිමත් කාලයක පටන් අප රටේ ජනතාව මැනවින් ආරක්ෂා කළ බෞද්ධ සාරධර්ම
පද්ධතිය ඔවුනගේ මෙලොව පරලොව ජීවිත ආලෝකමත් කරවීමට බෙහෙවින්ම උපකාරවත්
වුණි. ඒ ඔස්සේ හැඩ ගැසුණු නිදහස් නිවහල් සමාජ පරිසරය තුළ මිනිසා ජීවත්
වූයේ කිසිදු බියකින් හෝ පීඩාවකින් තොරවයි. එහෙත් වර්ෂ 1505 දී අප රටට
පෘතුගීසින්ගේ පැමිණීමත් සමඟම එතෙක් නිදහස්ව නිවහල්ව ජීවත් වූ දැහැමි
ජනතාවකට සිදු වූයේ බටහිර යටත් විජිතයක් බවට පත් මාතෘභූමිය තුළ දැඩි
මානසික පීඩාවකින් යුක්තව ජීවත්වීමටයි. 1815 මාර්තු 02 දා උඩරට ගිවිසුම
අත්සන් කිරීම සිදු වූ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරභාරයට ගැනීමද
සිදුවුණි. ඉහත කී කාල පරිච්ඡේදයන්හිදි මෙරට සිදුවූයේ මිෂනාරී අධ්‍යාපනය
රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කරවීමයි. එසේ බටහිර ජාතීන් වැළඳ ගත් ආගමික
විශ්වාස මෙරට ජනයාට හුරු කර වීමයි. ටොරින්ටන් සාමි ආණ්ඩුකාරවරයාගේ බදු
ප්‍රතිපත්තියද මෙරට ජනතාවට අත්විඳීමට සිදුවූ තවත් ඛේදනීය ව්‍යසනයක් ලෙස
දැක්විය හැකිය. එහි වූ ඇඟ බද්ධ යනාදිය මිනිස් සමාජයට නිගරු දෙන ඔවුන්ව
අන්ත අසරණ තත්ත්වයට ඇද දමන පරිපාලන ක්‍රමවේදයක් විය. මෙයට විරුද්ධව
පානදුරාවාදය පැන නැඟි අතර මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි එහි ප්‍රමුඛත්වය
දැරීය. මෙසේ ජාතියත් ආගමත් සංස්කෘතියත් බරපතළ ව්‍යසනයකට මුහුණ දී තිබූ
යුගයක නිදා සිටි ජනතාව අවදි කිරීමට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ
කාව්‍ය නිර්මාණ බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය. පන්හිද අවියක් කර ගත්
මහින්ද හිමියන්ගේ ඉතා ප්‍රකට කාව්‍ය නිර්මාණ එදාසේම අද ද ජනතාව
උද්‍යෝගිමත් කරවීමට තරම් ප්‍රබල ශක්තියක් ලබා දෙයි.
වාරියපොල ශ්‍රී සුමංගල නා හිමි, කුඩාපොළ නා හිමි, හික්කඩුවේ ශ්‍රී
සුමංගල නාහිමි, මහාමාන්‍ය ඩී.එස්. සේනානයක මැතිතුමා සහ එෆ්.ආර්.
සේනානායක,ඩී.බී. ජයතිලක, ඊ. ඩබ්. පෙරේරා, ඒ. ඊ, ගුණසිංහ , ජේම්ස්
පීරිස්, පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරණාචලම්, එස්.ඩබ්.ආර්.ඩී.
බණ්ඩාරනායක ආදී මෙරට ජන නායකයෝ වීරෝදාර යුග පුරුෂයන්ගේ ක්‍රියා කලාපය
මත වර්ෂ 1948 පෙබරවාරි 04 දා අප උදාර මාතෘ භූමියට නිදහස ලැබිණි.
1948 දී අප රටට උදා වූ නිදහසට බරපතළම අභියෝගය එල්ල වූයේ 30 අවුරුදු
කුරිරු ත්‍රස්තවාදී මහා ව්‍යසනයයි. එය ඒකීය රාජ්‍යයක් තුළ සිදු වූ
සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට තිබූ අවස්ථාව උදුරාගත් බිහිසුණු
ක්‍රියාවලියකි. දිනෙන් දින වර්ධනය වූ යුද කැරලි කෝලාහාල සියල්ල නිමාවට
පත් කරමින් 2009 දී රටට සාමය උදාකර ගැනීමට හැකි විය. ඒ තුළ නැවතත් එකම
රටක් තුළ සියලු ජාතීන්ට හා සියලු ආගමිකයින්ට නිදහස්ව නිවහල් ජීවත්විමේ
අවස්ථාව උදා වුණි.
භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කරමින් ඒකීය රටක් තුළ ජීවත්වීමේ දී ආගමික
සංහිඳියාව අත්‍යවශ්‍ය ම අංගයකි. සිංහල ජාතියත්, බුද්ධාගමත් සුරක්ෂිත
කරවන අතරම අන්‍ය ජාතීන් හා අන්‍ය ආගමිකයන් සමඟ මනා සංහිඳියාවකින් ජීවත්
වීමට අවශ්‍ය වටපිටාව මැනවින් සැකසිය යුතු ය. ශ්‍රේෂ්ඨ නායකයකු වන
බුදුරදුන්ගේ අනුගාමික පිරිසක් වන බෞද්ධයන්ට ආගමික සංහිඳියාව ආදර්ශයෙන්
පෙන්වීම ඉතා වැදගත් වේ. සකල ලෝක සත්වයා කෙරෙහි හිතානුකම්පිවීම තුළින්,
මානව වර්ගයාට පමණක් නොව ඇසට පෙනෙන සත්ත්වයන් හා නොපෙනෙන සත්වයන්, ළඟ
වෙසෙන දුර වෙසෙන සත්වයන් වෙත මෙත් වැඩිය යුතු වේ. මෙම විවිධාකාර
වර්ගීකරණ මඟින් සමස්ත විශ්වයේ සිටින සියලු සත්වයන්, කිසිදු භේදයකින්
තොරව, ජීවත්වීමට සරිලන වටපිටාවක් ධරණිතලය තුළ තිබිය යුතු ය.
නිදහස් දිනය මහත් අභිමානයෙන් සැමරීමට සූදානම් වන මෙවන් අවස්ථාවක එම
නිදහස උදාකර දීමට උරදුන් වීරෝදාර යුග පුරුෂයන් ගේ උදාර ගුණයන් සිහි කොට
පින් අනුමෝදන් කරවීමත් ඔවුනගේ උදාර පරමාර්ථයන් තම ජීවිතයට සමීප කර
ගැනීමත් ලොකු කුඩා සැම දෙනෙකුගෙන්ම ඉටුවිය යුතු අත්‍යවශ්‍යම සමාජ
යුතුකමක් බව සිතට ගත යුතුමය. |